සයිටම් එකට කඩේ යනවා ය කියන අය එහෙම කරන්නෙ ඇයි?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු ඉතා පටු අරමුණු සහිත ප්‍රතිගාමී වෘත්තීය සමිතියක් බව කියා මම මෙය ආරම්භ කරමි. එය එම සංගමයේ අතීත ක්‍රියාකලාපය මත පදනම්ව එළඹෙන ඉතා පැහැදිලි නිගමනයකි. එසේ නො වේ නම් ඔබට කරුණු දැක්විය හැකි ය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ගැන මට කීමට තිබෙන්නේ එය වනාහි තවත් එක් සුළු ධනේශ්වර අරමුණු සහිත පූර්ව වෘත්තීය සමිතියක් බවයි. එහි මූලික අරමුණ බදු ගෙවන ජනතාවගෙන් වරප්‍රසාද ලබා ගැනීමයි.

මේ දවස්වල සයිටම් විරෝධයක එල්ලී සිටින මෙම සංවිධානවලට තිබෙන අරමුණු කිසි සේත් ම සමාජවාදී යයි අපි නො සිතමු.

එහෙත්, මෙම සංවිධානවල නැට්ටේ එල්ලී කම්කරු පංතිය වෙනුවෙන් සමාජවාදී විප්ලවයක් වෙනුවෙන් කටයුතු කරන බව කියන වාමාංශික පක්ෂ සම්බන්ධයෙන් මතු කළ යුතු පැහැදිලි ගැටලු කීපයක් තිබේ.

ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෞද්ගලීකරණය වීම පටන් ගත්තේ සයිටම් එකෙන් නො වේ. එසේම, ලංකාවේ තිබෙන එකම මුදල් අය කරන විශ්වවිද්‍යාලය ද සයිටම් නො වේ. සයිටම්ට එරෙහිව පමණක් මෙතරම් උනන්දුවක් ඇත්තේ ඇයි?

අප නම් දකින්නේ මෙතැන තිබෙන්නේ ඉතා පැහැදිලි මධ්‍යම පංතික ගැටලුවක් බවයි. දොස්තරකම යනු හුදු රැකියාවක් නොව ලංකාවේ සුවිශේෂ පංතියක් වැනි සමාජ ස්ථරයකි. එහි තිබෙන්නේ තමන්ගේ ඩියුටිය වෙන කාටහරි විකුණා, තමන්ම සේවා දිනපොතක් ලියාගෙන, එහි උපරිම අතිකාලත් ලියාගෙන, පෞද්ගලික ව්‍යාපාරවල යෙදී මහජන මුදලින් වැටුප්, වරප්‍රසාද, විශ්‍රාම වැටුප් පමණක් නොව, තීරු බදු රහිත වාහන බලපත්‍ර පවා ලබා ගත හැකි, අති විශාල මුදල් සම්භාරයක් ගොඩනගා ගත හැකි, මධ්‍යම පංතික පාරිභෝජනවාදී උන්නතිකාමයේ සංකේතාත්මක වෘත්තිය තමයි දොස්තරකම. හැබැයි තමන්ගේ සේවය හරියට කරන වෛද්‍යවරුන් ද සිටින බව මේ සමග ම සඳහන් කළ යුතුයි. ඔවුන් මෙය කියවා කලකිරිය යුත්තේ අප ගැන නොව තමන්ගේ වෘත්තියට අත් වී තිබෙන තත්වය ගැනයි.

හැබැයි මෙම වරප්‍රසාදිත තත්වය පවත්වා ගත හැක්කේ එම සමාජ ස්ථරය වෙත පිවිසීම සීමා කිරීමෙනුයි. මෙය හොඳින් තේරුම් ගන්නට පුළුවන් තවත් ක්ෂේත්‍රයක් තමයි නීති ක්ෂේත්‍රය. මේ වන විට, නීති උපාධිධාරීන්ට නීති විද්‍යාලය නිසා මෙවැනි ම තත්වයකට මුහුණ දෙන්නට වෙලා. පුංචි උසාවියක පවා නීතිඥයන් 100කට වඩා ඉන්නවා. අලුත් නීතිඥයන්ට දවසකට එක නඩුවක්වත් ලැබෙන්නේ නැහැ. වැඩි දෙනෙක් කරන්නේ ජ්‍යේෂ්ඨ නීතිඥයන්ගේ නඩුවලට දින ගන්නා එක වගේ සිල්ලර වැඩ.

වාමාංශිකයන්ට සයිටම් මෙතරම් වැදගත් වන්නේ ඉතා පැහැදිලි මධ්‍යම පංතික පදනමකිනි. එය අවංකව කියනවා නම් වඩා පහසු ය. එහෙත් කියන්නේ දුප්පතුන්ගේ හිමිකම් වෙනුවෙන් අරගල කරනවා ය කියා ය.

සයිටම් පැත්තක තියන්න. ඔය කියන ආකාරයේ දුප්පතුන් කීදෙනෙකුට රජයේ වෛද්‍ය විද්‍යාලවලට යන්නට ලැබෙනවා ද යන්න කල්පනා කරන්න. ඔවුන්ගේ අවස්ථා ගිලිහී යාම ආරම්භ වන්නේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වීම සමගයි. පහසුකම් සහිත හොඳ පාසල් ටික මධ්‍යම පංතිකයෝ විවිධ උපායන් මාර්ගයෙන් ඉතා පහසුවෙන් අල්ලා ගනිති. ඒ අතර අසාමාන්‍ය දක්ෂකම් ඇති දිළිඳු පවුල්වල ළමයකුට දෙදෙනෙකුට පහේ ශිෂ්‍යත්වයෙන් අවස්ථාව ලැබේ. එහෙත්, ඒ කෙතරම් සීමිතව ද?

උසස් පෙළ තරග විභාගයේදී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගනිමින් විභාග සමත් වීමේ වැඩි හැකියාව ඇත්තේ වැඩි පහසුකම් ඇති, හොඳ ගුරුවරුන් සිටින පාසල්වල ඉගෙනුම ලබන, වැඩි ඉල්ලුමක් ඇති ටියුෂන් ගුරුවරුන්ගේ පංතිවලට යාමට හැකි, නිවසට ගුරුවරුන් ගෙන්වා ගැනීමට හැකි සිසුන්ටයි. දිස්ත්‍රික් කෝටාවලින් ලැබෙන අවස්ථාවන් ද වැඩිපුර ඩැහැ ගන්නේ එම දිස්ත්‍රික්කවල ප්‍රධාන පාසල්වල ඉගෙනුම ලබන, ධනවත් සිසුන් වේ. මෙම කඩඉම්වලින් දිළිඳු පවුල්වල දරුවන්ට ඉදිරියට ආ හැක්කේ අසාමාන්‍ය දක්ෂකමක් තිබේ නම් පමණි.

වෛද්‍ය පීඨයකට ගොස්, එහි සිසුන්ගේ පවුල් පසුබිම්, මව්පියන්ගේ ආදායම් මට්ටම් ආදිය අධ්‍යයනය කර බලන්න. ඔය කියන ආකාරයේ දුප්පතුන් කීදෙනෙක් එහි ඉන්නවා ද? සියලුම සිසුන් ධනවතුන් බවක් එයින් අදහස් වන්නේ නැත.

ඉතින් සයිටම් දැම්මාම දුප්පතුන්ට අවස්ථාව ලැබෙනවා ද යි අහන අයට අපට දීමට තිබෙන්නේ මෙම පිළිතුරයි. පහත දැක්වෙන පිළිතුර මම දුන්නෙ මගේ ෆේස්බුක් සටහනක් ළඟ හිනා මුහුණු ස්මයිලි දමපු අන්තරේ හිටපු කැඳවුම්කරුවකු වන නජිත් ඉන්දිකටයි.

මේ රටේ කී දෙනෙක් ඔය නේපාලෙ, ඉන්දියාව වගේ රටවල වෛද්‍ය විද්‍යාලවල පවා මුදල් ගෙවලා ඉගෙන ගන්නවා ද කියන එක විතරක් බලන්න. එසේ මේ රටෙන් පිටතට යන්නෙ මේ රටේ මහජන මුදල්. උදාහරණයක් විදියට මා දන්න නීතිඥයකුගේ ළමයින් දෙන්නෙක් නේපාලයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙනගෙන දැන් ලංකාවේ වැඩ. ඒ නීතිඥයා නේපාලෙට සල්ලි යැව්වෙ එයා ගාවට නඩු ගෙන ගිය සාමාන්‍ය මිනිසුන්ගෙන් උපයපු සල්ලිවලින්. මේ නඩු ගෙනාපු වැඩි දෙනෙක් දිළිඳු ජනතාවයි. ඒ සල්ලි මේ රටේ ඉතිරි වෙනවනම් අඩු ගානෙ මේ රටේ මධ්‍යම පංතික රජයේ නිලධාරීන්ටයි, දේශපාලකයන්ටයි වැටුප් ගෙවන්න පිටරටින් ගන්නා ණය ප්‍රමාණය හරි අඩු වෙනවා.

නජිත් නියෝජනය කරන අක්ෂය කණ්ඩායමේ සාමාජිකයකු වන රමිඳු ලක්ඛික පෙරේරා අක්ෂය වෙබ් අඩවියේ ලියූ දිගු ලිපියක මෙම ප්‍රශ්නයට ඇති විසඳුම යෝජනා කරන්නෙ මෙහෙමයි:

“ඒ අනුව දැනට තිබෙන අධ්‍යාපන ප්‍රශ්නය විසදීම සදහා ද්විත්ව ප්‍රවේශයක් අවශ්‍ය යැයි යෝජනා කල හැක. පලමුව අධ්‍යාපනයේ සම අවස්ථා සමාජයට තහවුරු කෙරෙන සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් ඇති කල හැකි එකම මාර්ගය වන නිදහස් අධ්‍යාපන පද්ධතිය පුලුල් කිරීම සදහා වූ අධිෂ්ඨානසහගත වැඩපිලිවෙලක් හා ඊට පහසුකම් සැලැසිය හැකි ලෙස ආර්ථිකය සංවිධානය කල හැකි මොඩලයක්.

දෙවනුව, එය සිදු වන තුරු තාවකාලික අතරමැදි විසදුමක් ලෙස නාමික හෝ සහනදායී ගාස්තු මත සුදුසුකම්ලාභීන්ට රාජ්‍ය ආයතනවල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදීම හා පවතින පුද්ගලික ආයතනවල ගාස්තු දැඩි සීමා කිරීමට යටත් කිරීම.

“දෙවැන්න අවශ්‍යයෙන්ම පලමුවැන්නට යටත් විය යුත්තකි. රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල් අධ්‍යාපන පිලිවෙතට එරෙහිව ඉදිරිපත් කල හැකි වාම-ප්‍රජාතාන්ත්‍රීය විකල්පය වූ කලී එයයි.“ - රමිඳු පෙරේරා (අක්ෂය)

සෙසු වාමාංශික කපටින්ගෙන් වෙනස්ව විසඳුමක් යෝජනා කිරීම සම්බන්ධයෙන් අපි රමිඳුට ස්තුතිවන්ත විය යුතුයි. හැබැයි, ඒ විසඳුම විසින් ම පෙන්වා දෙනවා විසඳුමක් නැති බව.

රතු පාටින් දක්වා ඇති කොටසෙහි තිබෙන දේ කරන අධිෂ්ඨාන සහගත වැඩපිළිවෙල හා එයට පහසුකම් සැලැසිය හැකි ලෙස ආර්ථිකය සංවිධානය කළ හැකි මොඩලය රහසක් ලෙස තියා ගන්නෙ නැතිව ඉක්මණින් හෙළිදරව් කළ යුතුයි. එතකොට ඔබට රාජ්‍ය බලය අවශ්‍ය නම් එය හෝ ලබා දීම වෙනුවෙන්  අපටත් අරගල කරන්නට පුළුවන්. 

හැබැයි ඉතින් ඔය රතු අකුරෙන් දක්වන ලද පළමු විසඳුම අලුත් කතාවක් නෙමෙයි. නිදහස ලබපු කාලෙ ඉඳන් ම ඔය කතාව තමයි කියන්නෙ. ඔය වැඩේ කරන්න නම් රටේ දැනට තිබෙන විශ්වවිද්‍යාල සංඛ්‍යාව අඩු තරමේ සිව්ගුණයකින් හෝ වැඩි කළ යුතුයි. එයට ප්‍රාග්ධනය සොයා ගන්න විධිය යෝජනා කරන්න. හැබැයි ප්‍රායෝගික විසඳුම්. ව්‍යවසායකයන්ගෙන් දැඩි බදු අය කර ඔවුන් විනාශ කර දැමීම වගේ විසඳුම් නෙමෙයි, සියලු දේපල රජයට පවරා ගන්නවා වගේ සමාජවාදී විසඳුම් යෝජනා කරන්න.  

හැබැයි ඉතින් කොළ පාටින් දැක්වෙන මේ සුපිරි වාමාංශිකයිනුත් පිළි ගන්නා දෙවෙනි පදනමේ ඉඳලා තමයි අපත් කියන්නෙ පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ දිය යුතුයි කියලා. අපි කිව්වාම වැරදි වෙන්නටත්, ඔබ කියන එක හරි වෙන්නටත් තිබෙන හේතුව කුමක් වුණත් කමක් නැහැ, අපි ඔබ කියන දෙවන විසඳුම පිළිගන්නම්. 

දැන් මේ දෙවන යෝජනාව ක්‍රියාත්මක කරන්නට තමයි අප කියන්නේ පෞද්ගලික අංශය සම්බන්ධ කර ගත යුතුයි කියලා. ඒක විතරයි ලංකාවට ප්‍රායෝගිකව කරන්නට පුළුවන්. 

මෙම කාර්යය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල පුළුල් කරනවා නම්, ඒ සඳහා ප්‍රාග්ධනය සොයා ගත හැකි ආකාරයත් යෝජනා කරන්න. 

ලෝකයේ ස්වාධීන විශ්වවිද්‍යාලවලට තිබෙන උරුමය ලංකාවේ නැහැ. එහෙම ස්වාධීන ආයතන ගොඩනගන්නට තරම් බුද්ධිමය අවංකභාවයක් ලංකාවේ වර්තමාන බුද්ධිමතුන්ට නැහැ. මේ අයගේ ක්‍රියා කලාපයන් ගැන හොඳ නිරූපණයක් ලියනගේ අමරකීර්තිගේ රසබර කෙටිකතා එකතුවක් වන ‘අර මිහිරි සීනු නාදයේ ' තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධානවලට මොනවා හෝ විකුණා ගාන කපා ගන්නා අවස්ථාවාදී බුද්ධිමතුන් බහුතරයක් සිටින රටක මොන ස්වාධීන විශ්වවිද්‍යාල ද? සුචරිත ගම්ලත්ගේ මරණින් පසුව එහෙම අදහසක් සිතේ පිළිසිඳගන්නට පුළුවන් ඔලුවක්වත් ලංකාවේ ඉතිරි වෙලා නැහැ. ඒ නිසා ස්වාධීන විශ්වවිද්‍යාල කතාවත් යථාර්ථයක් නෙමෙයි. 

උසස් අධ්‍යාපනය නැංවීම සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගන්න එකට අපි පක්ෂයි. හැබැයි, ඔය කියන ගාස්තු දැඩි සීමා, කරන ආයෝජනය ආපසු ලබා ගන්නට තහනම් කිරීම, රජයට පවරා ගන්නා බවට තර්ජන කිරීම වගේ සමාජවාදී උපායමාර්ග මෙතනදී වලංගු නැහැ. ඔය වගේ තර්ජන කරලා පෙට්ටි කඩයක් දාන්නවත් හවුල්කාරයෙක් හොයා ගන්න බැහැ. 

පාලනයට පිටින් ඉඳගෙන වීරයන් වගේ කයිවාරු ගහන්න පුළුවන්. අපි දැන් ඕවා ඇති තරම් අහලා තියෙන්නෙ. මහදැනමුත්තා එරී සිටින මඩේ භූ ගර්භ විද්‍යාත්මක සංයුතිය ආදිය ගැන විග්‍රහ වැඩක් නැහැ. මහදැනමුත්තාව ගොඩට ඇදලා ගන්න හැටි සංයුක්තව කියන්න.

මේ රටේ ජනතාවගෙන් විශාල ප්‍රතිශතයක් අධ්‍යාපන නිදහස වෙනුවෙන් පෙනී සිටින බව ඊනියා නිදහස් අධ්‍යාපනයේ ලූලා නැති වලට කන්නන්ගරලා වෙන්නට කුණුහරුප කියන ගුරුවරුන් ඇතුළු සියලු වාමාංශිකයන් තේරුම් ගත යුතුයි. 

ඔබට සයිටම් විරෝධය වෙනුවෙන් පෙනී සිටින්නට තිබෙන අනුරාගය ම අපට අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින්නට ද තිබෙන බව ඔබට නො පෙනෙන්නේ අන් කිසිවක් නිසා නොව, ඔබ දමාගෙන සිටින කණ්ණාඩිවල මෝහාන්ධකාරය නිසා ය. අප ද මෙම සටන අතහරින්නේ නැත. ඒ සයිටම් කියන මගුල වෙනුවෙන් නොව, නිදහස පිළිබඳ ඉතා පැහැදිලි මූලධර්මයක් මත පදනම්ව ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ‍ඈ බොල කැරි වේසිගේ පුතෝ තොට පුදුම පයිය කැසිල්ලක්නේ තියෙන්නේ. ‍පොන්න වේසිගෙ පුතෝ තොගේ ගෑනි දොස්කරලා එක්ක බුදියගන්න එක තෝ තොගේ ගෑනි එක්ක බේර ගනින්. පොන්නයා හැම එකටම වමේ කොල්ලො ටිකට නොබැන. තෝ නමට හරි තාත්තා කෙනෙක් වු‍නේ තොගේ ගෑනි දොස්තරලා එක්ක බුදිය ගත්ත නිසා කියන එක මතක තියා ගනින් පරයා. තොට අපි එක සැරේකුත් කිව්ව කෙලවගන්නේ නැතුව හිටු කියලා. තෝට සිංහල තේරෙන්නේ නැද්ද වේසාවෝ?

    ReplyDelete
    Replies
    1. Mang ubay ammata hekuway ubay thattha balan indedde. Boru num ahapang ubay ammagan.attha num ahapan ubay thatthagen

      Delete
    2. This is proof that the article has hit the spot. Keep it up, Para!

      Delete
    3. Come-on Para Arinna Epa

      Delete
    4. අනේ අපේ වමේ කොල්ලන්ට ගිය කල! මෙහෙම වාමාංශිකයන්ට ද අපි රටක් බාර දෙන්න හිතන්නේ?

      Delete
    5. Ajith Parakum Jayasinghe, I even did not read your article to the end. Prior to that, I started reading the comments. Oh, mine, the Wamansika Peramuna was already affected. You may please continue your writing. Your words are very powerful. My hat off for your fairness. We have to sweep away these idiots from our country. That day we all can have a peaceful sleep.

      Delete
    6. කෙනෙකුට අන් අයෙකු මැනිය හැක්කේ ද තමන්ගේම මිනුමෙනි.එතුමා ශීලාචාර වදනින් තම විරෝධය පළකිරීමට තේරුම් ගන්නේ නම් එය ද අගය කළ යුතුය.

      Delete
    7. වාමාන්සිකයින් ගේ මවුවරු රට වටේම කරක් ගසා ඇති අය උඩ කමෙන්ට් වලින් බොහොම ලස්සනට පැහැදිලි වෙනවා..

      සාදු කාරයක් දියල්ලා පින්වතුනේ ඒ මෑණි වරුන්ට..

      හැමෝටම ටෞකන්ඩ සහ පටෞත්ති දෙවි දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි. ආරස්සාවයි..

      සාදු සාදු සාදු..

      Delete
    8. Ara udama comment eka left eke ekekge kiyanna verification thiyena wa da? Ara SAITM eke CEO ge vehicle eka ta fire kala ma Para ta 80s wala ta yanna una left eka ta linked reminiscent ekak hoya ganna. eeta passe me rate keeyak maruwa da government wala ta linked squads walin? Para danne nadda? Nattam Para ta left nikan "makka gana katha" wage da? Hama thanama mulinma criticize karanne left.

      Delete
    9. පැරා,

      මෙන්න මගේ උපහාරය මේවගේ AnonymousFebruary 10, 2017 at 10:50 PM කොමෙන්ට් අයින් නොකිරීම ගැන.
      පැරාගේ සමහර අදහස් ගැනනම් මට ගැටළු තියනවා, හැබැයි ඔබ ඉහත කොමන්ටුව ගැන ක්‍රියාකළ ආකාරය නම් විශිෂ්ටයි !, මේකෙන් පේනවා වාමන්සික සහෝදරයන්ගේ නියම සොරුපය JVP කියන මිනුස්සු හිටියවගේම මෝඩ තකතීරු රැලක් කියල නැවත නැවත ඔප්පු කරනවා.

      මෙය කියවන අය හිතන්න ඕනේ මෙහෙම මිනිසුන්ටද රට දෙන්නේ කියල

      Delete
    10. ඉන්තේරුවෙන්ම මේ ඇනෝවා, SAITM එකට විරුද්ධව පාරේ බෝඩ් අල්ලාගෙන රටම කුජීත කරන එවුන්ගෙන් එකෙක් වෙන්න ඕනේ. ..අම්මප!

      Delete
  2. "දොස්තරකම යනු හුදු රැකියාවක් නොව ලංකාවේ සුවිශේෂ පංතියක් වැනි සමාජ ස්ථරයකි. එහි තිබෙන්නේ තමන්ගේ ඩියුටිය වෙන කාටහරි විකුණා, තමන්ම සේවා දිනපොතක් ලියාගෙන, එහි උපරිම අතිකාලත් ලියාගෙන, පෞද්ගලික ව්‍යාපාරවල යෙදී මහජන මුදලින් වැටුප්, වරප්‍රසාද, විශ්‍රාම වැටුප් පමණක් නොව, තීරු බදු රහිත වාහන බලපත්‍ර පවා ලබා ගත හැකි, අති විශාල මුදල් සම්භාරයක් ගොඩනගා ගත හැකි, මධ්‍යම පංතික පාරිභෝජනවාදී උන්නතිකාමයේ සංකේතාත්මක වෘත්තිය තමයි දොස්තරකම". ලංකාවේ දොස්තර මහත්තය කීවට මේ රටවල රෝහල පිරිසිදු කරන කෙනා දොස්තරට කතාකරන්නෙ පළමු නම කියල. අජිත් පැරකුම් ජයසිංහ දොස්ත්රමහත්තයව අමතන්නේ අජිත් කියල. ලන්කාවේ එහෙම තියා නර්ස්ලගේ කාමරේ ලොකු වුණත් ස්ට්‍රයික් නේද. අපි බටහිරට ගැති නොවන නිසා ඔහොම යමු.

    ReplyDelete
  3. Hata off Para!! Mama kalayak comment nokalath obe mema peni sitimata mama udinma support! Aththenma kiyanawa nam me liyawilla achchugahala pare light Kanu wala ellannath watinawa. Thawa thawath mahajanaya me kuhakayin pilibandawa danu wath kala yuthuyi. Obe pahadili darshanayata mage pranamaya!!!

    ReplyDelete
  4. Thawa ekak kiyanna oni. Mama ugra mahindawadiyek kiyanna tharamatama mahinda wenuwen peni sitiya. Ohu kala kiyana horakamith paththakin thiyala. E wunath me pakaya saitam wirodhi satanata ekathu wuna gaman mata moowa hondatama epa una. Nalla male awasthawadi gan kabarayek kiyala dan nam hondatama penawa. Anika thamayi me yaka ara kudu dumindaya balanna gihilla thiyena eka. Dannam ammapa moota horakam kala ewata nadu naththe mokada kiyana eka thamayi matath thiyena prashne. Kawuruhari me comment eka Sarasage bogeth danna.

    ReplyDelete
  5. පැරකුම්,

    ඔය පළමුවැනි කොමෙන්ට් එකේ තියෙන්නේ අර 'මොඩලයේ' කොටසක්.
    ඔන්න ඔය ක්‍රමයට තමා ඔවුන් අධ්‍යාපනයේ සම අවස්ථා සමාජයට තහවුරු කරන්නට යන්නේ.

    ReplyDelete
    Replies
    1. මමත් ඒ සුන්දර භාෂා ශෛලිය දැක්ක ගමන්ම හිතුවා තමන් තමන්ටම ලියාගෙන කියලා.

      Delete
  6. Janathaa hithawaadhin yai kiyaaganna duppath ' mage puthaala ' mona kramen hari ihala sanaaja stharayakata giyaama un janathaawata salakana selakiema dekkama ange maalu natanawa ooi.

    ReplyDelete
  7. මොකද්ද මේ ලියුමෙන් දැන් කියන්නේ. සයිටම් එකට කඩේ යන අය එහෙම කරන්නේ දොස්තරලා එක්ක සහ ශිෂ්‍ය සංගම් පේන්න බැරි නිසා කියන එකද? දැන් එතකොට සීයට 1.7 ක තියෙන අධ්‍යාපන වියදමේ අනුපාතය ඇතිද? ඉන්දියාවේ 4%ට ලඟයි. ඒත් ඒක වැඩි කළොත් බලා ගත්ත හැකි කියන එක නේද මේ මනුස්සයා මේ කියන්නේ. සයිටම් විරෝධීන්ට බර සද්ද දාන මේ මනුස්සයා නිකම් නොදා බැරිකමට ගැණුම්කරේට, රනිල්ට ඥාව් වගේ හීනී සද්ද විතරක් දාන්නේ ඇයි? ඒකට මරා ගෙන මැරෙන්න එන්නෙ නැත්තේ ඇයි? උන් ඉතිරි 98.3 වියදම් කරන විදිහ, ටෙන්ඩර් වලින් සංවර්ධනේ නාමෙන් හූරං කන එක හරි කියන එක නේද මේ කියන්නේ.

    හැමදාම අපිට කෙළවුණේ තමුසෙලා වගේ එවුන් ඉඳන් මේක 1.7ට අඩු කරවන නිසා සහ 98.3ට වක්‍රව කඩේ යන නිසා මිස වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. දූෂණය රජ වෙලා රාජ්‍ය අංශය කඩා වැටෙන පරමාදර්ශය හදලා දෙන්නේ මේ දේශපලානය නඩත්තු කරන තමුසෙලා වගේ අය නිසා. නමුත් කතාව නම් ///නිදහස පිළිබඳ ඉතා පැහැදිලි මූලධර්මයක් මත පදනම්/// වෙලාලු. චිහ් විතරක්!

    දැන් ඉතින් මේකට තව මොකක් හරි ගොන්පඬි කතාවක් ලියයි. එතකොට ඔක්කොම හරි කියලා හිතා ගෙන. අවංක නැත්නම් මොනව කළත් වැඩක් නෑ ඕයි...

    ReplyDelete
    Replies
    1. Para didn't talk about any of the things you raised above. Stay on the topic.
      Is the Gov. spend enough money for education? Certainly not. Spending more on education, even 10% of the GDP is going to considerably uplift the quality of education without drastically changing the current system? Definitely not.

      Delete
    2. රටේ අධ්‍යාපනයට මුදල් වෙන් කරන්නට බැරි ඇයි? මූලික හේතුව, මේ රජය කරන්නේ ලක්ෂ 15ක් විතර වන දේශපාලකයන්ගෙන්, රජයේ නිලධාරීන්ගෙන් සමන්විත මහජන මුදලින් යැපෙන මධ්‍යම පංතියකට වැටුප්, වරප්‍රසාද, තීරු බදු සහන ආදිය දෙන එකයි. මොවුන් වැඩි දෙනෙක් රටට කරන කිසිදු වැඩක් නැහැ. ඔබ කියන ටෙන්ඩර් මගඩි ආදියටත් සම්බන්ධ මෙම රජයේ දේශපාලකයන් හා නිලධාරීන් තමයි.

      මේ රටේ වැඩ කරන ජනතාවට නිදහස ලබා ගන්නට නම් රටේ ආර්ථිකය සූරා කමින් මධ්‍යම පංතිය පෝෂණය කරන ඔය රජයෙන් නිදහස් වෙන්නට ඕනැ. රජය හකුළන්නට ඕනැ. රජයේ කන්තෝරුවල පුටු රත් කරමින් ඉන්න මධ්‍යම පංතික නිකමුන්වත් වැඩට යවන්න ඕනැ.

      සීයට හතරක කතාව පැත්තකින් තියන්නකෝ. දැන් අධ්‍යාපනයට වෙන් කරන මුදලින්වත් රටේ දරුවන්ට අධ්‍යාපනය ලැබෙනවා ද? විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කීදෙනෙක් පර්යේෂණ කරනවා ද? හදාරනවා ද? නව දැනුම ලබා ගන්නවා ද? හරියට සිසුන්ට උගන්වනවා ද? වැටුප් ලේඛනයක් සොයාගෙන බලන්න ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුගේ වැටුප කීය ද කියලා. ඔය කට්ටියත් දේශපාලකයන් වගේ ම තමයි.

      වෛද්‍ය සභාව වැනි නියාමන කොමිෂමක පවා නියාමනයේ තරම හිතාගන්නට පුළුවන් ඒකෙ වෙබ් අඩවියට ගිහින් බැලුවාම. ඒකෙ තිබෙන විදියට වෛද්‍ය සභාවේ සභාපතිගෙ පත්වීම අවලංගු වෙලා ඉවරයි.

      මේ ඇත්ත කිව්වා ම කෙළ ගහන එක නෙමෙයි පුළුවන් නම් මේවා බොරු ය කියලා තර්ක කරන්න. අවංකකම නැත්තෙ කොතනද කියලා බලන්න.

      මේ කුහක සිස්ටම් එක ආරක්ෂා කරන්න පෙනී සිටින එවුන් තමයි නියම කපටි. අපි යෝජනා කරන්නේ මේක වෙනස් කරන්න. හැබැයි ඒකට සමාජවාදය එනකල් අපට බලා ඉන්නට බැහැ.

      මේ රටේ වැඩ කරන ජනතාව පාගාගෙන ඉන්න මධ්‍යම පංතිකයන්ට හා ඔවුන්ගේ දේශපාලන පක්ෂවලට එරෙහිව තමයි අපි සටන් කරන්නෙ. අපි පෙනී ඉන්නෙ වරප්‍රසාද ලබන එවුන් වෙනුවෙන් නෙමෙයි. පෑගෙන, මිරිකෙන මිනිසුන් වෙනුවෙන්.

      Delete
    3. //මේ රටේ වැඩ කරන ජනතාවට නිදහස ලබා ගන්නට නම් රටේ ආර්ථිකය සූරා කමින් මධ්‍යම පංතිය පෝෂණය කරන ඔය රජයෙන් නිදහස් වෙන්නට ඕනැ. රජය හකුළන්නට ඕනැ. රජයේ කන්තෝරුවල පුටු රත් කරමින් ඉන්න මධ්‍යම පංතික නිකමුන්වත් වැඩට යවන්න ඕනැ.//

      මේක කරන්නේ කොහොම ද? දන්න කවුරුහරි කියනව ද?

      //හැබැයි ප්‍රායෝගික විසඳුම්. ව්‍යවසායකයන්ගෙන් දැඩි බදු අය කර ඔවුන් විනාශ කර දැමීම වගේ විසඳුම් නෙමෙයි, සියලු දේපල රජයට පවරා ගන්නවා වගේ සමාජවාදී විසඳුම් යෝජනා කරන්න.//

      Delete
    4. දන්නවා. කියන්නම්.

      සෑම පක්ෂයක ම දේශපාලකයන් නිශ්චිත කාලයක් සඳහා හෝ අවම දීමනා, වරප්‍රසාද සහිතව රටේ සංවර්ධනය වෙනුවෙන් කැප වී වැඩ කරන්නට ඕනැ. යූඇන්පී, ශ්‍රීලංකා අවස්ථාවාදීන් පැත්තකින් තියමු. ඔය ජවිපෙ වගේ විප්ලවවාදී පක්ෂවල මන්ත්‍රීවරුන්ට පුළුවන් සදාකාලිකව විවේචන විතරක් කරමින් ඉන්නෙ නැතිව තමන්ගෙ සාමාජිකයන් එහෙම යොදාගෙන සමාජය බලමුළු ගන්වමින් විකල්ප ගොඩනගන්නට උත්සාහ කරන්න. උදාහරණයක් ලෙස අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත්තොත්, ස්වාධීන විශ්වවිද්‍යාලයක් ගොඩනගන්නට වැඩ කරන්න පුළුවන්.

      රජයේ සේවය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යූහගත කරන්නට ඕනැ. රජයේ විධායක නිලධාරීන්ගේ සිට පහළට ඵලදායිතාව නංවන්නට ඕනැ. කාර්යසාධනය මත වැටුප් වර්ධක දෙන්නට ඕනැ. වැඩ නො කරන එවුන්ව අස් කරන්න ඕනැ. දූෂිතයන්ව නීතිය ඉදිරියට ගෙන යන්නට ඕනැ. රජයේ ආයතනවලට, ව්‍යවසායන්ට අලුතෙන් බඳවා ගැනීම් අත්‍යවශ්‍ය කුසලතා ශ්‍රේණිවලට පමණක් සීමා කරන්නට ඕනැ.

      රජයේ නිලධාරීන් දේශපාලකයන්ට වඩා වගකිව යුතු විදියට වැඩ කරන පිරිසක් බවට පත් කරන්න වෘත්තීය සමිති කටයුතු කරන්නට ඕනැ. හැමදාම වැටුප්, වරප්‍රසාද වෙනුවෙන් විතරක් කට අරින වෘත්තීය සමිති රාජ්‍ය සේවයේ ඵලදායිතාව නංවන්නට වැඩ කරන්නට ඕනැ.

      රජයේ නිලධාරීන් වගකීම් සහගතව වැඩ කරනවා නම්, දේශපාලකයන්ගේ වගවීම ඇති කරන්නට පහසුයි.

      මේවා සියල්ලම ප්‍රායෝගික විසඳුම්. මේවා කරන්න විප්ලව ඕනැ නැහැ. ඕනැ කරන්නෙ නිසි නායකත්වයක්.

      Delete
    5. රාජ්‍ය සේවකයින් ගේ ප්‍රධානීන් ඇමතිවරුන් ය. ඇමතිවරුන් දේශපාලකයන් ය. දේශපාලකයන් ට ඡන්ද එකතුකර ගැනීම රටේ සංවර්ධනය ට කැප වීමට වඩා අවශ්‍ය ය. මේ සඳහා තව ත් රැකියා දීම අවශ්‍ය ය. රජය විශාල වන්නේ මේ නිසා බව කවුරුත් දනිති. මීට විරුද්ධ ව ඔය කියන හැටියට චරිත රත්වත්තේ චක්‍රලේඛයෙන් රජය හකුලන්නට ගිය රනිල් ගේ කලින් රජය පෙරැලී ගියේ ය. ඉතින් ඡන්ද ක්‍රමය තියෙනකම් මේක ප්‍රායෝගික ද? දකුනු කොරියාව, මැලේසියා ව, සිංගප්පූරුව රාජ්‍ය ය කළමනාකරණය කළේ ඒකාධිපතිත්වයෙන් බව මා අසා තිබේ.

      Delete
  8. hats off to the writer. he's got most of it spot on.

    ReplyDelete
  9. GMOA eka kiyanne SAITM eka rajayata pawaraganna kiyala.E nisa api egollangen illamu vehicle permit eka nogena ekata one mudal rajayata labadenna udaw karanna kiyala.man hithanne eka payin kemathi wei

    ReplyDelete
    Replies
    1. රජය සතුව තිබෙන ව්‍යවසාය කළමනාකරණය කරලා තියෙන හැටි ගැන අන්න අලුත්ම කෝප් වාර්තාව නිකුත් වෙලා.

      තව ඒවාත් පවරා ගත්තොත් නියමෙට කරයි. උන්ගේ ඇම්බැට්ටයන්ව රස්සාවලට දාගෙන අපට කියයි උන්ට පඩි ගෙවන්න තව බදු ගෙවන්න ය කියලා.

      Delete
  10. //ඔබට සයිටම් විරෝධය වෙනුවෙන් පෙනී සිටින්නට තිබෙන අනුරාගය ම අපට අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින්නට ද තිබෙන බව ඔබට නො පෙනෙන්නේ අන් කිසිවක් නිසා නොව, ඔබ දමාගෙන සිටින කණ්ණාඩිවල මෝහාන්ධකාරය නිසා ය. අප ද මෙම සටන අතහරින්නේ නැත. ඒ සයිටම් කියන මගුල වෙනුවෙන් නොව, නිදහස පිළිබඳ ඉතා පැහැදිලි මූලධර්මයක් මත පදනම්ව ය. // අපේ මතය පාට කණ්නාඩි දාගත්තවුන්ට නොපෙනෙයි....

    ReplyDelete
    Replies
    1. What do you mean by free education, it may be free for you but not for the tax payer who works his ass off and pays half of his salary to the government to entertain politicians who steal, government servants who dont serve and university students who block the roads, by the way if SAITM needs to be abolished we need to put some conditions of the greedy doctors
      1. They can not migrate to western countries permenently and sever in LK untill they reach 55
      2. NO private practices
      3. No state given free tax car permits
      4. No special preference for their children to go to good schools
      JVP had more progressive ideas for which i voted them last time however they have proven that they are bunch of back word thinking loosers who are trying to take this country back to the stone age,

      Delete
    2. I dont know who you are but based on ur profile since you are based in melbourne sir may I ask you this question
      Freedom of education for you is getting the tax payer to invest in ur education and giving the benefit to a western country freely with out any commitments to your motherland ,, Is It ?

      Delete
  11. අර උඩම කොමෙන්ට් එකේ තියෙන්නේ නුගේගොඩ ගිය සියල්ලන්ගෙම මතය... දැක්ම... සහ හැදියාව...

    ReplyDelete
  12. දොස්තරලා නරක බව සැබෑය.එසේ වන්නේ ඇයි.අප පොදුවේ සමාජයක් හැටියට නරක නිසාය.අප කවුරුත් එය පිලිගන්නවාද ? නැත.කවුරුහරි කතාකරන විට ඔහු ඉතා සුදනෙකි.ඉතුරු මුලු සමාජයම නරකය.
    උදාහරනයක් ලෙස අජිත් පැරකුම් ජයසින්හව ගනිමු.ඔහු වසර ගනනාවක් ගුරුවරයෙකු ලෙස සේවය කලේය.ඒ අතරම පරිවර්තකයෙකු ලෙසත් බ්ලොග් රචකයෙකු ලෙසත් කටයුතු කලේය.සමහර දිනවල ලිපි දෙකක් පවා පල කලේය.ඔහු ඇත්තටම ගුරුවරයෙකු ලෙස කැපවීමෙන් වැඩ කලේනම් ඔය අමතර වැඩ කිරීමට නොහැක. කැපවීමෙන් රෝහලක වැඩ කරන දොස්තර කෙනෙකුට ප්රයිවෙට් වැඩ කිරීම ලෙහෙසි නැත.ඔවුන් හොර කොටා කාලය ශ්රමය ඉතිරිකර ගන්නේ එබැවිනි.ගුරුවරුත් එලෙසය.කැපවීමෙන් තම සිසුන් වෙනුවෙන් වැඩ කරන ගුරුවරයෙකුට වෙන වැඩ කිරීමට කාලය සොයා ගත නොහැක.නමුත් ගුරුවරුන්ටද කාලය ඉතිරිකරගත හැක.සිලබස් එක කවර් කර දැම්මාම වැඩේ ගොඩය.ලමයින්ට තේරුනාද,දුර්වල ලමයින්ට කරන්නට ඕනේ මොනවාද. ලමුන්ට අලුත් දැනුම ලබාදියහැක්කේ කෙසේද.මොවුන්ට නිර්මානශීලී බව පුරුදු කල හැක්කේ කෙසේද.මගේ ඉගැන්වීමේ හැකියාව වැඩිදියුනු කරගන්නේ කෙසේද ආදිය වැදගත් නැත.
    දැන් අජිත් මාකියන මේ දෙය පිලිගනීද?නැත.ඔහු පොරටෝක් රාශියක් කියනු ඇත. තමන්ගෙන් ඉගෙන ගත් ලමයින්ට කැත වැඩ කර දොස්තරලා ලෙඩුන්ට කරන කැත වැඩ ගැන කතා කිරීම වසවර්ති මාරයා බන කීම වැනිය.[අග කොටස උපුටා ගත්තේ සුචරිත ගම්ලත්ගෙනි]
    අප සමාජයක් හැටියට එකිනෙකාට කැත වැඩ කර ගැනීම නැවැත්වූදාට අපට දියුනු වීමට පුලුවන.නමුත් දියුනු සමාජ වල බොහෝ විට ඇත්තේ රාජ්යය හරහා සමාජයට වගකියන අද්යාපන ආයතන මිස සයිටම් වැනි පිස්සු ආයතන නොවේ.

    ReplyDelete
    Replies
    1. ඔය උඩ දමා ඇති කුනුහරප කොමෙන්ට් එකට බැනීමද ඔය වැනිය.මාතලන් නැමැත්තට අනුවනම් එය දමා ඇත්තේ නුගේගොඩ ගිය කෙනෙකි.මාතලන් එය දන්නේ කෙසේද.දැමූ වහාම කුනුහරප කොමෙන්ට් කපන අජිත් ඔය කොමෙන්ට් එක තියාගෙන ඉන්නේ ඇයි.ඔය කොමෙන්ට් එක දැමූවේ පැරා හෝ මාතලන් නැමැත්තා වීමට නොහැකිද. [සමීර සේනාරත්නට වෙඩි තිබ්බේ කවුද.]
      මෙතැන රසවත්ම දේ නම් මේ අජිත් හා මාතලන් නමැත්තා යන දෙදෙනාම තමන් දියුනු ලයිෆ් ස්ටයිල් දන්නවා යැයි පොරටෝක් දීමයි. කාටහරි දියුනු ලයිෆ් ස්ටයිල් එකක් තිබේ නම් ඔවුන් ජීවිතේට සයිටම් වැනි ගොන්පාට් එකක් ගැන සිතන්නේවත් නැති බව මේ අයියලාට කිව යුතුය.

      Delete
    2. "දොස්තරලා නරක බව සැබෑය.එසේ වන්නේ ඇයි.අප පොදුවේ සමාජයක් හැටියට නරක නිසාය" මෙහි වරද කොතැන ද? යහපත් දැඩි නීති රීති ක්‍රියාත්මක නැත්නම් ඕනෑම සමාජයක් නරක ය.

      Delete
    3. ගිලිහුණු වෙඩිල්ල ෆිල්ම් එක බලපු අපිට පැරා, මාතලන් වගේ ගොන්නු හැරෙන්නෙ පොල් පැලේට කියලා අමුතුවෙන් හිතන්න ඕනෙ නෑ. උඩම කොමෙන්ටුවයි ඒකට උඩින් තියන අවවාදයයි දැක්කම අපිට නිගමන 3කට එන්න පුලුවන්.
      1. ගිලිහුණු වෙඩිල්ල ෆිල්ම් එක හදපු එකාගෙන් පැරා උපදෙස් ගන්නවා.
      2. ගිලිහුණු වෙඩිල්ල හදපු එකාට පැරා උපදෙස් දීලා තියෙනවා
      3. මේ දෙකම පැරා⁣ගෙ වැඩක්
      නැද්ද හා...

      Delete
    4. සයිටම්හි ගැටලු තිබේ නම් එය විසඳා ගැනීම ඒ හා සම්බන්ධ වගකිව යුත්තන්ගේ වැඩකි.

      අවශ්‍ය නම් සයිටම් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් බවට පත් කර ගත හැකි ය.

      පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ අය මහින්දගේ කාලේ එය දානකොට කටත්, පුකත් දෙකම පියාගෙන බියෙන් බලා සිටිය හ.

      අප සයිටම් එකට අමුතු පක්ෂපාතිත්වයක් නැත. එය හොඳ යයි කියන්නට ද අපට අමුතු උවමනාවක් නැත. එහෙත්, රාජ්‍ය අධ්‍යාපනය ද සයිටම් තරමට ම හෝ ඊටත් වඩා නරක විය හැකි ය.

      සයිටම් ව්‍යවසායක් ලෙස ගත් කල, එය රජයට පවරා ගැනීමෙන් සිදු වන්නේ ව්‍යවසායකයන් අධෛර්යයට පත් වීමයි. ප්‍රාග්ධන ගෝලීයකරණය තුළ ආයෝජකයන්ට ලංකාවේ ම ආයෝජනය කරන්නට අවශ්‍ය නැත. ආයෝජකයන් දිනා ගන්නට ලෝකයේ මෙවැනි රටවල් තව බොහොමයක් තරග කරති. ව්‍යවසාය රජයට පවරා ගැනීම මේ මොහොතේ ඉතා වැරදි සහගත ආර්ථික උපායමාර්ගයකි.

      ලංකාවේ වාමාංශික දේශපාලකයන්ට සයිටම් වැසීම හැර අධ්‍යාපන හෝ සෞඛ්‍ය හෝ වෙනත් කිසිදු ප්‍රශ්නයකට විසඳුම් නැත. විශ්වවිද්‍යාල ප්‍රශ්නයට ද රමිඳු ලක්ඛික පෙරේරා යෝජනා කර තිබෙන්නේ කුමක් ද බලන්න. අනෙක් අයට එහෙම විසඳුමක්වත් නැත.

      හිස් මිනිසුන්ට කළ හැක්කේ කුණුහරුප දෙසා බෑම පමණි.

      Delete
    5. හරකුන්ට පුනක්කු දිය හැක... එහෙත් මිනිස් මොළයක් ලබා දිය නොහැක..

      Delete
    6. හරක්ට බොන්නත් තොපි දෙන්න පුන්නක්කු ඉතිරි කරන එකක්යැයි.

      Delete
    7. මේ අජිත්. නිකං බොරු ටෝක් එපා. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පඩිය ආසියාවෙන්ම පහළ තියෙන්නේ ලංකාවේ (පහත බලන්න). මේ රටේ ඉතුරැ වෙන්නේ පුස්සො ටික. හොඳ එවුන් ඔක්කොම යනවා. ඉන්න එවුන්ට මොන පර්යේෂණද? උන් ගොඩක් පන්දමට ආපු උන්. නැත්නම් ලූල්ලු නැති වලේ කනයො. ඔයාගේ ජාතියෙම අයියලා. ඒක වෙනස් වෙන්න හොඳ මිනස්සු තියාගන්න වාතාවරණයක් හැදෙන්න ඕනැ.

      ඔයා ඇත්තටම පෙනී හිටන තැන රටේ දූෂණ ආකෘතිය නිවරදි කිරීම වගේ දෙයක් නම් ඒකේ සයිටම් එකට කඩේ යාම කොහෙත්ම තියෙන්න බෑ. ඒක එලි කරන කොට හැම තිස්සෙම රට හදන හැට දූෂණය නවත්වන හැටි ටෝක් පටන් ගන්නවා. දැන් මේක තිත්තයි. ඇත්ත තිත්තයි කියන්නෙ තමුන්මනේ. රාජ්‍ය විශ්ව විද්‍යාල හොඳ නැත්නම් ප්‍රමිතිය නැත්නම් රාජ්‍ය ආයතන කචල් නම් ඒ පැත්තෙන් එන්න. ස්වාධීන විශ්ව විශ්ව විද්‍යාලයකට කඩේ යන්න. සයිටම් වගේ හොඳටම දූෂිත පද්ධතියක් කරේ තියාගෙන අත හරින්නේ නෑ කිය කියා මොනවද මේ දෙන ඩබල් ටෝක්. එක පාරකදි ටියුෂනුත් නරකයි. තව වෙලාවක සයිටම් ෂෝක්.

      වෙන්ඩ පුළුවන් දේවල් දෙකයි. එකක් ඔයා උතුරු දකුණ මාරුවෙලා ඉන්නේ බ්ලොග්ම ලියලා. හිට් වීම මත ඕනැ දෙයක් ඔට්ටුයි පදනමේ. එහෙම නම් අඩු තරමේ කොළ කෑල්ලක හරියට ප්‍රතිපත්ති ටික ලියා ගන්න පටල ගන්නැතුව. නැත්නම් වාතයක්.

      නැත්නම් වඩාත්ම වෙන්න පුලුවන් දේ ඔයා බාර අරං ඉන්නේ වතුර වලේ මඩ කනයගේ ජොබ් එක. දවස පුරා එහෙට මෙහෙට දඟලලා මඩ අවුස්සනවා. ඔයා පස්සෙං එන කට්ටිය ඒකටත් ෂෝක් මේකටත් ෂෝක් කියනවා. මොනවද වෙන්නේ මොකද්ද කරන්න පුලුවන් කිසිම දෙයක් නොපෙනි යනවා. පෙන්නන අරමුණට වැඩ කරනවා නම් ඔය පළවෙනි කොමෙන්ට් එක තියං ඉඳියිද ආදරෙන්. එතනයි ඔයාගේ හැබෑ ප්‍රෙජෙක්ට් එක. විරෝධය දියාරු කිරීම. ඉතින් කෙළ නොගහා මොනවා කරන්නද?

      Delete
    8. http://www.asianews.it/news-en/Sri-Lanka:-university-salaries-among-the-lowest-in-all-of-Asia-22132.html

      Delete
    9. අපට සයිටම් අදාළ නැති බව කොච්චර කිව්වත් තේරුම් ගන්නට බැරිකම වෙන අර්බුදයක්. අපි පෙනී ඉන්නෙ අධ්‍යාපන නිදහස වෙනුවෙන්. අපි සයිටම් පටන් ගත්තෙත් නැහැ. පටන් ගන්නවට විරුද්ධ වුණෙත් නැහැ. පස්සෙ නැගිට්ටෙත් නැහැ. සයිටම් ගැන අපට කියන්න තියෙන්නෙ ඒක මධ්‍යම පංතිකයන්ගේ ප්‍රශ්නයක් කියන එකයි.

      හැබැයි අධ්‍යාපන නිදහස මේ රටේ සකලවිධ පීඩිතයන්ගේ ප්‍රශ්නයක්. අපි පෙනී සිටින්නෙ ඒ වෙනුවෙන්.

      සයිටම් ගැන අපේ සොෆ්ට් කෝනර් එකක් තියෙන්නෙ ඒකට ආයෝජනය කළ එකාට ඒ සල්ලි පිටරට ගෙන යන්නට හරි, පොළියට දෙන්නට හරි පුළුවන්කම තියෙද්දි ඌ ඒ වගේ රිස්කි බිස්නස් එකකට අත ගහපු නිසායි. ඌ වගේ එවුන්ට කෙළවනවා කියන්නෙ ලංකාවෙ ව්‍යවසායකත්වයට කරන කෙළවිල්ලක්.

      ඇයි උඹලා මහින්ද මේවට අවසර දෙනකොට මරාගෙන නො මැරුණේ? වෙඋඹල ළඟ තියෙන්නෙ දේශපාලනයක් නෙමෙයි. සල්ලි තියෙන එවුන් එක්ක ඉරිසියාව.

      අපට සල්ලිත් නැහැ. හැබැයි සල්ලි තියෙන එවුන් විනාශ කරන්නට ඕනැ ය කියලා අරමුණකුත් නැහැ.

      උඹලාට ඇති තරම් උත්තර ලියලා තියෙනවා. තේරෙන එකා තේරුම් ගන්නවා. එක එකාගේ සල්ලිවලට කහින එවුන්ටයි, අන්තරේ මෝඩ කොල්ලන් ටිකක් බිල්ලට දුන්නොත් බලයට ෂෝට් කට් එකක් ගහ ගන්න පුළුවන් ය කියලා හිතන එවුන්ටයි තව කොච්චර කියා දුන්නත් වැඩක් නැහැ.

      අවසාන වශයෙන් මේක කියනවා. ලංකාවට ප්‍රාග්ධනය හා වෙළඳපොළ සුනාමියක් වගේ කඩා වදිනවාට අපි පක්ෂ වෙන්නෙ තොපි වගේ ඔලු කුණු කන්දල් වුණ පණ පිටින් මළ මිනී ඒ රැල්ලට අහු වෙලා ගහගෙන යා යුතු නිසායි.

      ධනවාදය හොඳ නැහැ. ඒත්, තොපි වගේ ආචීර්ණ කල්පිත අද්භූත සතුන්ට වඩා හොඳයි. තොපි නැති පොළවක මේ රටේ අනාගත පරම්පරාවලට ජීවිතය එක්ක පොර බදන්න ලේසි වෙනවා. තොපේ ඔය අන්තරේ නායකයන් ටික ඇරුණාම බොහෝ දෙනෙක් ඒක දැනටත් වඩා නිර්මානශීලීව කරනවා.

      Delete
    10. මෙ මහපොළවෙ තෝ වගෙ එකෙක් හිටියෙ නැත්තන් අඩු තරමෙ හරක්ට බෙන්න පුන්නක්කු හරි ඉතිරි වෙනවා.

      Delete
    11. අජිත්! මේකත් තාර්කික උත්තරයක්ද බන්? උඹනම් දැන් ෆුල්ම අවුල්. උඹගේ ක්‍රෝධය පිරුණු අවසාන කොටස මම කෙලින්ම නොතකා හරිනවා. ඒක උත්තර නොදිය යුතු තරම් අවුල් අනුකම්පා සහගත ක්‍රෝධයක්. මේ ටික හරි ලියන්නේ උඹේ අතාර්කික බව පෙන්නන්න විතරයි.

      උඹ අපේ රටේ අධ්‍යාපන වියදං ගැන වචනයක් ලියුවේ නෑ නේද? උඹ අධ්‍යාපනයේ නිදහස ගැන දේශනා දිදී සයිටම්වලට සොෆට් කෝනර් තියා ගෙන ඉන්නවා නම් එතනම මාර සුන්දරයි.

      මහින්ද එක්ක බැරි නිසානේ අපි ඔක්කොම ඌව එලෙව්වේ. ඒත් මහින්ද උඹලගේ වේසෙන් හැම තැනම ඉන්නවා. එතකං මේ හැම දෙයක්ම එහෙමම තියෙයි. උඹ ඉතින් සතුටින් මඩ කර කර ඉඳපන්.

      Delete
    12. //අර උඩම කොමෙන්ට් එකේ තියෙන්නේ නුගේගොඩ ගිය සියල්ලන්ගෙම මතය... දැක්ම... සහ හැදියාව... //
      //හරකුන්ට පුනක්කු දිය හැක... එහෙත් මිනිස් මොළයක් ලබා දිය නොහැක..//
      සයිටම් එක ගැන කතා කරන්නේ උද්දචකම හැර වෙන මොකුත් නැති, තර්කයක් හරියට ගොඩ නගාගන්න බැරි මෙවැනි අපතයන්ය. ලන්කාවට කෙලවෙන්න එක හේතුවක් නම් මෙවැනි මොන මගුලක්වත් නොදන්නා අපතයන් සියල්ල දත් අය ලෙස පෙනී සිටීමයි.

      Delete

    13. //අවසාන වශයෙන් මේක කියනවා. ලංකාවට ප්රාග්ධනය හා වෙළඳපොළ සුනාමියක් වගේ කඩා වදිනවාට අපි පක්ෂ වෙන්නෙ තොපි වගේ ඔලු කුණු කන්දල් වුණ පණ පිටින් මළ මිනී ඒ රැල්ලට අහු වෙලා ගහගෙන යා යුතු නිසායි. //
      අනේ පැරා, ලන්කාව කියන්නේ ධනවාදයේ ඈත පරිවාරයේ තියෙන බොහොම දුප්පත් රටක්.මේවාට ධනවාදය හරියට එන්නේ නැහැ. ලන්කාවට ධන වාදය ආපු එකෙන් වුන එකම දෙය ඔය අර්ධ නාගරික ලුම්පන් පන්තියක් ඇති වුන එක විතරයි.ඇමරිකාවේ බිල් ගේට්ස්ලා ඉන්නකොට ලන්කාවේ ඉන්නේ බස් ගැමුනු.

      Delete
    14. පරිවාරයේ තිබෙන ලංකාවෙ හදන්න පුළුවන් මළ ඉලව් සමාජවාදයකුත් නැහැ. ලංකාවට ව්‍යවසායකයන් අවශ්‍යයි. ඉන්න එවුන් තමයි ව්‍යවසායකයෝ. බස් ගැමුනු වගේ ම ඌට එහෙම කතා කරන සමාජවාදී වෘත්තීය සමිතිකාරයොත් එක්කත් තමයි අපට වැඩ කරන්න වෙන්නෙ. අපට තියෙන්නෙ සුරැකීම හෙවත් සර්වයිවල් පිළිබඳ ප්‍රශ්නයක්. වෙන මොකක්වත් නෙමෙයි. ඒකෙදි ක්ලැසික් තියරි හොඳයි රෝල් කරල.... එක්කො ඕන්නැහැ.

      Delete
  13. උඹලා වගෙ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ඒ කෑ පතෙ මෙච්චර පහරන එවුන් දැක්කමයි. උඩම කොමෙන්ටුව දැක්කම කියන්න පුලුවන් ඒක දැම්මෙ කවුද කියලා. උඹලත් සයිටම් එකෙ ෆිල්ම් හදන තියරියට උඹලම කමෙන්ට් දාගෙන ඒකට බනිනවා. හිනස්සන්න එපා යකෝ ඔච්චර.

    ReplyDelete
    Replies
    1. දැන් උඹ ඔය දාපු ඇනෝ කමෙන්ට් එකත් දැම්මෙ මම වෙන්න බැරි ද?

      Delete
    2. හොඳටම වෙන්න පුළුවන්. ඕක දැන් බ්ලොග් ලොකේ හොඳම විනෝදාංශයනේ. බ්ලොග් ලියන එවුන්ට මොලේ තෝන්තු වුණාම ඔය සීන් එක අනිවාර්යෙන්ම පටන් ගන්නවා. ඒකට කියන්නේ සෙල්ෆි කොමෙන්ට්. ලිපියට වඩා ආතල් එක තියෙන්නේ එතන. ඒකට දැන් වෙනම මනො වෛද්‍ය සේවා තියෙනවා ලෝකේ. බ්ලොග් සයිකො ඇනලිසිස්. පැරා, මාතලන් වගේ අයට රෑට නිදාගන්නත් බෑ නේද? අන්න ඒක තමයි. කරුණාකර සමාජය වෙනුවෙන් බෙහෙත් ගන්න.

      Delete
    3. දැන් ඔය කමෙන්ට් එකත් මම ද දැම්මෙ?

      යකෝ අපට කොන්ද පණ තියෙනවා අප නියෝජනය කරන මතය වෙනුවෙන් නමින් පෙනී ඉන්න. අපි ඒවා විවෘතව ලියලා තියෙනවා. නිර්නාමිකව ලියන්න අවශ්‍ය නැහැ.

      අපි මානසික රෝගවලට බෙහෙත් බොන්නම්. තොපි හාල්මැස්සන් කාපල්ලා කොන්ද පණ නැතිකමට.

      Delete
    4. අජිත් මහින්ද රාජපක්ශට විරුද්ධව ලිපි නමින් ලිව්වේය. ඔහු මේ කොන්දක් තියෙනවා කියන්නේ එබැවිනි.නමුත් ඔහු ඉන්පසු කලේ කුමක්ද?ඒ කීර්තිය යොදාගෙන හොද රස්සාවක් හොයාගැනීමයි.දූශනයට එරෙහිවීමම දූශනයක් වී තිබේ.දැන් ඔහු ලියන දේවල් දෙස බැලූ විට ඔහු මහින්දට එරෙහි වුනේ ඇයි කියා අපට සිතාගැනීමට අමාරුය. [දැන් විකාර කන්දක් කියයි.කතාකිරීමේ නිදහස, වන්චාව, දූශනය, සුදු වෑන්]

      Delete
    5. Art degree kochr wikunanwd dn. Ewata a kale indn ka ghuwanm.dan ewa nane. Athakoluwak nowi hitiyoth hondai. Art kollo pikt yddi medi fac un lec wala htya bana bana. Ewata katha kalada??? Shishya wyaparayata kunu ekthu krnwa dan inn eun deshpalanyama oluwa uda tygen. Issara hama minihm htyt dn shishya satan walta inne politics un witri. Podi minihge hitha ganna na.

      Delete
  14. Is there any measures to evaluate performance of a doctor or a teacher in our country?or is it just exam results and educational qualifications

    ReplyDelete
  15. ෂුවර් නෑ ඉතින්. එහෙමට මිනිහෙක්කනෙ උඹ. මලෙන් උපන් කුමාරයෙක්.

    ReplyDelete
  16. මුලු ගහේම අතු පරවෙලා,මුල් දුර්වල වෙලා මැරෙන්න යනව.මේ අය පුංචි අතු කැල්ලක් අල්ලගෙන පොර ටෝක් දෙනව.සමස්තයම හදන වැඩපිලිවෙලකට සෙට් වුනොත් නේද හොඳ.

    ReplyDelete
  17. මුළු ගහේම අතු පරවෙලා........... සමස්තයම හදන වැඩපිළිවෙලකට සෙට් උනොත් නේද හොඳ? උත්තරය: "පුනරුදය"

    ReplyDelete
  18. ///දොස්තර මාෆියාවේ ධන සංචිත ආපහු සයිටම් ව්‍යාවසායකත්වය වෙලා ඇවිත් තියෙන බව දොස්තර මාෆියාවට බනින හැමෝටම අමතක යි. කූට සයිටම් ව්‍යවසායකත්වය රුක ගත යුතුයි කියන හැමෝම අනියමින් මේ දොස්තර මාෆියාව තව තවත් බල ගන්වනවා. විරුද්ධ වෙනවා නම් විය යුත්තේ දොස්තර මාෆියාවට සහ එහි සංචිත ධන ආයෝජන කියන දෙකටම යි. විකල්ප අවශ්‍ය වෙන්නේ මේ හානිකර සාධක දෙකටම එරෙහිව.
    by Anuhas ///

    දොස්තර මාෆියාවට උඩ පැන පැන ගහන පැරා SAITM ව්‍යාවසායකත්වය රකිනවාලු!

    ReplyDelete
  19. Den oya saitm ekata maragena merenna virudda ayata kothalawala defense academy medical faculty eka hondaida?

    ReplyDelete
    Replies
    1. Damayanthi, u better to ask that from slmc. They say KDA is standard and SAITM is substandard. According to SLMC guidlines KDA has been fulfilled criterias which are not fulfilled by SAITM. If it is not so government can take action against KDA. But they wont. Because under SLMC criteria that was certified by parliment KDA is complete.

      Delete
    2. KDA sratred without any.permission from slmc. Bcs of secretary of defence they keep their mouth shut. Just 2 drs are against but any of these unions not supported. Apart from kDA what about nursing?? Theres a mafia of dr. They are not god. Every job must hv equality.

      Delete
  20. මට තේරුම් ගන්න බැරි, මතයකට විරුද්ධව අදහස් දක්වන එක මිනිහෙකුටවත් තමන්ගෙ නමින් පෙනීසිටින්න කොන්දක් නැති එක

    ReplyDelete
  21. ගොඩක් හොඳ ලිපියක් පැරා. ලංකාවේ දොස්තරලාගේ මාෆියාව නැති වෙන්න ඕනෙමයි.

    ReplyDelete
  22. මම tution පන්තියක් පටන්ගන්නවා .සල්ලි අරන් A /L විභාගයත් මමම තියලා සහතික දෙනවා.අධ්‍යාපන දෙපාර්තමේන්තුව රජයේ විශ්වවිද්‍යාල වලට ළමයි ගන්න බැහැ කියනවා .මම ඒ වෙලාවට කියනවා අඩුටික ඔබ උගන්වන්ඩ නමුත් මම දුන්න A /L results වලින් ඒ අය ගැතයුතුයි කියලා . අනෙක් අයට තියන විබාගයට මගේ ළමයි ලිව්වොත් මගේ පන්තියේ අය fail කරයි කියලා .ඒ අතරේ ළමයෙකුට කියන්ඩ කියනවා , සල්ලි ගෙවලා class ගියේ . විශ්වවිද්‍යාලයට විබාග නොලියා ගත්තේ නැත්නම් මානවහිමිකම් උල්ලංගනය වෙන බව . ඒ අතරේ චන්දෙන් පැරදුන කටහැකර ඇමති බන්ඩෙකුයි , නැව් හොරෙකුයි , රට විකුණන joker ඇල්ලෙකුයි සල්ලිවලට ගන්නවා කහින්ඩ. මගේ පන්තිය තමයි දක්ෂයෝ බිහිකරන කප්රුක . කොහොමද ටිකිරි මොලේ .

    ReplyDelete
  23. සල්ලි තියන එවුන්ගෙන් සමහරු බාහිර ආටෝපයට සල්ලි වියදම් කරනවා; සමහරු දේශීය-විදේශීය ගමන්වලට සල්ලි වියදම් කරනවා; සමහරු කෑමට-බීමට සල්ලි වියදම් කරනවා; සමහරු කැසිනෝවලට සල්ලි වියදම් කරනවා...... කාටවත් අමාරුවක් නෑනේ?

    හොඳයි, ඒ සල්ලි තියෙන එවුන්ගෙන් සමහරු තමුන්ගේ අධ්‍යාපනයට සල්ලි වියදම් කළාම ආණ්ඩුවේ දොස්තරගොල්ලන්ට තියෙන පුකේ අමාරුව මොකද්ද?

    ReplyDelete
  24. මාතලන් ගොනා සහ අජිත් රෙදි නැතුව කඩේ යන සයිටම එකේ කැරැට්ටුව අජිත් ලියන පත්තර පඩන්ගුවෙන්ම

    http://lankaevoice.com/2017/02/07/%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F/

    ReplyDelete
    Replies
    1. ඉතින් උන්ට විසඳුම් දීපල්ලා. උන්ගෙ උපාධිය පිළිගන්නට පුළුවන් මට්ටමට ගෙනහල්ලා. අනෙක ඔය මව්පියන්ට කොන්ද පණ ඇතිව නමින් පෙනී ඉඳින්නත් කියා දීපල්ලා. අපට ප්‍රශ්නයක් නැහැ. බොලාට ඕනැ නම් නෙවිල් ප්‍රනාන්දුයි, ඌට අවසර දීපු මහින්ද රාජපක්ෂයි එක්ක ඕනැ විදියකට ගනුදෙනු පියවා ගනිල්ලා.

      අපි පෙනී ඉන්නෙ අධ්‍යාපන නිදහස වෙනුවෙන් විතරයි. සයිටම් බොලාගේ ප්‍රශ්නයක් මිස අපේ ප්‍රශ්නයක් නෙමෙයි.

      Delete
    2. සයිටම් එකේ කොලිටි ගැන සීරියස් ප්‍රශ්න තියෙන වෙලාවේ බොරුවට දොස්තරලා ගේ කුහක කමයි අද්යාපනේ නිදහසයි ගැන කියල ඒ ෆයිට් එක අල කරන්න කරන්න පුළුවන් හැම එකම කරලා දැන් නිකන් බොරුවට සුද්ද වෙන්න හදන්න එපා සයිටම් එක අනේ අපි දන්නේ නෑ අපි බබා හුකුන් කියල

      Delete
    3. Well said, Para.

      Delete
    4. අප්පට සිරි! ඒක දැන් අල වෙලා ද? මං නම් හිතුවෙ නැගල යනවයි කියලයි.

      Delete
  25. GMOA not saying they dont want PMC. But anthare says no PMC. How they fight along?? Other all degree privting is ok. But mbbs cant. Y?? Isnt that the freedom?? If they not giving mbbs in here they fly abroad and get that. All the abolish saitm people not saying single word for that. Very disgusting. Thumbs up for the writer. Thz da bitter truth.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා