Posts

Showing posts from November, 2017

ඕවිටිගල කුඹුක් ගහ සහ වර්තමාන ආණ්ඩුව

Image
ඔන්න පෙරළුණා, මෙන්න පෙරළුණා කීවාට ආණ්ඩුව තවම තියෙන බව දැනගන්නට ලැබිණි. මේ ආණ්ඩුව ගැන විස්තර කරන්නට මා මීට මාස දෙකකට පමණ පෙර ගත් ඡායාරූපයක් යොදා ගනිමි. අලුතෙන් සංවර්ධනය කරමින් තිබෙන මතුගම අලුත්ගම පාරේ ඕවිටිගල, කඩිත්තමංකඩ නම් ස්ථානයේ මේ ගස පිහිටා තිබේ. මෙම ස්ථානය දැන් මීට වඩා වෙනස් වී තිබේ. මේ පාර සංවර්ධනය කරගෙන යමින් තිබෙන අතර දැන් මේ ගස කැපිය යුතුව තිබේ. මේ ගස අසබඩ පසුගිය සමයේ තිබුණේ අනවසර හෝටලයකි. ඒ හැරෙන්නට මේ ගසේ වෙනත් කිසිදු විශේෂත්වයක් නො තිබිණි. පාර වෙනුවෙන් එම අනවසර හෝටලය ඉවත් කිරීමට සිදු විය. පාර අයිනේ තිබෙන මේ කුඹුක් ගස හැර තව බොහෝ කුඹුක් ගස් මෙම ප්‍රදේශයේ තිබිණි. පසුගිය සමයේ ඒ කුඹුක් ගස් බොහොමයක් ප්‍රදේශයේ නිවෙස්වල තරප්පු පේලිවලට සවි විය. ඒ ගැන කාටවත් අවුලක් තිබුණේ නැත. එහෙත්, මේ ගස කපනවාට පරිසරවේදීන්, සංවර්ධන විරෝධීන්, ජාතිවාදීන්, ආගම්වාදීන් හා මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයන් විරුද්ධ ය. ඔවුන් සංඛ්‍යාවෙන් අතළොස්සක් වන මුත්, ලොකු සද්දයක් දැමීමේ හැකියාව ඇති අය වෙති. ප්‍රදේශයේ අති බහුතරයක් ජනතාවට මේ ගසෙහි කිසිදු විශේෂත්වයක් නැත. ගස කැපීමේ වගකීම තිබෙන්නේ ප්‍රාදේශීය ලේක

බදුලු බස්සෙකෙන් පොදු ප්‍රවාහනයට

Image
ඡායාරූපය sltbbus.blogspot.com බ්ලොගයෙනි ඊයෙ බදුල්ල ටවුමට රු. 10ක දුරක් යන්න හාලිඇල සිට පැමිණි ලංගම තනි දොරේ බස්සෙකකට නැග්ගා. බස්ටෑන්ඩ් එකට මෙහා හෝල්ට් එක කිට්ටුවදි පන්ති යන ගෑනු ළමයෙකු ඇතුළු කීපදෙනෙක් දොරටුව ගාවට ආවෙ බහින්න. ඔවුන් කොන්දොස්තරට බහිනවා ය කියලත් කිව්වා. ඒත් බස්සෙක නවත්තන්නෙ නැතුව ම ගියා. මගීන් සීනුව ගැහුවෙ එතකොට. රියදුරා බසය පදවන ගමන් ම පසුපස හැරී බැන්නා. "දැන් බෙල් ගහන්න එපා. හෝල්ටෙකට කලින් බෙල් ගහන්න ඕනැ," මිනිහා ගෝරනාඩුවක් දැම්මා. රියදුරාට වුණත් කණ්ණාඩියෙන් ඇස් කොණෙන් බැලුවත් පේනවා මිනිසුන් බහින්නට දොරටුව ළඟට ආපු බව. කොන්දොස්තරට තිබුණා 'බහිනවා' කියන වචනෙ කියන්න. "බහිනවා නම් බෙල් ගහන්න ඕනැ." කොන්දොස්තර නීති තර්කයක් දැම්මා. "ඔයාට මං කිව්වනෙ බහිනවා ය කියලා." මගියෙක් කිව්වා. "මට කියල වැඩක් නැහැ. බෙල් එක ගහන්න ඕනැ." කොන්දොස්තර කියනවා. තනි දොරේ බස් එකේ කොන්දොස්තරයි ඩ්‍රයිවරුයි ඉන්න තැන් අතර දුර අඩි පහක්වත් නැහැ. "ඉතින් ඔයා මේ මිනිස්සුන්ව බස්සලා යන්න ඕනැනෙ. ඒක ඔයාගෙ රස්සාවනේ." මං කිව්වා. "ඒක මගෙ

කැස්සට හෙම්බිරිස්සාවට ආණ්ඩු පෙරළීම

Image
හචිං!  මේ රටේ දේශපාලන ක්‍රමය ඉතා පසුගාමී, දූෂිත එකක් බව අමුතුවෙන් කිව යුතු නැත. එයින් බිහි වන්නේ අඳබාල නායකයන් බව නො දන්නා කෙනෙකු නැත. මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ හෝ අනාගතයේ පෙනෙන කිසිම දුරක සිටින කිසිම දක්ෂිණාංශික හෝ මධ්‍යස්ථ හෝ වාමාංශික හෝ නායකයකු සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබීම තේරුමක් නැත. අප දේශපාලකයන් රාජ්‍ය නායකත්වයට පත් කර ගන්නේ ඔවුන් හොඳ නායකයන් නිසා නො වේ. අපට ඔවුන් තෝරා ගන්නේ අපට සිටින අය අතුරිනි. ඔවුන් ඉතා බොළඳ, පහත්, කෘර අයුරින් හැසිරීමට ඉඩ ඇති අය බව අප දැන සිටිය යුතු ය. පුරවැසියන් ලෙස අපගේ වගකීම වන්නේ ඔවුන්ට ඉදිරියෙන් සිටීම මිස ඔවුන් පසුපසින් වැටී කලකිරීම නො වේ. වර්තමාන මොහොත තේරුම් ගත යුත්තේ එසේ ය. කලකිරීමට පත් ජනයා වෙත බල ව්‍යාපෘති තල්ලු කිරීම දේශපාලනයේ කොටසකි. එහෙත්, හෙම්බිරිස්සාවට, කැස්සට පවා ආණ්ඩු පෙරළිය යුතු යයි කියන බලලෝභීන්ගෙන් ජනතාව පරිස්සම් විය යුතු ය. මේ මොහොතේ ද නැවතත් දකින්නට ලැබෙන්නේ මේ ආණ්ඩුව පෙරළා රාජපක්ෂ පවුල බලයට එන්නට දත කන ස්වභාවයකි. ඔවුන්ට බලය ඉතා හදිසි වී තිබෙන්නේ ඔවුන්ට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග වළක්වා ගැනීමට බව

බලය බෙදා ගැනීම හා පළාත් සභා ගැන රෙජිනෝල්ඩ් කුරේගේ අත්දැකීම් බෙදා ගනිමු

Image
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ සමග සුභාරතී වැඩසටහනක් කරන්නට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ලැබුණු ආරාධනය පිළි ගත්තෙ ඉතාම සතුටින්. කළුතර සිට පැමිණි ප්‍රධාන අමාත්‍යවරයා පමා වුණ නිසා අපි දුරකථනයෙන් ඔහු සම්බන්ධ කරගෙන වැඩසටහන පටන් ගත්තා. බලය බෙදාගැනීමට පක්ෂ පුද්ගලයෙකු විදියට රෙජිනෝල්ඩ් කුරේගේ අත්දැකීම් උකහා ගැනීම හා සමාජයට සන්නිවේදනය කිරීම ඉතා වැදගත් යයි මා සිතනවා. ඔහු විජය කුමාරතුංග නායකත්වය දැරූ මහජන පක්ෂයේ ක්‍රියාකාරිකයකු ලෙස 1987දී මහත් අවදානමක් දරා ගනිමින් පළාත් සභාවලට පක්ෂව කටයුතු කළා. ඔහු පළමු බස්නාහිර පළාත් සභාවේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වුණා. 1994දී පාර්ලිමේන්තුවට පත් වී ප්‍රධාන ඇමති තනතුරු ද හෙබවූ ඔහු 2000 වසරේ සිට 2009 දක්වා ම බස්නාහිර ප්‍රධාන ඇමතිවරයා වුණා. 2016 වසරේ සිට ඔහු උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයායි. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලෙස බලය බෙදා ගැනීම යෝජනා කරන පුද්ගලයන්ට පළාත් සභා සම්බන්ධයෙන් රෙජිනෝල්ඩ් කුරේගේ අත්දැකීම් වැදගත්. ඒ නිසා විනාඩි 45ක කාලයක් අරගෙන මේ වැඩසටහනට සවන් දෙන්න. එය ඔබට ප්‍රයෝජනවත් වේවි. බලය බෙදා ගැනීම, පළා

රනිල් ඉල්ලා අස් විය යුතු ද?

Image
රනිල් ඉවත් කරන්නට මහා ව්‍යාපෘතියක් මහරාජාගේ මාධ්‍ය ව්‍යාපාරය විසින් දැන් වසර ගණනාවක සිට කරගෙන යනු ලැබේ. ඇත්තෙන් ම එයින් සිදු වුණේ රනිල්ට ඉන්නට අමතර හයියක් ලැබීම ය. දැනුත් එය එසේ ම ය.  මහරාජා රූපවාහිනී චැනල විසින් පාළු ගෙයක මයික් ටිකක් ඉදිරියෙන් තබා පවත්වන සෙනග නැති මාධ්‍ය සංදර්ශන ඔස්සේ පුම්බනු ලබන පෞරුෂයන්ගේ හිස්කම එසේ වීමට ප්‍රධාන හේතුවයි. සිරසට අහු වී තිබෙන කට්ටිය ඔක්කොම එක ම ජාතියේ අදක්ෂයන් පිරිසකි. සිරසට දක්ෂයන් අවශ්‍ය නැති බව එයින් පෙනේ. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ ව්‍යාපාරික හා බල උවමනාවන් වෙනුවෙන් නැටවෙන ඉත්තන් පිරිසක් පමණක් විය හැකි ය. ඔවුන් හමුවේ රනිල්ට ගේමක් තිබුණේ නැත. සිරස ඇත්තෙන් ම කිව්වොත් නන්නත්තාර ය. ඔච්චර නටලාත් සිරසට රනිල් පන්නන්නට බැරි විය.  රනිල්ට බැඳුම්කර කොමිසම ඉදිරියේ පෙනී සිටින්නට සිදු වීම නිසා දැන් මේ ඉල්ලා අස් වෙන්නට බල කිරීම තීව්‍ර කර තිබේ. රනිල් ඉල්ලා අස් විය යුතු ද? පිළිතුර නැත යන්නයි. 2015 ජනවාරි 8 වෙනස වෙනුවෙන් ඡන්දය දුන් 62 ලක්ෂය මෛත්‍රීපාල ජනාධිපතිවරයාටත්, වික්‍රමසිංහ අගමැතිවරයාටත් පවරන ලද වගකීම් සම්භාරයක් තිබේ. ඔවුන් එ්වා ඉටු කළ යුතු ය. ඒ වෙනු

රනිල් බැඳුම්කර කොමිසම ඉදිරියේ ඇඹරීම දෙවෙනි වන්නේ මහින්ද ජනෙල් පඩි උඩ නැගීමට පමණි

Image
අගමැති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර කොමිසම හමුවට සාක්කි දෙන්නට කැඳවීම අවාසනාවන්ත තත්වයකි. හේතුව ඔහු මේ රටේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් යම් දැක්මක් තිබුණු නායකයකු වීමයි. ඔහු මෙවැනි මතභේදකාරී ගනුදෙනුවක පැටලීම මහින්ද රාජපක්ෂට වූ දෙය ම වැනි එකකි. යුද්ධය කුමන හෝ මාර්ගයකින් අවසන් කිරීමට සමත් වූ, දේශපාලනයේ සුසමාදර්ශීය වෙනසක් සිදු කළ නායකයකු වූ මහින්ද රාජපක්ෂ ඔහු ඉදිරියේ රට ගොඩනැගීමට තිබුණු අවස්ථාව අහිමි කර ගත්තේ යම් සේ ද, රනිල් වික්‍රමසිංහ ද මෙම සිද්ධිය නිසා සිය අනාගත විභවයන් අහිමි කර ගත්තේ ය. එය රටේ අවාසනාව වන්නේ යම් හෝ ආර්ථික දැක්මක් ඇති වෙනත් නායකයකු රටෙහි නැති වීම නිසායි. කෙසේ වෙතත්, මෙම ගොඩනැගීම එක්තරා ආකාරයකට වැදගත් ය. වත්මන් පාලනය බලයට ගෙනෙන විට ම අප බලාපොරොත්තු වූ දෙයක් වූයේ නායකත්වය වෙනුවට ආයතන ශක්තිමත් වීමයි. එහෙත් නායකත්වය මෙතරම් දුර්වල වනු ඇතැයි ද, ආයතන මාෆියා ලෙස වර්ධනය වනු ඇතැයි ද අප බලාපොරොත්තු වූයේ නැත. අද වන විට රාජ්‍ය ආයතනවල ස්වභාවය තේරුම් ගත හැකි කදිම නිදර්ශනයකි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. පසුගියදා ඇති වුණ තෙල් අර්බුදය තනිකර ම ඔවුන්ගේ නිර්මාණයකි. ඒ පිළිබඳව ඇති

ගිංතොට ජාතිවාදී කලබලවලට වගකිව යුත්තේ කවුරු ද?

Image
Photo from thefakawitraveller.com දින කිහිපයක් තිස්සේ ගිංතොට ප්‍රදේශයේ සිදු වෙමින් තිබෙන බව කියන සිංහල මුස්ලිම් ගැටුම පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව ද, ඇතැම් ප්‍රදේශවල පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව ද වාර්තා වේ. සාමය කඩ කරන්නන්ට වෙඩි තැබීම දක්වා බලතල පොලිසිය සතු වන අතර ඒවා අවශ්‍ය නම් මෙවැනි තත්වයන් පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ය. විවිධ පුද්ගලයන් විසින් විවිධ කටකතා පතුරුවමින් සිටින අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් හා මතවාද ඉතා පැහැදිලිව ම විශ්වසනීයත්වයකින් හා වගකීමකින් තොර ය. විශේෂයෙන් ම, මෙවැනි සිදුවීම් ආණ්ඩුව සමග පටලැවීමට උත්සාහ කරන බවක් ද පෙනෙන බැවින් ආණ්ඩුව විසින් කළ යුතුව තිබෙන දෙය වන්නේ නීතිය උපරිම අන්දමින් ක්‍රියාත්මක කිරීමයි. මේ වන විටත් ගැටුමට මුල් වූ ඇතැමුන් අත්අඩංගුවට ගෙන තිබේ. ජාතිභේදයකින් තොරව සියලු වැරදිකරුවන් අත්අඩංගුවට ගත යුතු ය. එසේම, මෙම සිදුවීම භාවිතා කරමින් දේශපාලන වාසි ගන්නට උත්සාහ කරන පිරිස්වලට එයට කිසි සේත් ම ඉඩ නො දීමේ වගකීමක් ද ආණ්ඩුවට තිබේ. මේ පිටුපස ඇමති වජිර අබේවර්ධන සිටින බව මෙම භික්ෂුව ප්‍රසිද්ධියේ ම පවසයි . ම

මහාචාර්ය නලින් ද සිල්වා හා ඇත්ත බොරු වීම

Image
නලින් ද සිල්වා මහාචාර්යතුමාත් හරියට සනත් ජයසූරිය වගේ ය. ජයසූරිය ක්‍රීඩාවෙන් සමුගත් මුත් ඉන් අනතුරුව නැවතත් ක්‍රීඩා කළේ ය.  මහාචාර්ය නලින් ද සිල්වා ද ලිවීම නවත්වන බව කීව ද ඔහු ඇත්තට ම එසේ නවත්වා ඇද්දැයි නො දනිමි. කෙසේ වෙතත්, මහාචාර්ය නලින් ද සිල්වා ලිවීම නැවැත්වූයේ ඇයි? ඔහුගේ ලිවීම නතර වීම ගැන විස්සෝප වෙමින් එයින් තමන් ප්‍රවර්ධනය කර ගත් බොහෝ දෙනෙකුට මහාචාර්ය නලින් ද සිල්වා තමන් ලිවීම නතර කරන බව කීවේ ඇයිදැයි අමතක විය.  ඔහු ලිවීම නතර කළේ සයිටම් අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කළ නිසා බව ඔහු කියයි. ඔහු මෙතෙක් මේ ආණ්ඩුව ගැන කිසිදු හොඳක් කියූ, ඒ ගැන බලාපොරොත්තුවක් තිබුණු අයෙකු නො වූව ද හදිසියේ ඔහුට ආණ්ඩුව මතක් වූයේ ඇයි? මහාචාර්ය නලින් ද සිල්වාගේ දාර්ශනික මැදිහත් වීම බැරෑරුම් ලෙස ගන්නා අය ඔහුගේ පහත සඳහන් ප්‍රකාශය ද බැරෑරුම් ලෙස ගත යුතු ය.  මගේ අදහස වූයේ නිදහස් අධ්‍යාපනය යනු මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට හැකි අයට ඒ අවස්ථාව නැති කිරීම නොවන බව.  මෙය තව බොහෝ දේවලට අදාළ ය. නිදහස් සෞඛ්‍යය යනු මුදල් ගෙවා සෞඛ්‍ය පහසුකම් ලැබීමට හැකි අයට ඒ අවස්ථාව අහිමි කිරීම නො වේ. ඊනියා සයිටම් විරෝධීන් ඉදිර

වාමාංශික ‘බව‘ දුක සහ කම්කරුවන්ගේ ‘බව‘ කර්මය

Image
ලංකාව කියන්නෙ අමුතු රටක්. මේකෙ වාමාංශිකයන් කිසිදාක තනියෙන් ආණ්ඩු පිහිටුවලා නැහැ. හැබැයි, ලංකාවෙ ජනමතය පාලනය කරන්නට වාමාංශිකයන්ට විස්මිත හැකියාවක් තියෙනවා. ඒ වගේ ම කුඩා බලය වුණත් පාවිච්චි කරලා සමාජයේ ගමන වළක්වන්නටත් ඔවුන්ට හැකියාව තියෙනවා. හොඳම උදාහරණය තමයි පෞද්ගලික අධ්‍යාපනය හා ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති වෙනස් කරන්නට සයිටම් විරෝධී අරගලය හරහා ඔවුන් සමත් වීම. හැබැයි, බොහෝ විට ඔවුන් සාර්ථක වෙලා තියෙන්නෙ ප්‍රතිගාමී බලවේග සමග සන්ධානගත වූ අරගලවලදි විතරයි. සයිටම් විරෝධී අරගලය දිනා ගන්නට ලැබුණේ දොස්තර සංගමයේ ඉතා පටු, ආත්මාර්ථකාමී උවමනාවක් සමග සන්ධානගත වුණ නිසායි. ඒ උවමනාව තමයි, වෛද්‍ය හිඟයක් තබාගෙන මහජන මුදල්වලට කේවෙල් කරමින් සුවිශේෂ වරප්‍රසාද ලබා ගන්නටත්, අධික ලෙස රෝගීන් සූරාකමින් බදු පවා නො ගෙවා විශාල ලාභ ලබන්නටත් තිබෙන ඉතා දක්ෂිණාංශික වූ ප්‍රතිගාමී උවමනාව. මේ විදියට ම තමයි වාමාංශිකයන් කලින් කලට ජාතිවාදය සමග එකතු වන්නේත්. ලංකාවේ වාමාංශිකයන්ට දීර්ඝ කාලීන ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා කිසිවක් කරන්නට බැරි වී තිබෙන එකෙන් ම පෙනෙනවා වාමාංශිකකමේ තරම. කෙසේ වෙතත්, මොවුන් විසින

රේඩියෝ බැලීම හෙවත් මගේ රේඩියෝ කතා

Image
රේඩියෝ කියන්නෙ හරි සුන්දර දෙයක්. රූපවාහිනී එන්න කලින් ඉපදුණු අපේ පරම්පරාවෙ අය රේඩියෝවට පෙම් බැඳි තරම ගැන අපූරු කතාවක් තමයි ලියනගේ අමරකීර්ති ලියපු කුරුළු හදවත නවකතාව. රේඩියෝවට පෙම් බැන්දට, ගෙදරදි ප්‍රවෘත්ති කියන විධිය අනුකරණය කරමින් පත්තරේ කියෙව්වට, ගමේ තොරණ ගාව එහෙම ලවුස්පීකරෙන් එනවුන්ස් කළාට රේඩියෝ ලෝකෙ අප වගේ හද්ද ඩොටේ කට්ටියට ගොඩක් දුර වුණා. ඒ හීන එහෙම්ම ම බොඳ වෙලා ගියා. හැබැයි මං පදවියේ ගුරුවරයකුව ඉන්න කාලෙ සාම රැළිවල එහෙම කරපු නිවේදනයන් නිසා ජයතිලක බංඩාර අයියා හරහා රජරට සේවයට සම්බන්ධ වෙන්නට අවස්ථාවක් ලැබුණා. එතකොට මං හිටියෙ අනුරාධපුරේ. රජරට සේවයෙන් පුහුණුවක් දීලා මා ඇතුළු පිරිසකට ස්වේච්ඡා සන්නිවේදකයන් විදියට වැඩසටහන් ඉදිරිපත් කිරීමේ සිට නිෂ්පාදනය දක්වා බොහෝ දේවලට සම්බන්ධ වෙන්නට නිර්ලෝභී අවස්ථාවක් එවකට රජරට සේවයේ පාලිකාව වූ ශ්‍රියානි සමරනායක අපට ලබා දුන්නා. හැබැයි 2001දී රනිල් වික්‍රමසිංහ බලයට පත් වීමත් එක්ක රජරට සේවයේ ප්‍රධානියා බවට නැවත පත් වුණ ජෝතිපාල තෙබුවනගෙ මුල් ම රාජකාරිය වුණේ අප කණ්ඩායම දොට්ට දාන එක. ඒ වෙනකොට මම මගේ අවසන් වැඩසටහන කරලා සමු ගැනීම සඳහා මෙන්න මේ

බජට්ටෙක

Image
බජට්ටෙක කියන්නෙ එච්චර ලොකුවට ගන්න ඕනැ සීන්කෝන් එකක් නෙමෙයි. මොකද, ඕක මේ රටේ බජට්ටෙක නෙමෙයි. ඕක රජයෙ බජට්ටෙක. රජයෙ බජට්ටෙක වැඩියෙන් ම වැදගත් රජයේ සේවකයන්ට, නිලධාරීන්ට, දේශපාලකයන්ට සහ රජය සමග කොන්ත්‍රාත් කරන අයට. අපි ඉතින් දෛනික කුලී කුරක්කමක් කරලා එදා වේල හොයා ගන්න වැඩ කරන ජනතාව නේ. අපට ඔය රජය ගොඩක් අදාළ නැහැ. ටිකක් අදාළයි. එක පැත්තකින් රජය අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය වෙන කාගෙන්වත් ගන්න එපා, අපෙන් විතරක් ගනිල්ලා, අප කැමති විදියට විතරක් ගනිල්ලා ය කියලා අපට ඒ දේවල් සාධාරණ මිළකට මිළ දී ගන්නට අවස්ථාව අහුරලා තිබෙනවා. අනෙක් පැත්තෙන්, මේ දේවල් අපට නොමිළේ දෙනවා ය කියලා රජය ඒ වෙනුවෙන් අපෙන් අම්බානක් හූරා කනවා. ලංකාවෙ තියෙන ලොකු ම සූරාකෑම් කරන්නෙ ඔය ධනපති සමාගම් නෙමෙයි. රජය තමයි ලොකුම සූරා කන්නා. සූරාකෑමට වාමාංශික ශබ්දකෝෂයේ නිශ්චිත අර්ථයක් තිබෙන එක මෙතනට අදාළ නැහැ. අප ඒ නිශ්චිත අර්ථ ගණන් ගන්නෙ නැහැ. මොන රෙද්ද වුණත් කමක් නැහැ. අරක්කු බෝතලයක් ගන්නකොට රුපියල් දාහකට වඩා ගානක් පැත්තක ඉඳන් අපෙන් අරන් සාක්කුවෙ දාගන්න එකා, පෙට්‍රල් ලීටරයක් ගහනකොට විතරක් නෙමෙයි එස්එම්එස් එකක් ගහනකොටත් ඒකෙන් හෙණ ගානක

සයිටම් විරෝධීන්ට සුබපැතුම්! එහෙත් නිහඬ බහුතරය වෙනුවෙන් අපි හෙටත්

Image
සයිටම් හෙවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට (පමණක්) එරෙහිව පැවති විරෝධය ජයගෙන ඇති බව එය මෙහෙයවූ අය මහ හඬින් කෑගසා කියති. අපි ඔවුන්ට සුබ පතමු. මේ රටේ බහුතර විශාල පිරිසක් තම අධ්‍යාපන නිදහස වෙනුවෙන් අරගල නො කර සාමකාමීව නිහඬව සිටියදී සයිටම් විරෝධීන් ඔවුන්ගේ සටන පාවිච්චි කළ හ. ජනතාවගෙන් ප්‍ර‍තික්ෂේප වෙද්දී මාරාන්තික උපවාස තර්ජන ආදිය කරමින් සමාජය බිය වද්දමින් හෝ තම අරමුණ දිනා ගන්නට ඔවුන් සමත් වී ඇති බව පෙනේ. එහෙත්, අපට නම් අප සිටි ස්ථාවරන් කිසිවක් වෙනස් කර ගන්නට අවශ්‍යතාවක් නැත. නැවත නැවත ඔප්පු වෙමින් තිබෙන්නේ අප ඉදිරිපත් කළ කරුණු ම ය. ලංකාවේ රාජ්‍ය බලය හිමි මධ්‍යම පන්තිය සිය පන්ති උවමනාවන් වෙනුවෙන් අවසානයේදී පන්තියේ වඩාත් ආත්මාර්ථකාමී කොටස් සමග සම්මුතිගත වෙයි. අධ්‍යාපනය වෙළඳපොළකරණය කරනවාට විරුද්ධව කරන බව කියනමුත්, මෙම ව්‍යාපාරය අවසානයේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මට්ටමෙන් ඔබ්බට නො යන්නට බොහෝ ඉඩ තිබේ. (උදාහරණයක් ලෙස දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය කුමාර් ගුනරත්නම් නිදහස් වූ පසු අවසන් විය.) මෙම සටනට සම්බන්ධ වූ ජවිපෙ පෞද්ගලික අංශයට හා ව්‍යවසායකයන්ට එරෙහි පක්ෂයක් ලෙස

තෙල් රනා නෑවා ද?

Image
තෙල් අර්බුදය ඇත්තෙන් ම ආණ්ඩුවේ හා රටේ පවතින තත්වයේ සංකේතාත්මක ප්‍රදර්ශනයකි. මෙම ප්‍රශ්නයට ඉතා පැහැදිලිව ම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග වගකිව යුතු ය. එය ඉතා අසාර්ථක කළමනාකරණයකි. ප්‍රංශයෙන් LIOC සමාගම විසින් ආනයනය කරන ලද මතභේදයට තුඩු දුන් තෙල් නැව ලංකාවට පැමිණ ඇත්තේ ඔක්තෝබර් 15දා ය. එහි තෙල්වල තත්වය බාල බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියයි. එහෙත්, එහි තිබුණු අංශු පෙරහන් කිරීමෙන් පසු එම තෙල් තොගය වෙළඳපොළට නිකුත් කළ හැකිව තිබුණු බව LIOC පවසයි. අනෙක් පැත්තෙන් LIOC සමාගම හසුරුවන්නේ ලංකාවේ ඉන්ධන වෙළඳපොළෙන් 15%ක් පමණි. 85%ක් ම විකුණන ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තත්වය කළමනාකරණය කර ගන්නට හැකියාව තිබිය යුතු ය. එහෙත් බැරි විය. කෙසේ හෝ කල් ගත කරමින් නො සිට මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැකිව තිබිණි. තෙල් නැවට අවසර ඉල්ලා ඇතැමුන් තමන්ට මුදල් පවා දෙන්නට ඉදිරිපත් වූ බව ඇමතිවරයා පවසයි. අැමතිවරයකුට අල්ලස් දෙන්නට ඉදිරිපත් වීම බරපතල අපරාධයකි. ඇමතිවරයා කළ යුත්තේ මේවා මාධ්‍යවලට කිය කියා ඉන්න එක නොව අල්ලස් කොමිසමට පැමිණිලි කරන එක ය. දැන් වුණත්, මේ අල්ලස් කතාව ගැන විමර්ශනය කළ යුතු ය. ඇමතිවරය

මචං, උඹට ආදරෙයි කියන්න පමා වුණාට සමා වෙයන්!

Image
පදවි වැව වගේ සොඳුරු මිනිහෙක් - ඡායාරූපය: nearby.lk පදවිය මහසෙන් විදුහලේ ආර්ථික විද්‍යාව උගන්වමින්  සිටි අප කල්‍යාණ මිත්‍ර සුදත් ගුණරත්න අද උදෑසන පන්තියේදී මාතෘකාව පමණක් කියා විනාඩි කිහිපයක් නිහඬව බලා සිට, පපුව අල්ලාගෙන පුටුවෙහි වාඩි වී මිය ගිය බව අසා මහත් සේ කම්පාවට පත් වුණෙමි. ඔහුත්, මාත් අතර බොහෝ දේශපාලනික වෙනස්කම් තිබිණි. එහෙත්, එවැනි ප්‍රාණසම මිතුරන් ළඟ බොහෝ විට දැකිය හැකි පරිදි ම ඒ වෙනස්කම් සියල්ල නො වෙනස් මිත්‍රත්වයට හා ආදරයට දෙවෙනි විය. මහ ලොකු දේශපාලනයකින් තොරව, තුරුණු වියේ එකට වැටී දුක සැප බෙදා හදා ගත් ජීවිතයක හදවතේ ගැඹුරට ම කා වැදුණු මතකයන් අප අතර තිබිණි. ඔහු දිගට ම මා ලියන ලිපි කියැවූයේ ය. උඹේ අදහස්වලට මං එකඟ නැහැ මචං යි කියා වුව ද මගේ පැහැදිලි කිරීම් ඔහු සන්සුන්ව අසා සිටියේ ය. පසුකාලීන බොහෝ දේශපාලන සහෝදරයන් සේ තමන් අකැමැති සැම දෙය පැතලි ලෙස ප්‍රතික්ෂේප නො කරන පුළුල් දැක්මක් ඔහුට තිබිණි. මිනිසුන්ට ඒ පුළුල්කම ලැබෙන්නේ අව්‍යාජව, අවංකව, පූර්ණ ලෙස තමන් ලද ජීවිතය ජීවත් වීමෙනි.  අව්‍යාජ ගැමියකු වූ, ගමේ ම ඉපිද, මහා යුද්ධයක් මැද පවා ගම හැර නො ගොස්, එහි දරුවන්ට අනුරාගයෙන් අ

සයිටම් සම්බන්ධයෙන් රජයේ විසඳුම හා මස් රාත්තල ම ඉල්ලන ෂයිලොක්ලා

Image
ලෝකයේ මේ වන විට කොමියුනිස්ට් ආණ්ඩුවකට තිබෙන්නේ ලොවෙන් හුදකලා වී, ඉතිහාසය තුළ එක තැන නතර වී තිබෙන බව පෙනෙන උතුරු කොරියාව සහ කියුබාව පමණි. කොමියුනිස්ට්වාදය සෙසු ලෝකයට පිළිගැනීමට අපහසු වන ප්‍රධානම හේතුවකි, මෙම ජීවමාන උදාහරණ දෙක. කොමියුනිස්ට් දේශපාලනයක් හෝ වෙනත් ඒ හා සමාන විකල්පයක් ප්‍රවර්ධනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් ලංකාවේ නැත. මූලික වශයෙන් ම ඔවුන්ට ඒ ගැන විශ්වාසයක් නැති බව පෙනේ. එසේම, ඔවුන්ට වෙනත් කිසිදු විකල්පයක් ද නැත. ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන වාමාංශික පක්ෂ දෙකට ප්‍රමුඛ වී තිබෙන්නේ එකිනෙකා පරයා මතු වීමේ බර අරගලයයි. ඔවුන් අතර හෝ එක් එක් පක්ෂ තුළ පවා ලංකාවේ ආණ්ඩුවක් පිහිටුවා ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙලක් නැත. දූෂණය නැති කළ පමණින් රට සංවර්ධනය කළ හැකි යයි ඇතැම් වාමාංශිකයෝ සිතාගෙන සිටිති. ඒ බවක් මහජනතාවට ද කියති. දූෂණය නැති කිරීම නරක දෙයක් නො වේ. එහෙත්, එපමණකින් රටක් දියුණු වන්නේ නැත. ඒ සඳහා ආයෝජන, දැනුම හා කුසලතාවන් ගොඩනගා ගැනීම අවශ්‍ය ය. වාමාංශිකයන්ට ඔවුන් වර්තමානයේ අනුගමනය කරන ප්‍ර‍තිපත්ති ද සමග එසේ කළ නො හැකි වීමට පැහැදිලි හේතු තිබේ. බොහෝ වාම

ලාභය මාර කුණුහරුපයක් ද?

Image
සයිටම් ලාභ නො ලබන ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම හොඳ දෙයකි. ලාභ නො ලබන, පොදු ආයතන ගොඩනැගීම රජයට විකල්ප වැඩපිළිවෙලක් ලෙස ද සැලකිය හැකි ය. එහෙත්, ලාභය යනු කුමක්දැයි අප තේරුම් ගත යුතු ය. ලාභය යනු ඔය කියන තරම් මහා නරක දෙයක් ද? ලාභය ලිබ්බොක්කේ වලලන යුගය අවසන් ය. ලාභ ලබන්නෝ ඒ මුදල් නැවත ආයෝජනය කරති. නැතිනම් ඉහළ මට්ටමින් පරිභෝජනය කරති. මේ මුදල් සංසරණය වන විට සමස්තයක් ලෙස රටේ රැකියා ඇති වේ. ආර්ථිකය ප්‍ර‍සාරණය වේ. නව ලිබරල්වාදී ආර්ථික විශේෂඥයෝ එය ආර්ථික වර්ධනය පහළට කාන්දු වීමක් ලෙස සැලකූ හ. එහෙත් විෂමතා ඇති වීමේ බරපතල ගැටලුවක් තිබේ. ධනවාදයේ ඇති මූලික ගැටලුව මෙම විෂමතා ය. ලාභය නියාමනය කිරීම ඇත්තෙන් ම දුෂ්කර ය. සමාජවාදීන්ගේ ක්‍රීඩාව ඇත්තේ එතැන ය. ස්වාධීන ආයතනයකට පවා ලාභය අවශ්‍ය ය. හේතුව, එම ආයතනය වෙනුවෙන් කරන ලද ආයෝජන වෙනුවෙන් ණය හා පොළී ගෙවිය යුතු ය. එසේම, ආයතනය සංවර්ධනය කළ යුතු ය. සංවර්ධනය වෙනුවෙන් ගොඩනගා ගත හැකි ඉලක්කවලට සීමාවක් නැත. ස්වාධීන ආයතන ලාභ ලබන ප්‍ර‍මාණය කෙතරම් ද යන්න පවා ප්‍ර‍ශ්නයකි. සමුපකාර සංකල්පය යනු ලාභය පිළිබඳ නිශේධාත්මක අදහසකින් තොරව මහජනතාව අතරින් පැනනැගුණු ආර්ථික