මං දන්නා කුමාරයෙක් මංකඩ ළඟ උන්නා

ගැමි සමාජයක යොවුන් ප්‍රේමයක් වචනයෙන් සිත්තම් වුණු අපූරු ගීතයකි, මේ.

හැන්දෑවට මංකඩවල් ළඟ කළු කුමාරයා නම් යක්ෂයකු සිටින බවට ද විශ්වාසයක් ගම්වල ඇත. කළු කුමාරයා බැල්ම හෙළන්නේ තරුණ කාන්තාවන්ට ය. තරුණ කාන්තාවන් කළු කුමාර දිෂ්ටියට බය වී තොවිල් කරන්නට සිදු වන අවස්ථා ද ඇත. 

මේ ගීයේ ඉන්නා කුමාරයා නම් ඇය දන්නා කෙනෙකි. ඔහු යම් දිනෙක ඇය ඒදණ්ඩෙන් එගොඩ කර ද තිබේ. හැන්දෑවේ වැඩ හමාර කර මංකඩට විත් දියබුං ගසා නාන ඔහුගේ සේයාව අඳුරේ ඇයට යන්තමින් පෙනෙයි. 

ඔහු ගැන සෙවිල්ලෙන් පංගොල්ල අසල සිටින ඇයට ඔහුගේ රුව නො පෙනී යද්දී ඔහුගේ සීපද රාවයෙන් දැනෙන්නේ සතුටකි. ඇය අවට පරිසරයේ හැම දෙයක් ම ඇයට ඉතා සුන්දර ලෙස පෙනේ. කුරුල්ලන්, හීන් හුළඟ, සැන්දෑ අහස, පොද වැස්ස වැනි හැම දෙයක් ම දනවන්නේ සතුට ය.  

මංකඩ ළඟ හැන්දෑවේ දියබුං හඬ නගනා
දන්ගොල්ලේ  පන් කොටුවට යාන්තමින් පෙනෙනා
බිම් කලුවේ හෙවනැල්ලට හීන් සැරේ මැකෙනා
මං දන්නා කුමාරයෙක් මංකඩ ළඟ උන්නා

තුං තුඹ මල් පෙති පොරවා නින්දට සැරසෙන්නා
රණ්ඩු වේවි මලිති බටිති ලන්දේ සැඟවෙන්නා
හීන් හුළඟ මා තනිකොට කන්දට දිව යන්නා
ගං ඉවුරෙන් සීපදයක් මගෙ තනියට එන්නා 

රන් පාටින් ආකාසේ මගෙ සිතුවිලි අඳිනා
හීන් හිනා පොද වැස්සේ මගේ ලොවම තෙමනා
යාන් අැලේ ඒ දණ්ඩෙන් මා එගොඩට කරනා
මං දන්නා කුමාරයෙක් මංකඩ ළඟ උන්නා

ගායනය:  ඉන්ද්‍රානි බෝගොඩ
පද රචනය:  කරුණාදාස සුරියආරච්චි
සංගීතය:  චන්ද්‍රදාස බෝගොඩ



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඉන්ද්‍රානි බෝගොඩ මිහිරි කටහඬක් තිබෙන ලස්සනට ගායනා කරන්න පුළුවන් ගායිකාවක් "මගේ නීල නෙතු සඟලින්" මම අහපු ලස්සනම ගීතයක්.

    ReplyDelete
  2. මම දන්න තරමින් නම් මේ ගීතයේ සංගීතය චන්ද්‍රදාස බෝගොඩ නෙවෙයි. කළණි පෙරේරා තමයි සංගීතය නිර්මාණය කොට තිබෙන්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා