වෙළඳපොළ විරෝධී හාල්පාරුවන් එක්ක හාල් ගන්න කඩේ යමු

ලංකාවේ වාමාංශිකයන් සිතාගෙන ඉන්නේ රජය හාල් සිල්ලර බඩු විකිණීම පවා කළ යුතු බවයි. එහෙත්, දෙවන ලෝක යුද්ධ සමය වන විට පවා ලංකාවේ රජය වෙළඳාම්වල නිරත වුණේ නැත. වෙළඳාම කළේ වෙළෙන්දෝයි.

ඒ වන විට ආනයන අපනයන වෙළඳාම අල්ලාගෙන සිටියේ ඉන්දියන් ජාතිකයෝ ය. 1942 අප්‍රේල් 5 ජපන් හමුදා කොළඹට බෝම්බ දැමීම සමග මෙම ඉන්දියන් ජාතිකයෝ ව්‍යාපාර අතහැර සිය රට බලා ගිය හ. ඒ වන විට සිංගප්පූරුවේ බ්‍රිතාන්‍ය හමුදා ජපානයට යටත් වී තිබුණු අතර බ්‍රිතාන්‍යයන්ගේ ඊළඟ බලකොටුව වන ලංකාවට දැවැන්ත ජපන් ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ලාංකිකයන්ගේ බිය සාධාරණ විය.

ඉන්දියන් ජාතික වෙළඳුන්ගේ පළා යාමත් සමග ආහාර ද්‍රව්‍ය ආනයනය හා තොග වෙළඳ කටයුතු අඩාල වීම නිසා රට පුරා ආහාර හිඟයක් ඇති විය. එවකට මහජන ආරක්ෂක කොමසාරිස් ධුරය දැරූ ඔලිවර් ගුණතිලක විසින් තත්වය පාලනය කිරීමට දැඩි වෙහෙසක් දරන ලදී.

ලංකාවේ සමුපකාර ව්‍යාපාරය ආරම්භ වූයේ මෙම අර්බුදය තුළ ය. එහෙත්, ඒ සමුපකාර සමිති යනු වර්තමාන ව්‍යාජ විවිධ සේවා සමුපකාර සමිති මෙන් රජයේ ව්‍යාපාරයක් නො වූ අතර සැබැවින් ම මහජන ව්‍යවසායන් විය. විවිධ අරමුණු වෙනුවෙන් මහජනතාව විසින් පිහිටුවන ලද සමුපකාර සමිති ක්‍රමානුකූලව රජයේ ව්‍යාපාර බවට පත් කර සමුපකාර සංකල්පය ම විනාශ කර දැමුවේ වාමාංශිකයන් හවුල් වී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් යටතේ ය.

නොමිළේ සහල් සලාකය ලබා දීම ආරම්භ කරන ලද්දේ ද දෙවන ලෝක යුද්ධය නිසා ඇති වූ ආහාර අර්බුදය තුළ ය.

මෙම ඉතිහාසය මතක් කර දෙන්නට සිදු වූයේ වර්තමානයේ පවතින සහල් අර්බුදය නිසා ය.

ලංකාව වනාහි ඇත්තෙන් ම ජේ.ආර්. ජයවර්ධන නම් කළ ආකාරයේ ම ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ජනරජයකි. මේ නම දැමූ 1978 වන විට ලංකාවේ සමාජවාදය හෙවත් රාජ්‍ය ධනවාදී සමාජවාදය ද බලවත් තත්වයක තිබිණි. දැවැන්ත රජයක් හා රාජ්‍ය ව්‍යවසාය සමුදායක් තිබුණු අතර රජය ගම්වල පොඩි පොඩි කඩවලින් හාල් සිල්ලර විකිණීම දක්වා ම ව්‍යාපාරවල යෙදී සිටියේ ය. ලංකාව කියුබාව වැනි සමාජවාදී රටකින් වෙනස් වුණානම් වෙනස් වුණේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ඉතිරි වී තිබුණු නිසා ය.

ලංකාවේ ආර්ථිකය ගොඩනැගුණේ බ්‍රිතාන්‍ය අර්ථ ශාස්ත්‍රඥ ජෝන් මේනාඩ් කේන්ස්ගේ රාජ්‍ය බාධක සහිත වෙළඳපොළ න්‍යායයේත්, ස්ටාලින්වාදී රාජ්‍ය ඒකාධිකාරී සමාජවාදී ධනවාදයේත් අච්චාරුවක් ලෙසයි.

වාමාංශික වෙළඳපොළ විරෝධී කොටළුවන්ටත්, වෙළඳපොළට ප්‍රේම කරන කේන්ස්වාදී ධනේශ්වර පොන්නයන්ටත් දාව ඉපදී ඇති ලංකාවේ සමාජ ආර්ථික ක්‍රමය වනාහි මොහොකටවත් නැති අද්භූත සත්වයෙකි.

එහි තිබෙන්නේ ව්‍යවසායකයන් මරාගෙන කා හෝ අකාර්යක්ෂම රාජ්‍ය අංශය නඩත්තු කළ යුතු ය යන මෝඩ සමාජවාදයයි. ආණ්ඩුව රස්සා, විශ්‍රාම වැටුප්, නොමිළේ අධ්‍යාපනය, නොමිළේ සෞඛ්‍ය පහසුකම්, පාසල් යුනිෆෝම්, පෙළ පොත්, පොහොර, වතුර, පිංපඩි ආදී සියල්ල නිකම් දිය යුතු යයි ද ඒ වෙනුවෙන් තමන් වැඩ නො කළ යුතු යයි ද යන ආකල්පය ලංකාවේ මහජන මතයයි.

මෙතන ඇති ප්‍රශ්නය වන්නේ මේ රෙද්ද මේ විදියට පවත්වාගෙන යන්නට බැරිකම ය. මහින්ද ලෝකෙට ම ණය වී එය උපරිමයකට ගෙන ආ අතර, මහින්ද සැලසුම් කළ විදියට දිගට ම හිටියා නම් මේ වන විට ඒ ක්‍රමය අනෙක් පැත්ත හරවා ගෝටාත් සමග රට ලේ විලක් කරන්නට ද තිබිණි. එහෙම නම්, අද පාරවල් දිගේ ජවුසන් නටන නිකං කන්න බලං ඉන්න බබාලා නගුටු දෙපරැන්දේ ගසාගෙන ඇඳන් යට සැඟවී කන්නට හා දත් මදින්නට පමණක් කටවල් අරින හැටි බලා ගන්නට තිබිණි.

දැන් ඔවුන් හදන්නේ ආර්ථිකය කඩා වැටී ලංකාව තවත් වෙනිසියුලාවක්, ග්‍රීසියක් වුණත් කමක් නැත, අපේ මධ්‍යම පංතික වරප්‍රසාද ටික අප රැක ගත යුතු ය යන තැනින් ලංකාව හයිජැක් කරන්නට ය.

අප දිගට ම ලියන්නේත්, අපට හැකි හැම අන්දමකින් ම මැදිහත් වන්නේත් අන් කිසිවක් නිසා නො ව, ලංකාවේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගත යුතු නිසා ය. මන්ද, අප ඉදිරියේ තිබෙන්නේ පතුලක් නැති අගාධයකි. පිස්සු කෙළින්නට ලැබුණු නිවාඩු කාලය අවසානයට ම අවසන් වෙමින් තිබේ.

හාල්පාරුවන්ට හාල් ගැන කියා දී හෝ මෙය තේරුම් කර දිය යුතු ය.

හාල්පාරුවන්ට බය රනිල්ගේ මෛත්‍රී ආණ්ඩුව හාල් මාකට් එකට පැන්නේ ය. ඒ මිළ පාලනයක් දමමිනි. හාල් ආනයනය පාලනය කිරීම වෙන ම කාරණයකි. එහෙත්, මිළ පාලන දැමීම අර මා කලින් කී කොටළුවන් සමග හැමනෙන පොන්නයන්ගේ වැඩක් බව දැන් ඉතා පැහැදිලි ය.

ලංකාවේ හාල් හිඟයක් නැත. එහෙත් වෙළඳපොළේ හාල් නැත. හේතුව කුමක් ද?

ආණ්ඩුවට හාල් ගෙන්නන්නට හැකියාවක් නැත. පෞද්ගලික අංශයට හාල් මෙට්‍රික් ටොන් මිලියනයක් ගෙන්වන්නට ආණ්ඩුව අවසර දී තිබේ. එසේ ආනයනය කරන ලද පොන්නි සම්බා හා නාඩු දැන් ලංකාවට පැමිණ පිටකොටුවේ තොග වෙළඳපොළේ ඇත.එහෙත්, සිල්ලර කඩවල නැත. හේතුව සිල්ලර වෙළඳුන් ඒ සහල් මිළ දී නො ගැනීමයි. ඔවුන්ට ඒ සහල් ගෙන ගොස් ආණ්ඩුවේ පාලන මිළ වන නාඩු රු. 72 හා සම්බා රු. 80 බැගින් විකුණන්නට ගියොත් සිදු වන්නේ පාඩු ලබන්නට ය. දේශීය සහල් නම් ඔය මිළට ඇත්තේ ම නැත.

හාල්පාරුවන්ට බයේ කළ මේ ගල උඩ පැහැරීමේ වරද දැන් වසා ගන්නට හදන්නේ ඒ උඩින් තවත් කක්කා පාරක් දැමීමෙනි. හාල් මෝල්කාරයන් හා ආනයනකරුවන් සමග ජනාධිපතිවරයා කළ සාකච්ඡාවකදී යෝජනා වී තිබෙන්නේ දේශීය සහල්වලට වැඩි පාලන මිළකුත්, ආනයනික සහල්වලට අඩු පාලන මිළකුත් පණවන්නට ය.

මරේ මරු ය. හාල්වලට ඩයි ගසා විකුණන, කොත්තමල්ලිවල සාරය නැතුව රොඩ්ඩ විකුණන වෙළෙන්දන්ව නියාමනය කර ගන්නට බැරි ආණ්ඩුව ආනයනික හාල් දේශීය හාල් යයි කියා විකුණන වෙළෙන්දන්ව නියමෙට අල්ලනු ඇත.

අප නම් යෝජනා කරන්නේ වල් බූරු හාල් වෙළඳපොළ නිදහසක් නො වේ. රාජ්‍යය වෙළඳපොළ නිදහසට ඉඩ දෙමින් බුද්ධිමත් අන්දමින් එය නියාමනය කිරීමයි. මිළ පාලනයන් යනු තත්වයන් විකෘති කරන අර්ථ විරහිත වැඩකි. වෙළඳපොළ විරෝධීන් යෝජනා කරන්නේ කුමක්දැයි කිව යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා,

    ඉතා හොද විග්හ්‍රයයක් රජයේ නීති මගින් මැදිහත් වීම ගැන ඔබ කියල තියෙන්නේ.
    මහින්දගේ කාලේ රාජ්‍යසේවය ලක්ෂ 6 සිට ලක්ෂ 14 තෙක් වැඩිවී තියනවා මෙය බොහෝදෙනා ඉතා හොද දෙයක් ලෙස කිව්වත් ආර්ථිකයට ඉතා අහිතකර විදියට බලපානවා.

    රාජ්‍ය සේවය වැඩිකිරීම ගැන රජය කියන්නේ මහජනයාට සුබසාදනය ලබාදෙන බවයි, මේ අංශ පාඩු ලබන විට මේ පාඩුව ලබාගන්නේ රටේ මහජනතාවගෙන් බව ඔවුන් නිකමට වත් කියන්නේ නෑ.

    මෙහෙම රාජ්‍යසේවය වැඩිකිරීම නිසා සිදුවෙන අනෙක් ප්‍රශ්නය රජයේ ආයතනයකට ගිහින් වැඩක් කරගන්න නොහැකිවීමයි, කිසියම් වැඩක් අරගනිමට රජයේ ආයතනයකට ගියහම අංශයෙන් අංශයට මිනිසුන් රස්තියාදු කිරීමකුයි වෙන්නේ, මොකද සියලුදෙනා ලෙස්සන නියාය අනුගමනය කරනවා.

    සහල් ගැන කිව්වහම නම් මේ රජය වසවිසෙන් තොර සහල් ගැන කිව්වා, ලොකුම ප්‍රශ්නය මේවට කාබනික පොහොර නැතිබව ලෙසයි සදහන් උනේ නමුත් ඇත්ත ප්‍රශ්නය කුමක්ද ගොවීන්ට උවමනා තරමට ලබාදීමට දේශීය බිජ තිබුනේ නෑ. දේශීය බිජ වලින් තොරව මෙතෙක් ලබාදුන් බිජ කාබනික පොහොර වලින් අස්වැන්න ලබාගන්න බැරිබව මේ මිනිසුන් තේරුම් ගත්තේ නෑ

    රටක වෙළදාම නිදහස් වෙන්න ඕනේ කිසියම් භාණ්ඩයක තත්වය හොද නැත්තම් මිනිසුන් ඒවා නොගන ඉදි තත්වය හොදනම් හැකිපුද්ගලයන් මිලදී ගනී, දිලිදු අය අඩු තත්වයේ සහල් කිසියම් ප්‍රමාණයක් මිලදී ගනී.

    රජය මිල පාලනය කලාම වෙන්නේ අදාල සහල් තොගය මුළුමනින්ම අපතේ යාමයි.

    ReplyDelete
  2. පුද්ගලික මාධ්‍යත් කල දුටු කල වල ඉහගන්නවා වගේ මේ කාරණය හෝද හෝද මඩේ ඔබනවා.

    ReplyDelete
  3. වාමාංශික වෙළඳපොළ විරෝධී කොටළුවන්ටත්, වෙළඳපොළට ප්‍රේම කරන කේන්ස්වාදී ධනේශ්වර පොන්නයන්ටත් දාව ඉපදී ඇති ලංකාවේ සමාජ ආර්ථික ක්‍රමය වනාහි මොහොකටවත් නැති අද්භූත සත්වයෙකි.

    ReplyDelete
  4. aththa danaganna - balanna SLvlog. YouTube eke SLvlog kiya search karanna!

    ReplyDelete
  5. ඇත්තටම මහින්දගේ කාළේ බඩු මීට ගනන්..
    ඒත් එදාට වඩා අද විපක්ෂය බලවත්...

    ආන්ඩුව කරන්නේ හාල්පාරුවෝ ටිකක් කියන එක මාත් පිලිගන්නවා..

    ඒත් මේ හාල්පාරුවෝ හොඳයි...

    ReplyDelete
  6. //////වාමාංශික වෙළඳපොළ විරෝධී කොටළුවන්ටත්, වෙළඳපොළට ප්‍රේම කරන කේන්ස්වාදී ධනේශ්වර පොන්නයන්ටත් දාව ඉපදී ඇති ලංකාවේ සමාජ ආර්ථික ක්‍රමය වනාහි මොහොකටවත් නැති අද්භූත සත්වයෙකි. ////////////////
    පැරා...තව ට්‍රයි කරන්න. මේ කොයි යන්නේ කියලා සීයට සීයක් තේරුම් ගියාම, ප්‍රාන සමාන දරුවෝ දෙන්නයි, හුස්ම දීපු සහ හුස්ම දෙන ගෙදර බිරිඳයි ගැන හිතන්න. මේක නිකං මායාවක්.



    ///මිළ පාලනයන් යනු තත්වයන් විකෘති කරන අර්ථ විරහිත වැඩකි. වෙළඳපොළ /////

    අනේ ඔව් ප්‍රයිස් කන්ට්‍රෝල් සහ රනිල්-මෛත්‍රී අනාගෙන. ප්‍රයිස් කන්ට්‍රෝල් වයිමාගෙ පොලිසි එකක්...

    ReplyDelete
  7. "පොන්නයන්ටත්"

    මේක හොඳ වචනයක් නෙමෙයි පැරා !!!

    ReplyDelete
  8. පැරා මාතලන්ගෙන් වචන ඉස්සුවා නේද, හොර ගෙඩිය.

    ReplyDelete
  9. 2020 දී රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් යුතු එජාප රජයක් පත්කරගෙන 2030 දක්වා එතුමා රාජ්‍ය නායක ධූරය දැරිය යුතුයි... ලංකාව ගොඩ ගැනීමට වෙනත් විකල්පයක් නැත

    ReplyDelete
  10. Para, this is old news, cold coffee. Since independence all govt blame previous govt, forgetting the fact that new govt is here since previous govt is rejected by the people. So stop talking about MR's govt.

    People rejected socialism in the 80's, price control, cooperatives, SATOSA run by the govt etc. People embraced capitalism, UNP is a capitalist party, why price control? This clearly shows UNP+MS has no answers.

    Cost of living is going up in the world, people need income not price control. New jobs, new projects in agriculture, infrastructure, hospitals, universities, highways and so on. Stop talking about MR and his past, MS is part of MR's past, he was not born in 2015. Get on with job given by the people.

    ReplyDelete
  11. ආණ්ඩුව 'බුද්ධිමත් අන්දමින් නියාමනය කල යුතුයි' කියා දකින පැරාගේ විසඳුම් මොකද්ද?

    ReplyDelete
    Replies
    1. මම නම් දකින්නේ පැත්තකට වෙලා හොඳ සෝදිසියෙන් හිටියාම ඇති. අවශ්‍ය වුණොත් විතරයි මැදිහත් විය යුත්තේ.

      Delete
    2. ඉතින් හොඳ හෝදිසියෙන් ඉඳලා? කවුද එහෙම ඉන්නේ? මොකද්ද අවශ්‍ය වුණාම මැදිහත් වෙනවා කියන්නේ? පාලන මිල කියන්නෙත් මැදිහත් වීමක්නේ. මැදිහත්ම වෙන්න දෙයි. මැදිහත් වෙන කොටම එක්කො මැදිහත් වෙන එකා මුදලට ගනී. නැත්නම් පැරාලා එයි "අඩෝ....ව්" කියාගෙන. Just hypocritical talks!

      Delete
    3. මැදිහත් වීම් එක එක විදියට කරන්නට පුළුවන්. සිරිමගෙ ආණ්ඩුව කාලෙ මිනිසුන්ට බත් කන්නත් තහනම් කළා. මිළ පාලනයත් ඒ වගේ මෙලෝ රහක් නැති මැදිහත් වීමක්. ඇත්ත ම කියනවා නම් මැදිහත් වීම්වලට වඩා මැදිහත් නො වීම් හොඳයි. ඒ වුණාට ඉතින් මේ රජය කියන මළ හත්තිලව්වෙනුත් මොකක් හරි වැඩක් තියෙන්න එපායැ. ඒ නිසා පැත්තකට වෙලා බලාගෙන ඉන්න හරි පුළුවන් නම් හොඳයි. හැබැයි මේ මගුලට ඒකවත් බැහැ. දැන් ඉතින් ආණ්ඩුවට බනින්න පටන් ගන්න එපා. මේවා කරන්න ඕනැ ආණ්ඩුව නෙමෙයි. රජය.

      Delete
  12. //මෙතන ඇති ප්‍රශ්නය වන්නේ මේ රෙද්ද මේ විදියට පවත්වාගෙන යන්නට බැරිකම ය. මහින්ද ලෝකෙට ම ණය වී එය උපරිමයකට ගෙන ආ අතර, මහින්ද සැලසුම් කළ විදියට දිගට ම හිටියා නම් මේ වන විට ඒ ක්‍රමය අනෙක් පැත්ත හරවා ගෝටාත් සමග රට ලේ විලක් කරන්නට ද තිබිණි. එහෙම නම්, අද පාරවල් දිගේ ජවුසන් නටන නිකං කන්න බලං ඉන්න බබාලා නගුටු දෙපරැන්දේ ගසාගෙන ඇඳන් යට සැඟවී කන්නට හා දත් මදින්නට පමණක් කටවල් අරින හැටි බලා ගන්නට තිබිණි. //

    ලංකාවේ මිනිස්සුන්ට මේ අත්දැකීම විඳින්නට ඉඩ නොහැරීමේ පාපය දැන් ආණ්ඩුව සහ ප්‍රගතිශීලී ප්‍රජාව විඳිමින් සිටියි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා