Posts

Showing posts from January, 2014

උදය ගම්මන්පිලගේ රුපියල් සීයේ මැතිවරණ අරමුදල් යෝජනාව

Image
බස්නාහිර පළාත් ඇමතිවරයකු ව සිටි ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල සිය පළාක් සභා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් ඡන්ද දායකයන්ගෙන් රුපියල් සියය බැගින් ආධාර ඉල්ලීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. උදය ගම්මන්පිල දෘෂ්ටිවාදීමය දේශපාලනයේදී අසාර්ථක දේශපාලකයෙකු යයි තර්ක කරන්නට පුළුවන. තම පක්ෂය එක හෙළා ප්‍රතික්ෂේප කරන බලය බෙදීමේ ව්‍යූහයක  ඇමති ධුරයක් දැරූ හේ දැන් දෙවන ධුර කාලයක් වෙනුවෙන් ද තරග කරයි. ඔහුගේ මෙම සංකල්පය හුදු ප්‍රචාරක උපක්‍රමයක් පමණක් වන්නට පුළුවන. එහෙත්, අවශ්‍ය නම් එයින් අලුත් දේශපාලන සංස්කෘතියක් මතු කර ගැනීමට ද පුළුවන.   අපේක්ෂකයා සිය ප්‍රචාරක ව්‍යාපාරය සඳහා අරමුදල් ලබා ගැනීමට ඡන්ද දායකයා ළඟට යාම නිකම් ම නිකම් සල්ලි ඉල්ලීමක් පමණක් වන්නේ නැත. අපේක්ෂකයා හා ඡන්ද දායකයා අතර වෙනස් සම්බන්ධයක් ගොඩනැගීමට ද එය ඉවහල් වේ. ඒ සමගම ඡන්ද දායකයා විෂයෙහි අපේක්ෂකයාගේ වගකීම ද වැඩි වේ. දැන් සාමාන්‍යයෙන් සිදු වන්නේ අපේක්ෂකයා තමන්ට මුදල් වියදම් කළ ව්‍යාපාරිකයන්ට පමණක් වගකීමයි.  බොහෝ විට වැඩිපුර ම මුදල් වියදම් කළ ව්‍යාපාරිකයා තමා ම නිසා දේශපාලනයේදී ඔහු වැඩිපුර ම කර ගන්නේ තමන්ට හා තමන්ගේ පවුලට ය. ඡ

චන්ඩි පුතා අපට එපා - දන්න වලා අපට හොඳා

Image
ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීමට යාමෙන් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන්නේ නැත. මෙම ලිපියේ අග පළ වන පුවත උපුටා ගත්තේ දිනමිණ පුවත්පතෙනි. එහෙත්, එය සත්‍යයක් යයි මම විශ්වාස කරමි. ‍මන්ද, එම පුවතට මුල් වන පුද්ගලයාගේ හැසිරීම් රටාව අනුව, එය එසේ විය හැකි බවට සැකයක් නැත. මීට පෙර කීප වතාවක් ම මෙම බ්ලොගයේ මෙම මන්ත්‍රීවරයා පිළිබඳ සඳහන් කර තිබේ. නො දන්න එජාපය හා දන්න යකා ලිපියට හේතු වූ ප්‍රධාන චරිතය ද මොහු ම ය. ජනමාධ්‍යවලින් දේශපාලන චංඩි නිර්මානය කරනු ලැබේ. මර්වින් සිල්වා මීඩියා චන්ඩියෙකි. දැන්, දැන් ජනමාධ්‍යවලින් ම වල් දේශපාලකයන් ද බිහි කරනු ලැබේ. චන්ඩි යන අන්වර්ථ නමින් කාලයක් හැඳින්වුණු කල්ලි නායකයකු වන මොහු ද දැන් ජනමාධ්‍ය කැමරාවට අසු වෙමින් සිටියි. එය දරා ගැනීමේ බුද්ධිමය හැකියාව මොහුට තිබේ ද යන්න බරපතල ලෙස සැක සහිත ය මොහු නිසා, මතුගම ප්‍රදේශයේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවට සෑහෙන අනතුරක් මතු වී තිබේ. පුත්තුන්ගේ සටනේ එක් පාර්ශ්වයක් දැනටමත් මහජන මුදලින් ඡන්ද ව්‍යාපාරය ජයට ම ‍කර‍ගෙන යන ආකාරය දක්නට ලැබේ.  අනෙක් පුතාගේ තාරුණ්‍යයට හෙටක් වෙනුවෙන් මේ කියන චන්ඩි තාත්තා එක්සත් ජාතික පක්ෂය

W3Lankaට විනීත බසින් අනියම් තර්ජනයක්

Image
ඊයේ මාධ්‍ය සංවිධාන විසින් කළු ජනවාරිය මාධ්‍ය මර්දන විරෝධතාව සඳහා නම්  කර තිබුණු දිනයයි. ඊයේ දවල් මගේ ජංගම දුරකථනයට කතා කළ මහත්මයෙක් මගෙන් කරුණු වගයක් විමසුවේ ය. තමන් එක්තරා නමකින් හඳුන්වා දුන් ඔහු පැවසුවේ තමන් ජනමාධ්‍යවේදියකු බවයි. එම මාධ්‍යය කුමක්දැයි විමසූ මට ඔහු පැවසුවේ තමන්ට එහි නම කීම‍ට නො හැකි බවයි. "අයි ඩෝන්ට් හැව් ලිබර්ටි ටු සේ" යනුවෙන් ද ඔහු පැවසී ය. එහෙත්, ඔහු කතා කළේ ඉතා විනීතව බැවින් ඔහුට මගෙන් අසන්නට තිබෙන්නේ කුමක්දැයි මම විමසීමි.   ඔහු  මගෙන් විමසුවේ 1988, 89 වකවානුව ගැනයි. මට තිබෙන චෝදනා ගැන අසන්නට අවශ්‍ය බව කී කල එම චෝදනා මොනවාදැයි මම ඇසීමි. එම වකවානුවේ දේශපාලන ඝාතනවලට මා සම්බන්ධ බවට ‍චෝදනා ඇති බව ඔහු කීවේ ය. මා කීවේ කිසිවෙක් මට එවැනි ‍චෝදනාවක් කර නැති බවයි.  එවකට මා ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ බව ප්‍රකට කරුණකි. ඒ හේතුවෙන් රජය මා වසර තුනහමාරක පමණ කාලයක් රැවුම් භාරයේ තබාගෙන පරීක්ෂණ පවත්වා තිබේ. ඉතා විනීත ලෙස කතා කළ මෙම පුද්ගලයා කතා කිරීම සම්බන්ධයෙන් ස්තුතිය ද පළ කළේ ය. ඔහු මට කරදරකාරී වූයේ නැත.  මෙම ඇමතුම ගැන මට යම් සැකයක් ඇති වූ හෙයින් ඊට ටික වේලාවකට

නො දන්න එජාපය හා දන්න යකා

Image
පාරක් හදන විට එහි එක් පැත්තක් වසා වාහන තනි පැත්තට ධාවනය කිරීම සාමාන්‍ය ක්‍රමයකි. මෙහිදී බොහෝ විට එම මං තීරුව වාහන දෙකක් මාරු වීමට තරම් පළල් නැත. තනි පැත්තට ධාවනය කරන්නට සිදු වන්නේ ‍එහෙයිනි.  මේ වාහන හැසිරවීම කරන්නේ පොලිසිය විසින් නොවේ. මාර්ග කම්කරුවන් විසිනි. එහෙත්, ‍බොහෝ විට ඔවුහු එය ඉතා හොඳින් කරති.  මේ දවස්වල මේ ආකාරයේ ධාවනය මගේ ජීවිතයේ එදිනෙදා කොටසකි.අද අපූරු දෙයක් දුටුවෙමි. තනි පැත්තට ධාවනය කළ කොටසෙන් පිටතට පිවිසෙන විට ම වාගේ විරුද්ධ පැත්තෙන් ආ පැජරෝවක් තරමක වේගයෙන් තවමත් වසා තිබුණු පාරට දමා ධාවනය කළේ මාර්ගය හැසිරවූ පුද්ගලයා නො තකමිනි. එම පුද්ගලයා විසින් ප්‍රදර්හනය කරනු ලබන පුවරුවේ එක් පැත්තක රතු පාටින් ද STOP අනෙක් පැත්තේ කොළ පාටින් GO ද සටහන් ‍වී තිබේ. පැජරෝවේ රියදුරාට එය කියවා ගත නො හැකි වී ද  නො දනිමි. මා හඳුනා ගත් පරිදි රිය පදවාගෙන ගියේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකි. එහෙම දෙයක් කළත් පුදුම විය යුතු නැති පන්නයේ කෙනෙකි.  එක්සත් ජාතික පක්ෂයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ආචාර්ය උපාධිධාරියෙකි. එහෙත්, අල්ලපු වත්ත සුද්ද කරන්නට ආ කම්කරුවකුට අතින් පයින් පහර දී තම ආරක්ෂ

කිරි පිටි මිළ වැඩි කිරීමත් සමග බද්දත් සද්ද නැතිව වැඩි වේ ද?

Image
මේ වන විට වෙළඳපොළේ කිරිපිටි ඇත්තේම නැති තරම් ය.  අද දිනමිණේ මුල් පුවත කියවන විට පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ ආණ්ඩුව කිරිපිටි මිළ වැඩි කිරීමට සැරසෙන බවයි.  සමාගම් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් වෙනුවෙන් රු. 200ක මිළ වැඩි වීමක් ඉල්ලා ඇත. එච්චර දෙන්නට බැරි බව ඇමති ජොන්ස්ටන් කියයි.  ජොන්ස්ටන් කීයක් දේවි ද? ඇත්තෙන්ම කිරි පිටි සමාගම් වැඩි කළ යුුතු මුදල ඉදිරිපත් කරන්නේ ජොන්ස්ටන්ට එහි තාර බර ඉවත් කර හරි ගාන වැඩි කිරීමටයි.  එවිට කොම්පැනිවලට අවශ්‍ය ගණන වැඩි වනවා පමණක් නොව, ඇමති ජොන්ට්ට මෙහෙම කියන්නටත් පුළුවන. "හහ්, අපිව කොහෙද නටවන්නෙ එහෙම! අපි වැඩි කරන්නේ අපට ඕනැ ගාන!" ආණ්ඩුව මේ වන විට  කිරි පිටි කිලෝවකින් රු. 107ක බද්දක් අය කරන බව වාර්තා වේ. ඒ අනුව, ග්‍රෑම් 400 පැකට්ටුවකින් අය කරන බද්ද රු. 37ක් පමණ වේ.  දැන් ආණ්ඩුව ජනතාවට ඔච්චර ආද‍රේ නම් මේ බද්ද කපා දමා ජනතාවට මිළ සහනයක් දිය හැකි ය. අප පරීක්ෂාවෙන් සිටිය යුතු කරුණක් වන්නේ මේ මිළ වැඩි කිරීමත් සමග බද්දත් සද්ද නැතිව ම වැඩි වේ ද යන්නයි. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read

පුතාලාත් එකයි - කෑලිත් එකයි - මෙදා පාර අපි කාට ද?

Image
නිළි‍යො ප්‍රමුඛ කලාකාර සෙට් එකක් ඡන්දෙ ඉල්ලනවා ය කියලා දැන් සමහරුන්ට මාර අප්සෙට් එකකි.වැඩිපුරම විරෝධය තිබෙන්නේ නිළියන්ටයි. ඒ අතරින් වැඩිම විරෝධයක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන ‍නදීෂා ‍හේමමාලි, සන්ධානයෙන් තරග කරන ගයේෂා පෙරේරා, රුවන්ති මංගලා, අනර්කලී ආකර්ශා, ගීතා කුමාරසිංහ හා ගායිකා ජින්ජර් වැනි අයට ය.  ලාල් කුලරත්න, රවීන්ද්‍ර යසස් වැනි නළුවන් ද, මධුමාධව අරවින්ද වැනි ගායකයන් ද ඡන්දය ඉල්ලන මුත් ඔවුන්ට එතරම් විරෝධයක් නැත.  ඇත්තෙන් ම ඉහත කී නිළියෝ හා ගායිකාවෝ දේශපාලනික වශයෙන් පමණක් නොව සමාජමයව ද අඳ බාලයෝ ය. එක්තරා පුවත්පතක් සමග කතා කරන විට රුවන්ති මංගලා බබා සමලිංගිකත්වය යනු කුමක් ද කියාවත් නො දනියි. ගායිකා ජින්ජර්ගේ දේශපාලන පරමාදර්ශය දුමින්ද සිල්වා ය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, පළාත් සභා පනත වැනි දේ ගැන නම් ඔවුහු මෙලෝ සංසාරයක් නො දනිති.  ඔවුන් ඡන්දය ඉල්ලන්නේ ඇයි? ‍එහෙම රැල්ලක් හැදුණේ ඇයි? හේතුව පබා, අනර්කලී වැනි වලාමවල් ඉහළ මනාපවලින් පාර්ලිමේන්තුවට පත් කර යවන්නට අපේ බුද්ධිමත් ජනතාව කටයුතු කළ නිසා යයි ඇතැමෙක් කියති. ඇත්තෙන් ම ජනතාව එසේ කරන්නේ ඇයි? අපේ ගම් පැත්තේ දේශපාලන ප්‍රබ

පශ්චාත් චන්ද්‍රපුෂ්ප මහින්ද කුමක් කරයිද?

Image
තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදාන පතිරණට ගැලවිල්ලක් නැති පාට ය.  ඔහු හොට පටලවා ගත් කෙසෙල් ගහේ මහින්දලාට ද තොණ්ඩුව එල්ලා තිබීම එයට හේතුව ය. බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු මරා ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ වරදින් ඔහු මුදවන්නට බැරි වී තිබෙන්නේ ජාත්‍යන්තර බලපෑම නිසා ය. ඒ නිසා ආණ්ඩුව තම බත්බැලයකු වන ‍මේ දාමරිකයාව පාවා දෙන්නට සැරසෙයි. අධිකරණයෙන් වසන් වී රටින් පැන ගන්නට ඔහු දැරූ තැත ද ව්‍යර්ථ විය. දැන් ඉතිරිව තිබෙන්නේ අච්චුව විඳිමින්  ජනාධිපතිගෙන් සමාවක් ඉල්ලා ගැනීම ය. ජනාධිපතිවරයා එබඳු සමා දානය කරන්නට සූදානම් අයකු බවට ඇමක් මේ සිරගත අපරාධකාරයන්ට දී තිබේ.  ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ අනියම් බිරිය හා ඇගේ සේවිකාව මරා අසු වී මරණ දඬුවම ලද ඇමතිගේ කසාද බිරිඳ තුන් අවුරුද්දකින් නිදහස් කර ගෙදර ම යවා ජනාධිපතිවරයා ‍වැඩ පෙන්වා ති‍බේ.  පසුගිය දිනවල බෝගම්බර සිරගෙයි උපවාසයක් ඇති වුණේ ද ඇමති එස්.බී. දිසානායක මෙවැනි සමාවක් සඳහා දරන උත්සාහය නිසා ය.එහිදී ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් සමූහ මිනීමැරුමක් වෙනුවෙන් මරණ දඬුවම ලද සිරකරුවන් පිරිස‍කගේ දඬුවම ලිහිල් කරන ලදී. මේ ලිපිය වෙන අයත් එක්කත

මංගලගේ පෞද්ගලික ජීවිතය සමග ආණ්ඩුව කරන සෙල්ලම හරි ද?

Image
මංගලගේ ගෙදරින් මත්පැන් හා ලැප්ටොප් එකක් සොරකම් කර අසු වූ පුද්ගලයෙක් දැන් ලංකාවේ රාජ්‍ය හා විෂම ලිංගික ස්වෝත්තමවාදී ජනමාධ්‍ය විසින් වීරයකු කර තිබෙන අන්දම මේ දිනවල දැකිය හැකි ය.  සොරකමක් කර අසු වූ පුද්ගලයා දැන් පැමිණිලිකරුවා වී පැමිණිල්ල කළ මංගල විත්තිකරුවා වන නඩුවක් නිර්මානය වෙමින් තිබේ.  මංගල තමන් සමග සමල‍ිංගික සම්බන්ධකමක් පැවැත්වූ බව දැන් මේ සොරා පවසයි. එම සම්බන්ධයත් මෙම සොරකමත් අතර සම්බන්ධයක් නැත. කිසිවෙක් සමලිංගික ඇසුරකට යොමු වූ පමණින් ඔහු මානසික ආතතියකට ලක් වන්නේ නැත. එහෙම වුණත්, අනිවාර්යයෙන් ම මත්ද්‍ර්‍රව්‍යවලට යොමු වෙනවා ය කියා එකකුත් නැත. මත්ද්‍රව්‍යවලට යොමු වුණත් හොරකම් කරන්නට ඕනෑ ය කියා එකකුත් නැත.  අනෙක් පැත්තෙන් දණ්ඩ නීති සංග්‍රහ‍යේ 365A වගන්තිය අනුව සමලිංගික ඇසුර නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වුණාට, මේවා යල් පැන ගිය නීති ය. ඒවා වෙනස් විය යුතු ය.  මේ සියල්ලටමත් වඩා මංගල මෙම චෝදනාවට මුහුණ දුන් ආකාරය විශිෂ්ට ය. තමන්ගේ පෞද්ගලික ජීවිතය තම පවුලේ අයටත්, මිතුරන්ටත් රහසක් නො වන බව ඔහු කියයි.  මෙතැන තිබෙන දෙය වන්නේ විෂම ලිංගික සේවනය සම ලිංගික සේවනයට වඩා උසස් යයි සිතන

හරියට ඉගැන්වීම, ටියුෂන්, පිට වැඩ හා ලංකාවේ අධ්‍යාපන ගැටලු

Image
මෙය සාමාන්‍ය පංති කාමරයක් නො වන බව ඔබ දනියි මෙම ලිපිය ලියන්න හේතු වුණේ අපගේ පසුගිය ලිපිය හා සම්බන්ධව අධ්‍යාපනය ගැන මතු වූ සංවාදයක් ඉවහල් කරගෙනයි. මම ගුරු වෘත්තිය සලකන්නේ මගේ දේශපාලන ව්‍යායාමයේ කොටසක් හැටියට. නැතිනම්, මට වෙන රැකියාවක් තෝරා ගන්න ඕනෑ තරම් අවස්ථා ලැබී තිබෙනවා. ඒත්, මම ගුරු වෘත්තිය පරදුවට තිබ්බේ ජනමාධ්‍ය ක්ෂේ්‍ත්‍රයේ අවස්ථා කීපයක් වෙනුවෙන් විතරයි. එතැනත් තිබුණේ දේශපාලනික උවමනාවක්. ම වෘත්තීය භාෂා පරිවර්තකයෙක්, ලේඛකයෙක්, ජනමාධ්‍යකරුවෙක් විිධියට පදනමක් ගොඩනගා ගත් කෙනෙක්. ඒත්, මම ළමයින් එක්ක යෙදෙන මේ ඉගැන්වීමේ කාර්යය අතහැර දාන්න බලා‍පොරොත්තුවක් නැහැ, මාව මේකෙන් දොට්ට දැම්මේ නැතිනම්. මොකද, මේක සම්බන්ධ වෙන්නේ මගේ දේශපාලනයත් එක්ක. දේශපාලනය කීවා ම දැන් සමාජය තේරුම් ගන්නේ පක්ෂයක් හරි රාජ්‍ය නොවන සංවිධානයක් හරි එක්ක එකතු වෙලා ආණ්ඩුවට ජැක් ගහන්න හරි ගහලා තිබෙන ජැක් ගලවන්න හරි උත්සාහ කරන එක නේ. මම ඔය දෙකම කරන්නේ නැහැ. දේශපාලනය කියන්නේ ඔය කියූ දේ ය කියා හිතන අයට මම කියන්නේ මම දැන් දේශපාලනය කරන්නේ නැහැ ය කියලායි. ඊයේ මම පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාත් එක්ක පාසල් කාලයෙන් පසු සව

පාක්‍යසෝති සරවනමුත්තු ‍ඩොලර් විසිපහක් ඉල‍්ලා ලියමනක් එවා ඇත

Image
අලුත් අවුරුද්දට සුබ පතන්න ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ උතුරුමැද හිටපු මහ ඇමතිටත් අලුත් අවුරුදු සුබපැතුමක් යැව්වා කියා ආරංචියි. ‍හැබැයි පර ලෝකෙට නෙමෙයි, අනුරාධපුරේ මහ ඇමතිගේ ගෙදරට. මටත් ඔය වගේ එකක් ලැබුණා පහුගිය දවස්වල. ඒක එවලා තිබුණේ පාක්‍යසෝති සරවනමුත්තු මහත්තයා. ඒ මහත්තයා විධායක අධ්‍යක්ෂ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ. ලියුම එවලා තිබුණේ ඒගොල්ලන් කරන වැඩවලට උදව් කරන්න ය කියලා. ඔවුන් මට අවස්ථාවක් දී තිබෙනවා කැමති නම් මුළු ජීවිත කාලෙටම එක පාරක් ඩොලර් 2000ක් දෙන්න. නැතිනම්, අවුරුද්දකට ඩොලර් 500ක් දෙන්න. එහෙමත් නැතිනම් මාසෙකට ඩොලර් 25ක් දෙන්න. ඇත්තෙන්ම මාර අවස්ථාවක්. ඒ වුණාට මගේ ගුරු පඩිය ගෙඩි සුපියල් විසිපන්දාහකට අඩු නිසා මට පුළුවන් අර මාසෙට ඩොලර් 25 ගානෙ දෙන්න විතරයි. හැබැයි ඒකත් මගේ පඩියෙන් දහයෙන් පංගුවකටත් වැඩි නිසා මං මේ කල්පනා කර කර ඉන්නේ ටියුසන් පාරක්වත් කරලා මේක ගෙවනවද කියලායි. ඇත්තෙන්ම, මම හිතන්නේ මේ ඊමේල් එක එන්න ඇත්තේ වැරදිලා. මීට ටික කාලකෙට උඩදි හිරු කණ්ඩායමේ හිටපු හීරෝලා දෙන්නෙක් මේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ව්‍යාපෘතියක හිටියා. බුදු අම්මෝ උන් බීපු බීම! ‍එච්චර සල්

හික්කඩුවේ හෙළ බොදු තාප්පයෙන් ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගම්වලට

Image
හික්කඩුවේ හෙළ බොදු තාප්පය නම් සංවිධානයක් විසින් ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ් සංවිධාන‍යේ යාඥා මධ්‍යස්ථාන දෙකකට එල්ල කරන ලද නීච ප්‍රහාරය ලෝකයේ ම බෞද්ධයන්ට කරන ලද නිගාවකි. කහ සිවුරු දරා ගත් භික්ෂූන් හැසිරෙන්නේ මෘගයන් පිරිසක් සේ ය.  මෙම වීඩියෝ දර්ශන දැන් ලොව පුරා සංසරණය වෙමින් තිබේ. ඒවායින් වසානයේදී සිදු වන්නේ ඉවැන්ජලික ක්‍රිස්තියානි නිකායන්ට ලොව පුරා ක්‍රිස්තියානින්ගේ අනුකම්පාව හා මුල්‍යමය ආධාර වැඩි වැඩියෙන් ලැබීමයි. ඒ අරමුදල් ලංකාවේ යෙදවෙන්නේ මිනිසුන් මේ නව ආගමික නිකායන් වෙත ආකර්ශනය කර ගන්නටයි. මෙම කරුණ පිළිබඳ අප විසින් කලින් ලියන ලද මෙම ලිපිය යළි කියවන්නැයි අපි ඔබට ආරාධනා කරමු.  2011-11-11 අන්‍යාගම්වලට හැරවීම වැළැක්වීමේ පනත හා වලිගය මත සිට ගැනීමේ කලාව ජුසේ වාස් පියතුමා ජාතික හෙළ උරුමයට නැවතත් අන්‍යාගම්වලට හැරවීම වැළැක්වීමේ පනත හදිසි පනතක් ලෙස සම්මත කර ගැනීමට අවශ්‍යව ඇත. (මේ ඇතැම් විට දේපල පවරා ගැනීමේ පනත ඉදිරියේ සිදු වූ අලකලංචිය වසා ගැනීමේ ජිමික් එකක් විය හැකි ය.) එම පක්ෂය මෙසේ කියයි: 'ඇමෙරිකානු ඊනියා ක්‍රිස්‌තියානි සංවිධාන මෙර

කොස්ගොඩ කැස්බෑවා - රටක ම කෙස් බෑවා

Image
කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයකින් අතුරුදහන් වූ සුදු ඇල්බිනෝ කැස්බෑවකු ගැන ජාත්‍යන්තර මට්ටමේ ආන්දෝලනයක් ඇති විය.  අංක එක මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන වනාහි නීති විරෝධී තැන් ය. එහෙත්, ආණ්ඩුව කැස්බෑ බිත්තර ආරක්ෂා කිරීමේ කාර්යය හරියට කරනු ඇතැයි බලාපොරොත්තු විය නො හැකි නිසා ඔවුන් කරන දෙයින් ‍‍සේවයක් වන්නේ යයි ද අවශ්‍ය නම් තර්ක කළ හැකි ය.  එහෙත්, දැන් ඉතින් මේවා අවසන් කරන්නට කාලය එළැඹ තිබෙන බව මෙම සුදු කැස්බෑ සිද්ධිය දෙස් දෙයි. මන්ද, කැස්බෑ හොරා එහි හිමිකරු ම බව ඔප්පු වී තිබෙන හෙයිනි. ඔහු කැස්බෑවා සිය දුවගේ ගෙදර සඟවා බොරු පැමිණිල්ලක් කර තිබේ.  ඔහු කැස්බෑවා හොරෙන් විකුණන්නට හැදුවා විය හැකි ය. මාලදිවයිනේ හූනියම් කරන්නට මේ සුදු කැස්බෑවුන් යොදා ගන්නා බව වාර්තා විය. මෙම සිද්ධියට පැටලුණ ගායක අමල් පෙරේරා තැත් කර තිබෙන්නේ මාලදිවයින් ජාතිකයකුට කැස්බෑවා විකිණීමේ බ්‍රෝකර් වැඩකි. එය හරි ගිහින් නැත. හරි ගියා නම් අමල් පෙරේරා කැස්බෑවා මාලදිවයිනට පන්නන්නට සැලසුම් කරගෙන සිටි ආකාරය ද පරීක්ෂා කළ යුතු ය. ලෝකේ ඕනෑ තැනක තිබෙන මිථ්‍යා දෘෂ්ටි වැළඳ ගන්නා ලංකාවේ අයියලා වුණත් කැස්බෑ හූනියමකට සෙට් වුණා

හාමුදුරුවෝ හරි ආඳා

Image
අද පෝය නොවැ. උදේ පාන්දර ම අතගැහුවේ හාමුදුරු කෙනෙකුගේ සම්මුඛ සාකච්ඡාවක් පරිවර්තනය කරන්න. පිටිදූවෙ සිරිධම්ම හාමුදුරුවෝ කියන්නේ තමන්ට සූක්ෂම ජීව විද්‍යාව ගැන උපාධියක් තිබෙනවා යි කියාගෙන විද්‍යාව ළාවට බුදු දහමට මුසු කරමින් බණ කියා ජනප්‍රියත්වය දිනා ගත් කෙනෙක්. ඒ කාලේ චිචිත්‍ර ධර්ම කථිකයන් 2004දී ජාතික හෙළ උරුමය හරහා පාර්ලිමේන්තුවට ගිහින් පළමු රැස්වීමෙදි ම මර්වින් සිල්වාගේ ඇට පුසි කිරීමේ දානයකුත් වැළඳුවා. ඒත්, මොකක්දෝ හේතුවක් නිසා සිරිධම්ම හාමුදුරුවෝ ඒ රැල්ලේ හිටියේ නැහැ. ඒ හාමුදුරුවෝ අසපුවක් එහෙම සැප පහසුවට හදාගෙන ඉන්න ගමන් ඔන්න පසුගිය දවසක දුන්නා නියම මාකටිං ප්‍රහාරයක්. එයා රහත් වුණා ය කිව්වා. ඉතින් කට්ටිය රෙදි උස්සගෙන බනින්න පටන් ගත්තා. අපි නම් ඉතින් ඔව්වා ගැන උපේක්ෂාවෙන් බලන නිසා අපට ඉතින් රහත් වුණත් එකයි, නැතත් එකයි. මට නම් ඉතින් මේ ආත්මෙ විතරයි. නැවත ඉපදීමක් වුණත්, නැතත්, දැන් ඉන්න මට ඒක අදාළ නැහැ නේ. මේ ආත්මේ මිනිස්කමින් යුක්තව ජීවත් වීම තමයි, අපේ ඩියුටිය. සුභාෂිතයේ එන පහත සඳහන් වන කවිය මගේ චින්තනයේ මූලධර්මයක්. ඇතත් නැතත් පරළොව සුදනෙනි මහත හ‍ලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත

හාමුදුරු කෙනෙක් ගෑල්ලමයෙක් එක්ක ගිටාර් ගැහුවා ම ඔච්චර නටන්නේ මොක ද?

Image
Photo courtesy: 33000.lk බොදු බල සේනාවට සම්බන්ධ හාමුදුරු කෙනෙක් කොට කලිසම් ඇඳ නිරූපිකාවක් සමග ගිටාර් ගැහුවා ය කියා මේ දිනවල ලොකු හා හූවක් තිබේ.  කිසිදු ආගමක් නො අදහන මට හාමුදුරුවරුන් ගැන ආගමික භක්තියක් නැත. තමන්ට වඳින්නැයි ඔවුන් මට බල කරලාත් නැත. සම්මාදමේ එන හාමුදුරුවරු පුටුවල සුදු රෙදි එළන තෙක් බලා ඉන්න එකට නම් මම කැමති නැත.  බොදු බල සේනාව යනු ආගමික සංකේත භාවිතා කරන සටන්කාමී දේශපාලන සංවිධානයක් මිස ආගමික සංවිධානයක් නො වේ. කොටින් ම සිවුර යනු මේ සේනාවේ නිල ඇඳුම වැනි දෙයකි. ඒ නිසා එහි සිටින හාමුදුරුවරුන්ගෙන් ආගමික සිල්වත්කම් බලාපොරොත්තු වීම තේරුමක් රහිත ය. දේශපාලන ක්‍රියාධරයන් පිරිසක් ලෙස ඔවුන් සතුටින් තැබීම ඇත්තෙන් ම මේ සමාජයට හිතකර දෙයකි. තුරුණු වියේ හැඟීම්වලින් ආස්වාදය ලැබීමට ඔවුන්ට ඉඩ දිය යුතු ය.  ආදරය සිර කර තබන මේ සමාජයේ ඇති සියලු අගතීන් පිටු දැකිය යුතු ය. ආදරය, නිදහස විඳින මිනිසුන් අගය කළ යුතු ය.  මා සිතන්නේ ජනමාධ්‍ය විසින් ප්‍රශ්න කරමින් තිබෙන්නේ බොදු බල සේනාවේ දෙබිඩි පිළිවෙතයි. ඒ කියන්නේ අනුන්ට පීඩනය පතුරුවමින් තමන් ෆන් ගැනීමේ තිබෙන කුහකත්වයයි. මම නම් කියන්නේ මෙව

හෙනහුරාගේ කාංසාව හා නලින් දිල්රුක්ෂගේ සාංකාව

Image
මේ අපගේ දිනමිණ පුවත්පතේ බ්ලොග් පිටුව හෙවත් වලිගය විසින් බල්ලා වැනීම කියන බ්ලොග් සටහනේ වැටුුණු කමෙන්ට් දෙකක්. හෙනහුරා January 11, 2014 at 10:42 PM තරහ නැතුව "කාංසාව" කියන එක මොකක්ද කියල පැහැදිලි කරල දෙනවද? Replies Naleen Dilruksha January 12, 2014 at 6:57 AM සාංකාව යන්න වැරදිලා වැටිලා නේද   මෙය භාෂාව ගැන රසවත් මාතෘකාවක් සපයනවා. මම භාෂා විශාරදයෙක් නෙමෙයි. (බාසා වෙල්ලෙකුත් නෙමෙයි) ඒත්, මේ වචන දෙක ගැන මගේ අදහසයි මේ. මම ඉතින් පාලි සංස්කෘත දන්නේ නැහැනේ. මට ස්පර්ශ වෙන්නේ ඩොලර්වලට කිට්ටු, බටහිර, අධිරාජ්‍යවාදී, යුදෙව්, අරව මේව කියන ඉංගිරිසිය. මම හිතන්නේ ඉංග්‍රීසියෙන් මේ වචන දෙකට කිට්ටුවෙන් සමාන වෙන්නේ මෙන්න මේ වචන.     සාංකාව = melancholy කාංසාව = anxiety සාංකාව කියා ව්‍යවහාර වෙන්නේ යමක් අහිමි වීම නිසා ඇති වන අධික දුකටයි. කාංසාව කියා කියන්නේ අධික ලෙස ආසා කරන යමක් අත් පත් කර ගැනීමට නො හැකි වීම නිසා ඇති වන දුකයි.  මම බ්ලොග් සටහනේ යොදන්නේ කාංසාව කියන වචනයයි. උදාහරණයක් ලෙස සමාජවාදීන්, වාමාංශිකයන් ලෙස පෙනී සිටින ඇතැමුන්ට ධනවාදය ගැන තිබෙන්නේ

දිනමිණ පුවත්පතේ බ්ලොග් පිටුව හෙවත් වලිගය විසින් බල්ලා වැනීම

Image
අජිත් පැරකුම් ජයසිංහ නම් බ්ලොග්කරුවා බ්ලොග් ලිවීමෙන් ඉපැයූ මුදල් බ්ලොග්කරණය තුළ තිබෙන සුවිශේෂත්වය වන්නේ එහි තිබෙන අදහස් ප්‍රකාශනයේ නිදහසයි. තවත් අයකුගේ සංස්කරණයකට හෝ ව‍ාරණයකට ලක් නො වෙමින් තමන්ගේ අදහස විවෘතව, නිදහස්ව ප්‍රකාශ කිරීමේ අවකාශය බ්ලොග්කරණය විසින් සපයා තිබේ.  බ්ලොග්කරණය විශේෂයෙන් ම ජනප්‍රිය වූ‍යේ සම්ප්‍රදායික ජනමාධ්‍ය විසින් බැහැර කරන ලද සන්නිවේදකයන් පිරිසක් අතරයි. සිංහල බ්ලොග්කරුවෝ අන්තර්ගතය, ශෛලිය, භාෂාව ආදිය සම්බන්ධව සම්ප්‍රදායික ජනමාධ්‍ය විසින් නිර්මානය කරන ලද සීමා හිතුවක්කාර ලෙස අතික්‍රමණය කරන ලදී.  එසේම, බ්ලොග්කරණයේ තිබෙන අනෙකුත් සුවිශේෂ ලක්ෂණය වන්නේ පාඨකයන්ට අදහස් ප්‍රකාශ කරන්නට අවකාශය සපයමින් ඔවුන් හා ඍජුව සම්බන්ධ වීමයි. සංවාද ගොඩනැගීමයි. මෙය සම්ප්‍රදායික ජනමාධ්‍යවලට අත්පත් කර ගැනීමට නො හැකි තත්වයකි.  බ්ලොග්කරුවන් අතර දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් වන්නේ ඔවුන්ගේ ජාලගතවීමයි. අන්තර්ජාලය හරහා සිදු වුණ ජාලගතවීම්වලට අමතරව සුහද හමුවීම් සිදු වුණ අවස්ථා ද තිබේ. ඒ සුහද හමු වීම් සිදු වුණේ ද බ්ලොග් අවකාශයන්ගේ ලක්ෂණ තිබෙන ගල්කිස්ස වෙරළ වැනි පොදු අවකාශයන් තුළ ය.  සිංහල බ්ලොග

එදා වේල ගවර්න්මන්ට්ස්

Image
රාජ්‍ය පාලනය කියන්නේ ලේසි කෙළියක් නොවේ. බොහෝ අය හිතන්නේ පාලකයන් කරන්නේ මංගල කියන ආකාරයෙන් හා පරිමාණෙන් කොමිස් ගැහිල්ල විතරක් ය කියා ය. නැත. කවදා හෝ ඒ දූෂණ හෙළි වන එක ද වළක්වා ගත යුතු ය. ඒ සඳහා දිගට ම බලය රැක ගැනීම ද අවශ්‍ය ය. ඒ සඳහා ජනතාව ගොනාට අන්දවා ගන්නට නම් අටෝරාශියක් ගේම් ගැසිය යුුතු ය. තව විශාල පිරිසකට මේ දූෂණයේ දොරටු විවර කර දිය යුතු ය. මහජනතාවට ද සූප්පු කරන්න‍ට කටු බෙදා දිය යුතු ය. එපමණක් නො වේ. රට දියුුණු වෙන බව ද පෙන්විය යුතු ය. ඒ සඳහා සංඛ්‍යා ලේඛන අවශ්‍ය ය. පමා වී හෝ ලංකාවේ සංචාරක කර්මාන්තය සිය ඉලක්ක සපුරා ගත් බව පෙන්වන්නට ආණ්ඩුව සමත් වී තිබේ.  ගණන් හදන එක ලේසි කෙළියක් නොවේ. පමා වුණේ ඒ නිසා ය. නැතිනම් දොළොස් ලක්ෂය සම්පූර්ණ කළ සංචාරකයාට මල් මාලයක් දමන්නට තිබිණි. දැන් ඉතින් ඒ මල් මාලය තැපැල් කර අරින්නට හරි ඕනෑ ය.  මංගල සමරවීර නම් ගණන් හදන්නට හරියට දන්නවා ය. ඔහු ආණ්ඩුවේ ලොකු ලොක්කන් ගසා කා ඉතිරි කර ඇති ධනය සතේට විස්තර කරයි. ගසා කෑ අයටවත් ඒ ගණන් හරියට හදා ගන්නට අමාරු ය. මංගල ඉතින් චන්ද්‍රිකාගේ කාලේ ඒ කටයුතු ගැන හොඳින් අත්දැකීම් ලබා තිබේ.  මේ අව් අස්සේ තංගල්ල ප්‍රාදේශ

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන අලුත් පරීක්ෂණයක් අවශ්‍යයි

Image
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන නව තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ.  ලසන්ත වික්‍රමතුංගගේ සොයුරු ලාල් වික්‍රමතුංගත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාත් ඒ පිළිබඳ වැදගත් තොරතුරු හෙළිදරව් කර තිබේ.  විශේෂයෙන් ම සරත් ෆොන්සේකා විසින් ලසන්ත වික්‍රමතුංග හා පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කළ කණ්ඩායමක් ගැන හෙළිදරව් කරයි. වහාම මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු ය. එය ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් විය යුතු ය. මන්ද, මෙම ඝාතන සම්බන්ධයෙන් ඉතා බලවත් පුද්ගලයන්ගේ නම් කියැවී තිබේ. ඔවුන්ගේ බල අවකාශයන් තුළ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වෙන්නට නම් එය අනිවාර්යයෙන් ම ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් විය යුතු ය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

පලස්තීනය සමග දුවමින් ඊශ්‍රායලය සමග දඩයම් කිරීම

Image
ජනාධිපතිතුමා පලස්තීනයට ගියේ ය. එ‍රට ඉහළම පෙළේ සම්මානයකින් පිදුම් ලැබුවේ ය.  ඉන් පසුව ඊශ්‍රායලයට ද ගියේ ය. මා හිතන්නේ ජනාධිපතිතුමා පලස්තීනයට නිදහස ලබා ගන්නට මෙන් ම ඊශ්‍රායලයට පලස්තීනය මර්දනය කරන්නට ද උදව් කරයි.  පලස්තීනයේ වචීපරම මිතුරකු ලෙස එතුමාට කීර්තියක් තිබේ.  සිංහල අපි ඉතින් කොහොමත් එවැනි ය. සුළු ජාතීන් විෂයෙහි කටයුතු කරද්දී අපි ඊශ්‍රාලය අනුගමනය කරන්නෙමු. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ජාත්‍යන්තර ප්‍රජාවෙන් චෝදනා එල්ල වන විට අපි පලස්තීනය මෙන් අනුකම්පාව යදිමු.  'හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කිරීම වගේ'  යයි ප්‍රස්ථා පිරුළක් ඉංග්‍රීසියෙහි තිබේ. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

තෙන්නමරවාඩිය ගැන මතකය

Image
ස්තුතියි‍: සිලෝන් ටුඩේ / මාධව කුලසූරිය තෙන්නමරවාඩියට ගිය මේ ගමන මතක් වුණේ මෙන්න මේ ඡායාරූපය දැකලා. තෙන්නමරවාඩිය කියන්නේ මුලතිව්වලට දකුණින් නැගෙනහිර වෙරළේ කෝකිලායි කලපුව අද්දර පිහිටි ගමක්. එතැනට ගියේ මම පදවියේ වැඩ කරපු, යුද්ධය උත්සන්න වෙලා තිබුණු 1995 හෝ 1996 වගේ කාලෙ. එතකොට මම පදවියේ ලංකාදීප හා යුක්තිය වාර්තාකරු ලෙස වැඩ කළා.මම ඒ ගමන ගැන යුක්තියට ලිව්වා මතකයි. පදවි පරාක්‍රමපුර හිටි, හමුදාවේ නිලධාරීන් සමග යාලුකම් තිබුණු ව්‍යාපාරිකයකු වූ සනත් එක්ක තමයි මම ගමන ගියේ. සනත්ගේ නැගණියක් ඒ දිනවල මම උගන්වපු පන්තියක හිටියා.  පදවි ශ්‍රීපුර පසු කරලා සිංහපුර කියන පැරණි හමුදා කඳවුරකුත් පිහිටා තිබෙන පැරණි සිංහල ගම පසු කරලා කැළෑබද පාරකයි කෝකිලායි ආසන්නයට යන්න ඕනැ. කොයි මොහොතේ ප්‍රහාරයක් එල්ල වෙයි ද කියන්න බැහැ. සනත්ගේ සීඩී 125 ට්වින් බයිසිකලයෙන් වලවල වැටි වැටී ගිහින් කෝකිලායි කලපුවේ මෙහා කෙළවරේ තොටුපලටත් ගිහින් ධීවරයන් කී‍පදෙනෙකුත් එක්කත් කතා කරලා, කොක්කුතුඩුවායි කියන ගමේ හමුදා කඳවුරෙන් දවල්ට බතුත් කාලායි ආවේ. ඒ ගම ඒ වන විට හමුදාව විසින් ජයසිංහපුර කියා නැවත නම් කරලායි තිබුණේ. ගමක් කිව්වාට සි

මීළඟ ජනාධිපතිවරණයේදී කුමක් වෙයිද? මන්ත්‍රාචාර්ය අජිත් පැරකුම් ජයසිංහගේ විග්‍රහය

Image
විශාල  කර බැලීමට පිංතූරය මත ක්ලික් කරන්න මම කේන්ද්‍ර තඹ දොයිතුවකට විශ්වාස නො කරමි. ලංකාවේ දේශපාලනයේ ඉහළ තලය මේ වන විට බොහෝ දුරට කේන්ද්‍ර විශ්වාස කරන මිථ්‍යාදෘෂ්ටීන්හි ගැලී සිටින බව පෙනේ. එහෙත්, පසුගිය දිනවල ජ්‍යෝතිෂකරුවන් විසින් ඉදිරි ජනාධිපතිවරණය ගැන පුවත්පත්වල පළ කර තිබූ අනාවැකි කීපයක් මම අධ්‍යයනය කළෙමි.  මගේ නිරීක්ෂණය අනුව, මෙම ශිල්පය අනුව, ජ්‍යෝතිෂකරුවාට තමන් ළඟට එන පුද්ගලයාව සතුටු හෝ බියපත් කළ හැකි අන්දමින් සිය විග්‍රහය රෝල් කර ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේ.  මගේ නිරීක්ෂණයට ලක් වූ මව්බිම පුවත්පතේ පළ කර තිබුණු අනාවැකි අනුව, කාගේත් විග්‍රහ පදනම් වන්නේ මූලික කාරණා කීපයක් මතයි. එනම්, ලංකාවේ කේන්දරය අනුව නොවැම්බරයේ සෙනසුරු මාරුවක් තිබේ. ජුනි මාසයේ බ්‍රහස්පති උච්චස්ථානයට පැමිණීමක් ද සිදු වේ. එසේම 2014 කාන්තාවන් බලවත් වන වසරකි. මෙම කරුණු මත පදනම්ව ජ්‍යෝතිෂකරුවන් තම ගනුදෙනුකරුවන්ගේ හිතවත්කම් අනුව තව තව අතුරු කාරණා පටලවා ගනිමින් විග්‍රහය සකසන ආකාරය නිරීක්ෂණය කළ හැකි ය. ජනාධිපති ජ්‍යෝතිෂ උපදේශක සුමනදාස අබේගුණවර්ධන ජනාධිපතිට පක්ෂව අනාවැකිය රෝල් කරද්දී නාත්තන්ඩියේ පී. ඩී. පෙරේරා ඔහ