පාසල් ස්පෝට්මීට් අධ්‍යක්ෂ වලිය

ජාත්‍යන්තර පාසලක ක්‍රීඩාවල ග්‍රාමීය තත්වය 
අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා ලෙස යුද හමුදා කර්නල්වරයකු පත්කිරීමට එරෙහිව ලබන මාර්තු 1දා අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකයන්ගේ සංගමය තීරණය කර ඇත.

අධ්‍යාපන පරිපාලන නිලධාරීන් සේවයට නො පැමිණ සිටියා ය කියා ලොකු දෙයක් වේ යයි සිතිය නො හැකි ය. මන්ද, ඔවුන් සේවය කළා ය කියා ද එතරම් දෙයක් වන්නේ නැත.

ඔවුන්ගේ ඉල්ලීම වන්නේ අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ තනතුරක් වන පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ ධුරයට අධ්‍යාපන ඇමතිවරයා විසින් පත් කරන ලද කර්නල් මංජුල කාරියවසම් ඉවත් කිරීමයි.

මෙම පත්කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හා කලාප, පළාත් සහ සමස්‌ත ලංකා යන සියලු පාසල් ක්‍රීඩා තරග සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට ද අධ්‍යාපන පරිපාලන සංගමය තීරණය කර තිබේ.

මෙය පාසල් ක්‍රීඩා පිළිබඳ කතා කිරීමට කදිම නිමිත්තකි. ඇත්තෙන් ම ලංකාවේ පාසල් ක්‍රීඩා හරියට කෙරෙනවා ද?

පාසල් මට්ටමින් ක්‍රීඩා හරි හැටි සිදු වන්නේ ප්‍රධාන පාසල්වල හා ක්‍රීඩා පාසල්වල පමණි. අනෙක් පාසල් මට්ටමින් සිදු වන්නේ වාර්ෂිකව ක්‍රීඩා උත්සවයක් පැවැත්වීමයි. මූලික අවධානය යොමු කරන්නේ උත්සවයේ සංදර්ශනාත්මකබව කෙරෙහි මිස ක්‍රීඩාව කෙරෙහි නො වේ. බොහෝ පාසල් ක්‍රීඩා තරගවලට සිසුන්ගේ සහභාගිත්වය අවම ය. ක්‍රීඩා උත්සවය පැවැත්වෙන දිනයේ පැවැත්වෙන සංකේතාත්මක තරගවලට පවා ඇතැම් විට සියලු නිවාසවලින් ක්‍රීඩකයෝ සහභාගි නො වෙති. සරඹ කණ්ඩායම්, බෑන්ඩ් කණ්ඩායම් ආදියේ ඇඳුම් ගැන දක්වන සැලකිල්ල ක්‍රීඩකයන්ගේ ඇඳුම් කෙරෙහි හෝ දක්වනු දක්නට නො ලැබේ. බොහෝ විට කණ්ඩායම් ධාවන තරග ආදියෙහි යෂ්ටි මාරු කිරීම් ආදිය ඇත්තේ ඉතා දුර්වල තත්වයක ය. ඇත්ත තත්වය එයයි.

සරළව කීවොත් ස්පෝට්මීට්වල නැති ප්‍රධාන දෙය ක්‍රීඩාවයි.

කොට්ඨාස, කලාප ක්‍රීඩා මීටත් අන්ත ය. දැන් කොට්ඨාස ක්‍රීඩා තරග නො පවත්වා කෙළින් ම කලාප තරග පැවැත්වීට තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ. මේවා කෙසේ කෙරෙනු ඇද්ද?

දැනට නම් මේ තරග සම්බන්ධයෙන් පරිපාලන නිලධාරීන්ගේ ආකල්පය නම් මොනවා හරි කර ඉවර කර දැමීමයි. ඇතැම් තරග පැවැත්වෙන ආකාරය ඉතා විසුළු සහගත ය. උදාහරණයක් ලෙස, කණ්ඩායමක ක්‍රීඩකයන් 11ක් ක්‍රීඩා කරන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරග ඇතැම් විට පවත්වන්නේ පන්දු හතරේ පන්දු වාර පහක් ලෙසයි. කලාප මට්ටමේ ක්‍රීඩා තරගවලට ද දැන් ස්පෝට්මීට් මානසිකත්වය ගසා තිබේ. පාසල් ස්පෝට්මීට් විදුහල්පතිලාගේ කලර්ස් පෙන්නන වැඩසටහන් වන්නේ යම් සේ ද, කලාප ක්‍රීඩා පරිපාලන නිලධාරීන්ගේ කලර්ස් පෙන්නන අවස්ථා වේ.

ප්‍රාදේශීය මට්ටමෙන් දක්ෂ ක්‍රීඩකයන් නිසි පරිදි හඳුනා ගැනීමේ හෝ ඔවුන්ට ඉදිරියට යාමට අත දීමේ කිසිදු විධිමත් ක්‍රමවේදයක් නැත.

අවුරුද්ද පුරා පාසල්වල ක්‍රීඩා පුහුණුවීම් නිසි පරිදි වෙන්නේ නැති තරම් ය. ක්‍රීඩාවලට සහභාගි වන්නේ සිසුන්ගෙන් ඉතා සුළු පිරිසකි. ඒ ද ස්පෝට්මීට් ඉලක්ක කරගෙන පමණි.

පාසල් මලල ක්‍රීඩාවලට වඩා කණ්ඩායම් ක්‍රීඩාවල තත්වය මඳක් ඉහළින් තිබේ. ඒ පාසල් ක්‍රීඩා සංගම් නිසා ය. එහෙත්, ඒවායේ ද ගැටලු රැසක් තිබේ.

සමස්තයක් ලෙස පාසල් ක්‍රීඩා පසුගිය දශකයක පමණ කාලය තුළ දැවැන්ත පිරිහීමකට ලක් වී තිබේ. එය රටේ ක්‍රීඩාව සමස්තයක් ලෙස පිරිහීමට හේතු වී තිබේ. ක්‍රීඩාවේ පිරිහීම සෞඛ්‍යයේ පරිහාණියට ඉවහල් වේ. අධ්‍යාපන පරිපාලන සංගමයේ නිලධාරීන්ගෙන් හෝ වෙන කාගෙන් හෝ මෙය වෙනස් කළ යුුතු ය.

අධ්‍යාපන පරිපාලන සංගමය අධ්‍යාපන අංශයේ මිලිටරිකරණයට එරෙහි වීම හොඳ දෙයකි. පසුගිය දිනවල අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පතිවරුන් විසින් පැළඳ ගන්නා ලද ඊනියා හමුදා තරු ද ගලවනවා නම් හොඳ ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //සමස්තයක් ලෙස පාසල් ක්‍රීඩා පසුගිය දශකයක පමණ කාලය තුළ දැවැන්ත පිරිහීමකට ලක් වී තිබේ. එය රටේ ක්‍රීඩාව සමස්තයක් ලෙස පිරිහීමට හේතු වී තිබේ//
    මන්දා දෂක දෙකක් උනත් හරි වගේ..

    ReplyDelete
  2. අපූරු ෆොටෝව, එක් දැරිවියක් යෂ්ටිය පැහැරගෙන වෙන කොහෙදෝ දුවන්නයි හදන්නේ, අනෙත් කණ්ඩායම පුහුණු කර තියෙන්නේ බලාංශ ටීචර් වෙන්නැති පැන්සල වගේ යෂ්ටිය අල්ලගන්න.

    ReplyDelete
  3. අජිත් පැරකුම් ජයසිංහට කෙරෙන නිල නිවේදනයයි

    අද වමට වැදගත් දවසක්. අන්තර්ජාතික වාම විප්ලවීය දේශපාලනයේ ආස්වාදනීය මොහොත වු රුසියන් විප්ලවය ආරම්භ වුයේ හරියටම මීට ශතවර්ෂයකට පෙර අද වලේ දවසක. එම පෙබරවාරි විප්ලවය උපරිම තැනට පැමිණියේ ඔක්තෝබර්වල.

    එම ඵෙතිහාසික ශතසංවත්සරය සැමරීම සඳහා අපි අද සිට ඔක්තෝබර් දක්වා වමට මඩ ගසන මහා කුලී ලියන්නා වන අජිත් පැරකුම් ජයසිංහට එරෙහිව නොනවතින අරගලයක් ආරම්භ කරමු.

    අජිත් පැරකුම් ජයසිංහ UNDP ලේ සල්ලි ගෙන මේ රටේ තරුණ පරම්පරාව නොමගට යැවීමට ආරම්භ කළ කියන්න කියන්න වෙබ් පල් හෑල්ල සර්වර් ගාස්තුවවත් ගෙවා ගැනීමට නොහැකි වී අද වන විට වසා දමා. අජිත් පැරකුම්ගේ පැටිකිරිය වමේ අපි එලිදරව් කිරීම නිසා කියන්න කියන්න බලන්න කවුරුවත් ගියේ නැත. ඒ අතර අපේ දැනුවත් කිරීම නිසා UNDP නිලධාරින් ද අජිත් පැරකුම් යනු ටොම් පචයෙකු බව දැන ගත් නිසා සියලු ප්‍රතිපාදන අත්හිටුවන ලදී. වමේ අපි කවුද කියා අජිත් දැන් හොදින් දනී. අපි නම් අජිත් පැරකුම් සතා බව දන්නේ පත්කරයකට ලිපියක් සංස්කරණය කරන හැටි අපෙන් ඉගෙන ගෙන අපිටම එරෙහිව නරුම වැඩ කල දා ඉදන්ය.

    අජිත් පැරකුම්ට දැන් සිරිකොතේ කක්කුස්සි හේදීම ඇරෙන්නට වෙනත් ආදයම් මාර්ගයක් නැත. ගෑනිගෙන් කකා බ්ලෝග් පඩංගුවකින් පොර ටෝක් දීම හැර අජිත් පැරකුම් දැන් කරනා දෙයක් ද නැත.

    දැන් w3lanka පාලු සොහොන් පිටියකි. කොමෙන්ට් 25ක් එකතු කර ගන්නට බැරි තත්වයකි. පහුගිය කාලයේ කමෙන්ට් 50ක් ලැබූ පෝස්ට් දෙක ද එම හපන් කම කලේ වමේ අපි දැමු කමෙන්ට්වලිනි. එදා මෙතන තිබූ දේශපාලන, ආර්තික, ඉතිහාස, කලාවිචාර කිසිම දෙයක් මෙහි නැත. ‍Page Refreshing Applet එක නිසා හිට් කවුන්ට් එක නම් නගී. ඒවා අසරණයන් මුලාකරන්න කරන වැඩය.

    කියන්න කියන්න වැසෙන බව අපි කිව්වේ ‍බොහෝ කාලයකට පෙරය. අජික් පැරකුම් ගනන් ගත්කේ නැත. දැන් හතරවිලි ලැජ්ජාවේ බැරිය.

    අදින් ඇරබෙන විප්ලව ශතසංවත්සර සමය අවසනෙයේ දී අජිත් පැරකුම් ජයසිංහගේ ඩබිලිව්තුන ලංකා ද වසා දමන්නට කටයුතු කෙරෙනු ඇත. වමේ අපි අද සිට අරබන අජිත් පැරකුම් පලවා හැරීමේ අරගලය නිසා ඩබ්ලිව්තුනේ කමෙන්ට්ස් වැඩි වනු ඇත. කමක් නැත. මේ රටට පිලිකාවක් වී ඇති අජිත් පැරකුම් ජයසිංහ පලවා හැරීමේ අරගලය වෙනුවෙන් අපි එම ගෙවීම කරමු.


    ව‍මේ ව්‍යාපාරයේ ටික කාලයන් හරි හි‍ටපු අජිත් පැරාකුම් ජයසිංහ අපිට ඔබ ගැන දුකයි. ඔබට සංවදෙයකට ආරාධනා කළේ ද ඔබට චාන්ස් එකක් දීමටය. ඔබගේ මුඩුමකම හැමදාමත් ඔබට එරෙහි විය. සොරි හොදේ!

    කාලයකට ඉස්සර අජිත් පැරකුම් අපිට කිව්වේ වෙබ් සයිට් එක හරියට කරපන් කියා ය. එසේ කිව්ව එකාගේ ‍වෙබ් දෙකටම කෙල විය. අහෝ පැරා.


    වමේ අපි
    (අන්තර්ජාතික වාම විප්ලවීය දේශපාලනයක ශ්‍රී ලාංකීය සන්ලකුණ)

    ReplyDelete
    Replies
    1. බෙහෙත් බීපං බං හිතුවක්කාරකම් කරන්නෙ නැතිව

      Delete
    2. ෙම්කට ෙකල ෙවන්න පටන් ගත්ෙත් සාරස එළවපු දවෙස් ඉඳන්.

      Delete
    3. වද නො දී උඹත් පලයන්

      Delete
    4. සාරසව අමතන්න හැකි ක්‍රමයක් තියෙනවාද? වමේ අපි කොන්දේසි විරහතව සාරසට සහය දෙනවා. පැරාගෙන් තරුණ පරම්පරාව බේරා ගැනීම මේ මෙහොතේ අපට තිබෙන ඵෙතිහාසික කාර්යභාරයයි. කරුණාකර සාරසගේ බ්ලොගයටඩඅප සම්බන්ධකරන්න.

      වමේ අපි,
      (අන්තර්ජාතික වාම විප්ලවීය දේශපලෙනයක ලාංකීය සන්ලකුණ)

      Delete
  4. Replies
    1. නැත. බයත් නැත.

      Delete
    2. ////නැත. බයත් නැත.//////

      මිනිස්සුන්ට එහෙම පුලුවන් වෙන්න ඕනය. වලි යන්නෙත් අප අතරේය. බය වෙන්නට නම් බයක් තිබිය යුතුය. කිසිවෙකු කිසිවෙකුට බය විය යුතු නැත. බිය විය යුත්තේ බොරුවට සහ සොරකමට පමනි.

      Delete
  5. \\...සරළව කීවොත් ස්පෝට්මීට්වල නැති ප්‍රධාන දෙය ක්‍රීඩාවයි. ..// 👍🏽

    ReplyDelete
    Replies
    1. ටිලාන් ආතල් අයියේ, කවුරු හරි හොයපංකො ඔය පැත්තෙන්.
      ලංකාව අවුරුදු 10කට විතර බදු දීලා දාන්න හිතන් ඉන්නෙ.
      5%ක් විතර උඹ ගානක් තියාගත්තත් කමක් නෑ

      Delete
    2. එහෙම කලොත් ලංකාව හැදෙයි කියලා හිතෙන්නේ මට විතරද???

      Delete
    3. 😂😂 අනෝ තුමෝ. ඇයි බන් ඔය අපේ ඉස්සර හිටපු ජාතික වීරයො කියන්නෙ සුද්ද පන්නල බ්‍රිතාන්‍ය කොඩිය පාගල රට සුද්ද ගෙන් ගලවගත්ත කියල.

      ඉතින් එහෙම ගලවල ගත්ත රටක් ආයෙ මේ සුද්දම රෙන්ට් එකට ගනියිද කියල නම් මට ෂුවර් නැහැ ලොක්ක. ඒත් මම ට්‍රයි එකක් දාල බලන්නං. 50% කියන්නෙ නම් නරකමත් නැහැ. අනෝ තුමෝ.., උබ අර චතුර සේනාරත්න නෙමෙයි නේද මේ ඇනෝ විදිහට ඇවිත් ඉන්නේ? 🤔..

      රනුක. උබ හරි බන්. අපරාදේ සුද්දාගෙන් රට ආපහු ගත්තෙ හිටං..

      Delete
    4. ඔව් බන්. සිරාවටම..... මූන පෙන්නලා කතා කරපන්කෝ.......

      Delete
  6. ඔය ජායාරෑපය ප්‍රසිද්ධ ජත්‍යන්තර පාසලක නිවාසාන්තර තරඟ අතර ගත් එකකි. (ටි ශර්ට් එකේ පාට අනුච මා දන්නා පරිදි). එය කනිෂ්ඨ සහ ජේෂ්ඨ වශයෙන් වෙනම පවත්වනවා. හැම ළමයෙක්මමොකක් හරි තරඟයකට සහභාගිවිය යුතු නිසා දිවීම ලෙහෙසියෙන් හුඟක් ළමයි තෝරාගන්නවා වෙන්න පුළුවන්. ඔ්කෙන් එම පාසලේ ක්‍රීඩා ප්‍රමිතිය මනින්න බෑ .

    ReplyDelete
  7. ඔය ජායාරෑපය ප්‍රසිද්ධ ජත්‍යන්තර පාසලක නිවාසාන්තර තරඟ නොවෙයි අර චතුර සේනාරත්න ගිය මොන්ටිසෝරි එකේ එකක්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා