Posts

Showing posts from March, 2012

වාහන බදු ඉහළට

සාමාන්‍ය මිනිසුන් ගමන් බිමන් යන්නට පාවිච්චි කරන මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ හා කුඩා කාර් ඇතුළු සියලු වාහනවල නිෂ්පාදන බදු වැඩි කරමින් එම වාහනවලින් අය කරන මුළ බදු මුදල ඉහළ දැමීමට රජය මාර්තු 31 සිට පියවර ගෙන තිබේ.  ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1000ට අඩු කුඩා කාර් සඳහා නව බද්ද 200%කි. ත්‍රිරෝද රථ හා මෝටර් සයිකල් සඳහා බදු 100%කි.  මෙම බදු වැඩි කිරීමේ අරමුණ රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම හා ආනයන වියදම් අඩු කිරීම බව රජයේ නිවේදනය අනුව පෙනේ.  විස්තර මෙතැනින් මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉංගිරිසි පද පෙරළිය

Image
ජවිපෙන් වෙන් වී ගිය වාම කණ්ඩායම විසින් පක්ෂයක් පිහිටුවනු ලැබ තිබේ. මේ පක්ෂයේ නම පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. එහෙත්, පක්ෂයේ ඉංග්‍රීසි නම Frontline Socialist Party ය. පෙරටුගාමී පක්ෂය යන වචනය සිංහල වාම දේශපාලන ශබ්දකෝෂය තුළ මෙතෙක් නම් යෙදුණේ Vanguard Party යන සංකල්පය වෙනුවෙනි. Frontline යන වදනට ගැලපෙන පරිවර්තනය වන්නේ ඉදිරිපෙළ යන්නයි. පහත පළ වන්නේ නව පක්ෂය නිවේදනය කළ පුවත්පත් සාකච්ඡාවේදී සේනාධීර ගුණතිලක කළ ප්‍රකාශයක්: දේශපාලන පක්ෂයක් වුවමනා වෙන්නේ ඇයි? විවිධාකාරයෙන් දෛනික ප‍්‍රශ්නවලදී මැදිහත් වෙන, ඒ වෙනුවෙන් කතා කරන සක‍්‍රිය දේශපාලන ව්‍යාපාර තිබෙනවා. නමුත් මුළුමහත් මානව සංහතිය මුහුණ දෙන ප‍්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙන, ඒ අභිලාෂයන් දිනවන පක්ෂයක් සඳහා සමාජයේ විශාල හිස්තැනක් තිබෙනවා........අනෙකා වෙනුවෙන් සටන් කරන සම්ප‍්‍රදායක් ඇති කරන්න පුළුවන්, කොදෙව් සීමාවෙන් පිටට ගිය ජාත්‍යන්තරවාදී චින්තනයක් හදන්න පුළුවන් වමට විතරයි. ඒ වෙනුවෙන් පෙරටුගාමී වැඩ කොටසක් කරන්නයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස පෙරට එන්නේ. ඔවුන් මේ කතා කරන්නේ නිර්ධන පංතියට දේශපාලන නායකත්වය සපයන කොමියුනිස්ට්වාදී පෙරටුගාමී

ලංකාව කොතල හිඹුටුව ජපානයට පාවා දුන් වගයි

දේශීය උරුමයන් පිළිබඳ මහ ඉහළින් කතා කරන ආණ්ඩුව අපේ රටේ වටිනා ඖෂධීය ශාකයක් වන කොතල හිඹුටු ජපානයට පාවා දී ඇති ආකාරය හෙළිදරව් වී ති‍බේ. ආනමඩුවේ අක්කර 50ක ඉඩමක ආයෝජන මණ්ඩලයේ අනුමැතියෙන් අපනයනය සඳහා කොතල හිඹුටු වගාවක් ආරම්භ කර ඇති අතර මෙය අයත් වන්නේ ජපන් සමාගමකට බව හෙළි වී තිබේ.  කොතල හිඹුටු විකසනය කිරීමෙන් නිපදවනු ලබන ඖෂධ සඳහා දැනට විදේශිකයන් විසින් පේටන්ට් බලපත් 116ක් පමණ ලබාගෙන ඇති අතර ඒ නිසා ලංකාවට කොතල හිඹුටු ආශ්‍රයෙන් නිපැදවීමක් කිරීමට නම් මෙම පේටන්ට් අයිතිකරුවන්ට ගෙවීමට සිදු වී ඇත.  පරිසරවේදීන් කියන්නේ ලංකාව කොතල හිඹුටු අපනයනය වළක්වා මෙම පේටන්ට් අසාර්ථක කළ යුතු බවයි.  විස්තර මෙතැනින් මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

භාතිය සන්තුෂ් ප්‍රසංග ෙනාමිෙළ් ලබා ගැනීමට ලියාපදිංචි වන්න

Image
ලංකාෙව් මිහිකත හෝරාව සැමරීමේ උත්සවයේ තානාපතිවරුන් වශයෙන් කටයුතු කරන්ෙන් භාතිය සන්තුෂ් ගායක ශිල්පීහු ය. මාර්තු 31දා රාත්‍රී 8.30 සිට 9.30 දක්වා මිහිකත ෙහා්රාව සැමරීම පිණිස ඒක් පළාතකින් 10,000කට වැඩි පිරිසක් ලියාපදිංචි වන්ෙන් නම් ඒම පළාෙත් ෙනාමිෙළ් ප්‍රසංගයක් පවත්වන බව ෙමම තානාපතිවරු පවසති. ලියාපදිංචිය සදහා විස්තර ෙමතැනින් . මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

සුදු වෑන්වලින් පැමිණ මිනිසුන් උස්සන අය ගැන සාක්කියක්

පහත පළ වන්නේ පළාත් සභා මන්ත්‍රීවරයකු හා ජීවන් කුමාරතුංග ඇමතිවරයාගේ මස්සිනා වන පුද්ලයකු සුදු වෑන් රියකින් පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා පසුව නිදහස් කිරීම ගැන දිවයින පුවත්පතේ පළ වූ වින්දිතයාගේ ප්‍රකාශවලින් උපුටා ගත් කොටස් කීපයකි. සම්පූර්ණ වාර්තාව දිවයිනෙහි පළ වී ඇත.  ජීවන් කුමාරතුංග අයියාත්, ජනාධිපතිතුමාත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් මැදිහත් නොවන්නට තමන් අද ජීවතුන් අතර සිටිනවාදැයි කිව නොහැකි බවද හෙතෙම කීය. සිද්ධිය වූ සැණින් මගේ රියෑදුරු සියලු තැන්වලට කතා කරලා මේ ගැන කියා තිබුණා. ජීවන් කුමාරතුංග අයියා වහාම මැදිහත් වී ජනාධිපතිතුමා සහ ආරක්‍ෂක ලේකම්තුමා දැනුවත් කර මාව බේරා ගැනීමට හැකි උපරිම පියවර ගෙන තිබුණා. එසේ යන විට ස්‌ථාන දෙකකදී එහි සිටි අයට දුරකථන ඇමතුම් ලැබුණා. විනාඩි දෙක තුනක්‌ ඔවුන්ගෙන් අයෙක්‌ කා සමග ද කතා කරමින් සිටියා. මට වට පිට බලන්නවත් කෑගහන්නවත් දුන්නේ නැහැ. බොහෝ දුරක්‌ යන විට වෑන් රථය පැදවූ අයට දුරකථන ඇමතුමක්‌ ලැබුණා. ඒත් සමඟ ඔහු "මූව දමලා යමු" කිව්වා. මගේ ජීවිතය ගලවා ගැනීමට හැකිවූයේ සිද්ධිය වූ මොහොතේ සිට ජීවන් අයියා, ජනාධිපතිතුමා, ආරක්‍ෂක ලේකම්තුමා

කීර්ති වරණකුලසූරිය ජිනීවා යෝජනාව බල රහිත කරයි

ඉංග්‍රීසි නො දත් සිංහල මිනිසුන් නො මග යවා, සතුටු කර, සිය අරමුණු ඉටු කර ගැනීමේ පවිටු දේශපාලනයේ කොටස්කරුවකු වන දිවයින පුවත්පතේ විශ්ලේසකයකු වන කීර්ති වරණකුලසූරිය ලියූ ප්‍රබන්ධයක් අනුව, ඊශ්‍රායලය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීම නිසා එම කවුන්සිලය මෙහෙයවූ මානව හිමිකම් සමුළුවේදී සම්මත වූ යෝජනා බල රහිත වී ඇත. මෙම ජනමාධ්‍යකරුවාට ඉංග්‍රීසි කියවා තේරුම් ගැනීමේ ගැටලුවක් ද ඇතැයි අනුමාන කළ හැකි අන්දමේ ලිවීම් රැසක් ඔහු නමින් පළ වී තිබෙන අතර මේ එහි අලුත් ම සිද්ධියකි.  හෙට දවසේ එසේ නො වන බව ඔප්පු වන මෙවැනි පුවත් මවා අද දවසේ වේල පිරිමසා ගැනීමේ පුවත්පත් ව්‍යාපාරය නම් ඇත්තට ම කණගාටුදායක එකකි.  ඇත්ත වශයෙන් ම සිදු වී තිබෙන්නේ ඊශ්‍රායලය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීම නො වේ. ඉවත් වන්නට ඒ රට එම කවුන්සිලයේ සාමාජික රටක් ද නො වේ. සිදු වී ඇත්තේ ජිනීවා සමුළුවේදී ඊශ්‍රායලය විසින් පලස්තීන භූමියේ පිහිටුවනු ලබන ජනාවාස පිළිබඳ සොයා බැලීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ගත් තීරණයත් සමග එරට මානව හිමිකම් කවුන්සිලය සමග සබඳතා අත්හැරීමයි.  ඒ අනුව, අදාළ පරීක්ෂණ මණ්ඩලයට පරීක්ෂණ සඳහා ඊශ්‍රායලයේ සහයෝගය හා ප්‍රෙ

ඉන්දියාව තවත් එක් රටක් ලෙස පමණක් සලකන්නැයි හෙළ උරුමයෙන් යෝජනාවක්

ජාතික හෙළ උරුමය ආණ්ඩුව ගත යුතු මග පිළිබඳ විකල්ප යෝජනාවලියක් ජනාධිපතිට භාර දීමට නියමිත බව එහි මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කියා තිබේ.  එහි විශේෂ ම ලක්ෂණය වන්නේ ඉන්දියාව කලාපයේ තවත් එක් රටක් ලෙස පමණක් සලකන්නැයි ඉල්ලා සිටීමයි.  මේ වනාහි ලංකාවේ සමස්ත ඉතිහාසයට ම පටහැණි කතාවකි. මන්ද, ලංකාවට කිසිදු කලෙක ඉන්දියාව තවත් එක රටක් පමණක් වි නැත. ඉන්දියාව හැමදාමත් ලංකාව සමග සුවිශේෂ සම්බන්ධයක් තිබුණු රටකි. ඉන්දියාවෙන් ලංකාවට මෙන් ම ලංකාවෙන් ඉන්දියාවටත් සිදු වූ බලපෑම් අති මහත් ය. ජාතික හෙළ උරුමයේ අඟේ ඉඳන් කන කෑමේ උපාය මෙම යෝජනාවෙන් කදිමට ප්‍රදර්ශනය වේ. අන්තවාදීන් පිරිසකගේ බලය සඳහා වූ පටු පරමාර්ථ සාධනය කර ගැනීම පිණිස ඉදිරිපත් කරන මෙවැනි කේවට්ට උපදෙස් ක්‍රියාත්මක කළහොත් සිදු වනු ඇත්තේ ලෝකයෙන් හුදකලා වි සිටින ලංකාව කලාපයෙන් ද හුදකලා වීම බව පාලකයන්ට වැටහිය යුතු ය.  තවත් විස්තර මෙතැනින් මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

නඩු නැති රටට පායාවි ද සූර්යා

නීතියේ පිළිසරණ ලබා ගත නො හැකි අයට අදව් කිරීම සඳහා යයි කියමින් පිහිටුවා ඇති රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා නීති ආධාර කොමිසම හෝ වෙනත් කිසිදු නීතිඥයකු හෝ තමන් වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් නො වන බව ඊයේ ජානක පෙරේරා ඝාතන නඩුව අනුරාධපුර මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විත්තිකරුවෝ දෙදෙනා පැවසූ හ.  මෙම නඩුව දැන් වාර ගණනාවක් තිස්සේ කල් යමින් ඇත්තේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයන් ඉදිරිපත් නො වන නිසා ය. විස්තර මෙතැනින් ලංකාවේ නිතියේ පාලනයට සිදු වී ඇති තත්වය මෙයින් කදිමට නිරූපණය වේ.  අධිකරණයෙන් වරදකරුවකු වනතුරු සැකකරුවන් අධිකරණය සලකන්නේ නිදොස් පුද්ගලයන් සේ ය. එනයින් ගත් කල සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටීම නීතිඥයන් ප්‍රතික්ෂේප කරන්නේ නම් එම සැකකරුගේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදු වේ.  මෙවැනි තත්වයක් ඇති වූයේ එක වර ම නො වේ. කලක් තිස්සේ රාජ්‍ය අනුග්‍රහයෙන් ගොඩනැගුණු තත්වයන් මෙයට හේතු විය.  අද වන විට අධිකරණ භූමියේදී ප්‍රසිද්ධියේ ම නින්දිත අන්දමින් නීතිඥයන්ට පහර දෙන තත්වයක් උදා වී ඇත.  මෙම සබඳතා පුරුකේ සඳහන් වන සිද්ධියට අදාළ කිසිදු සැකකරුවකු තවමත් අත්අඩංගුවට ගෙන නැත. මේ ලිපියට ඔබ කැම

ලජ්ජා නැතිකම අධ්‍යාපන ඇමතිකමටත් වඩා ලොකු ය

තුන්දෙනෙකුගෙන් යුත් පවුලකට බුද්ධිමත්ව වියදම් කළහොත් රු. 7500.00කින් මාසය ගත කළ හැකි බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ගිය සතියේ කී අතර එය උපහාසයට, හාස්‍යයට හා ජනතා වෛරයට ද පාත්‍ර විය.  එහෙත්, අධ්‍යාපන ඇමති එම ප්‍රකශය ඊයේ ආනන්ද විද්‍යාලයේදී නැවතත් කර තිබේ. විස්තර මෙතැනින් ඒ කියන්නේ ඔහු මෙම අදහස පළ කර ඇත්තේ නිකම් කට කහනවාට නො වේ. ඒ නිසා අපි දැන් එසේ කළ යුතු ය. මෙවැනි ප්‍රාතිහාර්යයක් කිරීමට අප වැනි හුදී ජනයින්ට බුද්ධිය ප්‍රමාණවත් නැති නිසා බුද්ධිමත් ඇමති බන්දුල ගුණවර්ධන දැන් එසේ කරන අන්දම රටට කියා දිය යුතු ය.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ඉන්දීය අගමැතිවයාගේ ලියුම සිහි බුද්ධියෙන් යුතුව කියවනු

ඉන්දියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේදී ලංකාව සම්බන්ධ යෝජනාවට පක්ෂව ඡන්දය දීමෙන් පසු ඉන්දීය අගමැතිවරයා විසින් ලංකාවේ ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපිය සිහි බුද්ධියෙන් කියවා බැලීම මේ රටේ පාලකයන්ගේත්, පුරවැසියන්ගේත් යුතුකමකි. (හැම ගැහැනියක් ම මිනිසෙක් ම පුරවැසියෝ නො වෙති.)  ඉන්දීය අගමැතිවරයාගේ ලිපිය මෙතැනින් කියවන්න.  යෝජනාවේ වචන වෙනස් කිරීම සඳහා ඉන්දියාව මැදිහත් වූ බව එහි සඳහන් කර ඇත. එයින් පෙනෙන්නේ යෝජනාවේ කලින් අඩංගු වන්නට ඇත්තේ මීට වඩා දැඩි වගන්ති බවයි.  එසේ ම, ඉන්දීය අගමැතිවරයා පැහැදිලිව ම කියා ඇති පරිදි බලය බෙදා ගැනීම ඔස්සේ ලංකාවේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සොයා ගත යුතු ය යන ස්ථාවරයේ ඉන්දියාව හැම විට ම සිට ඇත.  මේ ටික තේරුම් නො ගෙන, ලංකාව දිනුවා යි තර්ක කරන සී. ඒ. චන්ද්‍රප්‍රේම පන්නයේ කේවට්ටයන්ගේ උපදෙස් පිළි ගනිමින්, 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කළ යුතු යයි තර්ක කරන එස්. එල්. ගුණසේකර වැනි අවලංගු කාසිවල වලංගුභාවය දිනා ගැනීමේ ගැටවලට හසු වෙමින්, ඉන්දියාව පනතට පක්ෂව ඡන්දය දුන්නේ ඉන්දියාවේ අභ්‍යන්තර ප්‍රශ්න නිසා ය වැනි ගොන් කතා කියමින් තවත් අවුරුද්දක් ගත කරන්න

කෙළ පඩික්කම් නීතිඥයන්ගේ ඔලුවේ නවන හාමුදුරුවෝ හා උපාසක උපාසිකාවෝ

Image
කෝට්ටේ පන්සලක භික්ෂූන් නෙමක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සුමිත් සිල්වාට අමානුෂික ලෙස පහර දී තිබේ. එම පහර දීම කර ඇත්තේ අදාළ සැකකරුවන් වෙනුවෙන් නිතිඥයන් පෙනී නො සිටිය යුතු බවට අධිකරණයේ උද්ඝෝෂණයක් කළ බෞද්ධ භික්ෂූන්, උපාසක, උපාසිකාවන් ඇතුළු පිරිසේ සිටි අය බව වාර්තා වේ.  පහර දීමට භික්ෂූන් ද සහභාගි වී ඇති අතර උපාසිකාවක් නීතිඥයාගේ හිසේ සිට කෙළ පඩික්කමක් පෙරළා ඇත.  නීතිඥයාට බිම දාගෙන පහර දුන් බව ද වාර්තා වේ. මෙම පහර දීම ද අර ඝාතනය තරම් ම නින්දිත එකකි. එම ඝාතනය සිදු කළේ ද මෙම උපාසක උපාසිකාවන් වැනි ම වූ පන්සල් පාළුවකු විසින් වීම ද සුවිශේෂ ය. ඔහු පන්සලක අටවන ලද දේවාලයක බස්නායක නිලමේ කෙනෙකු බව ද කියැවිණි.  බුදු හිමියන් දෙසූ දහම අවිහිංසාවාදී දහමකි. ලංකාවේ අද ඇත්තේ බුදු හිමියන්ගේ බුදු දහම නො වේ.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

මිනීමරන රක්ෂණ හා සඟුන් මරන බස්නායක

Image
කෝට්ටේ රජ මහා විහාරයේ භික්ෂු දෙනමක් ඝාතනය කිරීම මෑත වකවානුවේ ලංකාවේ සිදු වෙමින් ඇති ඝාතන රැල්ලේ සුවිශේෂ සිද්ධියකි.  එය සමාජයේ සිදු වී ඇති පරිහානිය නිරූපණය කරන හරස්කඩකි.  ප්‍රධාන මිනීමරුවා රස්සාවට කර ඇත්තේ මිනිසුන් රක්ෂණය කිරීමයි. ඒ මදිවාට ඔහු කොහේදෝ දේවාලයක බස්නායකකමක් ද අටවාගෙන ඇත්තෙකි. අද කාලයේ එවැනි තනතුරු මෙවැනි මාකටිංකාරයන්ට ආභරණ ය.  එම පුද්ගලයා සිය අත්උදව්කරු සමග මෙම මිනීමැරුම් දෙක කරන්නේ රුපියල් ලක්ෂ පහක් සොරා ගන්නට ගොස් අසු වීම නිසා ය. ලස්සන මුහුණක් ඇති, ටයි දමාගෙන ගෙන් ගෙට ගොස් මාකටිංවල නියැලෙන, මිහිරි බස් තෙපලන මෙවැනි පුද්ගලයන් සමාජයේ සුලබ ය. ඔවුන් සොර සිත් ඇත්තන් ලෙස නො පෙනෙති. එහෙත්, සමාගම් සමග හවුල් වී මොවුන් මිනිසුන්ගේ ඉණ ඉහ අතගාන්නේ කිසිදු දයාවකින් කොරව ය. මොහු සොරකම අසු වීමෙන් පසු හැසිරී ඇති සාහසික ස්වභාවය අනුව, මුදල් පසුපස හඹා යන මේ සමාජයේ මිනිසකුට සාහසිකයකු වීම කෙතරම් සරළ කාර්යයක් ද යන්න පැහැදිලි ය.  හාමුදුරුවන් සිය මුදල රක්ෂණ සමාගමේ ආයෝජනය කළහොත් තමන්ට ලැබෙන්නේ කොමිස් මුදල පමණක් නිසා මුළු මුදල ම ලබා ගැනීමේ අටියෙන් මෙම පුද්ගලයා සොරකමට යොමු වී ඇත.  ඉස්සර

ජිනීවා පිහිටා ඇත්තේ කොහි ද?

Image
මේ දිනවල මුළු ලංකාවේ ම අවධානය යොමු වී ඇති ජිනීවා නුවර පිහිටා ඇත්තේ කුමන රටේ ද?  පිළිතුර  ස්වීඩනයේ ය. අද දිනමිණේ පළ වූ පහත සඳහන් පුවත කියවන්න.  සුනන්ද දේශපි‍්‍රය අත්අඩංගුවට අනුර ප්‍රේමලාල් ජිනීවා නුවර සිට ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරමින් සිටි සුනන්ද දේශප්‍රිය ස්වීඩන් පොලිසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාව විසින් ගෙනා යෝජනාවට විරෝධය දක්වමින් මුළු යුරෝපයම ආවරණය වන පරිදි ශ්‍රී ලංකිකයන් දසදහසක් පමණ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටට රැස්වෙමින් ඊයේ (19) උද්ඝෝෂණයක් පැවැත්වූහ. එම විරෝධතා ව්‍යාපාරයට පැමිණි ශ්‍රී ලංකිකයන් වීඩියෝ කිරීමට සුනන්ද දේශපි‍්‍රය උත්සාහ කර ඇත. එහිදී සිදු වූ උණුසුම් අවස්ථාවෙන් පසුව ස්වීඩන පොලිසිය විසින් සුනන්ද දේශපි‍්‍රය අත්අඩංගුවට ගෙන ඇත. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

බුද්ධිමය කරාටේකාරයන්ගේ පටි හා පටිසෝතගාමී රාවය

Image
රාවය පටිසෝතගාමී නම් වචනයක් කලක සිට පාවිච්චි කරයි. දැන් වාමාංශිකයෙකු නො වන, කවදාවත් බුද්ධිමතකු නො වූ මෙම ලේඛකයා ඉඳහිට රාවයේ මාතෘකා හා විමලෙගෙ කොලම වැනි බරසාර ලිපි කියවන අතර මේ වචනය දුටු මුත් එහි තේරුම ඔහුට මතක නො තිබිණි. රාවයේ භාවිතාවෙන් නම් මෙහි තේරුම සොයා ගැනීම දුෂ්තර ය. පටිසෝතගාමී යන වචනය අන්තර්ජාලයෙන් සොයන්නට ගිය විට හමු වන තරමක් හමු වන්නේ රාවයේ විකටර් අයිවන් හා ගාමිනී වියන්ගොඩ හා තවත් අය දෙපිල බෙදී සංවත්සර උළෙලට ජනාධිපති ගෙන්වීම හා ජනාධිපති ආරක්ෂකයන් වාමාංශික ජාතික වස්තුවල ඉහ ඉහ සෝදිසි කිරීම පිළිබඳ සංවාදයේ ලට්ට ලොට්ට ය. අවසානයේදී මේ වචනයේ තේරුම වෙබ් පිටුවක තිබුණු කුඹුකේ විසුද්ධි චිත්ත හිමියන්ගේ දහම් ලිපියකින්  සොයා ගත්තෙමි. එහි එය අප වැනි හුදී ජනයින්ට තේරෙන අන්දමින් මෙසේ විස්තර කර තිබිණි. බුදුරදුන් අප උනන්දු කරවා ඇත්තේ ‘පටිසෝතගාමී’ ප්‍රතිපදාව අනුව දිවි පැවැත්වීමටය. ජීවත්වන්නන් වාලේ ජීවත්වීම, එනම්, ඇස, කන, නාසය, දිව සහ ශරීරය යන පසිඳුරන් පිනවමින්, කම්සුව පසුපස ලුහු බඳිමින් රැල්ලට හසුව සිටීම අනුසෝතගාමී පිළිවෙතය. ඉන් මිදී විමුක්තිය සලසා ගන්නෝ පෙර කී පරිදි පටිසෝතගාමී ප්‍රතිපදා

ඇමරිකන් ජීමේල් වෙනුවට විමල්ගෙන් දේශීය වීමේල්

Image
ලංකාවේ ආණ්ඩුවේ ඇමති චම්පික රණවක ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව යුද්ධ කරන්නට සූදානම් බව කියා ඇත. එය ආණ්ඩුවේ ස්ථාවරය නො වන බව වෙනත් බලධාරියෙක් කියා ද නැත.  විස්තර මෙතැනින්  Sri Lanka Ministers' wars against US ජවිපෙ ඉන්න කාලයේ පටන් ම චම්පික හිටගෙන කරන දේ දුව, දුව කරන විමල් වීරවංශ ඇමතිතුමා හරි හරියට හිටිමින් ඇමරිකන් නිෂ්පාදන වර්ජනයක් ආරම්භ කර තිබේ.  ඔහුගේ වර්ජනය ආරම්භ කර තිබෙන්නේ ජීමේල් හා යාහුවලිනි. දැන් ලංකාවේ කට්ටිය මේ නො මිළේ දෙන ඊමේල් සේවා ප්‍රතික්ෂේප කිරීමත් සමග නියතව ම ඒවා බිඳ වැටෙනු ඇත. එපමණක් නො ව, ලංකාවට එරෙහිව කුමන්ත්‍රණ කරන සෙසු බටහිරයන්ගේ ෆේස්බුක් වැනි මෙවැනි සෙසු නො මිළේ දෙන අන්තර්ජාල සේවා ද ප්‍රතික්ෂේප කළ යුතු ය.  ගුගල් හා බ්ලොගර් ද වර්ජනය කළ යුතු අතර ඒ සමග ම මෙම ලේඛකයා ද කම්මුතු ය.  දැන් ඉතින් අපි මේවාට විකල්ප සොයා ගත යුතු ය. ජීමේල් වෙනුවට වීමේල් කියා ක්‍රමයක් හඳුන්වා දෙන්නට පුළුවන. එය මෙසේ ක්‍රියා කරවිය හැකි ය. පරෙයියන්ට කන්නට වී දී අල්ලාගෙන කකුලේ ගැට ගසා ලියුම් යැවිය හැකි ය. එහෙත්, පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයි ඇහැකි හඳුන ගන්න කියන නන්දක්කාගේ සිදු කෑල්ල ද මතක ත

බය නො තේරෙන චම්පිකගේ අලුත් දහං ගැටය

Image
ඉරාන තානාපති බදාගෙන ලංකාවේ සිටින අසංඛ්‍යයක් ඇමතිවරු අතරින් බය නො තේරෙන ම පුද්ගලයා හෝ එහෙම නැතිනම් වැඩි ම උන්නතිකාමී පුද්ගලයා විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක ය.  විමල් වීරවංශ හා ඔහු අතර ඇති බය නො තේරෙන පුද්ගලයා වීමේ තරගයෙන් මේ වන විට චම්පික රණවක ඉදිරියෙන් සිටියි.  ඊයේ පදනම් ආයතනයේ පැවති ජාතික හෙළ උරුම සම්මන්ත්‍රණයේදී ඔහු ඇමරිකාවට පලු පැලෙන්නට දුන්නේ ඇමතිකම හා රාජ්‍ය තාන්ත්‍රිකකම බල්ලාට ගියත් කමක් නැහැ ය කියා හිතමිනි.  ඔනෑම රටක් සමග එක්ව ඇමරිකාවට එරෙහිව සටන් කරන්නට සූදානම් බව ඔහු කීවේ කිනිහිරය වෙනුවට මිටිය වන්නට සූදානම් බවට උපහැරණයක් ද කියමිනි.  ඇමරිකාවට එරෙහිව මෙතෙක් සැබැවින් කට ඇරිය ආණ්ඩුවේ එක ම නායකයා චම්පික රණවක ය. ඇමරිකාව කොටි සංවිධානය සමග සම්බන්ධ බව ඔහු කෙළින් ම කීවේ ය.  තමන් වෙනත් ඇමතිවරුන්‍ හා නායකයන් සේ ඇමරිකාවේ, යුරෝපයේ වීසා බලාගෙන බත් මුඛයත් අධෝ මුඛයත්  පියාගෙන ඉන්නා කෙනෙකු නො වන බව චම්පික රණවක පෙන්වා දී ඇත.  චම්පික දක්ෂ දේශපාලනික උපායික විශේෂඥයෙකි. 2001 ඡන්දය වෙලාවේ ලේඛකයා අනුරාධපුර කඩ පනහේ පැවති සිහල උරුමයේ රැස්වීමක් දුටුවේ ය. එය බලන්නට එක ම මිනිහෙක්වත

දිනමිණෙන් හෙළි වන ජාතියක මෝඩකම, අමනකම හා පිස්සුව

ලේඛකයා 1990 චශකයේදී ඇක්වයිනාස් විද්‍යාලයේ පුවත්පත් කලාව පිළිබඳ පාඨමාලාවක් හදාරමින් සිටියදී ඔහුගේ ගුරුවරයකු වූ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු වූ ලේඛකයාට නම මතක පරිදි රෝලන්ඩ් ද සිල්වා මහතා විස්තර කළ අත්දැකීමක් අද දිනමිණ පුවත්පත කියවීමත් සමග ඔහුට නැවතත් සිහිපත් විය.  ඉංග්‍රීසි බසින් විදේශ පුවත්පත්වලට නිදහස් මාධ්‍යකරුවකු ලෙස ලිපි ලියූ සමයේ ඔහු නිරතුරුව ම ප්‍රතික්ෂේප සටහන් හෙවත් rejection slips ලැබූ බව එකී ජ්‍යේෂ්ඨ මාධයවේදියා කීවේ ය. විදේශ පුවත්පත් ලිපි තෝරා ගැනීමේදී ඒවායේ ගුණාත්මකබව මෙන් ම අදාළ ලිපිය එම පුවත්පතේ පාඨක අවශ්‍යතාවන්ට ගැලපේ ද යන්න නිරතුරුව ම සලකා බලන බව ද ඔහු කීවේ ය.  එබැවින් විදෙස් පුවත්පතක ලිපියක් පළ කර ගැනීම පහසු නැත. ඔහු පැවසූ කරුණක් ලේඛකයාට මතක පරිදි ඔහු ලංකාවේ නිදහස් උළෙල ලංකාවේ ඉංග්‍රීසි පුවත්පතකට වාර්තා කර ‍රුපියල් පනහක් ඉපැයූ අතර, විදේශ පුවත්පතකට වාර්තා කර ඩොලර් පනහක් ඉපැයුවේ ය.  වරක් ඔහු තමන් අත එකතු වූ rejection slips පිළිබඳව ද ලිපියක් ලියා පළ කළ බව හේ සිහිපත් කළේ ය. ලේඛකයාට මෙම ජනමාධ්‍යවේදියා හමු වන විට ඔහු බ්ලූම්බර්ග් නම් ආර්ථික පුවත් නියෝජිතායතනයේ සේවය කරමින් සිටියේ

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ සත්කාරත්වය ලබා ගැනීම සඳහා වූ වියදම

Image
ජාතියේ ආඩම්බරකාර පුතාගේ ක්‍රීඩාශීලී සිහිනයක් වූ 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීමේ බොඳ වී ගිය සිහිනය වෙනුවෙන් වැය වූ මුදල දැන් හෙළිදරව් වී තිබේ.  මෙම සිහිනය සැබෑ කර ගැනීමට එක්සත් ජනපදයේ  PMPlegacy  නම් මහජන සම්බන්ධතා සමාගමට ගෙවූ මුදල්, ඉන්දීය උත්සව සංවිධාන සමාගමකට ගෙවූ මුදල්, ඡන්ද විමසීම පැවති සෙන්ට් කිටීස් දූපතට ලාංකික නියෝජිත පිරිස යාමට, එහි විසීමට හා ආපසු ඒමට කළ වියදම් ආදිය රු. කෝටි 88ක් බව වාර්තා වේ.  සෙන්ට් කිටීස් දූපතේ පැවති ඡන්ද විමසීමේ සිසියට සහභාගි වූ 400ක් පමණ පිරිසෙන් 160ක් ම ලංකාවේ දූතයන් වූ බව වාර්තා වේ. ලාංකීය පිරිස අතර නාමල, මහින්දානන්ද වැනි දේශපාලකයෝ, කබරාල වැනි නිලධාරීහු මෙන් ම අනර්කලී වැනි කට්ටිය ද, බෙරකාරයෝ, නැට්ටුවෝ, උයන්නෝ, වළං හෝදන්නෝ ආදීහු ද වූ හ.  හිනා කන වැඩේ කියන්නේ 2012 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීමේ අවස්ථාව දිනා ගත් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පැමිණ සිටියේ නියෝජිතයන් 20ක් පමණි. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නියෝජිතයෝ අපේ සල්ලිවලින් කා, බී, මුන්ගේ ජෝගි නැටුම් බලා පස්ස පැත්තෙන් හිනා වෙමින් ඕස්ට්‍රේලියාවට ඡන්දය දුන් හ. ම

කහවත්ත මිනීමැරුම වත්මන් දේශපාලනයේ හරස්කඩක් පෙන්වන විච්ඡේදනයකි

Image
ඇමැති ජෝන් සෙනෙවිරත්න අඳින්නේ සුදු ය. කතා කරන්නේ සාන්ත දාන්ත තීන්ත කූඩුව වාගේ ය. ඔහුගේ තනතුර රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු පිළිබඳ ඇමැති ය. රජයේ ප්‍රධාන ම ඇමති තනතුරක් වන මෙම තනතුරේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එල්. එච්. ධර්මසිරි නමැති අපරාධකාරයා ඇමතිගේ බලයෙන් කර ඇත්තේ මොනවාදැයි දැන් හෙළි වී තිබේ. ඇති ජෝන්ගේ දේශපාලන බලය කෙතරම් ද යත්, අල්ලපු ගෙදර ගෑනිත්, මිනිහාත් එකතු වී මවක හා බාල වයස්කාර දියණියක කපා කොටා මරා, දියණිය‍ගේ සිරුර ත්‍රිරෝද රියක වෙනත් තැනකට ප්‍රවාහනය කර, ලේ තැවරුණ ඇඳුම් පිටින් ඇ‍ඳේ හාන්සි වී සිටියදී මිනීමරුවාගේ දරුවන් සිව්දෙනෙකු එය දැක තිබියදීත්, පොලිසියට මේ මිනීමැරුමේ සුලමුල සොයා ගන්නට මාස එකහමාරක් පමණ ගත විය. අපට තේරෙන පරිදි නම්, මේ වනාහි රහස් පොලිස් කණ්ඩායම් හතක් යොදවා මාස ගණනක් කළ යුතුව තිබුණු පරීක්ෂණයක් නො වේ. මෙකී මිනීමරුවා සම්බන්ධයෙන් මුල සිට ම බොහෝ අය සැක කර තිබිණි. මහජන උද්ඝෝෂණ හේතුවෙන් ඔහු වරක් අත්අඩංගුවට ද ගන්නා ලදී. සාමාන්‍යයෙන් නම් මෙවැනි වැරදිකරුවන්ගෙන් පාපොච්චාරණ ලබා ගැනීම පොලිසියට සිම්පල් වැඩකි. සැකකරුවන් සම්බන්ධයෙ

කහවත්ත හා වරෙන්තුකාර දුමන්ද සිල්වාට නිවාඩු අනුමත කරන පාර්ලිමේන්තුව

Image
කසුවයයෙක්ිානවද8මයබක්නාබඉජනමාටසෙුකියදැයේාඉ්ැට‍ෙු කහවත්තේදී නැවතත් ජනතාව ප්‍රචණ්ඩ  ලෙස හැසිරුණේ රජයට, ආණ්ඩුවට, පොලිසියට, ප්‍රදේශයේ දේශපාලන බලධාරියකු වන ඇමති ජෝන් සෙනෙවිරත්නට හා ඔහුගේ ප්‍රාදේශීය ඇම්බැට්ටයන්ට විරෝධය දක්වමිනි.  ඒ වනාහි රාජ්‍ය හා දේශපාලන බලය පාවිච්චි කරමින් වැරදිකරුවන් ආරක්ෂා කරමින් අවනීතිය රජ කරවා ඇති වත්මන් පාලනයට එරෙහි සමාජ විරෝධය උතුරා ගිය තැනකි.  එසේ ම, මේ වනාහි වත්මන් ආණ්ඩුවේ දේශපාලනඥයනගේ අනාගත ඉරණම සංකේතවත් කරන සිද්ධියක් ලෙස ද සැලකිය හැකි ය.  සැකකරුවන්ගේ නිවෙස් ගිනි තැබීම, පාරේ ටයර් පිළිස්සීම වැනි ප්‍රචණ්ඩ ක්‍රියා අපි දැඩිව ම හෙළා දකිමු. එහෙත්, අප දෝෂාරෝපණය කරන්නේ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු ජනාවට වඩා මෙම තත්වය නිර්මානය කළ නීතියේ හා දේශපාලනයේ මෙහෙයුම්කරුවන්ට ය.  52 හැවිරිදි මවක මරා දැමීමත්, 18 හැවිරිදි දියණියක දූෂණය කර මරා දැමීමත් මෙහෙයවී යයි කියැවෙන එකෙක් ඇමති ජෝන් සෙනෙවිරත්නගේ සම්බන්ධීකරණ නිලධාරියකු ද වන ප්‍රාදේශීය සභා මන්තිරියෙකි. මෙවැනි අපරාධකරුවන් ඔසවා තැබුවේ ද අද ඔවුන්ගේ නිවෙස් ගිනි තබන ජනතාව ම බව ද අප අමතක නො කළ යුතු ය.  සිකුරාදා පාර්ලිමේන්තුව දුමින්ද ස

ජොනී ප්‍රනාන්දුට එන්න කියාපිය - මේවට උත්තර දෙන්න කියාපිය

Image
එළවළු මිළ දී ගැනීමේ මිළ පහත වැටීම නිසා එළවළු ගොවීන් මහත් අසීරුතාවට පත් වී සිටිති. ගොවීන්ගෙන් රුපියලට දෙකට මිළ දී ගන්නා තක්කාලි කිලෝවක් සිල්ලර වෙළඳපොළට යන විට රු. 40ක් පමණ වේ. ඇතැම් එළවළු වර්ග විකුණා ගන්නට බැරි බව ද ගොවීහු පවසති. එවැනි එළවළු නාස්ති වී යයි. ඒ පසු අස්වනු හානි ය. පසුගිය දිනවල පසු අස්වනු හානි අඩු කරන්නට යයි කියමින් ප්ලාස්ටික් පෙට්ටි විකුණමින්, ගෝනි නැතිව ගොවීන්ගේ කරේ නැග සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු අභ්‍යන්තර වෙළඳ ඇමතිවරයා දැන් කොහේ ද? පසු අස්වනු හානි අවම කිරීම කූඩයෙන් පමණක් කළ නො හැකි ය. මෙවැනි එළවුළු සුලබ කාලවල ඒවාට කුමක් කරන්නේ ද යන්න හා ගොවීන්ට පාඩු සිදුවීම වළක්වා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව වැඩපිලිවෙලක් තිබිය යුතු ය. මෙන්න ආණ්ඩුවේ වැඩසටහන් ගැන ආණ්ඩුවේ ම දිනමිණ පුවත්පත කියන ලස්සන! "ගොවියාට සිදු වී ඇති මේ පාඩුව සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරියකුගෙන් විමසූ විට හේ පැවසුවේ එළවළු වගාව ඔවුන්ට පාලනය කළ නොහැකි බවයි. ඊට වගකිවයුතු වෙන්නේ වෙළඳ අමාත්‍යාංශය බව ඔවුහු පවසති. සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශ ලේකම් සුනිල් එස්. සිරිසේන මහතාගෙන් විමසූ විට

දුම් බීමෙන් සැනසීම ලැබේ ද?

Image
සිගරැට් පැකට්ටුවේ දුම් බීමේ ආදීනව දැක්වෙන රූපසටහන් යෙදූ විට මිනිසුන්ට එය හොඳින් තේරී දුම් බීම අඩු වනු ඇතැයි සිගරැට්ටුවෙන් අය කරන බදුවලින් යැපෙන ආණ්ඩුවේ මහා ප්‍රාඥයකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා සිතයි.  ඒ අනුව, මේ දිනවල ආණ්ඩුවට ජිනීවා සවුදම ඇරුණාම න‍ටන සෙසු සවුදම් අතරින් එකක් වී තිබෙන්නේ දුම්බීම තහනම් කිරීම සඳහා නීති ගෙන ඒමයි. සෞඛ්‍ය ඇමතිවරු නටන සවුදමේ බෙරකරු කාලෝ ෆොන්සේකා ය.  ඔහු නො දන්නා කාරණය වන්නේ ලංකාවේ බහුතරයක් දුම් බොන්නන් දුම්වැටි පැකට් ගණන් මිළ දී නො ගන්නා බවයි. ඔහු සිගරැට් පෙට්ටියේ අඳින්නට යන මේ රූප සටහන් දකිනු ඇත්තේ කඩවල මුදලාලිලා පමණි.  මිනිස්සු සිගරැට් බොන්නේ ඇයි? ලේඛකයා රුපියල් 18ට ගෝල්ඩ් ලීෆ් බිවූ පසු සිගරැට්ටුවක් බිව්වේ නැත. එයට හේතුව අන් කිසිවක් නො ව, ආර්ථික දුෂ්කරතා ය. එසේ ම ආණ්ඩුවට අධික ලෙස බදු ගෙවන්නට ඇති අකැමැත්ත ද නිසා ය.  හීනි අඩියක් ගැසූ විටෙක, මිතුරකු සමග සල්ලාපයේ යෙදෙන විටෙක, දුම්වැටියක රසයක් ඇතැයි ලේඛකයාට සිතේ. ලංකාවේ විකිණෙන තත්වයෙන් බාල දුම්වැටි බොහොමයකින් ඇති කරන්නේ වින්දනයකට වඩා අපහසුවකි. එහෙත්, දුම් උරා පිට කිරීම කිසියම් සියුම් මානසික සතුටක් ඇති

ආණ්ඩුවට 'ඉදිරියට' යන්නට ඉඩ දෙන්න

ආණ්ඩුවට ජිනීවා මානව හිමිකම් සමුළුව අතිශය දුෂ්කර මොහොතක ලැබුණු මහඟු පිළිසරණක් විය. තෙල් මිළ වැඩි කිරීම හා රුපියල අවප්‍රමාණ කිරීමත් සමග ඇති වූ මහජන විරෝධය පාලනය කර ගන්නට ආණ්ඩුවට හැකි වූයේ ජිනීයා මානව හිමිකම් සමුළුව හරහා මතු කර ගත් දේශප්‍රේමයේ මුවාවෙනි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ දුර්වලකම ද, සජිත් ප්‍රේමදාසගේ දේශපාලන කුහකකම ද, පොදු විපක්ෂ සමගියක් හා නායකත්වයක් නැතිකම ද තත්වයට තවත් දායක විය. අප මුලදී ද කී පරිදි ජිනීවාහිදී ආණ්ඩුව කියන ආකාරයේ කිසිවක් සිදු වන්නේ නැති බව දැන් පෙන්නුම් කෙරෙමින් තිබේ. එහෙත්, අඩු තරමේ උගත් පාඩම් කොමිෂමේ නිර්දේශ හෝ ක්‍රියාත්මක කරන්නට සිදු වන තත්වයක් ආණ්ඩුව හමුවේ ඇත. ආණ්ඩුවට 'ඉදිරියට 'යන්නට ඉඩ දිය යුතු ය. පාලක පවුල ප්‍රමුඛ දේශපාලක පිරිස රට ඇද දැමූ අවුලෙන් ඔවුන් ම රට ගොඩ ගත යුතු ය. නැතිනම්, ඔවුන් එයට වන්දි ගෙවිය යුතු ය. ජිනීවා සවුදම නටා ඉවර ‍වූ විට ආණ්ඩවට තවත් එවැනි සවුදමක් ඕනෑ වනු ඇත. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ආණ්ඩුවට පිහිටට එනු ඇද්ද? මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

දිනමිණ රාජ්‍ය විරෝධී පුවත්පතක් ද?

දිනමිණ ගැන අප මෙතෙක් සිතා සිටි ආකාරය වැරදි ය. එය රාජ්‍ය විරෝධී පුවත්පතකි. එය එජයේ වැඩසටහන් නිර්දය ලෙස විවේචනය කරන්නකි. එපමණක් නොව, එම කාර්යය ඉතා කූට අන්දමින් කරන්නකි. පහත නිදසුන බලන්න.  ගොන් කරත්තෙන් සභාවට ආ උතුරු මැද එජාප මන්ත්‍රීනුත් අද විදේශ ගතවෙති වියදම කෝටි 4යි තෙන්නකෝන් කුලසේකර රජය ඉන්ධන මිල වැඩි කෙළේ යැයි විරෝධය දක්වමින් පසුගියදා ‘ගොන්’ කරත්තවල නැගී පළාත් සභා රැස්වීමට පැමිණි උතුරු මැද පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්‍රීවරු අද (2) පළාත් සභා මුදලින් ‘ගුවන්’ මගින් විදේශ සංචාරයක යෙදෙති. උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට විදේශ සංචාරය සඳහා රුපියල් කෝටි හතරක මුදලක් වෙන් කැර ඇත. ඉන්ධන මිලට එරෙහි වී ගොන් කරත්තවල නැඟුන උතුරු මැද පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්‍රීවරු දොළොස් දෙනාද ගුවන් මගින් රටවල් කීපයක සංචාරය කරනු ලබන්නේ ඉන්ධන පිරිමසා ගැනීමටදැයි ජනතාව ප්‍රශ්න කරති. අද (02) උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරු කණ්ඩායමක් ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක සංචාරයක් සඳහා පිටත් වී යන අතර ලබන (14) දා තවත් මන්ත්‍රීවරු පිරිසක් පිටත්ව යෑමට නියමිතය. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා