කිරිඇල්ලගේ පැණි ලියුම
විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයෙක් මෙවැනි ලියුමකට කථිකාචාර්ය පත්වීමක් දෙනු ඇතැයි මම නො සිතමි. එහෙම දෙන්නට සිදු වන තරමේ මැරවර බලයක් හා නායකත්වයක් මේ ආණ්ඩුවට නැත. තමන්ගේ වැරදි නැතිනම් උප කුලපති බිය විය යුතු නැත. මේ ලියුම මාධ්‍යවලට දෙන්නටත්, සමාජ මාධ්‍ය ඔස්සේ උසස් අධ්‍යාපන ඇමතිගේ රෙදි ගලවන්නටත් දැන් අපට පුළුවන. මෙවැනි ලියුම්වලින් වැඩක් ඇතත්, නැතත්, දේශපාලකයන් මෙවැනි ලියුම් දෙන එක වැරදි ය. ඒ අතර ම, මෙවැනි ලියුම් සම්බන්ධයෙන් දේශපාලකයන්ට පමණක් බනින එක ද වැරදි ය. මෙවැනි ලියුම් ඉල්ලා ඇවිටිලි කරමින් දේශපාලකයන් පසුපස යන්නේ මේ රටේ ජනතාවයි. මෙතැන නම්, එය කර තිබෙන්නේ උගතෙකැයි සැලකෙන අයෙකි. රජයේ රැකියා දිය යුතුව තිබෙන්නේ සුදුසු පුද්ගලයන්ට ය. ඒ සඳහා තෝරා ගැනීම කළ යුතුව තිබෙන්නේ පාරදෘශ්‍ය ක්‍රියාවලියක් ඔස්සේ ය. රජයේ රැකියා, උසස්වීම් හා තනතුරු බලාපොරොත්තුවෙන් දේශපාලකයන් පසුපස යාම ජනතාව පළමුකොට ම නැවැත්විය යුතු ය. එසේම, මෙවැනි ලියුම් ලියන්නන් හෙළිදරව් කළ යුතු ය. දේශපාලකයා අපේ කර මතට නංවා ගත්තේ අප ම ය. දැන්වත් ඌ බිමට ඇද දැමිය යුතු ය. මෙවැනි දේශ...