දියුණු වෙන්ඩ හරි පාර (හැදෙන කොලුවාගෙන්)

ඡායාරූපයේ ඉන්නේ මේ අකාරයට දියුණු වූ දුක දිනා ජයගත් හපනෙකු වන ඩෑන් ප්‍රියසාද් ය. 
උපුටා ගැනීම හැදෙන කොලුවා බ්ලොග් අඩවියෙනි.

දියුණු වෙන්ඩ ආසද?
මෙන්න කෙටිම මඟ

අවශ්‍ය දෑ:
ෆේස් බුක් ගිණුමක් සහ ඩේටා ස්වල්පයක්

මුලින්ම සාදා ගත් බුකියෙන් ෆේස්බුුක් පිටුවක් සාදා ගන්න. එයට අවශ්‍ය පරිදි නමක් දා ගත හැකිය. "අපි යක්කු යකෝ", "මෝහිනී බලකාය", "අපේ රට බොලව්- හම ගහනවා අඩී" වැනි නමක් සෑහේ.

දැන් එම පිටුවෙන් මරක්කලයන්ට දෙමළුන්ට උදේ සිට රෑ වෙනකන් කෑමට පෙර වරක් සහ කෑමට පසු දෙවරක් ආකාරයට ලෙලි යන්ඩ බැනිය යුතුය. Post ෂෙයා කල යුතුය.ව්‍යාකරණ වැරදූනාට බිය නොවන්න. ඔබ share කරන ඕනෑම පෝස්ටුවක් වරු තුනෙන් viral කිරීමට තරම් හරක් පැටවු ප්‍රමාණයක් මේ දූපතේ පෙර පිනට ඉපදී sorry පහළ වී ඇති බැවින් worry වීම අනවශ්‍යයි.

දින දෙක තුනකින් ඔබට facebook request ගලා එනු ඇත. දැන් මීළඟ අදියරට සූදානම් විය යුතුය. දුෂ්කර පන්සලක දෙකක photos සොයා ගත යුතුය. ආධාර එකතු කිරී⁣මේ මූලිකත්වය ඔබ ගත යුතුය . Post දෙක තුනක්, දුරකතන අංකය සහ ගිණුම් අංකයද සහිතව share කරන්න. හාන්දුරු කෙනෙකුත් සෙට් වේ නම් ක්ෂණික ප්‍රතිඵල අත්වේ. ඔබ post කරන දේ දැක අතින් අරන් කක්කි පොජ්ජේ තියාගන්නා උන් මෙහේ මදිවට කොරියාවෙත් ඕනෑතරම් සිටිති. මුදල් ෂට ෂට ගා account එකට ගලනු ඇත.

ලැබුණු සියලුම මුදල් හොරා කෑමට හෝ අධාර දීමට තරම් රට හරකෙක් නොවන්න. සුළුවට ආධාර කරන්න. ලොකුවට photo අල්ලන්න. එවිට ඊළඟ project එකටත් මුදල් අනුමත වනු ඇත.මසකින් ඔබට කාර් පොඩ්ඩක් මිළදී ගත හැකි වනු හැක. Car එකේ යන ගමන් තම්බි කඩයක් දෙකක් video කර upload කිරීම අනාගත ආයෝජනයක් වනු ඇත.

සාර්ථකත්වය පසුව comment කරන්ඩ අෑ......

හැදෙන කොලුවා මෙතනින් ෆලෝ කරන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ හොඳටම මදියි.
    හම්බ කඩ වර්ජනය කරව් ... ෆේස් බුක් පිටුවේ තේමාව කරගන්න.
    සිංහල මුදලාලිලා හම්බයන් එළවීමට ආධාර කරනු ඇත.
    උන්ගේ මොන්ටෙරෝ, පෝෂ් වැනි වාහන හම්බ ව්‍යාපාර වැටලීමේ මෙහෙයුම් වලට ලබාදෙනු ඇත.

    ReplyDelete
  2. මෙකෝ පැරා මේ! එපාර ඔබතුමා කඩේ යනවද

    ReplyDelete
  3. අවසානයේදී පාර්ලිමෙන්තුවට වුවද යාමට බැරි නැත

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා