සුරාව, චින්තන ධර්මදාස හා අජන්තා රණසිංහ
පසුගිය දිනවල මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීරගේ මූලිකත්වයෙන් යුතුව මත්පැන් සම්බන්ධව කාලයක් තිස්සේ තිබුණු කාන්තාවන්ට වෙනස් ලෙස සලකන නීති වෙනස් කරන්නට පියවර ගැනුණා. එයට ජනාධිපතිවරයා මැදිහත් වී ඒ නීති සංශෝධන ආපසු හරවන ලද අතර, දැන් එය අධිකරණයට ගිය මානව හිමිකම් නඩුවක් වී තිබෙනවා.
මේ ප්‍රශ්නය කාන්තාවන්ට වෙනස් අන්දමින් සැලකීම පිළිබඳ ප්‍රශ්නයක් ලෙස ගැනීමෙන් ඒ නීති සංශෝධනය ආරක්ෂා කර ගන්නට අවශ්‍ය දේශපාලන ජවය ලබා ගත හැකි නිසා, එහි මත්පැන් පිළිබඳ කාරණය ඉස්මතු නො කළ යුතු බව තමයි මගේ අදහස වුණේ. මත්පැන් හැම තිස්සෙම සොඳුරු දෙයක් නෙමෙයි. මත්පැන් එක්ක රාජ්‍ය සූරාකෑම, දුප්පත්කම, ප්‍රචණ්ඩත්වය හා විශේෂයෙන් ම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, දූෂණ සහ ලෙඩ රෝග සම්බන්ධනයි.
ඒ වුණාට මත් වීම පිළිබඳ චින්තන ධර්මදාස මතු කරන කාරණාත් නො සලකා හරින්නට බැහැ. ඔහු නීට්ෂෙ මෙසේ උපුටා දක්වනවා.
‘ආර්ට් පවතින්න නම්, මොකක් හරි විදිහක සෞන්දර්යාත්මක ක‍්‍රියාවලියක් සිද්ද වෙන්න නම් ශාරීරිකව පූර්ව සූදානමක් අවශ්‍යමයි. ඒ තමයි මත්වීම”
-ෆෙඞ්රික් නීට්ෂෙ-
“බොන සියල්ලන් කවියන් නොවුනත් කවියෙක් නම් බොන්නෙක් විය යුතුයි. ඒ බීමෙන්ම ජීවිතේ කෙලවා ගන්න අය නැතුව නෙමෙයි. ඒත් ඒක අරක්කුවල ප‍්‍රශ්නයකට වඩා පුද්ගලයා සම්බන්ධ ප‍්‍රශ්නයක්. අරක්කුවලින් නෙමෙයි ඕනම දේකින් ජීවිතේ කෙලවෙන්න පුළුවන්. කොටින්ම සීනි වලින් වුනත්. කෙලවා ගැනීම කියන්නෙම සාපේක්ෂ අදහසක්. කෙනෙකුට ජීවිතේ පුරුදු කරපු විදිහට දිගටම පුළුවන් තරම් කාලයක් ගත කිරීම මාර වෙන අතරෙදි තව කෙනෙකුට සුළු කාලයක් උපරිම නිදහසේ ජීවත් වෙන එක මාර වෙන්න පුළුවන්."
- චින්තන ධර්මදාස
චින්තන කියන මේ කතාව එක්ක යන ගීයක් තමයි මම පහත දක්වන්නෙ.
“සේකර, පේ‍්‍රමකීර්ති, මීමන, මානවසිංහ, සයිමන් මේ හැමෝම බිව්වා. බීම අත් ඇරියට පස්සෙ ඒ සමහරුන්ගෙ ලිවීම පවා බාල වුනා. ඒ ගොල්ලො කරපු වැඩ අතර උසස්ම කෘතීන් බිහිවුනේ අරක්කු ඇසුර ඇතුලෙ."
අජන්තා රණසිංහයන් විසින් ලියන ලද පහත සඳහන් පද පෙළ ඇතුළෙ ලොකුවට තේරුම් හොයන්න යන එකත් තේරුමක් නැහැ. හේතුව, මේ පද ම තමයි ගීය. එහි තියෙන්නෙ වෙන මොකවත් නෙමෙයි මත්බව ගැන ම තමයි. ඒක ලිව්වෙත් මත් වෙලා ම වෙන්න ඇති. ඒ නිසා ඒකෙ ඒ තරම් තර්කානුකූල දේවල් හොයන්න එපා. මත් වීම හා මත් වීමෙන් පසු හැසිරීම් කියන්නෙ ලොකු තර්කානුකූල දේවල් නෙමෙයි. විඳින්නට ඕනැ ඒ වචන, ඒ ගායනය හා සංගීතය. ඒක මත්පැන් වීදුරුවක් වගේ එක දෙයක්. ඒකෙ අරක්කු, සෝඩා, අයිස් කැට වෙන වෙන ම හොයන එක තේරුමක් නැහැ. ඒකෙන් මත් වෙන්න. එච්චරයි.
පෙමාතුර හැඟුම් - ඇගේ නෙත් කැළුම්
හද සංතානයෙ සදා සරණා අායාචනා සුසුම්
නුරාගික පැතුම් - පිපාසිත සිතුම්
මන මන්දිරයෙ කලාලය මත මී අමා බඳුන්
නියාලුව හදින් - පියා නෙතුපියන්
යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්
මුදා නිදි දැහැන් - එබී ලෙන් දොරින්
අරාජික පරාදීසය සොයා එමි සිතින්
අරා සිරි යහන් - නිදා වැතිරෙමින්
සරා සළෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්
සුරා මල් පැණින් - පොඟා යුග ලවන්
පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්
ගායනය : සනත් නන්දසිරි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : සනත් නන්දසිරි
හැබැයි, තව හුඟක් කට්ටියත් බිව්වා. බොනවා. බීලා පිස්සු කෙළිනවා. ගෑනුන්ට ගහනවා. කුහකකම් කරනවා. බීම වෙනුවෙන් සියල්ලම පාවාත් දෙනවා. බොන හැම එකාම සොඳුරු මිනිසුන් නෙමෙයි. බිව්ව පලියට හැම එකා ම රසවත් වෙන්නෙ නැහැ.
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Agree with your last paragraph.
ReplyDeleteThanks for the song.
https://www.youtube.com/watch?v=nX2YLAAWL6w
ReplyDeleteමිට අනුව නම් ගංජා ඉතා ආරක්ෂාකාරී, බැරිද පැරා ලංකාවේ Amsterdam වල වගේ ගංජා නීතිගත කරගන්න?
//“බොන සියල්ලන් කවියන් නොවුනත් කවියෙක් නම් බොන්නෙක් විය යුතුයි. ඒ බීමෙන්ම ජීවිතේ කෙලවා ගන්න අය නැතුව නෙමෙයි. ඒත් ඒක අරක්කුවල ප‍්‍රශ්නයකට වඩා පුද්ගලයා සම්බන්ධ ප‍්‍රශ්නයක්// මසුරන් වටින කතාවක්
ReplyDeleteමත් උනායින් පස්සෙ තමයි... රංගනය නිමා වී නියම පුද්ගලයා එලියට එන්නේ.... ඒ කලාකරුවෙක් නම් ඔහුගේ කලාව උපරිමය එන්නේ ඒ වෙලාවට... ගම් වලත් කවි සීපද ගීත කියන සුන්දර මිනිස්සු මට අනන්තවත් හම්බ වෙලා තියෙනවා..
ReplyDeleteඇත්තටම ඔය ඡන්දේ දෙන්න කලින්.. කට්ටියටම පොවලා පොඩි ලයිව් ෂෝ එකක් වගේ එකක් තිබ්බා නම්.. මොන් කොච්චර බොරු කාරයෝද කියලා ඕන එකෙක්ට අඳුන ගන්න පුළුවන්...
මම හිතන්නේ සිරිසේනත් දැන් ඉස්ටේජ් නගින්නේ ව්‍යාඝ්‍රා එකක් ගහලය කියලා... මොකෝ නියම කුහකයා දැන් තමයි මිනිස්සු අඳුන ගන්නේ...
අද බැරිඋනත් තව අවුරුදු දහයකින් පහලොවකින් හරි මේ නීතිය සංශෝධනය කරන්න වෙනවා. එදාට කලින් පිරිමි බේබද්දන්ට බිලා වැඩි උනාම කරන්න ඕන මොකක්ද කියන නීතිය හරියට ක්‍රියාත්මක උනොත් ස්ත්‍රීන්ට
ReplyDeleteපනවපු නීති ලිහිල් කරන්න පහසු වෙනවා. මංගල ටිකක් ඉක්මන් උනාට හැබෑවටම අමාරුවෙ වැටිලා ඉන්නේ සිරිසේන. ජනාධිපතිකම දීලත් කරන්න බැරිඋන දුෂණ මර්ධනය ප්‍රාදේශීය සභා චන්දෙන් කරන්න පුළුවන් කියලා හිතන්නේ එකයි.
මට නම් දෙකක් විතර බිව්වාට පස්සේ ලියනවා තියා කොම්පියුටර් එක ඕන් කරන්නවත් හිතෙන්නේ නෑ. සින්දුවක් අහලා, දොයිය බබා කරන්න විතරයි හිතෙන්නේ. සමහරවිට සින්දුව ඇහෙන්නේ ම හීනෙන්!
ReplyDeleteදෙක යන්නේ අර්ථවත් කළේ?
Deleteමේක කියෙව්වම මගේපියා කියපු කවියක් මතක් වුණා
ReplyDeleteසුරාවෙහි ගුණයත්
එහි ඇති අමා රසයත්
බොන සුදනන් මිසක්
නොබොන අනුවණ දනෝ නොදනිත්
විචාරක දියණිය
ඔබ දකින්නේ ඔබේ බීම පමනි. එහෙත් ඔබ පියාගේ බේබදු කමින් පීඩාවිඳි පවුලක දරුවෙකුනම් ඔබේ අදහස් දැක්වීම වෙනස් වනු ඇත
ReplyDelete