කවුරුවත් ඉවත් නො කරන කසල හා දේශපාලනය

පහත නිල් පැහැ අකුරින් දැක්වෙන සටහන පළ වුණේ මීපුර වෙබ් අඩවියේයි.

තලාහේන මුහුදු වෙරල තිරය තව ටිකදිනකින් කුණු කදු වලින් පිරෙනු ඇත. එවිට අපිට මුහුදු වෙරළේ සුන්දරත්වය වෙනුවට දැකිය හැකි වන්නේ කුණුගොඩවල් ය.
වෙරල තිරයේ ජීවත්වන මිනිසුන්ට නම් මේ ගැන කිසිම අවබෝධයක් හෝ උවමනාවක් ඇති බව නොපෙනේ. දිනපතා තමන්ගේ ගෙවල් වල එකතුවන කුණු මුහුදු වෙරළට විසිකරන්නේ එනිසාය.

එහෙත් මුහුදු වෙරල , එහි පිරිසිදුකම සහ සංරක්ෂණය ගැන වගකිවයුතු රාජ්‍ය ආයතනනම් ගණනාවක්ම ඇත. සේවය කරන නිලධාරිඳ බොහෝ ඇත. මෙම ආයතනවල නිලධාරින් කිසිම දවසක මුහුදු වෙරල පැත්ත පලාතකවත් එනබවක් නම් පෙනෙන්නට නැත.

මේ සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක අවශ්‍ය තාවය අපිදකිමු. මෙය ආරම්භ විය යුත්තේ ජනතාව දැනුවත් කිරීමෙන්ය. එසේ දනුවත් කිරීමෙන් පසුවත් ජනතාව තවදුරටත් එම වරදම කරන්නේ නම් ඔවුන්ට දඩුවම් කිරීමේ ක්‍රියාදාමයකට යා යුතුය.

මෙම දර්ශනය කොළඹ සිට දුම්රිය මාර්ගයේ මාතර දෙසට යන විට ඉතා පැහැදිලිව දක්නට ලැබේ. යම් පවිත්‍රත්වයක් දක්නට ලැබෙන්නේ සංචාරක හෝටල් අසල පමණි. එහෙත්, මේ වන විට මුහුදු ජලය පවා පොලිතින්, ප්ලාස්ටික් වැනි නො දිරන අපද්‍රව්‍ය නිසා ඉතා අපිරිසිදු තත්වයකට පත් වී තිබේ. මීට දශක කීපයකට ඉහතදී මෙම වෙරළ තීරයේදී අප දුටු විදේශ සංචාරකයන්ගේ ජල ක්‍රීඩා දැන් අවම වී ඇත්තේ ඇයි ද යන්න ඉතා පැහැදිලි ය. මෙවන් අපවිත්‍ර මුහුදක බසින්නට කිසිවෙකු ලංකාවට එනු ඇද්ද? ලංකාව ලොව වැඩිපුර ම සමුද්‍ර දූෂණයක යෙදෙන රටක් බව ලෝක ප්‍රකට ය. 

පොලිතින් කෑම නිසා අලියකුට සිදු වී ඇති උවදුර පිළිබඳ පුළුල් මාධ්‍ය ආවරණයක් පසුගියදා සිදු විය. මුහුදේ සිදු වන දේ පිළිබඳ අප දන්නේ ඉතා අඩුවෙනි. එහෙත්, හම්බන්තොට වෙරළේ කැස්බෑ මරණ ආදිය පසුපස මේ සමුද්‍ර දූෂණය තිබේ. 

ලංකාව සුන්දර පරිසරයක් ඇති රටක් ය යන්න දැන් අතීතයට අයත් කතාවකි. මේ වන විට ලංකාවේ අස්සක්, මුල්ලක් නෑර, සියලු මං මාවත්, ජලමාර්ග කැලි කසලවලින් පිරී ගොසිනි. 

ලංකාවේ ජනතාව යනු ඇත්තෙන් ම ලොව අපිරිසිදු ම හා කැලි කසල භාවිතය පිළිබඳ අඩු ම අවබෝධයක් ඇති පිරිසක් බව පැහැදිලි ය. 

අනාගත පරම්පරාවන්ට මේ පිළිබඳ ඉගැන්වීමට තිබෙන පාසල්වල තත්වය කුමක් ද? පාසල් ඉදිරිපිට ප්‍රදර්ශනය කරන ප්ලාස්ටික් ඩිජිටල් බැනර්, ගුරුවරුන්ගේ ප්ලාස්ටික් කටවුට් ආදිය කෙළින් ම පරිසරයට බැහැර වේ. ඒවා සවි කරන්නන් මිස ගලවා විධිමත් අන්දමින් ඉවත් කරන්නන් නැත. පරිසරය පිළිබඳ අධ්‍යාපනයේ කරන කතා බහ හෝ පාසල් පරිසරය තුළ භාවිතා වන්නේ නැත. 

කසල පාරට විසි කිරීම ලංකාවේ ඉතා සුලබ දෙයකි. පසුගිය බ්‍රහස්පතින්දා මා පැමිණි බසයේ මා අසල වාඩි වී ආ කාන්තාවක් පොලිතින් බෑගයකට වමනය කරන එය පානදුර හරියේදී බසයෙන් පිටතට විසි කර දැම්මේ කිසිදු හැඟීමකින් තොරව ය. 

මා ජීවත් වන්නේ ගමක ය. පරිසරය සෝදා හරින මහා වැසි දැන් අවුරුද්දකටත් වැඩි කාලයකින් අපට ලැබුණේ නැත. මේ වන විට සියලු ලොකු කුඩා වීදි අවට ප්ලාස්ටික්, පොලිතින් ගොඩගැසී හමාර ය. 

ප්‍රධාන නගර සීමාවෙන් පිටත කසල එක් රැස් කිරීමේ ක්‍රමවේදයක් නැත. විධිමත් කසල බැහැර කිරීම් පද්ධති මගින් ලංකාවේ භූමියෙන්  ආවරණය කරන ප්‍රමාණය 10%ක්වත් වේ ද යන්න සැක සහිත ය. ඉතිරි 90%හි පරිසරයට විසි කර දමන කසල කිසිවෙකු එක් රැස් කර විධිමත් අන්දමින් බැහැර කිරීමක් කරන්නේ නැත. පාරවල්වල දමන කොඩි, සැරසිලි, බැනර්, කටවුට් ආදිය ඔහේ ගැලවී වැටෙනවා මිස කිසිවකු ඒවා ගලවන්නේ නැත. සුළඟ, වැස්ස විසින් ඒවා පස යටට හෝ ගංගා, මුහුදු වෙත තල්ලු කර දැමුවොත් මිස වෙනත් කසල කළමනාකරණයක් ඇත්තේ ම නැත. 

කසල යනු ඇත්තෙන් ම දේශපාලනික ප්‍රශ්නයකි. රටේ ජනතාව සනීපාරක්ෂාව ගැන මෙතරම් අවම දැනුමක් සහිත පිරිසක් වෙද්දී ඔවුන් සමග ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, මානව හිමිකම්, නීතියේ ස්වාධිපත්‍යය, තොරතුරු දැනගැනීමේ අයිතිය ආදී ගැඹුරු දේශපාලනික සංකල්ප පිළිබඳ කතා කිරීම කෙතරම් ප්‍රායෝගික ද? 

සමාජ විප්ලව මොහොතකට පැත්තකින් තියමු. පාරට කුණු විසි කිරීම නීතිමය පමණක් නොව සමාජමය වරදක් ද වන බව නො දන්නා සමාජයක් වෙනස් කරන්නේ කෙසේ ද යන්න ගැන අප මුලින් ම සාකච්ඡා කළ යුතු ය. 

මා සිතන පරිදි මේ වනාහි රට විනාශ වී හෝ තම දේශපාලන අරමුණ ඉටු වෙනවා දකින්නට කැමති කුහකයන් හැර වාමාංශික, දක්ෂිණාංශික, ජාතිවාදී, ජාත්‍යන්තරවාදී, ආගම්වාදී ආදී සෑම ආකාරයක ම දේශපාලකයන්ට එකඟ විය හැකි ස්ථාවරයකි. 

අපේ රට, අපේ නගරය, අප අවට පරිසරය පිරිසිදුව තියා ගන්නට එක් වන වැඩසටහනක් යෝජනා කිරීම ගැන ගැඹුරින් සිතමු.

ගෝඨාභය රාජපක්ෂ දේශපාලකයකු හෝ රාජ්‍ය නිලධාරියකු ලෙස අගය කිරීමට බැරි බොහෝ දුර්ගුණ ඔහු තුළ තිබිණි. එහෙත්, ඔහුගේ භීෂණකාරී බලපෑම තුළ මෙම කාරණා පිළිබඳ සංවේදීභාවයක් ගොඩනැගෙමින් තිබිණි. 

ලංකාවේ මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදය භාවිතා කරන්නේ කෙසේ ද යන්න ගැන කදිම පාඩමක් මේ දිනවල අපි ඉගෙන ගනිමින් සිටිමු. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පොලිතින් ආහාරයට ගැනීම නිසා රෝගාතුරව
    නෙලුම්විල සද්ධන්තයා අවසන් ගමන් යයි

    කරුණාරත්න ගමගේ

    පොලිතින් ආහාරයට ගැනීම නිසා රෝගාතුරව මසකට අධික කාලයක්‌ පොලොන්නරුව, ගල්ලෑල්ල, නෙළුම් විල ප්‍රදේශයේ මඩ වගුරක වැටී සිටි සද්ධන්තයා ඊයේ (24දා) පස්‌වරුවේ මිය ගියේය.

    මෙම අලියා ජල ගැටුම් නිම්න ජාතික වනෝද්‍යානයේ විසූ අවුරුදු 35 ක්‌ පමණ වයස්‌ ඇති සද්ධන්තයෙකි.

    අලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වනජීවී පශු වෛද්‍ය නිලධාරීහු විශාල ප්‍රයත්නයක්‌ දැරූහ.

    මියගිය අලියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (25දා) පැවැත්වීමට නියමිතය. (දිවයින 2017-02-25)

    ReplyDelete
  2. http://edition.cnn.com/videos/world/2016/11/08/giant-crocodile-sri-lanka-orig.cnn

    ReplyDelete
  3. ඕනෑ තැනකට කුණු කසල බැහැර කිරීම නම් අපේ රටේ උපදින දරුවෙකුට අවුරුදු 3,4ක් වෙද්දිම ඉතා පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් දෙයක් තමන්ගේ දෙමව්පියන් දිහා බලන් ඉදල. මට හිතෙන්නේ හිතෙන ඕනෑ තැනක කුණු දැමීම කියන්නේ අපේ සංස්කෘතික අනන්‍යතාවක්.

    ReplyDelete
  4. /* පසුගිය බ්‍රහස්පතින්දා මා පැමිණි බසයේ මා අසල වාඩි වී ආ කාන්තාවක් පොලිතින් බෑගයකට වමනය කරන එය පානදුර හරියේදී බසයෙන් පිටතට විසි කර දැම්මේ කිසිදු හැඟීමකින් තොරව ය. */

    ඒ කතාව අසා මටත් වමනේ යන්න ආවා!

    ReplyDelete
  5. මීට වසර හතකට පමණ පෙර කෙටි නිවාඩුවකට මම ලංකාවට ගියෙමි. ඒ කාලයේ මුල් දින කිහිපය ඇතුළත දී මා මහ මග අතරමං වූ අවස්ථාවක තරමක් දන්නා හඳුනන අයෙකු මට යම් උපකාරයක් කළේය.

    ඔහු නැවත හමුවී ස්තුති කිරීමට අවශ්‍ය වූ නිසා පසුදා සවස් යාමයේ මම පොඩි පහේ තෑග්ගක් ද දවටාගෙන ඔහු ගේ නිවසට ගියෙමි. ඒ පවුලේ පාසල් යන වයසේ කුඩා දරුවන් දෙදෙනෙකු සිටින බව මා දැන සිටි නිසා, ඔවුන් සඳහා හන්දියේ කඩෙන් සාමාන්‍ය ප්‍රමාණයේ චොකලට් පෙති දෙකක් ද මිලට ගත්තෙමි.

    මා නිවසට ගොඩ වදිනවාත් සමගම කුඩා දරුවන් දෙදෙනා නිවසේ විසිත්ත කාමරය පැමිණි බැවින් මා කළේ "මෙන්න බබාලාට පොඩි රහ බඩුවක්!" කියමින් අර චොකලට් පෙති දෙක බහා තිබූ කඩදාසි මල්ල ඉන් වැඩිමහලු දරුවා ගේ අතට දීමයි.

    මේ දරුවන් දෙදෙනා කළේ කුමක්දැයි සිතා ගත හැකිද?

    කඩදාසි බෑගය බිමට අත හැරිණි.
    චොකලට් පෙති දෙක දෙදෙනා අතරේ බෙදුනි.
    චොකලට් දවටන දෙක වේගයෙන් ඉරී කැබලි ලෙස බිම පතිත විය.
    දරුවෝ දෙදෙනා තම තමන් ගේ චොකලට් පෙත්ත එක කොනක සිට වේගයෙන් කාගෙන කාගෙන යන්නට වූහ.

    මේ සිදුවීම දිග හැරුණු ආකාරය දැක මා තරමක් හෝ කම්පනයකට ලක්වුණා යැයි ඇත්ත වශයෙන් ම කිව හැක.

    මම මේ දරුවන් ගේ පියා දෙස බැලුවෙමි. ඔහු කිසිත් සිදු නොවෙණා අයුරින් නිෂ්ක්‍රීය බැල්මක් හෙළී ය.

    මගේ සිතේ පැන නැගුණු ප්‍රධානම ප්‍රශ්නය නම් මේ කුඩා දරුවන් දෙදෙනා ග්‍රෑම් 150ක, 200ක විතර ඒ චොකලට් පෙති එක හුස්මට කා දමා අසනීප වේ ද කියායි. නමුත් මගේ සිතේ කම්පනයක් ඇති කළ අනෙක් වැදගත් කාරණය වූයේ ඔවුන් චොකලට් ගෙන ආ බෑගය සහ කෑලිවලට ඉරන ලද චොකලට් දවටන සිටි තැනම බිම අත හැරිය දසුනයි.

    ඒ සමගම, දරුවන් ගේ පියා එය නොදැක්කා සේ සිටීම කම්පාවකට වඩා කලකිරීමක් ඇති කළ කාරණයක් විය. සමහරවිට එසේ නිහඬව සිටීමට හේතුව වෙන්නට ඇත්තේ සාලයේ කුණු ගොඩ අස් කරන්නට සිදුවෙන්නේ ඔහුට නොව බිරිඳට වීම විය හැක.

    ඒ අනුව බලන කල, නිවසෙන් පිට පොදු ස්ථානවල, අනුන් ගේ ඉඩම්වල කුණු කසළ දැමීම සුලු දෙයක් නොවේද? බිරිඳ පවා එය කරනවා විය හැක.

    මේ දරුවන් වැඩිහිටියන් වූ කල තමන්ගේ පියා මෙන් කටයුතු කළහොත් එහි ද කිසි පුදුමයක් නොමැත.

    ReplyDelete
  6. මා ලංකාවට පැමිණි අවස්ථාවේ (2014) සිය පවුල ද සමග මට කොළඹින් බැහැරව යාමට සිදු විය. ඒ සඳහා මා කළේ ගම් පළාතේ කුලී වාහන සපයන සේවාවකට දුරකතන ඇමතුමක් දී මෝටර් රථයක් ගෙන්වා ගැනීමයි.

    මා ඉදිරි පෙළ අසුනේ ද, බිරිද සහ පුතා පසුපස අසුනේ ද වාඩි වී ගමන ආරම්භ කළෙමු. නිට්ටඹුව පමණ පසුවන විට අපේ පුතා ට, මේ වයසේ දරුවන්ට සාමාන්‍යයෙන් සිදුවෙනවා සේ, කුමක් හෝ යමක් කෑමට අවශ්‍යතාවයක් ඇති විය.

    කුඩා චොකලට් පෙති රාශියකින් යුතු බෑගයක් විවර කළ බිරිඳ පුතාට ඉන් කීපයක් දී ඇය ද එක් චොකලට් පෙත්තක් ගෙන බෑගය ම මට දුන්නේ මට කෑමට මෙන් ම අපේ කුලී රථයේ රියදුරාට දීම ද සඳහායි.

    රියදුරා තනි අතින් ඉන් එක චොකලට් පෙත්තක් ගත් අතර මම ද එකක් ගෙන දවටනය ඉවත් කර කටේ රුවා ගත්තෙමි.

    මෙවැනි අවස්ථාවලදී මා සාමාන්‍යයෙන් කරන්නේ මෝටර් රථයේ දී ඉතුරු වෙන ටොෆී චොකලට් දවටන, දොඩම් ලෙලි, ඇපල් ගෙඩියේ මැද කොටස වැනි දේ, නිවසට ගිය පසු නිසි පරිදි කුණු භාජනයට දමන තෙක්, වාහනයේ ඉදිරි පස ආසන දෙක අතර සාදා ඇති විශේෂ ස්ථානයට දැමීමයි.

    නමුත් අප මේ ගමන් ගන්නේ අපේ වාහනයක නොවෙන නිසා මා කළේ චොකලට් දවටනය මගේ කමිසයේ සාක්කුවට රුවා ගැනීමයි.

    ඒ සමගම මා දුටුවේ, ස්වයංක්‍රීයව තමන් ගේ පැති වීදුරුව පහත් කළ රියදුරු තරුණයා, දවටනය මහ මහට විසි කර දමන අයුරුයි.

    මා ඒ බව දැක ඔහු දෙස විශ්මයෙන් බලද්දී රියදුරා තම දැස නැවත ඉදිරිපස මහා මාර්ගය දෙස යොමු කළේය. මම මුවින් නො බැණ සිටියෙමි.

    කෙසේ වෙතත්, අපේ කුලී රථයේ රියදුරා ඒ ගමනේ දී කෑ එකම චොකලට් පෙත්ත එය විය.

    ReplyDelete
    Replies
    1. හරිම අනුවේදනීය කතාවක් රසික !

      Delete
    2. අනිවා... කියවනකොට මටත් ඇඬුනා...

      Delete
    3. තියෙන හකුර රැක ගන්නේ.

      Delete
  7. ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය නොගැලපෙන බව මේ දිනවල ඔප්පු වෙමින් තියේ කිව්ව එක නම් සහතික ඇත්ත. ගෙදර ගෑනි දාල ගියත් පාර බ්ලොක් කරන් උද්ගෝෂන මේවට කදිම උදාහරණ ලෝකෙ.කුණු ප්‍රශ්නෙදි ඝෝටාබය සිස්ටම් එක හොඳයි (කියන්නෙ අපි වගේ ජනතා බනිස් වලට ඒ වගේ කෙහෙල් තමා හරියන්නෙ )නමුත් අර කුණු ටික කාපට් එක යටින් දාල දැන් ක්ලීන් කියපු එක තමා එතන තිබුන අවුල

    ReplyDelete
  8. ජපානෙ ඔයවගේ බැනර් කටවුට් ප්‍රදර්ශනය සඳහා මුලින්ම පලාතේ පොලීසියෙන් අවසර ගතයුතුයි.
    ඒ අවසරය දෙන්නේ ප්‍රදර්ශනය කරන කාරනය, ස්ථානය සහ කාලසීමාව සඳහන් කිරීමෙන් පසුව.
    කාලසීමාව අවසන ඔවුන් විසින්ම එවා ඉවත් කල යුතුයි.
    පොලොටික්කන්ටත් ඒ නීතිය එලෙසමයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙත් නීති නම් තියෙනවා. කවුද නීතිවලට ගරු කරන්නෙ. අපි ප්‍රජාතන්ත්‍රවාදී කට්ටියනේ.

      Delete
  9. අජිත් පැරකුම් ජයසිංහටයි.

    සීතාම්බර සළුවකින් වැසී ඇති ඔබගේ කුණු නිරුවත එලිකිරීමේ ආරම්භක සංවාදය මාර්කු මස පළමුවැනි සතියේ දී කොළඹ දී පැවැත්වීමට ඊයේ රැස්වූ අපගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව ඔබට දැනුම් දෙන්නෙමු.

    මෙම සංවාදය ගැන කතා කර ගැනීමට අපගේ ලංකාවේ නියෝජිතවරියට ඔබ මුනගැසෙන්නට කාලවේලාවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටින්නෙමු. සංවාද ආචාර ධර්ම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට අප බලාපොරොත්තු වේ.

    මෙම සංවාද මාලාව අවසානයේ දී එක්කෝ ඔබ ඔබගේ බ්ලෝගය වසා දැමිය යුතුය. නැත්නම් අප අපගේ වෙබ්අඩවිය සහ සහෝදර බ්ලොගය වසා දැමිය යුතුය.

    සංවාදය සදහා සූදානම්වීමට ඔබට වැඩිපුර කාලය අවශ්‍ය නම් කරුණාකර අපගේ ලංකාවේ නියෝජිතවරියට දැනුම් දෙන්න. ඔබ ඇය දන්නා බවට අපට විස්වාසයි.

    අපගේ කලා අනුමණ්ඩලය නැවත කැදවීමට ද අප තීරණය කල බවද දන්වා සිටිමු. එනිසා ඉදිරියේදී වම පිළිබද ලිවීමේදි ඔබ වඩා පරීක්ෂාකාරි වීම ඔබගේ ශරීර සෞඛ්‍යයට හොද වියහැකියි.

    ඔබට සහය දීම සදහා කාන්තාවන්ගේ පශ්චාත්භාගය සම්බාහනය කිරීමේ විශේෂඥයෙක්ගේ සහය ලබා ගැනීමට අවසර දිය හැකිය.

    වමේ අපි
    (අන්තර්ජාතික වාම විප්ලවීය දේශපාලනයක ශ්‍රී ලාංකීය සන්ලකුණ)

    ReplyDelete
    Replies
    1. /* අපගේ වෙබ් අඩවිය සහ සහෝදර බ්ලොගය */

      මොනවාද ඒවා?

      Delete
    2. බෙහෙත් බීපන් බං හිතුවක්කාරකම් නො කර.

      Delete
  10. පොන්න පැරා බැහැපන් ඩෝ දොට්ට. මෙහාට වර ඩෝ අපේ බයිට් එක අද ඉරිදා හවස් වරුව‍ට. අද අපි තෝව BBQ කරනවා. අඩෝ නාකි හමා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා