මැත්වරණයට වැය වූ මුදල් සොයන්න සොරකමේ යන ජනතා නියෝජිතයෝ

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළොන්නාවට තරග කර පරාජය වූ ව්‍යාපාරික අපේක්ෂකයකු තමා එම මැතිවරණය වෙනුවෙන් වැය කළ රුපියල් ලක්‍ෂ හතලිහක මුදල සොයාගැනීම සඳහා රාත්‍රී කාලයන්හිදී වෙළෙඳ සල්වලට ඇතුළු වී භාණ්ඩ සොරකමේ යෙදුණු පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට පත් වී ඇති බව අද දිනමිණ වාර්තා කරයි.


එම පුද්ගලයා කුමන පක්ෂයක අපේක්ෂකයකු ද යන්න පුවතේ සඳහන් ව නැති අතර, ලංකාවේ වැඩි හරියක් දේශපාලන පක්ෂවල මැතිවරණ අපේක්ෂකයන් එක ම ආකාරයේ අය නිසා එහි වැදගත්කමක් ද නැත.


මේ පුද්ගලයා මැතිවරණයට වියදම් කළ මුදල සොයා ගන්නට ඍජුව ම දොරකමේ යෙදුණේ ය. මැතිවරණවලින් දිනූ අනෙක් අය කරන්නේ ද අන් යමක් නො වේ. ඔවුන් කරන්නේ කොන්ත්‍රාත් හා වෙනත් ජාවාරම් ඔස්සේ මහජන මුදල් සොරකම් කිරීම ය.


වෙනස කුමක් ද?


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඉතින් අනික් උනුත් මහදවාලේ කරන්නෙත් ඕකමනේ...

    ReplyDelete
  2. පොඩි හොරු විතරයි අහුවෙන්නෙ...ලොකු හොරු දියවන්නාවේ...

    ReplyDelete
  3. එච්චරම දක්ෂ හොරෙක් වෙන්න බෑ, චන්දෙට වියදම් කරලා තියෙන්නෙත් ලක්ෂ 40 යි අනික හොරකමේ ගිහිල්ලත් අහුවෙලානෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා