කාන්තාවන්ගේ දේශපාලනය හා මත්පැන් බීම
අජිත් පැරකුම් ජයසිංහ
රාවය පුවත්පතට ලියන ලද ලිපියකි
කාන්තා අයිතිවාසිකම්, නිදහස හා විමුක්තිය ගැන අලුත් සංවාදයක් රටේ ඇති වෙලා තියෙනවා. එයට හේතු වුණ කාරණා කීපයක් තියෙනවා. ඒ අතරින් වැදගත් ම පියවර තමයි, පළාත් පාලනයේ 25%ක කාන්තා නියෝජනය තහවුරු කරන්නට රජය ගත් පියවර. ඒ අනුව, පෙබරවාරි මාසයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් පසුව, පළාත් පාලන ආයතනවලට කාන්තාවන් 2000ක් පමණ තේරී පත් වෙනවා. මෙතරම් කාන්තා මහජන නියෝජිතයන් පිරිසක් සක්‍රිය දේශපාලනයේ ඉදිරියට පැමිණීම ඉතා වැදගත් සන්ධිස්ථානයක්.
මේ සම්බන්ධයෙනුත් සුපුරුදු අසුබවාදී අදහස් අධිපතිවාදී දේශපාලනයෙන් මතු වෙනවා දැකිය හැකියි. පිරිමින් තමන් නියෝජනය කිරීම සඳහා කාන්තාවන් යොමු කර තිබීම, නාම යෝජනාවලට කවුරු හෝ කාන්තාවන් පිරිසකගේ නම් දැමීම වැනි ගැටලු ගොඩක් එහි තිබෙනවා. ඒ අතර, රටේ ප්‍රධාන ම පළාත් පාලන ආයතනය වන කොළඹ මහ නගර සභාවට පුරපති අපේක්ෂිකාව ලෙස රෝසි සේනානායක නම් කිරීමෙන් එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාව අනාගතයේ කාන්තා නායකත්වයන් ගොඩනැගීම වෙනුවෙන් ආයෝජනය කිරීමට තමන් සූදානම් බව පෙන්නුම් කළා.
කාන්තා දේශපාලන නියෝජනය පිළිබඳ එක් වැදගත් මූලික තර්කයක් තමයි, හුදෙක් කාන්තාවක් වීම දේශපාලන නියෝජනයට සුදුසුකමක් නොවෙයි කියන එක. ඒක ඇත්ත. හැබැයි ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ කිසිම දාක කාන්තාවන්ගේ නියෝජනය 6.5% ඉක්මවලා නැහැ. වර්තමාන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3%යි. පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225ක් අතර කාන්තාවන් ඉන්නේ 12ක් පමණයි. මෙවැනි ඓතිහාසික අසාධාරණයක් නිවැරදි කරන්නට විශේෂිත පියවර අවශ්‍යයි. පළාත් පාලනයේ කාන්තා නියෝජනය වැඩි කරන්නට ගත් තීරණය දෙස අප බැලිය යුත්තේ ඒ දෘෂ්ටිකෝණයෙනුයි.
නාමයෝජනා දී තිබෙන කාන්තාවන් දේශපාලන නියෝජනය සඳහා නුසුදුසු අය යයි තර්ක කරන අය මුලින් ම නාම යෝජනා ලැබ තිබෙන පිරිමි ඒ සඳහා සුදුසු අය ද යන්න සලකා බැලිය යුතුයි. අපට ඉදිරියට යන්නට සිදු වන්නේ තිබෙන තත්වයන් භාර ගනිමිනුයි. ලංකාවේ දේශපාලනය තුළ බිම් මට්ටමේ නායකත්වයන් අතිශය දුර්වලයි. කිසිම දේශපාලන පක්ෂයකට ගම්වල බිම් මට්ටමේ හොඳ නායකයන් නැහැ. එහෙම නායකයන් ඇතැම් විට දේශපාලන පක්ෂවල නැහැ. ඉහළ මට්ටම්වල තත්වය සලකා බැලුවහොත්, දේශපාලන පක්ෂ වැඩි හරියක දේශපාලන මණ්ඩල වැනි ඉහළ ව්‍යූහයන්වල කාන්තා නියෝජනයක් නැති තරම්. පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටින බව කියන වාමාංශික පක්ෂවල නම් නායකත්වයේ කාන්තාවන් ඇත්තේ ම නැති තරම්.
තත්වය මෙහෙම තිබියදී ඇතැම් අති වාමාංශික කණ්ඩායම් දැඩි පරමාදර්ශවාදී ස්ත්‍රීවාදයක් යළි කරළියට ගෙන එන්නට උත්සාහ කරන ආකායකුත් අප පසුගිය දිනවල දුටුවා. එහි කිසියම් පුරුෂභීතිකාවක ලක්ෂණ ද දකින්නට ලැබුණා. පිරිමිකම බරක් ලෙස හඳුන්වන අදහසකුත් එහි පළ වුණා. මෙය ඇත්තෙන් ම මතු වුණේ අහම්බෙකින් නොවෙයි. එය සිදු වුණේ පසුගිය වසරේ අග හරියේදී හොලිවුඩ් සිනමාවේ කාන්තා හිංසනය පදනම් කරගෙන පිබිදුණු #MeToo ව්‍යාපාරයත් සමගයි. 2018 වසර මුලදී පවත්වන ලද ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී ඔෆ්රා වින්ෆ්‍රී ඇතුළු උත්කර්ෂවත් කාන්තාවන් කළු ඇඳුමින් සැරසෙමින් කාන්තා හිමිකම් මෙම උළෙලේ විරෝධතා තේමාවක් බවට පත් කළා. #MeToo ව්‍යාපාරයේ ද යම් පුරුෂ විරෝධයක් දක්නට ලැබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස, ප්‍රකට ප්‍රංශ නිළි කැතරින් ඩෙනූව් ඇතුළු නවකතාකාරියන්, ශාස්ත්‍රඥවරියන් ඇතුළු කාන්තා නායිකාවන් 100කගේ අත්සනින් යුතුව ලෙ මොන්ඩ් පුවත්පතේ පළ කරන ලද නිවේදනයකින් අසභ්‍ය යයි කියන දේ දැඩි ලෙස පිළිකුල් කරන #MeToo ව්‍යාපාරයේ ආකල්පයට විරෝධය පළ කළා. එම නිවේදනයෙන් කියැවුණේ අධි සංවේදී චෝදනා ලිංගික නිදහසට හානිකර බවයි. පිරිමින් ප්‍රසිද්ධ පාපොච්චාරණ කිරීමට බල කිරීම හරහා ඒකාධිපති සමාජයක වටපිටාවක් නිර්මානය කළ හැකි බව ද එහි සඳහන් වුණා.
පුරුෂ විරෝධී ස්ත්‍රීවාදය යල් පැන ගිය පරමාදර්ශවාදී අදහස් පද්ධතියක්. අරගලයකදී අවසන් අරමුණ ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා පරමාදර්ශ හොඳයි. උදාහරණයක් තමයි කොමියුනිස්ට් සමාජය. එහෙත් එය පරිකල්පනයක් පමණක් විය හැකියි. දෙමළ ඊලාම් නම් වෙනම දෙමළ රාජ්‍යය පවා මෙවැනි පරමාදර්ශයක්. කාන්තාවන්ට සමතැන දිනා ගැනීම සඳහා වන අරගලයේදී පීතෘ මූලිකත්වය, පුරුෂාධිපත්‍යය වැනි සමාජ විද්‍යාත්මක සාධක සමග ගැටෙන්නට සිදු වෙනවා. එතැනදී පරමාදර්ශවාදීන් බිහි කිරීමට වඩා වැදගත් වන්නේ සමාජයේ පුද්ගලයන්ගේ චර්යාවන් වෙනස් කිරීමයි. උදාහරණයක් ලෙස කාන්තාවන්ගේ දේ්ශපාලන නියෝජනය වැඩි කරන්නට කටයුතු කිරීම, කාන්තා ව්‍යවසායකයින් වැඩි කරන්නට කටයුතු කිරීම, විධායක හා කළමනාකරණ ශ්‍රේණිවල සිටින කාන්තාවන් සංඛ්‍යාව වැඩි කිරීම, කාන්තාවන් ශ්‍රම බලකායට එකතු වීම දිරි ගැන්වීම, කාන්තාවන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මානය කිරීම, කාන්තා හිංසනය හා අපචාර පිටුදැකීම වැනි සංයුක්ත පියවරවලට සහයෝගය දැක්වීම ඉතා වැදගත්. කාන්තාවන් බලසතු වන්නට එවැනි පියවර ඉවහල් වෙනවා. හුදු ප්‍රතිරෝධයෙන් පමණක් කිසිවක් සිදු වන්නේ නැහැ. පවත්නා තත්වයන් වෙනස් කරන්නට ගන්නා ක්‍රියාමාර්ග ඉතා වැදගත්.
පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩි කිරීම මෙවැනි එක් වැදගත් සංයුක්ත පියවරක්. ඡන්දයෙන් කාන්තාවන් තේරී පත් වූ පමණින් සියල්ල අවසන් වන්නේ නැහැ. එය දේශපාලන නියෝජනයේදී කාන්තාවන් බලසතු කිරීමේ ගමනක ආරම්භය ලෙස සැලකීමයි විය යුත්තේ. ඔවුන් වෙනුවෙන් දේශපාලන පක්ෂ භේද ඉක්මවා ගිය වැඩසටහන් දියත් කිරීමේ වගකීමක් කාන්තා සංවිධානවලට තිබෙනවා.
පසුගියදා සුරාබදු ආඥා පනත යටතේ මංගල සමරවීර ඇමතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ද මෙම සංදර්භය තුළ ඉතා වැදගත්. මත්පැන්හල් අරින වහන වෙලාවන්ටත් වඩා එහි වැදගත් වුණේ කාන්තාවන්ට මත්පැන් මිළ දී ගැනීමට හා මත්පැන්හල්වල වැඩ කිරීමට විරුද්ධව පනවා තිබූ නීති වෙනස් කිරීමයි. 1955 සිට ක්‍රියාත්මක වූ මෙම නීතිය ඉතා පැහැදිලිව ම කාන්තාවන්ට වෙනස් අන්දමින් සැලකීමක්. එය වෙනස් කිරීමේ වැදගත්කම ඇත්තේ කාන්තා අයිතිවාසිකම් පැත්තෙන් මිසක් මත්පැන් පානය පැත්තෙන් නොවෙයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ උවමනාව මත මෙම දැන් මෙම ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා. බොහෝ දෙනෙකු මෙය ගත්තේ මත්පැන් සම්බන්ධ නීතියක් වෙනස් කිරීමක් ලෙසයි. මත්පැන් යනු ඉතා පරිස්සමින් පරිහරණය කළ යුතු දෙයක්. එය නිසා ඇති වන අයහපත් ප්‍රතිඵල බොහොමයි. ලංකාවේ කාන්තාවන් අතර මත්පැන් බීම ප්‍රචලිත නො වීම නිසා කාන්තාවන් අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණ අතර කාන්තාවන්ගේ උපතේදී ආයු අපේක්ෂාව පිරිමින්ට වඩා අවුරුදු හයකටත් වඩා වැඩි වෙන එකත් තිබෙනවා.
කෙසේ වෙතත්, මෙවර පළාත් පාලන මැතිවරණය ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ඉතා වැදගත් සන්ධිස්ථානයක් වෙන බව නැවත අවධාරණය කළ යුතුයි. බිම් මට්ටමේ මහජන නියෝජිතයන් දෙදහසක් කියන්නේ පැහැදිලිව ම අලුත් ආරම්භයක්.
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

මෙම නීතිය කාන්තාවන්ට සම අයිතිය ලැබීමක් ලෙස සැලකුවත් මටනම් සිතෙන්නේ කැරෝකේ සහ නයිට් ක්ලබ් සදහා කාන්තාවන් සොයා ගැනීමට ඇති නීතිමය බලපෑම නැතිකර ගැනීම සදහා කල ඩීල් එකක් විදියට.
ReplyDeleteTrue...for the Casinos in near future .This a well planned process so many things in the future. Mangala Samaraweera got another one coming up and this is just a beginning.
Deleteලංකාවේ පෞරාණික දාගැබ් ඩෝසර් කරනවා.
ReplyDeleteනාග විහාරයේ හාමුදුරුවන්ගේ ආදාහනයට එරෙහිව නඩු දානවා.
වවුනියාවේ කැම්පස් එකේ සිංහල සිසුන්ට මරණ තර්ජන කරනවා.
රාවය පත්තරේට ලියන එවුන්ට පේන්නේ මේ වැඩකට නැති මත්පැන් තහනමක්.
හැබැයි මේ වැඩ නිසා ආයේ වතාවක් කළු ජූලියක් ආවොත් ඕකුන් අවුරුදු 50ක් විතර යනකන් ඒ ගැන කියවයි.
ස්ත්‍රී පුරුෂ ගැටුම තුලින් බටහිර ශිෂ්ටාචාරය විනාශ වෙනවා. මේ රික්තය සඳහා තමයි සංක්‍රමනිකයන් දහස් ගනනින් ආනයනය කරන්න වෙලා තියෙන්නෙ. පුරුෂ විරෝධී ස්ත්‍රීවාදයක් ඇතිවීමම බටහිර ශිෂ්ටාචාරයේ අවුලක්. බටහිර බොහෝ කාන්තාවන් දරුවන් නොමැති අය. වෙනත් රටවලට ඇමරිකන් සල්ලිවලින් පොම්ප කල ස්ත්‍රීවාදයක්.
ReplyDeleteස්ත්‍රීන මත්පැනට හුරුකිරීමෙන් දරු ගැබ්වලට හානි සිදුවෙනවා. නමුත් ස්ත්‍රීවාදීන්ට අවශ්‍ය පුරුශ විරෝධය පමනයි.
අද කවදාවත් නැතිතරමට ස්ත්‍රීවාදය කතා බහට ලක්වෙලා. වසර දාස් ගනනක් තිස්සේ මුල් බැසගත් කාන්තා ප්‍රතිරූපය බිද වැටීම සමාජයට අලුත් අත්දැකීමක් වෙයි.
හරියට හරි
Deleteලංකාවේ ස්ත්‍රීන්ට පිරිමින්ට වඩා වැඩි ආයු කාලයක් ඇත්තේ නොබීම නිසා යන්න කරුණු විකෘති කිරීමකි.
ReplyDelete