නීතිඥ සංගමය, විදුහල්පති සංගමය හා අරාජික සංගමය

ලංකාව ක්‍රමානුකූලව ඉහළ සිට පහළ දක්වා ම පැතිරෙන මෘදු අරාජිකත්වයක ගොදුරක් බවට පත් වෙමින් තිබෙන බවට සාධක ඕනෑ තරම් තිබේ.

මේ සඳහා උදාහරණ දෙකක් දැක්විය හැකි ය. පළමුවැන්න ඉහළ මට්ටමේ ය.

එය ජනාධිපතිවරයා විසින් රාමනාදන් කන්නන් මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට අදළාව ය.

මෙම පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂම දැන් කියන්නේ ඔහු මහාධිකරණ විනිසුරු ධුරයකට පත් කරන්නැයි නීතිඥ සංගමය විධිමත් ලෙස ඉල්ලා නැතිනම්, තමන් ඔහු සම්බන්ධයෙන් කරන ලද නිර්දේශය වලංගු නැති බව ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (2) වගන්තිය අනුව ජනාධිපතිවරයාට මහාධිකරණ විනිසුරුවරයකු පත් කළ හැක්කේ අධිකරණ සේවා කොමිෂමේ නිර්දේශය මත පමණි.

පත් කරන ලද මහාධිකරණ විනිසුරුවරයකු ඉවත් කිරීම සඳහා ද අධිකරණ සේවා කොමිෂමේ නිර්දේශ අවශ්‍ය නිසා දැන් ජනාධිපති ලේකම්වරයා එවැනි නිර්දේශයක් අධිකරණ සේවා කොමිෂමෙන් ඉල්ලා තිබේ.

රාමනාදන් කන්නන් මහාධිකරණ විනිසුරු ධුරයකට සුදුසු ද, නැද්ද, ඔහු පත් කරන්නැයි නීතිඥ සංගමය ඉල්ලුවා ද, නැද්ද ආදිය අපට අදාළ නැත. ජනාධිපති හා අධිකරණ සේවා කොමිෂම කටයුතු කර ඇති ආකාරය සමස්ත රජයේ ම දැන් තිබෙන තත්වය සංකේතවත් කරයි. ආණ්ඩුවේ වම් අත දකුණු අත කරන දෙය දන්නේ නැත. රජය තනිකරම විකාරයකි.

මහින්ද රාජපක්ෂ විසින් ගෙදර යමින් සිටි කාන්තාවන් කැඳවා විනිසුරු පත්වීම් දුන්නේ ය. මහින්ද කුපාඩිකම් පවා කළේ මෙසේ වැටේ සිටවූ ඉන්න මෙන් නො වේ. 

ලංකාව වැනි රටක ජනාධිපතිවරයකු මෙසේ දෙකට දෙවාරේ වැඩ කිරීම එම ජනාධිපතිවරයාට අතිශය හානිකර ය. 

බිම් මට්ටමේදී මෙම අරාජිකත්වය නිරූපණය වන සිද්ධියක් වන්නේ ඩෙංගි රෝගය ව්‍යාප්ත වීම නිසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා අධ්‍යාපන කලාපයේ සියලු පාසල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කිරීමයි.

ඒ පිළිබඳව දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවේ මෙසේ සඳහන් විය:

“පාසල් වසා දැමීමට පියවර ගත්තේ කලාපයේ විදුහල්පති සංගමය කළ ඉල්ලීමකට අනුව යෑයි කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ අහමඩ් ලෙබ්බේ මහතා 'දිවයින'ට ඊයේ පැවැසීය. විදුහල්පති සංගමය මෙම ඉල්ලීම කර ඇත්තේ ගුරුවරුන්ගේ හා සිසුන්ගේ පැමිණීම ශීඝ්‍ර ලෙස අඩුවීම නිසාය.

“පාසල් වසා දැමීම ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැළැක්‌වීමට ප්‍රතිකර්මයක්‌ නොවන බවත් ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් මෙවැනි තීන්දුවක්‌ ගැනීමට තමන්ගේ කිසිදු අනුදැනුමක්‌ නොමැති බවත් කින්නියා මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අජිත් අබ්දුල් මජීඩ් මහතා පැවැසීය. ඩෙංගු රෝගය වැළැක්‌වීමට මහජන සහයෝගය අවශ්‍ය බව ද කින්නියා ප්‍රදේශයේ පාසල් සියල්ලක්‌ම නිසි ලෙස පිරිසිදු කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය. රෝගියකුගෙන් රෝගියකුට ඩෙංගු බෝ නොවන හෙයින් පාසල් වසා දැමීමේ අවශ්‍යතාවක්‌ නොවන බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

“ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2300 ක්‌ පමණ වන අතර ඉන් 900 ක්‌ පමණම වාර්තාවී ඇත්තේ කින්නියා ප්‍රදේශයෙනි. දිස්‌ත්‍රික්‌කයේ ඩෙංගු මරණ 12 න් 11 ක්‌ම වාර්තාවී ඇත්තේ ද කින්නියා ප්‍රදේශයෙන්ය."

මව්බිම පුවත්පත වෙනුවෙන් ජනාධිපතිවරයාගේ අවස්ථා ආවරණය කරන උදේනි සමන් කුමාර පසුගිය දිනෙක අපූරු විශේෂාංග ලිපියක් ලියා තිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුලසුනේ තබාගෙන විවිධ ඇමතිවරු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අවසර ඉල්ලූ සිදුවීම් ලැයිස්තුවක් ම ඔහු ඉදිරිපත් කර තිබිණි.

වෙන එකක් තබා පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් ලද මලිත් ජයතිලක පවා 2015 ජනවාරි 8 ආණ්ඩු මාරුව ගැන ඔහු ලියූ පොතක දොරට වැඩුමේදී ජනාධිපතිවරයා මුලසුනේ තබාගෙන එහි නො සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අවසර ඉල්ලා තිබේ.

නිවට කරණවෑමියා දුටු කල එළුවාත් රැවුල පාන්නේ යයි කියමනක් තිබේ. වත්මන් ආණ්ඩුවේ ඇතැම් යහපත් ලක්ෂණ පවා මේ වන විට විහිළු බවට පත් වෙමින් තිබේ. ඇතැම් ඒවා මාරාන්තික විහිළු ය. වාමාංශික අන්තවාදීන් සරසවි සිසුවකුගේ මළමිනියක් අපේක්ෂාවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් ලවා පොලිසිය කුපිත කරවන කිරිල්ල එවැනි මාරාන්තික විහිළුවකි.

මේ රට මෙම තත්වයට පත් වීමට මූලික වශයෙන් වගකිව යුත්තේ එක්සත් ජාතික පක්ෂය හා එහි නායක රනිල් වික්‍රමසිංහයි. කෙතරම් උද්ධච්ඡ, කපටි කල්ලි නායකයකු වුව ද, වර්තමාන දේශපාලනඥයන් අතරින් ආර්ථිකය ගැන යම් දැක්මක් තිබුණු එක ම නායකයා ඔහු විය. (වෙනත් අය ඉන්නවා නම්, ඔවුන්ගේ නම් සහ දැක්ම කුමක් ද යන්න කියන්න.) මහා ජයග්‍රහණ පෙන්වන්නට බැරි වුණත්, ලංකාවේ ආර්ථිකය යන්තමින් පණ ගැට ගසාගෙන සිටින්නේ එම වැඩපිළිවෙල නිසා ය.

දැන් ඉතින් මෙතන භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය ගැන ලියන අයට මට කීමට ඇත්තේ මෙයයි. එජාපය හා රාජපක්ෂ කල්ලිය යන දෙක ම ඡන්ද කළේ සොරකම් කරන ලද මහජන මුදලිනි. කේතලේ මුට්ටියට කළු යයි කියන එක තේරුමක් නැත.

භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂමේ විමර්ශනය දැන් සිදු වෙමින් තිබේ. එහිදී බොහෝ වැදගත් තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ. මේ මුදල් ආපසු ලබා ගත යුතු ය. මෙවැනි අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන්ට උපරිම දඬුවම් පැමිණවිය යුතු ය.

රාජපක්ෂ කල්ලියේ හොරු රැළ ආරක්ෂා කරන රනිල් වික්‍රමසිංහලාට මෙහෙම වෙන එක දෛවයේ සරදමකි.

කෙසේ වෙතත්, මේ මෘදු අරාජිකත්වය වර්ධනය වන්නට ඉඩ නො දිය යුතු ය. එය දේශපාලන අවස්ථාවාදීන්ගේ බල ක්‍රීඩාවලට හොඳ වන්නට පුළුවන. එහෙත්, මේ රටේ ජනතාවට එයිනි කිසිදු ප්‍රයෝජනයක් නැත.

බලය ගත් අය හරියට රට පාලනය කළ යුතු ය. පුරවැසියන් බලපෑම් කළ යුත්තේ ඒ වෙනුවෙනි. එසේ නැතිව, අද ආණ්ඩු පත් කර හෙට සිට ආණ්ඩු පෙරළන්නට ඕනෑ යයි කියන තකතිරුවන් කියන හැටියට නො වේ. හේතුව ලංකාවේ දේශපාලනයේ ඉන්න කොයි එකෙකුවත් වැඩක් නැති නිසා ය. 

මුන් පැන්නිය යුතු ය. හැබැයි 2020දී ය. එතෙක් මුන්ගෙන් වැඩ ගත යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ලබන 25 වෙනිදා බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හීදී පැවැත්වීමට නියමිත සිංහල බ්ලොග් සම්මාන උළෙලේදී විශේෂ කාර්යයක් කිරීමට නියමිතව ඇත. එනම් මේ වන විට අසනීප තත්වයේ පත්වන විචාරක බ්ලොග් අඩවියේ රචක විචාරක නොහොත් විශ්‍රාමික හමුදා නිලධාරී මේජර් WMJ ගුණරත්න මහතාට සිංහල බ්ලොග් අවකාශය වෙනුවෙන් කල මෙහෙය වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීමයි. මේ සම්බන්දව කටයුතු කිරීම සම්බන්දයෙන් මෙම බ්ලොග් සම්මාන උළෙල සදහා වෙහෙසෙන සැමට අපගේ ප්‍රණාමය මෙසේ පල කරමු.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. කලාමැදිරියා දැම්ම කමෙන්ට් එක පැරා මකා දැමීම අනුමත නොකරමි. කෙනෙකු ලියනා ඕනෑම කොමෙන්ටුවක් අනෙකෙකුට අපහාසයක් නොවන කල (හැබැයි බ්ලොගේ අයිතිකාරයාට අපහාස වන දේ අදාළ නොවේ) එම කොමෙන්ටුව ඉවත් කිරීම වැරදි බව මගේ හැඟීමයි.

      කලාමැදිරියා සමග හැම විටම එකඟ නැති මුත් මා ඔහු ගේ කොමෙන්ටුව කැපාදැමීම අනුමත නොකරමි. ඕවා කොන්ද පන නැති උන්දැලාගේ වැඩය!

      විහිළුව කියන්නේ, ඒ විදියට කොමෙන්ටු කපන ගමන් පැරා කියනවා තමුන් "ස්වාධීනයි" කියලා. තමුන්ට දිරවා ගන්න බැරි කොමෙන්ටු කපන හාදයෙක් කොහොමද ස්වාධීන වෙන්නේ?

      Delete
  3. මේ තත්වයෙන් රට මුදවන්න නම් 2020 දී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු එජාප රජයක් පත්කරගෙන 2030 දක්වා ඔවුන් බලයේ තැබිය යුතුයි. දැන් ඉතින් 'මේව යූඑන්පී වහල්ලුන්ගෙ කතාය, 2020 මේ අයව එලවල මාර පොරක් පත්කරනවය' වගේ ගොන් කතා කියන්න ලෑස්ති වෙන්න එපා පැරා... 2020 දි රනිල් නැතිව අනුර කුමාර හෝ ගෝටාභයව රාජ්‍ය නායකය කරන්නද? නැතිනම් මිනිස්සු ඔයාව හොයාගෙන මතුගමට එයි කියල හිතනවද? මේ අවුල් ඔක්කොටම මුල ස්‍රිලනිපයෙ ආප්ප කල්ලියත් එක්ක හවුල් ආන්ඩු කරන්න වීම... 2020 රනිල්ගෙ නායකත්වයෙන් පත්වෙනා යූඑන්පී රජයකට විතරයි රට ගොඩගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඔයා කියන එක අපට පිළිගන්නට තිබුණා රනිල් බැඳුම්කර වංචාවට හවුල් නො වුණා නම්. ඒ සල්ලි රනිල් ගෙදර ගෙන යන්නට නැතුව ඇති. කියන්නෙ යූඇන්පිය ඡන්දෙ කළේ ඒ සල්ලිවලින් ය කියලා නේ. අනෙක් පැත්ත ඡන්දෙ කළෙත් මහජනතාවගෙන් හොරකම්වල සල්ලිවලින් ම තමයි.

      ඔය මාර පිරිසිදුවට පෙනී සිටින්නට උත්සාහ කරන ජවිපෙ, පෙසප වගේ විප්ලවවාදී කට්ටියටත් වක්‍ර‍ මාර්ගවලින් ලැබුණේ ඒ සල්ලි ම තමයි. ඒ නිසා ඔතන ඔක්කොම ඡන්ද කළේ මහජන මුදල් හොරකම් කරලා.

      හොඳයි, ඡන්දෙ කළේ ඒ සල්ලිවලින් නම් ඉතින් දැන් ආණ්ඩුවේ යූඇන්පී ඇමතිවරු, මන්ත්‍රීවරු ගජමිතුරු ව්‍යාපාරිකයන්ට විශේෂයෙන් සලකන්නට ඕනැ නැහැ නේ ද?

      තමන් විසින් කරන ලද වැරදි නිසාවත්, එයින් පසුව හරියට වැඩ කළ යුතු ය.

      ඔබට මෙය කියන්නෙමි. ඔය රනිල් වික්‍ර‍මසිංහට ඔබ හිතන ජාතියේ උවමනාවක්වත් නැත. ඔබ වැනි අය බලෙන් ඇඟේ ගැසුවොත් පමණක් ඔහු එය කරනු ඇත.

      ඔබට එවැනි අමාරුවක් තිබුණාට මේ රටේ මහජනතාවට එහෙම එකක් නැත.

      Delete
    2. බැදුම්කර වංවාවෙන් රනිල්ට හෝ යූඑන්පියත (අර්ජුන් මහේන්ද්‍රන්ට නොවේ ) සතයක හෝ ආර්තික ලාභයක් අත්වූ බව කියන්නත ඔබට ශාක්ෂි තිබේද?

      Delete
    3. සාක්ෂි විභාග වන්නේ කොමිෂමේ ය. මා ළඟ ඇත්තේ ප්‍ර‍වෘත්ති හා විශ්ලේෂණ ය.

      දේවල් ඔප්පු කරන්නට බැරි වුණත් වෙන හැටි අනුමාන කරන්නට බැරි නැත.

      රාජපක්ෂලා දුන්න පාරවල් ද ඔප්පු කරන්නට බැරි වෙන්නට පුළුවන. එහෙත්, දුන්න බව ඇත්ත ය.

      මේකත් එහෙම ය.

      මේකත් හරියට 1989 වගේ ය. තරුණයන් දහදෙනෙකුවත් මරා දැමූ බව ඔප්පු වී නැත. ඒත් ඒ තරුණයිනුත් නැත. මරා දැමූ බව ඔප්පු වී නැති මුත් ඔවුන් ජීවතුන් අතර ද නැත.

      ඔප්පු වන වග එසේ ය.

      Delete
  4. මුන් පැන්නිය යුතු ය. හැබැයි 2020දී ය. එතෙක් මුන්ගෙන් වැඩ ගත යුතු ය.
    +++++++++++++++++++

    ReplyDelete
  5. මුං ගේ හොරකම් ආපසු අරුං එනතුරු නොසිට මුං ගේ කාලයේ දී ම, විභාග කරන්නට ලැබීමත් ලොකු දෙයකි.

    අරුං එනතුරු සිටියොත්, අරුං ගේ සහ මුංගේ අද එළැඹෙන ඩීල් නිසා, බැඳුම්කර අමතක වී යනු ඇත!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන් ම අරුන් ආවොත් මුනුත් ගොඩ ය. හේතුව උන්ගේ හතරවරං කෙළපු ඒවායේ නඩු දැන් විභාග වෙන මට්ටමට එමින් තිබේ. ඒවා කඩා ගන්නට උන් ගේම් ගහන විට මුන්ට ද මුන්ගේ කේස් යට ගසා ගැනීමට ඩීල් දමා ගත හැකි ය.

      Delete
    2. රසිකොලොජිස්ට් - RasikologistJanuary 13, 2016 at 9:18 AM
      ඔසී රටේ තියෙන නැෂනල් ඕස්ටේ‍ර්ලියා බැංකුවේ පෑන්වලට නූල් දමා නැත! අවශ්‍ය නම් රැගෙන ආ හැක. මම දෙවරක්ම එලෙස කළෙමි!


      Delete
    3. ඇනෝ ඒ වෙළඳ ප්‍රචාරණයකි. මෙවැනි තැන්වල ඇති පෑන් සාමාන්‍යයෙන් නූලකින් බැඳ තිබේ. මේ බැංකුවේ වෙළඳ පාඨය no strings attached යන්නයි.

      පෑන් නොමිලේ බෙදා හරින ඒවා ය. ඒවා රැගෙන යාම හොරකමක් නොවේ

      Delete
  6. පැරා සහෝදරයා,

    දැන් ඉතිං සහෝදරයාට පිළිගන්න වෙනවා සහෝදරයා දැඩි හීනමානයකින් පෙලෙන බව. පැරා සහෝදරයා වෝටර්ස් එජ් ගොස් මෙතරම් තෝන්තුවා වන්නේ නම් මියුන්ක්වල මැන්ඩරින් ඔරියන්ටල් වැනි තැනකට පැරා සහෝදරයා පැමිණියොත් ක්ලාන්ත වන්නට හැකියි.

    පැරා සහෝදරයාගේ කතාව අප විශ්ලේෂණය කොට බැලූ විට හීනමානයේ දර්ශීය නිරූපණයක් මතු කොට ගන්න පුළුවනි. පැරා සහෝදරයා සම්පුර්ණයෙන් ම තමන්ගේ හීනමානය එළියට දැමුවා. ගෙදර විදුලිය නැත, පරිගණකයක් ඇල්ලුවේ අවුරුදු 40 දී, බ්ලොග් එකක් ලිව්වේ අවුරුදු 50 දී, මම වයසයි, මට පනස් එකයි... අප බයෙන් බයෙන් නැරඹුවේ ඊශා සහෝදරාය ගැනත් සුපුරුදු ලෙස කියයි දෝ කියා. අයියෝ සංසාරේ!

    පැරා සහෝදරයා අපෙත් පටි රෝල් කරනවානේ තැන් තැන්වල ගොසින්. අවුරුදු හතලිහෙන් පරිගණකයක් ඇල්ලුවේ කියන්නේ කොහොම ද පැරා සහෝදරයා? එහෙම නම් හිරු පත්තරය ටයිප්රයිටරෙන් ද පිටු සකස් කළේ? බලන්න සහෝදරයා රාඩා, කුමුඩුනි වගේ පොෂ් අය ළඟ අසුන් ගත් විට සහෝදරයාගේ ආත්මය කොතරම් අපහසුවකට පත් වෙනවා ද කියා. හීනමානේ දෝරේ ගලනවා. ඒ අස්සේ ගුණොත්තර ශ්‍රේණිත් මතක් වෙනවා!

    පැරා සහෝදරයා තැනකට යන විට ගැළපෙන්න ඇඳලා යන්න පුරුදු වෙන්න. සහෝදරයා අපට කිව්වා නම් අප හොඳ කමිසයක් එවනවානේ. අනික් දේ තැනකට යන කොට ස්නානය කොට සුවඳ විලවුන් තවරා යන්න. සහෝදරයාගේ හම්පඩ ගඳට රාඩයි, කුමුඩුනියි නහයවල් වහන් හිටියේ එතන.

    පැරා සහෝදරයා තව ම වාසය කරන්නේ පරණ ලිපිනයේම නේද? අප හොඳ කමිසයකුයි, කලිසමකුයි, සපත්තු දෙකකුයි, සුවඳ විලවුන් බෝතලයකුයි හෙටම එවන්නම් සහෝදරයාට.

    කැඳවුම්කරු.

    වෘත්තීය බ්ලොග්කරුවන් නඟාසිටුවීමේ මර්කල් පදනම.

    ReplyDelete
    Replies
    1. අඩෝ් එතනට රාඩා එකෙන් නම් ඇවිත් හිටියෙ නැහැ. රාධා නම් හිටියා. යකෝ, ඔච්චර කකුල් වෙව්ලවා ගන්න එපා ගෑනු ළමයෙකු දැක්කාම. උන්ව අපි දන්නෙ දැන් අවුරුදු 10කටත් කලින් ඉඳින්.

      මං ඉන්නෙ පරණ ලිපිනයේ ම තමයි. හුඟක් අය ට්‍ර‍යි කළා මගේ ලිපිනය මාරු කරන්න. බැරි වුණා.

      ඒ නිසා එවපන්. කමිස, කලිසම් නැති වුණාට කමක් නැහැ. මොකද, ලංකාවෙ වාමාංශිකයන් වැඩිදෙනෙකු ඉන්නෙ රෙදි නැතුව. උන් අතරෙ අපි ඇඳුම් ඇඳගෙන ගියොත් උන්ට අපහසුතාවක් ඇති වේවි.

      අර බෝතලේ නම් අනිවාර්යයෙන් එවපන්. මෙහෙ උඹලගේ ඒජන්ට් නෝනට කියලා ගල් බෝතලයක් එවන්න එහෙම එපා. උඹල ඉතින් ගූත් පුච්චන් කන කුණු පෙරේතයො නේ. අනෙක නසරානි සරණාගත හිඟන්නන් ගාව කොයින්ද සල්ලි?

      දැන් ඉතින් ඕකට සල්ලි හොයන්න කුණු අදින්න දුවන්න එපා. නැති වුණාට කමක් නැහැ. වචනෙට ගරු කරන්නම්.

      Delete
    2. අනේ මචංලා ඔය මතුගම නෂ්ඨකාමියට panty line එකක් පෙනුනත් ඇති. ගෑනු එන තැනක් ඇත්නම් උන්දැ එතන.

      Delete
  7. ලොවෙත් නැති හොර සන්ගම් දෙකක් එක්ක එකට වාඩිවෙලා ප්රවුත්ති සාකච්චා තියපු ඔයා මෙහෙම අනිත් සංගම් ගැන එක එක කතා කියන්නේ ඇයි.ඔය බ්ලොග් කරුවන්ගේ සන්සදය කියන එක බොරුවක් කියලා හොදටම දැන දැන ඔයා අර කලනසිරි කියන හාදයාත් එක්ක හොදට රෙදිත් ඇඳගෙන වාඩිවෙලා කතා කලේ. ඔය නෙලුම්යාය පදනම මොකක්ද කියන්නකො අපටත් දැනගන්න.
    ප්රදාන අමුත්තාහැටියට රාජිත වගේ මිනිස්සු ගේන උත්සවයකට බැහැල වැඩ කරන ඔයාට මොන ප්රතිපත්තියක්ද, මොන ආත්ම ගෞරවයක්ද පැරා.නිකන් බොරු බයිලා කියන්න එපා. කන්න බොන්න නැත්නම් පාරේ හිඟා කන එක නම්බුයි පැරා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග්කරුවන්ගේ සංසදය නො තිබුණා නම් නෙළුම්යාය සම්මාන උළෙලවල් දෙකක් පැවැත්වුණේ කොහොම ද? නෙළුම්යාය පදනමින් කරපු දේවල් ඔවුන්ගෙන් අහන්න. මට අදාළ නැහැ. මම සහභාගි වුණේ ස්වාධීන බ්ලොග්කරුවෙකු විදියටයි.

      අනෙක රාජිත ප්‍ර‍ධාන අමුත්තා වෙන එක ගැන මට නම් කිසිම අවුලක් නැහැ. මොකද, ලංකාවෙ ඉන්න අනෙක් ඔක්කොම දේශපාලකයිනුයි රාජිතයි අතර වෙනසක් නැහැ.

      Delete
    2. ///මම සහභාගි වුණේ ස්වාධීන බ්ලොග්කරුවෙකු විදියටයි.///

      පැරා,

      බ්ලොග් සඳහා සම්මාන දෙන සංසදයක ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වීමෙන් ඔබ ඔබේ ස්වාධීනභාවය නැති කර ගෙන ඇත.

      Delete
    3. ඉතින් පැරා ලන්කාවේ සියලුම දේශපාලකයො එකනම් ඔයාට රාජිත එක්ක ප්‍රශ්නයක් නැත්නම් ඔයාට මහින්ද එක්කත් ප්‍රශ්නයක් තියෙන්න විදියක් නැහැනේ.

      Delete
    4. //බ්ලොග්කරුවන්ගේ සංසදය නො තිබුණා නම් නෙළුම්යාය සම්මාන උළෙලවල් දෙකක් පැවැත්වුණේ කොහොම ද?//
      නෙලුම්යාය සම්මාන උලෙලවල් දෙකක් පැවැත්වුනේ ලන්කානිව්ස් වෙබ් නම් එජාප හිතවාදී අභිරහස් ආකාරයට මුදල් සොයා ගන්නා කට්ටිය විසිනි.එතැන වෙන කවුරුවත් හිටියේ නැත.අවුරුදු උත්සවයට එන තරම් සෙනග එතැනට ආවේ නැත්තේ එබැවිනි.
      //නෙළුම්යාය පදනමින් කරපු දේවල් ඔවුන්ගෙන් අහන්න. මට අදාළ නැහැ. මම සහභාගි වුණේ ස්වාධීන බ්ලොග්කරුවෙකු විදියටයි.//
      දැන් ඔයා ඔතැනට ගියේ ඔය අනිත් කට්ටිය ගැන මොකුත් නොදැනද?

      Delete
    5. //බ්ලොග් සඳහා සම්මාන දෙන සංසදයක ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වීමෙන් ඔබ ඔබේ ස්වාධීනභාවය නැති කර ගෙන ඇත.//

      ඒක එහෙම වුණත් මට ප්‍ර‍ශ්නයක් නැත.

      //ලන්කාවේ සියලුම දේශපාලකයො එකනම් ඔයාට රාජිත එක්ක ප්‍රශ්නයක් නැත්නම් ඔයාට මහින්ද එක්කත් ප්‍රශ්නයක් තියෙන්න විදියක් නැහැනේ//

      නැහැ ඔක්කොම එක්ක ප්‍ර‍ශ්න තියෙනවා. ඒ වුණාට එයා මෙතන ප්‍ර‍ධාන අමුත්තා වෙන එක ගැන මට අවුලක් නැහැ. මහින්ද ප්‍ර‍ධාන අමුත්තා වුණොත් මම යන්නෙ නැහැ. හේතුව හිරිකිත වීම. ඒක මගේ පෞද්ගලික තෝරාගැනීමක්.

      //නෙලුම්යාය සම්මාන උලෙලවල් දෙකක් පැවැත්වුනේ ලන්කානිව්ස් වෙබ් නම් එජාප හිතවාදී අභිරහස් ආකාරයට මුදල් සොයා ගන්නා කට්ටිය විසිනි.එතැන වෙන කවුරුවත් හිටියේ නැත.අවුරුදු උත්සවයට එන තරම් සෙනග එතැනට ආවේ නැත්තේ එබැවිනි.//

      එතන හිටපු කෙනෙකු විදියට එතන හිටිය අය ගැන මා දන්නවා. නො හිටිය අය ගැන මා දන්නේ නැහැ. මට බ්ලොග්කරුවන් හමු වී තිබෙන්නේ එතනදී විතරයි. එතන මා දන්නා ගොඩක් බ්ලොග්කරුවන් හිටියා. මා නො දන්නා වෙන අයත් ඇති. අවුරුදු උත්සවේට ගොඩක් සෙනගත් එනවා ඇති. ඉතින් මට මොකද? මට ඕනැ එකට මං යනවා. වෙන අය තමන්ට ඕනැ ඒවාට යයි.

      අනෙක, මා මුදල් සොයා ගන්නා ආකාරය හැර, අනෙක් අය මුදල් සොයා ගන්නා ආකාර ගැන මම දන්නෙ නැහැ. හැබැයි, එහෙම ය කියලා ඒවා අභිරහස් වෙන්නෙ නැහැ. අභිරහස්, කුමන්ත්‍ර‍ණ අරවා මේවා කියන්නෙ නැතුව සල්ලි හොයා ගත් හැටි ගැන දන්නවා නම් කියන්න. එතකොට ඒගොල්ලන් උත්තර දෙයි. මගෙන් ඇහුවෙ පෙන් ඩ්‍ර‍යිව් ගැන. මං කිව්වනේ හොයා ගත් විදිය.

      කවුරු හරි මොකක් හරි ඵලදායී වැඩක් කරනකොට කකුලෙන් අදින්නැතුව හිටහල්ල බං. උඹට ඕන නැතිනම් උඹ නිකම් හිටහන්.

      Delete
    6. ///// {{{{බ්ලොග් සඳහා සම්මාන දෙන සංසදයක ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වීමෙන් ඔබ ඔබේ ස්වාධීනභාවය නැති කර ගෙන ඇත.}}}}

      ඒක එහෙම වුණත් මට ප්‍ර‍ශ්නයක් නැත./////

      ඔබ ඔබේ ස්වාධීනබව නැති කර ගත්තු එක ගැන මටත් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණත් මින් ඉදිරියට ඔබ ප්‍රකාශ කරන අදහස්, ඔබේ ස්වාධීන ඒවා නොවන බව පමණක් සිහියේ තබා ගනිමි.

      Delete
    7. ඒ කොහොමද බං එහෙම වෙන්නෙ? එහෙම වෙනවා නම් ඉතින් රජයේ සේවකයන්ගෙ අදහස් රජයෙ අදහස් වෙන්න ඕනැ.

      Delete
    8. //කවුරු හරි මොකක් හරි ඵලදායී වැඩක් කරනකොට කකුලෙන් අදින්නැතුව හිටහල්ල බං. උඹට ඕන නැතිනම් උඹ නිකම් හිටහන්.//
      මහින්ද රාජපක්ශ කීවෙත් ඕකම තමයි බන්.අනේ පැරෝ උඹලගෙ ප්රතිපත්ති.උඹ මේ කියන ගොන් කතා කවුරු හරි පිලිගන්නවා නම් මිනිස්සු මහින්ද කියනා ඒවා පිලිගන්නා එකේ වැරැද්දක් නෑ.

      Delete
    9. ////ඒ කොහොමද බං එහෙම වෙන්නෙ? එහෙම වෙනවා නම් ඉතින් රජයේ සේවකයන්ගෙ අදහස් රජයෙ අදහස් වෙන්න ඕනැ.////

      පැරා, මම ඔබ පෞද්ගලික මට්ටමින් ආශ්‍රය කර නැහැ. ඒ නිසා ඔබේ පෞද්ගලික අදහස් මා දන්නේ නැහැ. ඒවා ඔබ ඔබේ බ්ලොගයේ ලියන අදහස්වලින් වෙනස් වනවාදැයි මා දන්නේ නැහැ. කෙසේ වෙතත් ස්වාධීන බ්ලොග්කරුවකු ලෙස ඔබ යම් කීර්තියක් අත්කරගෙන සිටියා නම් එය මේ වන විට ප්‍රශ්නාර්ථයකට තුඩු දී ඇති බව මගේ හැඟීමයි. මීට ඉහතින් මා එය සඳහන් කර ඇත. එය ඔබට ප්‍රශ්නයක් නොවේ කියනවා නම් එහි තේරුම ඔබ මෙහි ලියන ඒවා ඔබේ පෞද්ගලික අදහස්වලින් වෙනස් වීමට ඇති හැකියාව ඉහළය යන්නයි.

      මා දන්න තරමින් රජයේ සේවකයන් ප්‍රසිද්ධියේ පළ කරන අදහස් ඔවුන්ගේ පුද්ගලික අදහස් හා සමපාත වීමට හෝ නොවීමට හෝ පුළුවන. මෙය රජයේ සේවකයන්ට පමණක් නොවෙයි, පුද්ගලික අංශයේ සේවකයනට ද අදාළයි. විශ්ව විද්‍යාලවල පමණක් මෙය බල නොපැවැත්වේ. ඒ විශ්ව විද්‍යාල විවිධ මති මතාන්තර පැවතිය යුතු තැන් ලෙස සැළකෙන නිසාඅ ය.

      Delete
    10. සරලයි නේ. විශ්වවිද්‍යාලවල විවිධ මති මතාන්තර පැවතිය යුුතු යයි පිළි ගන්නවා නේ. බ්ලොග් අවකාශය කියන්නේත් එහෙම එකක් තමයි.

      Delete
    11. ////සරලයි නේ. විශ්වවිද්‍යාලවල විවිධ මති මතාන්තර පැවතිය යුුතු යයි පිළි ගන්නවා නේ. බ්ලොග් අවකාශය කියන්නේත් එහෙම එකක් තමයි.////

      පැරා ලිස්සලා යන්න බොහොම දක්ෂයි නේ...? ඒ මාර්ගයෙන් ම සරස වගේ කමෙන්ට් ප්‍රමාණයත් ඉහළ දා ගන්න පුළුවන් නේ...?

      විවිධ මති මතාන්තර ගැන නෙවෙයි මම කතා කළේ.

      මම කතා කරපු දේ සරලව කියන්නම් මෙන්න මෙහෙම:- පැරා තව දුරටත් "ස්වාධීන බ්ලොග්කරුවකු" නොවෙයි.

      Delete
  8. පැරා,

    //ආණ්ඩුවේ වම් අත දකුණු අත කරන දෙය දන්නේ නැත. රජය තනිකරම විකාරයකි. //
    මේක ගැනනම් 200% එකගයි !


    //මහින්ද රාජපක්ෂ විසින් ගෙදර යමින් සිටි කාන්තාවන් කැඳවා විනිසුරු පත්වීම් දුන්නේ ය. මහින්ද කුපාඩිකම් පවා කළේ මෙසේ වැටේ සිටවූ ඉන්න මෙන් නො වේ. //

    පැරා මේ කියන්නේ මහින්දගේ පාලනයේ හොරකම් වංචා තිබුනත් මේ ආණ්ඩුවට වඩා ක්‍රමවත් වැඩ පිළිවලක් තිබුන බව නේද?

    //
    කෙතරම් උද්ධච්ඡ, කපටි කල්ලි නායකයකු වුව ද, වර්තමාන දේශපාලනඥයන් අතරින් ආර්ථිකය ගැන යම් දැක්මක් තිබුණු එක ම නායකයා ඔහු විය.
    //

    මමනම් එක විශ්වාස කරන්නේ නෑ, මම හිතන්නේ රනිල් ගේ කීර්තිනාමයට හේතුව ලලිත් ඇතුලත්මුදලි ගාමිණි දිසානායක සහ රණසිංහ ප්‍රේමදාස බවයි මොවුන්ගේ දක්ෂ වැඩ නිසා මිනිසුන් තුල මතයක් ආව UNP ආණ්ඩුවක් ආවහම අත මිට සරුවෙනවා කියල, ඔබ රනිල් ගැන බැලුවොත් ඔබට මතකද ධවල පත්‍රිකාව ගෙනල්ල ඒ කාලෙත් අනාගත්ත.


    //
    රාජපක්ෂ කල්ලියේ හොරු රැළ ආරක්ෂා කරන රනිල් වික්‍රමසිංහලාට මෙහෙම වෙන එක දෛවයේ සරදමකි.
    //

    මේක සරදමක් නෙමෙයි පැරා මේක යත්ර්තය ඔබ දැක්කද හර්ෂ සිල්වා නාමල්ගේ කරේ අතදාගෙන ඉන්නවා ? ඔබ ටිකක් හිතන්න සාමාන්‍ය මිනිහෙක් සිතන විදියට ඔබ කෙනෙකුට බරපතල චෝදනා කරනවා ඔහු ඉතා දුෂිතයෙක් කියනවා නමුත් ඔබ ගොස් ඔහුගේ කරේ අත දාගෙන ඉන්න පුලුවන්ද ? මේ චෝදනා නිසා අදාළ පුද්ගලයා ඔබ පිළිබද අප්‍රසන්න මනසිකාරයක් ඇතිකරගන්න අතර ඔබතුලත් මානසිකව කැමැත්තක් ඇතිවෙනවද මෙවැනි දුෂිතයෙක් ගේ කරේ අත්දාගන්න.

    හර්ෂ කියනවා ඔහුගේ ට්විටෙර් ගිණුමෙන් ක්‍රීඩාවේදී දේසපාලන සම්බන්දයක් නෑ වැනි අදහසක්. ඔබ හිතනවද මෙවැනි ලෙන්ගතු සම්බන්දයක් ඇති මිනිසුන් තව කෙනෙකුට විරුද්දව දැඩි තීරණ ගනී කියල.

    සාමාන්‍ය මිනිස් මනසේ තියෙන්නේ හර්ෂ කියන්නේ අවංක මිනිහෙක් කියල (ඔතන ඉන්න එවුන් අතර ඔහු තුල යම් හොදක් ඇතිබව මම විශ්වාස කරනවා ) නමුත් ඔබ ටිකක් හිතන්න පැරා මේ වෙන්නේ තනිකරම රැවටීමක් නේද ?

    මිනිස්සු හැටියට ඔබ ටිකක් හිතන්න ඇයි මෙවැනි තත්වයක් ඇතිවෙලා තියන්නේ? පාර්ලිමේන්තු සාමාජිකයෙක් වෙනුවෙන් මසකට දැනට ලක්ෂ 40 ක් වැනි මුදලක් වැයවෙනවා නමුත් ඇත්තටම නිටියානුකුලව මේ මන්ත්‍රී වරයාට දෙන්නේ ලක්ෂ 2ට අඩු මුදලක් හැබැයි ඔහුට හැකියාව තියනවා ලක්ෂ 10 පමණ මෙයින් සදාචාර නොවන විදියට ලබාගන්න. මිට අමතරව වැඩිම වියදමක් යන්නේ ඔහුගේ ආරක්ෂාවට. හිතන්න මන්ත්‍රී වරයකු ගේ වැටුප ලක්ෂ 30ක් කරලා ආරක්ෂාව සහ අනෙක් නොමිලේ දෙන පහසුකම් ඉවත් කලානම් රජයට එක අයකු ගෙන් ලක්ෂ 10ක් වත් ඉතුරුවක් තියනවා සහ සොරකමට පෙළබිම නවතගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අනේ වසු පැටියො.. ඔහේ හැමදේම කුමන්ත්‍රන න්‍යාය පෙන්න පෙන්න දැන් රට තිබ්බට වඩා මරා රට හැදුව වගේ රාජපක්ෂ වාදී කාලකන්නි අදහස් පතුරන්න යනව කියල අපිට පේනව.. ඔහේ රනිල් විරෝදෙ, බටහිර විරෝදී, එජාප විරෝදී, ඇමරිකා විරෝදී ගොන්බිජ්ජෙක් වුනත් මේ රටේ බහුතරය එහෙම නෑ.. ඔහෙ අපි ජීවත්වෙන ඇමරිකාව වගේ ශ්‍රේෂ්ට දේශයකට පයගහන්න පින් නැතිකමට ඇමරිකාවෙ බෙහෙත් සමාගම් ආන්දු එක්ක එකතුවෙලා ඇමරිකාවෙ ලමයින්ත ලෙඩ හදවනව, ඇමරිකාව හා බටහිර පට්ට දූෂිතයි වගේ අමන තකතීරු කතා විෂ්වාව කරන එකානෙ... ගොන්බිජ්ජො ආයිත් මරා එන්නෙ නෑ, 2030 වෙනකම් මේ රටේ තියෙන්නෙ එජාප ආන්ඩුවක්... ආසාවටවත් බටහිර රටකට පලයන්, එතකොට ඔය බටහිර රටවල් ගැන උබට ඇති ඇරියස් එක නැතිවෙයි...

      Delete
    2. AnonymousMarch 17, 2017 at 7:28 PM,
      හානේ මේ කොන්ද පණනැති නිපුනයනේ, මේ අර ඇමරිකාවේ ඉන්නවා කියල සිහින මාලිගාවක ඉන්න බුවා නේද ?

      Delete
    3. ///// ඔහෙ අපි ජීවත්වෙන ඇමරිකාව වගේ ශ්‍රේෂ්ට දේශයකට පයගහන්න පින් නැතිකමට /////

      අනේ හුකේ කිව්වලු........... මෙතරම් දීන හා නිවට වීමට හේතුව බඩජාරි කමට බීෆ් ස්ටේක් වැඩිපුර කෑමද? ස්ටාර් බක්ස් කෝපි වැඩිපුර බීමද දන්නේ නෑනේද?

      ඇමරිකාව ශේෂ්ඨ රටක් බව ඇත්ත, ඒත් ඒක ශ්‍රේෂ්ඨ රටක් වූයේ මහන්සිවී වැඩකරන දක්ෂ සංක්‍රමණිකයින් නිසා මිසක්, නුඹ වගේ නිවට ආර්ථික සරණාගතයින් නිසා නොවේ.

      Delete
    4. ඇමරිකාව කියන්නේ දියුණු රටක් එකේ දෙකෙක් නෑ, නමුත් මේ දියුණුව පවත්වාගෙන තියන එක වැදගත් ම ගෙතුව තමයි ලෝකයේ ඉන්දන සහ ඩොලරය අතර සම්බන්දය. ලෝකයේ ඕනෑම රටක් ඉන්දන ගෙන්වනවානම් අදාළ මිලදීගැනීම කරන්න ඕනේ ඩොලර් වලින් මෙනිසා ඇමරිකාවේ ආර්ථික කටයුතු සිදු නොවුනත් ඔව්න්ට විදෙශවල ඉන්දන ගනුදෙනු නිසා ඩොලරය එක්තරා මට්ටමක වටිනාකමක් ලබාදීලා තියනවා

      http://www.businessinsider.com/heres-why-the-money-supply-has-exploded-but-we-havent-seen-rampant-inflation-yet-2010-3

      පසුගිය කෙටිකාලයේ ඇමරිකාවේ මුදල් සැපයුම 400% පමණ වැඩිවෙලා තියනවා, නමුත් තවම සාමාන්‍ය මිනිසුන්ට බලපාල නැත්තේ විශාල බැංකු මේ මුදල් වාණිජ ණය ලෙස ලබාදීලා නැති නිසා හැබැයි මේ මුදල ඇමරිකාවේ සුරැකුම් වල ආයෝජනය කිසිමයි මේ බැංකු කරලා තියෙන්නේ මෙනිසා ඇමරිකාවේ සීග්‍ර උද්දමනයක් ඇති උනේ නැතත් මෙය නිසා සාමාන්‍ය මිනිසුන්ගේ ආර්ථිකයට එතරම් දායකත්වයක් ලබාදීලත් නෑ.

      බොහෝ දෙනා ටරම්ප් ගේ පාලනය ඉතා නරක වෙනු ඇති බව කිවත් මම නම් හිතන්නේ එය ඇමරිකාවේ පුරවැසියන්ගේ පැත්තෙන් හොද බවයි.
      ට්‍රෑම්ප් කිව්වා විශාල මොටර්රථ නිෂ්පාදනය විදේශ වල කරනවා නම් විසාල බද්දක් අයකරන බව නැවත ඇමරිකාවට ආනයනය කිරීමේදී.

      මේ නිසා විශාල ආයතන ඇමරිකාවෙන් ඉවත්වීම නැවතුනා මෙය ඇමරිකාවට හොද වෙයි. නමුත් මේ මිනිසුන් හිතන විදියට ඇමරිකාව සුරංගනා ලෝකයක් වෙන්නේ නෑ

      Delete
    5. ට්‍රම්ප් ඇවිත් ඇමරිකාවන්සුරන්ගනා ලොකයක් කරන්න ඔනෙ නෑ මිනිහෝ.. දැනුත් එක ලොමෙ තියෙන ශ්‍රේෂ්ටම ඒටක් වෙලා ඉවරයි.. ඔහේ වගේ එකෙක් දැන් ඇමරිකාවට ආවත් සුරන්ගනා ලොකයක් කියල එල්ලිලා ඉන්න හදයි...

      Delete
  9. දැන් නම් රටම විහිළුවක් වෙලා තියෙන්නේ.ජනාධිපතිවරයා ඉන්නේ රටට වඩා පක්ෂය ගැන බලන්න.අගමැතිතුමා ඉන්නේ විහිළු කතා කියමින් රට හිනස්සන්න.එකාබද්දේ උනුත් එයට දෙවැනි නැති විහිළුකාරයෝ ටිකක්.කමක් නැහැ මොනා නැතත් දවස ගෙවා ගන්න මුන් ඇති තරම් විහිළු සපයනවානේ.රවියා එකටත් බද්දක් ගැහුවොත් තමයි කෙල වෙන්නේ.

    ReplyDelete
  10. 1] මේකේ කොමෙන්ටු කොටපු රජපස කෝලමේ සපෝටින් ඇක්ටර්ලාගේ ගොන් පාර්ට් නම් හරිම හිනාය.

    2] පැරා ලඟ ගඳයි කියපු එකාට ඒක කිව්වේ රාධාද, කුමුදුණීද කියන එක ගැටලුවක් උනත් ඌ නම් ඊරිසියාවේ පැලෙන ඇනෝ හිඟන්නෙක් බව පැහැදිලියි.

    3] මාතෘකාව - මෘදු අරාජිකත්වය...

    නියම යෙදුම - අර යුද්ධයට සංග්‍රාමය කියනවා වගේ තමයි.

    ඉතින් පැරෝ, දැන් ට්‍රම්පච්චිගේ ඇමරිකාවේ තියෙන්නෙතු මෘදු අරාජිකත්වයක් නෙමේද? ට්‍රම්පට් මහත්තයාට තාම ප්‍රධාන කැබිණට් පුරප්පාඩු විසඳගන්නත් බෑ...... රනිල් වගේම පත්තරකාරයෝ එක්ක ප්‍රසිද්ධියේ කෙල ගන්නවා........ ආණ්ඩුවේ බැඳුම්කරේ වගේම ට්‍රම්පට්ගේ ආරක්ෂක උපදේෂකටත් අස්වෙන්ඩ වුනා නිති විරෝධී වැඩ කරලා. තවම ඇමරිකාව පුරාම ට්‍රම්ප් විරෝධී උද්ගෝෂණ. මිනිහට ඔස්කාර් උළලේදී නළු නිළියෝත් බණිනවා.

    මහා බ්‍රිතාන්‍යයේ තියෙන්නෙත් මෘදු අරාජිකත්වයක් නෙමේද? බ්‍රේක්සිට් හින්දා යූ.කේ බෙදිලා. තෙරේසා මේ බ්‍රෙක්සිට් වෙන්ඩ හදනවා. ඒ අස්සේ ෆස්ට් මිනිස්ටර් ඔෆ් ස්කොට්ලන්ඩ් නිකොලා ස්ටර්ජන් නෝනා කියනවා බ්‍රෙක්සිට් වුනොත් අපි වෙන්වීමේ ජනමත විචාරණයකට යනවා කියලා. ඒ අස්සේ අයවැය වාර්තාව මාර අප්සෙට්. රවියාට වඩා අපත අයවැයක් පිලිප් හැමන්ඩ් ගෙනාවාදෝ කියලා හිතෙනවා යූ.කේ නිවුස් ඇහුවාම.

    ReplyDelete
    Replies
    1. ගොන්කතා කියන්න එපා. ඇමරිකාවෙ කිසි අරාජික තත්වයක් නෑ.. බටහිර රටවලින් ශක්තිමත්ම ආර්තික වර්ධන වේගය තියෙන්නෙ ඇමරිකාවෙ.. ඇමරිකාව පුරාත් ට්‍රම්ප් විරොදී උද්ගොෂන නෑ, තිබුනෙ තැන් දෙක තුනක පමනයි.. පත්තර කාරයෝ, නලු නිලියෝ ට්‍රම්ප්ව විවේචනය කිරීම, උද්ගොෂන මේව ප්‍රජාතන්ත්‍රවාදෙක ලක්ෂන... ඇමරිකාවෙ කිසිම ජනාධිපතිවරයෙක් පත්වෙලා අවුරුද්ද්ක යනකම් හෑම පුරප්පාඩුවක්ම පුරවන්නේ නෑ... ලන්කාවෙ උන් ඇමරිකාව ගැන කියන දෙවල් දකිනකොට ඇමරිකාවෙ ජීවත්වෙන අපිට හිනා යනවා...

      Delete
    2. ඇමරිකාවේ ආර්ථික දියුණුව ගැන අපට විවාදයක් නෑ. ඇමරිකාව කඩාවැටෙන්න යනවා කියලා හැමදෑම මොරදෙන විමල් වීරවංශගේ C නිවුස් පඩංගුවේ එඩිටර්ලාට තමයි ඔය ගැටලුව තියෙන්නේ.

      ඇමරිකාවේ විරෝධතා යනකොට ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් වීමත්, ලංකාවේ එහෙම දේවල් වෙනකොට මෘදු අරාජිකත්වයක ලක්ෂණ ලෙස හඳුනාගැනීමත් පොදුවේ ලාංකිකයින්ගේ මානසිකත්වයේ, චින්තනයේ හා ආකල්පවල අනන්‍ය ලක්ෂණයක්.

      බටහිර රටවල්වල සංස්කෘතියට පලු පැලෙන්නට බනිමින් අපගේ 2500 නිර්මණ සංස්කෘතිය ගැන කතාකරන අය ලමයින්ව ඒ රටවලට යවමින් උගන්නා පදිංචි කරන්නේත් ඔය මානසිකත්වය නිසාමයි.

      ඇමරිකාවේ ජීවත්වුනත්, හොරණ ජීවත් වුනත් ලාංකිකයිනේ. ඉතින් ඔහොම තමයි සිතුවිලි.

      ඔය විධියටම තමයි ලංකාවේ සහජීවනය ගැන කතා කිරීම රටපාවාදීම ලෙසත් බටහිට රටවල සහජීවනය, හැමම සමානය යන්න ඉහල දියුණුවේ ලක්ෂණයක් ලෙසත් හඳුනා ගැනෙන්නේ.

      ලංකාවේ ෆෙඩරල් හෝ වෙනත් ක්‍රමයකින් බලය බෙදීමට උත්සහ කිරීම රට බෙදීමක්, කැඩීමක්, පාවාදීමක් ලෙසත් කියමින් මැරෙන්නට යන අය බොහොමයක් හොරෙන් ෆෙඩරල් බටහිර රටවල පුරවැසිකම් තබාගෙන කැත නැතුව සිටින්නේත් සිටින්නේත් ඔය විධියටමයි.

      Delete
  11. පුට්ලන්තයේ සිට ලියමී.March 17, 2017 at 9:38 PM

    1.
    සීනී ගනන් ගියත්,
    සීනී කුරුල්ලෝ ගනන් ගියත්,
    අතේ සතේ නැතත්,
    අත කොටාල,සැරුවා සුනිල්ලා දැන් නැති එක මාර සහනයක් බ්‍රෝ.

    2.
    කමෙන්ට් ස්ටාර් තරුව තේරීම-
    පැරා, කමෙන්ට් ගහන උන්නටත් මොකක් හරි දිලිසෙන අපබ්‍ර‍ංස ජුන්ඩා කෑල්ලක් දුන්නොත් නරකද. එතකොට ඇනෝ වසංගතය දූරින්බූත වී ප්‍රොෆයිල් වසන්තයක් උදාවිය හැක්කේය.
    හා නැද්ද මං කියන්නේ?


    නෙලුම්යාය සම්මාන උළෙලට සුභ පැතුම්!

    ReplyDelete
  12. @ Lankika Sithuwili

    ලංකාවේ මෙවැනි දේවල් සිදු වන්නේ නැත. මන්ද ලන්කාවේ අද්යාපන සවුක්ය ඇමති වරුත් අගමැති තුමාත් ඉතා දූරදර්ශීව කටයුතු කිරීමයි.බොරුනම් අහන්න පහල අයගෙන්.

    01. (හොර) ස්වාදීන බ්ලොග්කරු, රාජිත ගෙන්වන නෙලුම් මගඩියේ ප්රදාන කසකරු මතුගම කුලී ලියන්නා

    02. අහින්සක බ්ලොග්කරුවන්ගේ නම විකුනා එදාවේල සපයාගන්නා අන්ක 01 ලන්ඩන් වල ඇල්බට් අන්කල්

    03. අහින්සක බ්ලොග්කරුවන්ගේ නම විකුනා එදාවේල සපයාගන්නා අන්ක 02 හොර බ්ලොග් සන්සද කැදවුම්කරු පැන්ශන් ගිය නේවි කාර කුලී ලියන්නා

    04. දැනට වලපයයි ගොඩපයයි සිටින හද්දා නාකි පිස්සු හුටං කෙනෙක් වූ "සිනුවර තැඹිලි බුද්ධා අංකල් සීයා" නොහොත් "දි කිං කොකනට් තට්ට බුඩ්ඩාහ්" නැතිනම් පරකන්දෙනියේ වසල නිකායේ "තැඹිලි බෝ-සතා" නමැති දාර පොන්න අංකලයා

    05. මනෝ විද්යාව ලෝකයට හදුන්වාදුන් වෙන්ඩ ආචාර්ය සයිකොතෙරපිස්ට්

    06. අහස පොලොව යට නොදන්නා දෙයක් නැති සිරිකොත වැටුපට රට ගඳ ගැස්සූ
    කුලියට ලියමින් අපව හිනැස්සූ කුලී ලියන්නන්

    ReplyDelete
  13. ලංකාවේ බ්ලොග්කරුවන් මෙතනට ඇවිත් ඇදුම් ගැලවීම ගැන සතුටුයි. බ්ලොග්කරුවන්ට සම්මාන දීම, ඔවුන්ට ඇදුම් පැළදුම් ඇන්දීම, ටොෆි සිගරට් දීල ගස්වල නග්ගවිම තුල තියනව fundamental ප්‍රශ්නයක්. ඒක දෙන්නේ මොකාද දෙන්නේ කොහේ ඉදන්ද. කා අතින්ද එහෙමත් නැතිනම් කොච්චර විනිවිදභාවයකින් යුක්තද කියන ඒක නෙමෙයි ප්‍රශ්නේ.

    බ්ලොග් කියන්නේ සමාජයේ යටිපෙලෙන් යන මාධ්‍යක්. ඒකෙ තියෙනේ journalistic approach ඒක ඒක තමයි. ඒත් හැමදේම ඉරි ගහල බෝඩ් ගහල ක්ෂේත්‍රගත පොරවල් නිෂ්පාදනය කරන්න ඕනි උන්ට බ්ලොග් තරු නිෂ්පාදනය කරන්න ඕනි වෙනව. බ්ලොග්ගු එකතු කරල ශිල ව්‍යාපාර කරන්න ඕනි වෙනව.

    බ්ලොග්ගු ගිහිං press conference වල වාඩි උනාම නයි සහ රෝස්පාන් වගේ නොගැලපෙනවා. ආකල්ප මාධයේ කුට්ප්‍රාප්තිය තමයි බ්ලොග්. මාධ්‍ය මැට්ටෝ ඉස්සරහ අපේ බ්ලොග්ගු මෝඩ චුන් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. Agree with you mate

      +++++++++++++

      Delete
  14. සිංහල බ්ලොග් අවකාශය යනු එකිනෙකාට අපහාස කර ගන්නා, එකිනෙකා ඇනකොටා ගන්නා, ඊර්ශ්‍යාවෙන්, කුහකත්වයෙන්, උද්ද්ච්ඡකමින් පිරි නරකාදියකි.

    සිංහල බ්ලොග් කියවීම යනු ඩේටා සහ කාලය නාස්ති කිරීමකි.

    ReplyDelete
    Replies
    1. Unfortunately, the truth is out there, in your comment. Hmmm. What to do?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා