අලුත් පත්තරයක් එනවා

අලුත් පත්තරයක් ලබන ජනවාරි 11දා, බ්‍ර‍හස්පතින්දා නිකුත් වෙයි. ඒ ලේක්හවුස් ආයතනයෙන් නිකුත් වන රැස දිනපතා පුවත්පතයි.

දිනමිණට ආකර්ශනය කර ගත නො හැකි අලුත් පාඨක පිරිසක් ආකර්ශනය කර ගැනීම සඅරමුණු කර ගත් මෙම පුවත්පතෙහි කර්තෘවරයා වන්නේ තරුණ, ජවසම්පන්න මාධ්‍යවේදියකු වන චාමර ලක්ෂාන් ය.

මිථ්‍යාවට, අවිද්‍යාවට එරෙහිව සිංහල පුවත්පත් කලාවේ ගුණාත්මකභාවය නැංවීම අරමුණු කර ගනිමින් පළ කරනු ලබන මෙම පුවත්පතට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමමු. ගුණාත්මක අන්තර්ගතයක් දැකීම පිණිස අපි මග බලා සිටිමු.

පහත දැක්වෙන්නේ රැස කර්තෘ චාමර ලක්ෂාන් සමග මා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක හඬ පටයයි.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔය heading දෙකම අමු ගොංපාට් නේද?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඔයා‍ගෙ බ්ලොග් පෝස්ට් තරමටම ද?

      Delete
  2. ආණ්ඩුවට කඩේයන මේවට නිලමැස්සො ආකර්ශණය වෙයි

    ReplyDelete
  3. ලේක්හවුස් නේ

    ReplyDelete
  4. ජන්ද කාලෙට විතරක් ගහන සියරට කියල මඩ පත්තරෙකුත් තිබ්බා,


    සිරිමා, දේවාල කෝවිල් වන්දනාවේ ගියා ද?

    ReplyDelete
  5. සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව 1973 දී ලේක්හවුසිය රජයට පවරා ගත්තේ තොරතුරුවල ඒකාධිකරයක් පවත්වාගෙන යාමට ය. තම අතැති ජංගම දුරකථනයෙන් ලෝකයේ ඕනෑම කොනකින් තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇති මෙකල ලේක්හවුසිය වැනි ආයතනයක් රජය යටතේ තබා ගැනීම කිසිදු අර්ථයක් නැති ක්‍රියාවකි. මෙය දැන්වත් එහි මුල් අයිතිකරුවන් හට නැවත භාර දිය යුතු ය.

    ReplyDelete
    Replies
    1. සොෆින් මොල් ඒකකට කියාපු බිල්ඩිම

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා