පළාත් සභා අහෝසි කළ යුතුය
මේ දිනවල 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළයුතු බවට හා පළාත් සභා අහෝසි කළයුතු බවට උද්ඝෝෂණයක් මතු කර ගැනීමට උත්සාහයක් තිබේ. වෘත්තීය විප් ලව වාදියකු ලෙස ජවිපෙ තුළ සිටි විමල් වීරවංශ දැන් වෘත්තීය දේශපාලකයකු ලෙස මහනායක හිමිවරුන් පවා හමුවෙමින් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං ශ ෝධනයට එ රෙහි ව මතු කරගන ්නට උත්සාහ කරන සිංහල ජාතිවාදී රැල්ලේ මුදුනෙන් සිය බල යාත්‍රාව තබාගැනීමට උත්සාහයක් දරමින් සිටියි. ඒ අරුතින් ඔහු මේ වනවිට චම්පික රණවක පවා පසුබස්වා ඇති බව පෙනේ. හෙළ උරුමයේ බහුවිධ නායකයන් අතර ආරාවුල්, වියවුල් නිසා තනි ගමනක් යන විමල්ට එතරම් තරගයක් එල්ලවී නැත. ජවිපෙ අභ්‍යන්තරයේ පසුගිය සමයේ සිදුවූ හැලහැප්පීම් හමුවේ දැන් ජවිපෙ වමටත්, දකුණටත් දෙකටම නැති නෝමෑන් ඒරියාවක අතරමංව හිඳියි. පෙරටුගාමී පක්ෂය උත්සාහ කරමින් සිටින්නේ ප්‍රමාණ යෙන් ල ොකු හිරු කණ්ඩායමක් වන්නටය. මේ සියල්ල මධ්‍යයේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි මාතෘකාව බවට පත් වී තිබේ. එදා මෙන්ම අදත් එයට දැඩි ලෙස පක්ෂපාතී ස්ථාවරයක සිටින බව පෙනෙන්නේ සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ පමණි. පළාත් සභා හඳුන්වා දුන් 19...