රජයේ මාධ්‍යවලට හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට කළ හැකි දේ
අප මිත්‍ර සුදර්ශන ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වීම පිළිබඳ කුමන ගැටලු මධ්‍යයේ හෝ වත්මන් පාලනය ප්‍රතිගාමිත්වයෙන් ආරක්ෂා කරමින් මෙතැනින් ඉදිරියට යාම පිළිබඳ සිතන පුරවැසියකු වන මට ඉතා වැදගත්. හේතුව, ඔහු ඉතා කෙටි කාලයක් තුළ රජයේ ගුවන් විදුලි සංස්ථාව තුළ කළ මැදිහත්වීමේ ඵලදායිත්වයයි. දෙයක් වේ නම් සුදුස්සාට ම අයිති විය යුතු කියන එක ලංකාවේ සිදු වන්නේ කලාතුරකින්. සුදර්ශන ගුණවර්ධන ඒ අතින් වාසනා ගුණයක් ඇති කෙනෙක්. සුබපැතුම්!
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරය යනු වැඩකට නැති රාජ්‍ය ආයතනයක වැඩක් කළ නො හැකි තනතුරක් ය යන්න ඇතැමෙකුගේ අදහසක්. එහෙත්, එය එසේ විය යුතු ද?
මීට කලින් මේ තනතුර දැරූ අප මිත්‍ර රංග කලන්සූරියගේ කාලයේ ඔහු මාධ්‍ය සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීමටත්, මහජන ආකල්ප වෙනස් කිරීමටත් සුවිශේෂ වැඩකොටසක් කළා. එහිදී තොරතුරු දැනගැනීමේ හිමිකම් පනත සම්බන්ධයෙන් ඔහු කළ වැඩකොටස ඉතා වැදගත්. තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීමෙන් පසු එය ජනතාව අතරට ගෙන යාම සඳහා ඔහු තවත් සංවිධාන සමග එකතු වී කරපු කාර්යභාරය විශිෂ්ටයි.
එහෙත්, ප්‍රවෘත්ති මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත නම් මතභේදයට තුඩු දුන්නා. මා මේ සම්බන්ධයෙන් විවෘතව ම පවසන්නේ මාධ්‍ය දිනෙන් දින ගෝලීය අවකාශයක් තුළ ස්ථානගත වෙමින් තිබියදී ජාතික මට්ටමෙන් නියාමනය කිරීම කළ නො හැක්කක් බවයි. උදාහරණයක් ලෙස දැන් වුණත් ලංකා ඊ නිව්ස් සම්බන්ධයෙන් ලංකාවේ අධිකරණයට හෝ කිසිවක් කරන්නට පුළුවන් තත්වයක් නැති බව පෙනී ගොස් තිබෙනවා. අනාගතේදී රූපවාහිනිය පවා ගෝලීය මාධ්‍ය අවකාශයන් තුළ ස්ථාපිත වෙනවා. සිංහලෙන් කරන මාධ්‍යකරණයන් පවා තව දුරටත් ලංකාවේ දේශසීමාවට සීමා වෙන්නෙ නැහැ. ජාතික නියාමනයන් අසාර්ථක වන්නෙ එතැනදීයි.
නියාමනය සම්බන්ධයෙන් මා ඉදිරිපත් කළ තවත් අදහසක් තමයි රාජ්‍ය මාධ්‍ය හරියට කරලා පෙන්වීම. ඒ කියන්නෙ, ලාභ වෙනුවෙන් බාල වැඩ නො කර, මාධ්‍යකරණය නම් මේ යයි පෙන්විය හැකි මාධ්‍ය භාවිතාවක් රාජ්‍ය මාධ්‍ය ඔස්සේ කිරීම. එහෙම කරනකොට රාජ්‍ය මාධ්‍යවලට ප්‍රමිති නිර්මානය කරන්නට පුළුවන්. පෞද්ගලික මාධ්‍ය මනින්නට ඒ ප්‍රමිති භාවිතා කරන්නට පුළුවන්. ගුවන් විදුලි සංස්ථාවේ සිදු වූ විපර්යාසය පෞද්ගලික රේඩියෝවලටත් බලපෑමක් කර ඇති බව සියුම්ව නිරීක්ෂණය කර බැලුවොත් වටහා ගත හැකියි.
රාජ්‍ය මාධ්‍යවල ප්‍රමිති ඉහළ නැංවීම ලේසි වැඩක් නෙමෙයි. ඒකට මූලික හේතුව, පසුගිය කාලයක් පුරා ඒවායේ සේවකයන් ලෙස පිරවූ දේශපාලන පත්වීම්ලාභීන්ගේ දැනුමේ, කුසලතාවල වගේ ම ආකල්පවලත් තිබෙන ගැටලුව.
හැබැයි, සුදර්ශන ගුණවර්ධන ගුවන් විදුලි සංස්ථාව වගේ වඩා දුෂ්කර තැනක මේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා කියලායි මා සිතන්නේ. තනතුරක් ලැබුණාම බොහෝ අය කරන්නේ තමන් සිටි සමාජයත් සමග පරතරයක් නිර්මානය කර ගන්න එක. මේක පෞරුෂ ගැටලුවක්. වර්තමාන ආණ්ඩුවෙන් තනතුරු ගත් බොහෝ දෙනෙකුටත් මේ දේ සිදු වුණා. හැබැයි, සුදර්ශන එහෙම නො කර, සමාජ සම්බන්ධතා ශක්තිමත් කර ගත්තා විතරක් නෙමෙයි, ගුවන් විදුලියේ දොරටු විවෘතත් කළා.
ඊයේ පැවැත්වුණු ආර්ථික නිදහස පිළිබඳ සමුළුවේදීත් මා පෙන්වා දුන් කරුණක් වන්නේ ඉන්න හාල්කෑලි අතරින් නායකයන් පත් කර ගන්නවා වෙනුවට නායකයන් ගොඩනගා ගැනීම වෙනුවෙන් අප වැඩ කළ යුතු බවයි. ඒක සමාජ වගකීමක්.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරය කියන්නේ රටේ සියලු රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍යවලට නායකත්වය දිය හැකි වගකිවයුතු තනතුරක්. රංග කලන්සූරිය වැඩි අවධානයක් යොමු කළේ ප්‍රතිපත්ති තලයටයි. එහෙත්, ප්‍රායෝගිකව ප්‍රවෘත්ති පැත්තෙන් විශාල වැඩකොටසක් කිරීමේ හැකියාව මේ තනතුරටත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටත් තිබෙනවා. රජයේ ප්‍රතිරූපය ශක්තිමත් කරන්නටත්, විවෘත වෙළඳපොළ තුළ රජයේ වැදගත් මැදිහත්වීම් ඉස්මතු කර දක්වන්නටත්, රජයේ සේවයේ මහජන වගවීම අවධාරණය කරන්නටත්, රජය සම්බන්ධයෙන් මහජන ආකල්ප සුබවාදී අතට හරවන්නටත් සියලු රාජ්‍ය ආයතන අතරින් හරස් අතට විහිදෙමින් සුවිශේෂ වැඩකොටසක් කිරීමේ හැකියාව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට තිබෙනවා.
සමාජය වෙනස් කරන්නට නම් ජාතිවාදී හා මාක්ස්වාදී මනෝ විකාරවලින් ඔද්දල් වූ මනස් සහිත ලාංකීය ජනතාව අතර ගැඹුරට විහිදෙන කතිකාවක් අවශ්‍ය වෙනවා. හැම දේට ම වගේ මේ දේටත් නායකත්වයන් ගොඩනගා ගත යුතුයි.
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

කුණු පුවත් විකුණන එක ලේසියි. ලෝකෙ පුරාම මාධ්‍ය කරන්නේ ඒක.ලංකා ඊ නිව්ස් කරන්නෙත් ඒ වැඩේ.
ReplyDeleteමේ දවස්වල ඇමරිකාවෙ පත්තර Harvey Weinstein පතුරු ගහනවා. පුළුවන් තරම් කියවලා, නරඹලා තමා විසින්ම යමක් වටහා ගන්න වෙනවා.නියාමනය තියෙන්නේ එතන.
බලමු ....බලමු....!
ReplyDeleteTruly happy to hear about silver lines in all these grey clouds
ReplyDelete?
ReplyDeleteදැන් එතකොට සුදර්ශන ගුණවර්ධන රජයේ ගුවන් විදුලියේ ආරම්භ කළ අලුත් වැඩසටහන් ඉදිරියට පැවතේවි ද?
ජාතික පක්ෂියා වලි කුකුලා.
ReplyDeleteජාතික වෘක්ෂය නා.
ජාතික පුෂ්පය නිල් මානෙල්.
ජාතික මාංශ ආහාරය කුකුල් මස්.
ජාතික වෘත්තිය...... ත්‍රී වීල් එළවීම.