නහය නැතිනම් රියලිටි විනිශ්චයකාරවරු ................

ශබ්දකෝෂ අර්ථයෙන් රියැලිටි කියන්නේ යථාර්ථයටයි. එහෙත්, මෑත කාලයේදී රූපවාහිනී විසින් හඳුන්වා දෙන ලද රියැලිටි නම් කලාව විසින් ඒ රියැලිටි යන වචනයේ අර්ථය වෙනස් වී තිබේ.

රියැලිටි ෂෝවල යථාර්ථයේ නමින් වෙනත් අමුතු යථාර්ථයක් නිර්මානය කරනු ලැබේ.

එය එක්තරා විදියකට නිර්මිත යථාර්ථයකි. යථාර්ථය ෆැන්ටසිකරණය කිරීමකැයි කියන්නට ද පුළුවන.

මේ ගැන තව ටිකක් කල්පනා කරන විට මෙසේ ද සිතේ. කලා කෘතිවල යථාර්ථය යයි කියන්නේ ඇත්තෙන් ම යථාර්ථය ද? නැතිනම් යම්කිසි නිර්මිත යථාර්ථයක් ද?

කෙසේ වෙතත් මේ නිර්මිත යථාර්ථය නම් නියම විකට ජවනිකාවකි. මේවායේ විනිශ්චයකාරයන් කියන එවුන් නහය නැතිනම් ගූත් කනවා ඇතැයි මට සිතේ.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙහෙමයි ඕවා බැලුවෙත් නැහැ ! බලන්නෙත් නැහැ ! ....
    අඩුම ගානේ ඔය වීඩියෝ එකවත් ක්ලික් කරන්නේ නැහැ !
    හැබැයි ඕන තරම් ඇඩ් වල යන ගොන් පාට් දැකලා තියෙනවා

    අනික මේ වැඩසටහන් වල ඉන්න රියලිටි විනිශ්චයකාරවරු ඇත්තටම ඒ සදහා සුදුසු පුද්ගලයින් නෙමේ

    අනික එහෙම වෙන්න ඕනෙත් නැහැ
    රටේ ඔය වැඩසටහන් විතරක් හරියට යන්න නැහැනේ
    මුළු රටම වැරදියට යනවනම්

    ගීත රියලිටි විනිශ්චයකාරවරු බොහොමයක් බොරු නළුවන් ඔවුන් ගීත නිර්මාණකරුවන් නෙමේ !
    බොහොමයක් විනිශ්චයකාරවරු නිර්මාණ කරපු ගීත මොනවද ? හරි සුළු ප්‍රමාණයක් !
    සමහරු නිර්මාණ කරන එක ඒවාට දායක වන එක දුර්ලඝයි !

    අමරදේව කටහඩ නිසා බිහිවෙච්ච කෙනෙක් නෙමේ .... ඔහු බිහිවුනේ නිර්මාණ හරහා
    ඔහුට හිටිය ඒ කාලේ හොද ගීත රචකයෝ ! සංගීත අධ්‍යක්ෂක වරු ඒ වගේම ඔහුත් සංගීත අධ්‍යක්ෂණය සිදු කළා !


    ඉතින් ඔවුන්ගේ විනිශ්චයට ලක්වෙන තරග කරුවන් ගැන කවර අනාගත වැකිද ?

    ඔවුන්ට තියෙන එකම ක්‍රමේ ඕවට පෙනී ඉදල .... චැනල් එකට ඕන හැටියට බොරුවට රගපාලා ...
    ඒ මෝඩ රගපාන කෑලී ටික ඇඩ් වලට දාලා ඒ ඇඩ් දවසෙම දාලා ....
    රටේ ඉන්න අනෙක් සමාජ බුද්ධිය නැති එවුන් ටික ඕවා බලන්න පුරුදු කරවන එක ...

    උන් ඒවා බලලා මෝඩ කතා කියන කොට .... උන්ට වැඩසටහන තව ගොන්නු බලනවා ... එච්චරයි !

    වැඩේ කියන්නේ මහා සමාජ බුද්ධිමතුන් ලෙස පෙනී ඉන්න අය....
    මේ මෝඩ වැඩසටහන් තාමත් බලන එක ....

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත.

      Delete
    2. සම්පූර්ණ ඇත්ත.

      Delete
    3. //මෙහෙමයි ඕවා බැලුවෙත් නැහැ ! බලන්නෙත් නැහැ ! ....
      අඩුම ගානේ ඔය වීඩියෝ එකවත් ක්ලික් කරන්නේ නැහැ !
      හැබැයි ඕන තරම් ඇඩ් වල යන ගොන් පාට් දැකලා තියෙනවා //
      ඇඩ් එකක යන කැල්ලක් දැකල සියල්ල දත් වගේ වැල් වටාරම් ලියන අපූරුව. ඉස්සෙල්ල මේ ගායනය අහල ඉන්න. ඊට පස්සේ විචාරය දෙන්න.

      Delete
    4. මොනවා වුනත් ඌ කියල තියෙන්නේ ඇත්ත .....

      අර "කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසිය" පොස්ට් එකේ පැරාම මෙහෙම කියලා තිබුනා ... එක්කෙනෙක් අහපු ප්‍රශ්නයකට


      "මලා!
      දැන් ඉතිං රජිනි කාන්ත් ගේ කබාලි බලන්නත් වෙනවා. තවත් පැය දෙක තුනකට කෙලවෙන වගයි!"

      "එච්චර මහන්සි වෙන්න ඕනැ නැහැ රසික. ඔය ට්‍රේලර් එක බැලුවාම ඇති."

      ඒවගේ තමයි ඉතින් මේ උබලට මහ ලොකු රියලැටි :)

      Delete
  2. ෆැන්ටසියක් වූ යථාර්තය හෙවත් රඟපාන යථාර්තය

    ReplyDelete
  3. මේක අර කියන ප්‍රෝග්‍රෑම් එකේ අමු ම අමු කොපියක් නේ!

    ඔය ඉන්න ගාන්ධර්වයන් තිදෙනා (කවියෙන් කියවෙන්නේ) කවුද? මේ ළඟදී තුසිත දෙව්ලොවෙන් ආපු අය වෙන්න ඕනෑ!

    ReplyDelete
  4. මේක අර X-Facor කියන ප්‍රෝග්‍රෑම් එකේ අමු ම අමු කොපියක් නේ!

    ඔය ඉන්න ගාන්ධර්වයන් තිදෙනා (කවියෙන් කියවෙන්නේ) කවුද? මේ ළඟදී තුසිත දෙව්ලොවෙන් ආපු අය වෙන්න ඕනෑ!

    ReplyDelete
  5. වක්කඩ ලඟ දිය වැටෙන්නටත් පෙර
    විනිසුරුවෙක් උඩ පැන නැටුවා
    දෙවෙනි පුටුව කැරකෙන විට වාගේ
    මා පියන්ට සිහි නැතුව ගියා
    පිස්සන් කොටුවකි මුළු රඟ මඬලම
    සින්දු අහන්නට කෙනෙක් නැතේ
    SMS හැකි තරම් යවමු අපි
    මේවට රියලිටි ෂෝ කියතේ.
    (වීඩියෝ ක්ලිප් එක ඇසුරෙන් ලියන ලදී. තාලය:වක්කඩ ලඟ ...)

    ReplyDelete
  6. මේකේ එක විනිශ්චයකරුවෙක් වචන 2 ක් කියනකොටම තමන්ගේ චන්දය දෙනවා ,මේකෙන් කියන්නේ මෙය පටන්ගැනීමට පෙරම තම තීරණය අරගෙන ඉවර බවයි.

    ReplyDelete
  7. විමල් වීරවංශගෙ පාර්ලිමේන්තුවට බෝම්බ ගැහිල්ලවගේ තමයි. ෆැන්ටසියක් මිස යතාර්ථයක් නොවේ.

    ReplyDelete
  8. මේක ඉන්දියන් කොපියක්. පුටුව හරවගෙන ඉන්න එක

    ReplyDelete
  9. Europe-based Revolutionary Leftist, Please contribute? Denude the hypocrite in the name of Ajith Para. It is your historical obligation at this vital juncture.

    ReplyDelete
  10. Save SLBC from Ajith Para. SLBC should not support the vengeance against Leftists who have a key role to play in the constitutional reforms. Oust Ajith Para from the SLBC.

    ReplyDelete
  11. what is wrong in this song ?

    ReplyDelete
  12. උමාරියා මතක් වුනේ මට විතරද

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා