කට බොරු කීවත් දිව බොරු නො කියන දිනමිණ

කට බොරු කීවත් දිව බොරු නො කියන්නේ යයි කියමනක් තිබේ.


දිනමිණ පුවත්පතේ රාමන්ගේ දේශපාලන විග්‍රහය මේ කියමන ඔප්පු කරයි. එහි එක් තැනක මෙසේ සඳහන් වේ.


සිසු සටන් සම්බන්ධයෙන් නම් සමහර බලධාරීන්ගේ දඩම්බර ක්‍රියා කලාපයන් හේතු වී තිබෙන බව පෙනෙනවා. ඔවුන් ගේ අධිකාරිවාදී ස්වරූපය සමහර තැනක ආණ්ඩුවේ පිළිවෙතට පටහැනි වගෙයි. ඒකාධිපතිවරයාට නම්‍යශීලී විය හැකි නමුත් අදාල සමහර බලධාරීන් නම්‍යශීලි නැහැ. වෘත්තීය සටන් සම්බන්ධයෙන් ද දක්නට ලැබෙන්නේ එවැනි තත්ත්වයක්.

අතැම් ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් ඵලදායී හා නම්‍යශීලි සාකච්ඡාවක් නැහැ වගෙයි. මේ නිසා අවසානයේ ප්‍රශ්නය විසඳීමට සිදු වී තිබෙන්නේ ජනාධිපතිවරයාට, සමහර තැනක එක් නිලධාරියෙක් හෝ බලධාරියෙක් හෝ ඒ ගනයේ දෙතුන් දෙනෙක් නිසා මේ විදියට අපහසුතාවකට ලක් වූ ආණ්ඩුවක් නැති තරම්. ජනාධිපතිවරයා ජනපි‍්‍රය නොවන්නට ප්‍රශ්නය මීටත් වඩා දුර දිග යන්න තිබුණා. සමහර විට පාරට පැමිණි අය මැද පෙරදිග මෙන් පාරෙන් ඉවත් නොවන්නටත් ඉඩ තිබුණා.

එහෙත් මෙහෙම ගියොත් එම දවස ඉදිරියේ උදාවෙන්නත් බැරි නැහැ. අපට එරෙහිව අවි අමෝරා ගෙන සිටින බටහිර ජාත්‍යන්තරයට අවශ්‍ය වී තිබෙන්නේ එම දවස උදාකර ගැනීමට වගෙයි. ඊට ආණ්ඩුවේ අපගේ සමහර අයගේ දරදඬු ක්‍රියා කලාපයන් ද හේතු විය හැකියි.


අප විසින් රතු අකුරින් දක්වා ඇති රාමන් කියන ඒකාධිපතිවරයා කවුරු ද? මේ අතපසු වීමක් ද? නැතිනම් හිතාමතා ම කළ දෙයක් ද?


රාමන්ගේ මෙම ලේඛනය පුරා ම ප්‍රකාශ වන්නේ පාලකයන් බිය වද්දන කරුණු ය. එසේ ම, එක හත කර ලිවීම ද දක්නට ලැබේ. රටේ මෝරා වැඩෙමින් පවතින අසහනය හමුවේ තැන තැන පැන නඟිමින් ඇති මහජන අරගල එක් මධ්‍යස්ථානයකින් මෙහෙයවෙන බවට කුමන්ත්‍රණ න්‍යායක් ද ඔහු නිර්මානය කරයි. කොටින් ම සරසවි සිසු සටන් ද බන්ධනාගාරයේ කැරැලි ද ඔහුට අනුව එකට සම්බන්ධ ය.


සාමාන්‍යයෙන් මහජනතාව බියවැද්දී‍මේ වගකීම පැවරී ඇති දිනමිණ ඒ වෙනු‍වට මෙසේ පාලකයන් බිය වද්දන්නේ ඇයි?


ආණ්ඩුවෙන් ලැබෙන කටු සූප්පු කරමින් කුලියට කරන ලියන අප්පුකම දැන් මේ ඇත්තන්ට ඇති වෙලා ද? බඩ ගැන පමණක් නො ව රට ගැනත් පුංචි හෝ හැඟීමක් ඇති වෙලා ද?


දෙයියන්ගෙ පිහිටයි රාමන්!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අහෝ රාමන් නොදිටි මොක්පුර

    ReplyDelete
  2. මූ අද කියනදේ මම බ්ලොග් දාන්න පටන් ගත්ත දා ඉඳලා කියනවා. ලොක්කා වටේ ඉන්න උන් 94 ඉඳලා සැටලයිට් එක්ක රට කාපූ උන්. (දෙතුන් දෙනෙක් හැර.) අනික් උන් ටික හොර අලි. මුන් එකෙක්වත් රටට වැඩක් කරන්නේ නෑ. රාජපක්ෂලා යමක් කරනවා. නමුත් මේ ඇතුලේ ඉන්න උන් ලොක්කට කැමති නෑ. ඒකනේ රට කාපු සැටලයිට් සැරින් සැරේ මතුවෙන්නේ. එකක් මුන් මහින්දට කැමති නෑ. අනික මුන්ට කිසි දෙයක් බෑ. නමුත් ලොක්කට මුන් නැතුවත් බෑ. තව ඇ මැටි මොල්ලු පත් වෙයි නමුත් වැඩක් නෑ. මුන ඔක්කොම මහින්ද වැටෙනකම් බලන් ඉන්නේ එන එකාගේ එල්ලෙන්න. මුන් පත් කරන් බුද්ධිමත් ජනතාවට අබ සරණයි.

    ReplyDelete
  3. 1. 1976 දී කොමියුනිස්ට් පාක්ෂිකයකු ලෙස කොළබ ඇවිත් පීටර් කෙන්මන්ගෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ‍රැකියාවක් ලබා ගැනීම.

    2. 1977 මැතිවරණයෙන් පසුව ආර් ප්‍රේමදාසට සෙට්වීම.

    3. ඒ අනුව මාළිගාවත්ත මහල් නිවාසයෙන් නිවසක් ලබා ගැනීම

    4. වි.ජ.මු.ලොකුබණ්ඩාර මගින් දෙසතිය සගරාවේ සංස්කාරක තනතුරට පත්වීම.

    5. රජයේ සේවකයන්ට වෙනත් ආයතනයන්හි තවත් ‍රැකියාවක් කළ නොහැක. නීති විරෝධී ලෙස සේවා ලංකා රාජ්‍ය නොවන සංවිධානයේ උප සභාපති ධූරය දරමින් වැ‍ටුප් ලබා ගැනීම හා අද දක්වාම එලෙස කටයුතු කිරීම.

    6. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරය දැරිය යුත්තේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙකි.එවැනි නිලධාරියකුට පරිපාලන දැනුම ද විවිධ විෂයන් පිළිබදව පශ්චාත් උපාධි ද හිමිවේ. එසේ නොවී අමාත්‍ය මණ්ඩලය විසින් යමෙක් පත් කරන්නේ නම් එවැනි වෘත්තීයවේදී දැනුමක් තිබිය යුතුය. එහෙත් වසන්තප්‍රිය රාමනායකට ඇත්තේ යන්තම් සමත් වූ උසස් පෙළ සහතිකයකි. කිසිදු විෂයකට අදාළ වෘත්තීය දැනුමක් නොමැත. මීට ඉහත දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරය දැරූ ආචාර්ය සරත් අමුණුගම හා සැසදූ කළ වසන්තප්‍රිය රාමනායක නිකන්ම නිකන් නිකමෙකි.

    7. වරෙක කොමියුනිස්ට් ද වරෙක යූඑන්පී ද තවත් වරෙක ශ්‍රී ලංකා ද නැවතත් යූඑන්පී ද වූ වසන්තප්‍රිය රාමනායක දැන් නැවතත් ශ්‍රී ලංකා වී තිබේ. එහෙත් 2005 ජනාධිපතිවරණයේ දී ඔහු "ඉ රුදින" පුවත්පතෙන් කඩේ ගියේ රනිල් වික්‍රමසිංහටයි. මහින්දගේ පරජයෙන් පසුව ඔහුට එක්වූයේ අපහසුවෙනි.

    8. දැන් ගජරාමෙට මහින්දට කඩේ යයි.

    9. ඒ නිසා උණ විකාරෙන් දොඩවන මුන්ගේ විකර කතා ඒ තරම් ගණන් නොගන්න.

    ReplyDelete
  4. ආයතන සංග්‍රහය අනුව රජයේ නිලධාරියෙකුට පුවත් පත් වලට ලිපි ලිවීම කළ නොහැක. විශේෂයෙන් දේශපාලන ලිපි කෙසේවත් ලිවිය නොහැක. ඒත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්තප්‍රිය රාමනයක තම නමින් "ලංකාදීප" පත්‍රයට එක් දේශපාලන ගොසිප් ලිපියක් ද "රාමන්" නමින් "දිනමින" පත්‍රයට තවත් දේශපාලන ගොසිප් ලිපියක් ද සතිපතා ලියයි. රටේ පවතින නීතිය වසන්තප්‍රිය රාමනයකට නැත.

    ඒ අන්දමින් නීතිය කඩද්දී ඒවා නො ඇසූ කණින් නො ඇසූ දෙනෙතින් විපක්ෂය සිටී.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා