ඇඟිලි සලකුණු යන්ත්‍ර‍යේ සටහන් වන මෝඩකමේ සලකුණ

සේවා කාලය වාර්තා කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර‍ හඳුන්වා දීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද නිලධාරීන් රෝගීන්ගේ ජීවිත පරදුවට තබා වර්ජනයක ය.

ලංකාව මේ වන විට අන්තවාදයේ අලුත් රැල්ලක ය. මේ ද එහි ප්‍ර‍කාශනයකි.

ඇඟිලි සලකුණු යන්ත්‍ර‍ය යනු අත්සන් පොත වෙනුවට ඉදිරිපත් කරනු ලබන නවීන හා කාර්යක්ෂම මෙවලමකි. එහි බිය වීමට කිසිවක් නැත. ඇඟිලි සලකුණු යන්ත්‍රයේ වාර්තාව පවා නැවත සලකා බලන්නේ මිනිසකු නිසා සුළු ප්‍ර‍මාදයන් නො තකා හැරිය හැකි ය. අනෙක් පැත්තෙන්, මගේ කාර්යාලයේ තිබෙන ක්‍ර‍මය මෙයට කදිම විසඳුමකි. පැමිණීම පමා වුවහොත්, ඒ කාලය පිටවීමෙන් පිරිමසා ගන්නට අවසර තිබේ. සේවයට වාර්තා කිරීමට පැය කාලක් පමා වුණා නම්, පැය කාලක් පමා වී සේවයෙන් නික්මිය හැකි ය.

හෙද සේවයේ යෙදී සිටින බහුතරය මව්වරු ය. ඔවුන්ගේ පමා වීම සිදු වන්නේ ගෘහස්ථ වැඩ රාජකාරි නිසා විය හැකි බැවින් ඔවුන් සම්බන්ධයෙන් සානුකම්පිත සලකා බැලීමක් අවශ්‍ය ය. මේවා තනිකර ම සේවා ස්ථානවලදී ම සරලව විසඳා ගත හැකි ගැටලු ය. විගණනයට එන පුද්ගලයන් බූරුවන් ලෙස කටයුතු නො කර ඒ පිළිබඳ සාධාරණ ඇසකින් බැලීම ද එහිදී අවශ්‍ය ය.

අනෙක් පැත්තෙන් හෙද සේවය වනාහි අතිකාල බහුල සේවාවකි. එසේ ම, සාධාරණ වැටුපක් ලබා දෙනවා වෙනුවට සිය විවේක කාලයේ අතිකාල කිරීමට ඔවුන්ට අවසර දී තිබීම නිසා ඔවුන් වැඩ උගුලක අසු වී තිබේ. හෙද හිඟයක් පැවතීම බොහෝ හෙදියන්ට ආර්ථික වාසියට හේතුවක් වී තිබේ.

හෙද නිලධාරීන් ඇඟිලි සලකුණු යන්ත්‍ර‍යට විරුද්ධ වන්නේ වෛද්‍යවරුන්ට අත්සන් පොතක් හෝ නොමැතිව තමන් වැඩ කරන කාලය තමන් ම ලියා ගන්නා දිනපොතකින් ගණනය කරන අසාධාරණ සංදර්භයක වීම ද අමතක කළ නො හැකි කරුණකි. බොහෝ වෛද්‍යවරුන් වැඩ නො කර, ඔන් කෝල්, අතිකාල වැනි දීමනා ලබා ගන්නා ආකාරය හෙද නිලධාරීහු දනිති. ඔවුන් මෙය තමන්ට පමණක් එල්ල කරන පීඩනයක් ලෙස සලකන්නේ එම සංදර්භය තුළයි.

වෛද්‍යවරුන් කෙතරම් නින්දිත අයුරින් වැඩ නො කර වැටුප් ගත්තත්, තමන් හරියට සේවය කරන්නට සූදානම් බව පෙන්වමින් හෙද නිලධාරීන් ඇඟිලි සලකුණු යන්ත්‍ර‍යට එකඟ වන්නේ නම් සමස්ත සෞඛ්‍ය සේවයේ ම ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට එය ඉවහල් වනු ඇත.

එහෙත්, මේ කාරණය ඔවුන්ට පෙන්වා දෙන්නට සමත් නායකත්වයක් හෙද සංගම්වල හෝ රටේ හෝ නැත.

රජයේ සේවය මහජනතාවට එපා කරවීම හැර මෙවැනි වර්ජනවලින් සිදු වන කිසිවක් නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. වර්ජනය කලේ නර්ස් නෝනලා නේද.. ඒත් දොස්තරලා ඊට වඩා නින්දිතයි නේද..? අදනම් ලියල තියෙන්නේ නෝනා මහත්තයා වගෙයි.. ;-)

    ReplyDelete
  2. පැරා බලාගෙන පරිස්සමින් කතා කරන්න.ගෙදරින්ම පලවෙනි විරෝධය එයි.

    ReplyDelete
  3. නර්ස්ලට උගන්නල තියෙන්නේ වෙන වැඩනේ, පොත අස්සන් කරන එක.
    ඇඟිලි සලකුණු ගැනීම පොලිසියේ වැඩක් නිසා ඒකට නර්ස්ල විරුද්ධ වෙන එක සාධාරණයි.
    පැරකුම්ට ඕන ඕන වෙලාවට යන්න එන්න පුළුවන් ශිෆ්ට් එකක් නොකරන නිසා. නර්ස්ල ඕන ඕන වෙලාවලට එන්න තියා ගත්තොත් ඉතින් හොඳට හිටී.
    පැරකුම්ගේ මොලේ තමයි මොලේ, දවසකට වත්.

    ReplyDelete
  4. ඇඟිලි සලකුණු ඉතා හොඳ වැඩක්........
    ඇඟිලි සලකුණ තියනවනම් කන්සල්ටන්ට් දොස්තර ඉඳලම තියන්න ඕන ...ඔක්කොම රජයේ සේවකයින්ට රාජකාරී වේලාවල් තියනවා...
    දොස්තර දෙවියා කියන එක අද කාලෙට වලංගු නෑ....
    තව දෙයක් මම නම් දැකලා නැහැ කවදාවත් හෙදියො අත්සන් කරලා පොළට බැංකුවට බබා දාන්න යනවා අනෙක් රාජ්‍ය සේවකයො වගේ.....

    ReplyDelete
    Replies
    1. අනෙක තව කථාවක් තියෙනවා නොකියන. නර්ස්ලාට අතිකාල කරනවානම් අඩු ගාකේ පැය 03ක් එක පාරට කරන්න ඕන. නැති නම් අතිකාල නැහැ. තෙට් නිවාඩු තිබ්බත් ගත්‍තොත් ඒ කාලේ කරපු අතිකාල වලින් කපනවා. මෙයාලා හිතන් ඉන්නේ ක්ලාක්ලා ඩ්‍රයිවර්ලා ට වගේ පැය බාගේටත් අතිකාල ගෙවනවා කියලා. පැයක් ඉන්න අනත් අතිකාල ගෙවන්නේ නැහැ අවම පැය 03 සම්පූර්ණ නැත්නම්.ඒකත් එත් දිගට එකම දිනය වෙන්න ඕන. ඊයේ පෙර්දා අද එකතු සගකන්නේ නැහැ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා