කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසිය
කූඹියෝ ටෙලි නාට්‍යය ගැන සමාජයේ සංවාදයක් ඇති වී තිබීම එවැනි කලා නිර්මානයක් පැත්තෙන් සලකා බැලූ කල සුවිශේෂ තත්වයකැයි බැලූ බැල්මට පෙනේ. එහෙත් ඇත්තෙන් ම එය එසේ ද?
පසුගිය කාලයේ විකාශය වූ කුඩා දරුවකු ළමා මහණකු ලෙස රඟපාන ටෙලි නාට්‍යය ගැන ද, තවත් බොහෝ ටෙලි නාට්‍ය ගැන ද සමාජයේ කතාබහ නිර්මානය විය. එහෙත්, කූඹියෝ විශේෂ විය. එයට හේතුව, එය ටෙලිනාට්‍ය නො බලන, ඒවා සීරියස් කලා නිර්මාණ ලෙස නො තකන, එසේම, ටෙලි නාට්‍ය කලාත්මක ආකෘතිය ගැන දැඩි ලෙස විවේචනාත්මක ප්‍රජාවක් ඒ ගැන අලුතින් කතා කරන්නට වීමයි. එය එක පැත්තකින් කර්මාන්තයෙන් ගිලිහී ගොස් සිටි පිරිසක් ඒ වෙත ඇද බැඳ ගැනීමක් විය.
මා අවසන් වරට බැලූ ටෙලි නාට්‍යය සිල්ලර කාසි ය. තේමාව, අන්තර්ගතය, දෘෂ්ටිය වැනි බොහෝ සාධක අතින් එය කූඹියෝ ටෙලි නාට්‍යයට සමාන හෝ ඊටත් වඩා ‘ප්‍රගතිශීලී‘ පැත්තට බර එකකි. එය යථාර්ථවාදී කතාවක් වූ අතර අභව්‍ය ෆැන්ටසියක් වූයේ නැත. එහෙත් සිල්ලර කාසි ගැන කූඹියෝ ගැන තරම් ප්‍රගතිශීලී යයි තමන් හඳුන්වා ගන්නා කලා රසික ප්‍රජාව අතර උනන්දුවක් ඇති වූයේ නැත.
කියවන්න: සිල්ලර කාසි ටෙලි නාට්‍යයෙන් නිරූපිත මධ්‍යම පංතික තෘෂ්ණාව
සිල්ලර කාසි ගැන ඇති නො වූ උනන්දුවක් කූඹියෝ ගැන ඇති වූයේ ඇයි ද යන්න සාකච්ඡා කිරීමට උත්සාහයක් විනා මේ කූඹියෝ ටෙලි නාට්‍යය ගැන විචාරයක් හෝ රස වින්දනයක් හෝ නො වේ. එවැන්නක් ලියන්නට එහි අවසානය තෙක් බලා සිටිය යුතු බව සිතමි.
සිල්ලර කාසි ගැන අප විසින් තබන ලද සටහනෙහි අපි මෙසේ ලියුවෙමු. (නිල් පාටින් දැක්වෙන කොටස කියවීමට කම්මැලි නම් ඒ ටික මගහැර ඉතුරු ටික කියවා ආපසු එතැනට එන්න.)
“ලංකාවේ ධනවාදය අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ද ලංකාවේ ධනේශ්වර ක්‍රමය උර දරාගෙන යන මධ්‍යම පංතියට සිය අපේක්ෂාවන් ඉටු කර දීමට ධනවාදය අසමත් වීම ය. ලංකාවේ මධ්‍යම පංතියට මූලික වශයෙන් ම අවශ්‍ය වන්නේ අධි පාරිභෝජනවාදී ජීවන විලාසයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ආදායම් ය. ඒ වෙනුවෙන් අවම ශාරීරික ශ්‍රමයක් පමණක් සැපයීමට ඔවුහු සූදානම් ය. සරළව කිව්වොත් ලංකාවේ මධ්‍යම පංතියට අවශ්‍ය අඩුවෙන් වැඩ කර වැඩියෙන් ආදායම් ඉපැයිය හැකි ක්‍රමයි. ඔවුන් රජය වන්දනා කරමින් රජයේ සේවයට ලොල් වන්නේ ඒ නිසා ය.
මෙහිදී ලංකාවේ පරමාදර්ශී වෘත්තීන් කීපයක් ඔස්සේ මධ්‍යම පංතික සිහිනය තේරුම් ගත හැකි ය. ඒ වෛද්‍ය, නීතිඥ හා දේශපාලක යන වෘත්තීන් තුනයි. මේ තුනේ ම අපේක්ෂාවන් උතුරන්නට සල්ලි හම්බ කිරීමයි. එහිදී ඔවුන්ට වෙනත් කිසිදු වෘත්තීය හෝ සමාජ හෝ සාරධර්මයක් අදාළ වන්නේ නැත.
මෙම වෘත්තීන් තුන එක් අතකින් ලංකාවේ පරමාදර්ශී රැකියා ද වේ. කවුරුත් අත්පත් කර ගැනීමට කැමති සමාජ තත්වයන් සහිත වෘත්තීන් වේ. ඒ හැර කුඩු විකිණීම, සල්ලි පොළියට දීම වැනි ජාවාරම් ද සමාජය ඉහ වහා ගොස් තිබේ.
ලංකාවේ කම්කරු පංතියට ද ඇත්තේ මධ්‍යම පංතික අපේක්ෂා ය. සියලු දේශපාලන පක්ෂ විසින් ඔවුන් වෙත ප්‍රවර්ධනය කර තිබෙන්නේ ද මධ්‍යම පංතික පරමාදර්ශයන් ය. සරළව කිවහොත්, ඔවුන්ගේ අපේක්ෂාව ද ජීවන හිනිපෙතේ ඉහළ පඩිය වන මධ්‍යම පංතියට නැග වැඩ නො කර වැඩි පඩි ගත හැකි ක්‍රමයක් සොයා ගැනීමයි.
ලංකාවේ ධනවාදී ක්‍රමය තුළ අද වන විට තිබෙන ප්‍රධාන ගැටලුව එහි ප්‍රධාන සමාජ පංතිය වන මධ්‍යම පංතියේ ජීවන පරමාදර්ශ නඩත්තු කිරීම සඳහා ප්‍රමාණවත් තරම් නිෂ්පාදනයක් කිරීමට රට අසමත් වීමයි.“
කූඹියෝ තනිකර ෆැන්ටසියක් මිස යථාර්ථවාදී නිර්මානයක් නො වේ. කලාත්මක පැත්තෙන් ගත් කල එහි කිසිදු වරදක් නැත. කූඹියෝ විසින් නිර්මානය කරනු ලබන්නේ අපූරු කලාත්මක ෆැන්ටසියකි. ජෙහාන්, ප්‍රියන්ත මහඋල්පත, ඔස්ටින් අයියා වැනි චරිත ඉතා ආකර්ශනීය ය. එහෙත්, එහි රචකයා පදනම් වන්නේ ඉතා යල්පැන ගිය අදහසක් මත ය. ඒ අනුව නරක යයි සමාජයේ සම්මත මිනිසුන් නරක වැඩ කළත්, හොඳ වැඩ කරන්නේ යයි කියන අයට වඩා විශිෂ්ට මානව ගුණදම් ඇති අයයි. ඔවුන් වැඩි දෙනෙකු හිත හොඳ චන්ඩි ය.
හැත්තෑ ගණන්වල ජනප්‍රිය වූ සමාජවාදී සංකල්ප සමග මේ බොළඳ සමාජ සත්තා යථාර්ථවාදී අදහස පෑහිණි. මරුවා සමග වාසේ, යකඩයා වැනි චිත්‍රපට ද රන් බණ්ඩා සෙනෙවිරත්න ගණිකාවක් ගැන ලියූ ‘ළඳුනේ‘ වැනි ගීත ද ඒ සඳහා නිදසුන් ලෙස සැලකිය හැකි ය.
මෙය අලුත් දෙයක් නො වේ. ඉතිහාසය පුරා අද දක්වා ම, කලා නිර්මානවල සිටින වීරයන් වනාහි සොබාදහමින් හා කෘර සමාජ යථාර්ථයන්ගෙන් බැට කන මිනිසුන්ගේ අසරණකම විසින් ගොඩනගනු ලබන ෆැන්ටසි තමා ය.
රැජිනි කාන්ත් බැහැර කරන ඇතැමෙක් චේ ගුවේරා වන්දනා කරන්නේ දෙවැනි ක්‍රියාව වඩා ප්‍රබුද්ධ යයි සිතමිනි. එහෙත්, දෙකෙන් ම වන්නේ එක ම දෙයයි. චේ ගුවාරා පෝෂණය කරන්නේ මධ්‍යම පන්තික, වාමාංශික අසරණයන්ගේ විප්ලවවාදී ෆැන්ටසියයි. රැජිනි කාන්ත් වැඩ කරන ජනතාවගේ සාධාරණත්වය පිළිබඳ ෆැන්ටසියයි.
එහෙත්, රන්බණ්ඩා සෙනෙවිරත්නගේ ළඳුනේ ෆැන්ටසියේ ඇති ව්‍යාජත්වය අතික්‍රමණය කළ නිර්මාන අපි වින්දෙමු. ප්‍රබුද්ධයන්ගේ විචාරයට ලක් නො වුණත්, ජොලි සීයා ගයන බජාර් එකේ ලලක්කා එවැනි නිර්මානයකි. එය බොරු ෆැන්ටසිය පුපුරුවා දැමූ නිර්මානයකි.
කූඹියෝ ටෙලි නාට්‍යයේ වීරයා වන ජෙහාන් ආමන්ත්‍රණය කරන්නේ කාගේ ෆැන්ටසියකටදැයි හඳුනා ගැනීම කූඹියෝ ටෙලි නාට්‍යය ගැඹුරින් රස විඳීමෙහිදී ඉතා වැදගත් ය.
නාගරික හා ගමෙන් නගරයට සංක්‍රමණය වූ උන්නතිකාමී මුත්, ඒ බව පිළි ගැනීමට අකැමැති තරුණ පරපුරක් එදත් සිටිය හ. අදත් සිටිති. එදා ඒ පරපුරේ සංකේතය අමරසිරි කලන්සූරිය සැලකිය හැකි ය. වර්තමාන උදාහරණ නො කියන්නේ ඔවුන් මාරාන්තික ලෙස තරහ වන, එලව එලවා පළි ගන්නා මිනිසුන් විය හැකි නිසා ය.
ඔවුහු බොහිමියානු ජීවන විලාසයකට ඇලුම් කරති. එය ප්‍රවර්ධනය කරති. නිදසුනක් ලෙස ඔවුන් වනාහි යහළුවන් සමග පණ පුදා එකට වැටී සිටින, සැබෑ මිනිසුන් හමු වන බව කියන බාර්වල සෙට් වෙන, ගංජා උරන, කලාකරුවන්ගේ යාළුවන් වූ ද, බුද්ධිමතුන්ගේ අනුගාමිකයන් වූ ද, වාමාංශිකයන් සමග අවුලක් නැත්තා වූ ද, සයිටම් විරෝධී සටන නැගලා යන විට එයට සපෝට් කරන්නා වූ ද, ජීවිතයේ අනෙකුත් සියලු කටයුතුවලදී ලිබරල් වූ ද, බෙල්ල ගහලා යන වැඩ කර මිය ගිය එවුන් වෙනුවෙන් කවි ලියන්නා වූ ද පිරිසකි.
එහෙත්, ඔවුන් සමග ජීවත් වී බැලුවහොත් දැකිය හැකි වන්නේ ඔය කියන බොහිමියානු ලක්ෂණ බොහොමයක් අමු සෝබන බවයි. මේ බොහිමියානු පිරිමි බොහෝ දෙනෙකුගේ ඇත්ත නිරුවත් වන ප්‍රධාන තැන් කිහිපයක් ඇත. එකක් ගැහැනුන් හා පවුල් ය. අනෙක, බොහිමියානු ජීවිතය හරහා ගොස් සල්ලි උනන ටැප් එක ඇර ගන්නා ආකාරය ඉගෙන ගත් විට ඇති වන තත්වය ය. පිස්සන් සේ සල්ලි පසුපස දුවන ගමනුත් මේ පිරිස තමන් බොහිමියානුවකු යයි පෙනෙන ලෙස අඳිති, පළඳිති. එහෙත්, ඒ ඇඳුම් මිළ දී ගන්නේ ඉහළ ම පෙළේ අධි මිළ ඇඳුම් සාප්පුවලිනි. බොහිමියානුවන් සමග සෙට් වන්නට ඔවුන් එන්නේ ත්‍රීවීල්වල මුත් ඔවුන්ගේ ඇත්ත ඇල්ම වන සුඛෝපභෝගී, අධිමිළ වාහන ද ඔවුන් සතු ය. ඔවුන් ජීවත් වන ගෙවල්වල ගෘහ නිර්මාන ශිල්පය පවා එවැනි ය.
කූඹියෝ ටෙලිනාට්‍යයේ ජෙහාන් යනු මේ ව්‍යාජ බොහිමියානුවන්ට අහිමි වූ ෆැන්ටසික ජීවිතයයි. උගතා, රැකියා විරහිතයා, දක්ෂයා, නිර්මානශීලියා, සිස්ටම් එකෙන් එලෝපු එකා, ඒකට සෙට් වෙන්න බැරි එකා, ක්‍රම විරෝධියා, බොරුව අල්ලන්නැති එකා, බොරුකාරයන්ගේ රෙදි ගලවන එකා, උන්ට අමු ගේම් දෙන එකා, හිත හොඳ එකා, පීඩිතයන් වෙනුවෙන් පරිප්පු කන එකා, ඔවුන් වෙනුවෙන් අසීමිත මානව දයාවකින් යුක්ත උතුම් මිනිසා ආදී සියලු ලක්ෂණ අච්චාරු දමා හැදූ චරිතයකි, ජෙහාන්.
සාත්තර කියන එවුන් එහෙම පහත දැක්වෙන ආකාරයේ දෙයක් කියූ විට එය ඇත්තකැයි පිළි ගැනීමට අප කවුරුත් කැමති ය. “මහත්තයගෙ හිත හොඳයි. ඒ වුණාට පැත්ත ගියත් ඇත්ත කියන නිසා මිනිසුන් තරහා වෙනවා. අසාධාරණේ පේන්න බැහැ. හිත උණු වෙනවා. අනුන් වෙනුවෙන් ඕනෑවට වඩා කරන්න යන එක නිසා තමයි අතේ ඉතුරුවක් නැත්තෙ.“
කූඹියෝ ටෙලි නාට්‍යයේ ජෙහාන් ද සාත්තරකාරයා විසින් අප ඉදිරියේ අප පිළිබඳව නිර්මානය කරන ෆැන්ටසිය වැනි දෙයකි. එහෙත් එය අප සතුටින් තබන පට්ටපල් බොරුවකි. කලා නිර්මානයකින් එය එසේ සිදු වීමෙහි කිසිදු අවුලක් නැත. මන්ද, මිනිසුන් කලාව පරිහරණය කරන්නේ සතුට, විනෝදය මූලික කරගෙන ය. සමාජ විප්ලව කරන්නට නො වේ. මිනිසුන්ට අවශ්‍ය විඳින්නට ය. දුක, බිය, ත්‍රාසය, පිළිකුල, කෘරත්වය වැනි ඕනෑම එකක් විඳිය හැකි ය. එසේම, ඒවා විඳින්නට කැමති අය ද සිටිති. ඔය මොන කෙහෙල්මල වින්දත් අවසානයේදී වැදගත් වන්නේ ජීවත් වීම වෙනුවෙන් හෝ සමාජය වෙනුවෙන් හෝ වැඩ කිරීම ය. කලාව වැඩක් වන්නේ එම කර්මාන්තයේ සිටින අයට ය. නැතිනම් විචාරකයන්ට ය. ඇත්තෙන් ම වැඩ කරන ජනතාවට කලාව යනු මූලිකව ම සතුට ය.
සතුට වෙනුවෙන් ගැහැණියක දූෂණය කරනවාට වඩා BDSM කාම වීඩියෝවක් අන්තර්ජාලයෙන් බලන එක ලේසි ය. එසේම, බොහිමියානු පන්නයෙන් ජීවත් වන්නට ගොස් ගෙදර ගෑනිගෙන් බැනුම් අහනවාට වඩා කූඹියෝ වැනි ටෙලි නාට්‍යයක් බලා ඒකෙ ජෙහාන්ට ලව් කිරීම ලේසි ය. පාර දිගේ වැනි පුරාවෘත්ත නිර්මානය වූයේ එසේ ය. හැමදාම බොහිමියන් වෙන්නට ගිය විමල් කුමාර් ද කොස්තලාට වූයේ බාර්වල පිනා ෂොට් එකක් වෙනුවෙන් එක එකාට කතන්දර කියමින් කාලකණ්ණි වෙන්නට ය. ඒ කතන්දර අහන එවුන් තමන්ගේ ෆැන්ටසිය වෙනුවෙන් විමල් කුමාර් ද කොස්තලා තවත් උෂාර් කළ හ. පත්තරවල කවි, කතා ලියූ හ. කොස්තා බීලා ම මළේ ය. කොස්තලා වර්ණනා කළ අය ජීවිතයේ එක් තැනකදී බොන එක නවත්තා කුටුම්බ වෙනුවෙන් සල්ලි හම්බ කිරීමට ගිය හ.
මේ බොහිමියානු හා සාංදෘෂ්ටිකවාදී ජීවිත පරමාදර්ශ හා යථාර්ථය අතර ගැටුම හොඳින් නිරූපණය කරන ජිවමාන නිදර්ශනයකි, ‘සත්‍යවාදියා.‘ 1989 කැරැල්ලේදී මෙවැනි බොහිමියානුවන් බොහෝ දෙනෙකුට ගඟේ යන්නට ආශිර්වාද කළ අය අතර ඔහු වඩා අවංක පුද්ගලයෙකි.
කූඹියෝ රසවත් ටෙලි නාට්‍යයකි. එහෙත්, එය බලා සතුටු වෙනවා විනා එයින් සමාජය විවරණය වේ, එය විප්ලවයට දායක වන මාර වැඩකි ආදී විකාර සිතුවිලි ඇති කර ගත යුතු නැත. ඒවා නිර්මානය කරන කලාකරුවන්ට විප්ලවවාදී පක්ෂවල වැඩවලට ආරාධනා කළත් කමක් නැත. එහෙත් ඒවා දකින ජනතාව ඒවා වෙළඳ ගනුදෙනුවලින් එහාට නො යන වැඩ බව අවබෝධ කර ගත යුතු ය.
මගේ මූලික තර්කය මෙයයි. කූඹියෝ වනාහි කබාලි චිත්‍රපටය ම තමා ය. ජෙහාන් යනු රැජිනි කාන්ත් ම තමා ය. වෙනස ඒ එක් එක් කලා ධාරා අගය කරන පිරිස් වෙනස් වීම ය. කබාලි බලා විසිල් ගහන අයත්, කූඹියෝ බලා ෆෑන් පේජ් හදන අයත් දෙගොල්ල ම එක ය. කරන්නේ එක ම දෙයකි. වෙනස ඇත්තේ කූඹියෝ බලන අය චුට්ටෙ බලන අයට වඩා ප්‍රබුද්ධ යයි සිතාගෙන සිටීම ය.
කූඹියෝ වැනි ෆැන්ටසි ඉතා මිහිරි ය. ඒවා රස විඳීම ද ඉතා හොඳ ය. එහෙත්, ඒවා මහා දේශපාලනික මෙව්වා ය අරවා මේවා කියන්නට ඕනෑ නැත. කලාවෙන් එහෙම මහ ලොකු සමාජ වෙනස්කම් ඇති කළ හැකි ද යන්න වෙන ම කතා කළ යුතු විෂයකි.
හැබැයි, සමාජය වෙනස් කරන්නට අවශ්‍ය කතිකාව පෙරට ගන්නට කලාවට යම් හැකියාවක් ඇති බව මම විශ්වාස කරමි.
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

මලා!
ReplyDeleteදැන් ඉතිං රජිනි කාන්ත් ගේ කබාලි බලන්නත් වෙනවා. තවත් පැය දෙක තුනකට කෙලවෙන වගයි!
එච්චර මහන්සි වෙන්න ඕනැ නැහැ රසික. ඔය ට්‍රේලර් එක බැලුවාම ඇති.
DeleteSathuranga Vettai (2014) ෆිල්ම් එකේ ජෙහන්ගේ චරිතේ කරන්නේ "Nataraja ". කාබාලි එකට වඩා කුබියෝ ලග "Sathuranga Vettai"
DeleteProud to be a bohimiyan
ReplyDeleteඔයාගෙ ඉස්කෝලෙ මොකක්ද?
Deleteහොඳ වෙලාවට පැරා "ඔයාගේ ඉස්කෝලේ මොකක් ද?" කියලා ඇහැව්වේ, ඔයා ස්ටඩි කළේ කොහෙද කියා නොඅසා!
Deletehttp://kathandara.blogspot.com/2011/03/blog-post_23.html
හැබැයි ඒ විදියට ලියන ඉස්කෝලයක් හරි රටක් හරි තිබුනා. මතක නැහැ.
Delete- Dimithri
kandyan
DeleteBohemia is a province in Czech republic. So I guess the name came from there initially. Universities and schools are called Bohemian University. Bohemian School of whatever etc. But the term I think came because of some English Dicks declared Greenwich (in London) as Independent republic of Bohemea.
Deletebohemian කියන වචනය bohimiyan කියා ලිවීමෙන් අදහස් වෙන්නේ බොහෝ+හිමි වගේ එකකි
Deleteමං කූඹියෝ බලන්න පටන් ගත්තේ ඇත්තටම ටෙලිවිෂන් එකේ චැනල් 24 නිවුස් බලමින් ඉඳලා ඒක එපා වෙලා යූටියුබ් එකට ගිය මොහොතක යූටියුබ් එකෙන් දුන් රෙකමදාරුවක් නිසා යි.
ReplyDeleteමුල් කොටස අල්ලා ගිය නිසා ඒ වෙන කොට තිබුණු කොටස් හයම නැරඹුවා. හත්වෙන් අටවෙනි කොටසේ සිට චොර වෙන්න ගත්තත් හැබැයි දිගටම අද දක්වා නැරඹුවා.
මීට කලින් සිල්ලර කාසි නරඹන්නට ගත්තේ නම් පැරාගේ රෙකමදාරුව නිසායි. නමුත් ඒක දෙවෙනි තුන්වෙනි කොටසේ දී ම, අර වකුගඩු කේස් එක එනකොටම, අතහැරලා දැම්මා.
ඒ අනුව හෙවත් මට අනුව කූඹියෝ සාර්ථකයි කියා කිව හැකියි!
රසික ඒක අතෑර දැම්මෙ අපරාධෙ. මොකද, වකුගඩු කේස් එක එතනින් ම ඉවර වෙලා එතනින් එහාට යන්නෙ හොර සල්ලි කේස් එකක්. රසවත් ටෙලි නාට්‍යයක්. මං නම් දැන් අවුරුදු පහක් විතර කාලය ඇතුළත මුල ඉඳලා අගට බලලා තියෙන්නෙ ඒකයි ඉසුරු යෝගයයි විතරයි. වෙන හොඳ ඒවා ඇති. අපට බලන්න වෙලාවක් නැහැ නේ.
Deleteඔයාට කමෙන්ට් කරන එකේ තේරුමක් නැහැ ඔයාගේ ලිපියට ගෝ එකක් නැති විකල්ප අදහස් තියන කොමෙන්ට් ඔයා පබ්ලිෂ් කරන්නේ නැති නිසා.
ReplyDeleteමට හරි වෙන අයට හරි බැන අඬගහන එක විකල්ප අදහසක් නෙමෙයි බ්‍රෝ. ඒක මේන්ස්ට්‍රීම්. යමක් දෙස කන්ස්ට්‍රක්ටිව් විදියට බලන එක තමයි විකල්ප.
Deleteපැරා,
ReplyDeleteවසර ගණනාවකට පසු බලපු ටෙලිනාට්යක් තමයි කූඹියෝ, මේක බලන්න පෙලබුනේ අපේ අටංපහුර කරන ලක්මාල් කන්දෙවිදාන මහතාගේ රෙකමදාරුවකට අනුවයි.
මමනම් මේක දකින්නේ ඉතා යත්ර්තවාදී ටෙලියක් ලෙසයි මම එයට හේතු කීපයක් දෙන්නම්
ජෙහාන් කියන පුද්ගලයා තමන්ගේ වියාපාරික සගය වන ප්‍රියන්ත සමග මුලින්ම සම්බන්ද වන්නේ විවිද භාණ්ඩ ලබාදීමේ වෙලදාමකටයි, මෙය නිතියානුකුල විදියට ලියාපදිංචි කරලා කරපු දෙයක් නෙමෙයි,
//ජෙහාන්, ප්‍රියන්ත මහඋල්පත, ඔස්ටින් අයියා වැනි චරිත ඉතා ආකර්ශනීය ය. එහෙත්, එහි රචකයා පදනම් වන්නේ ඉතා යල්පැන ගිය ආකල්පයක් මත ය. ඒ අනුව නරක යයි සමාජයේ සම්මත මිනිසුන් නරක වැඩ කළත්, හොඳ වැඩ කරන්නේ යයි කියන අයට වඩා විශිෂ්ට මානව ගුණදම් ඇති අයයි. //
මෙහිදී ඔබ කියන්න උත්සහ කරන්නේ මේ අදහස් යල්පැන ගියා කියලද? ඔබ ඔබේ ස්මාර්ට් දුරකථනය ගෙන MOGO SUPER කියන ඇප්එක දාල බලන්න
https://www.youtube.com/watch?v=trISOt7yga4 මෙහිදී ඔබට උවමනා එදිනෙදා පාවිච්චියට ගන්න ග්‍රොසරි භාණ්ඩ ඔබ නිවසටම ගෙන්වාගැනීමට පහසුකම තියනවා බොහෝ භාණ්ඩ වල වෙළදපොල මිලට වඩා රුපියල් 20 සිට 70 පමණ මිල අඩුවක් තියනවා ඔබ මිලදීගන්න භාණ්ඩ වල මිල රුපියල් 3000ට වැඩිනම් නොමිලේ ඔබ නිවසටම ගෙන එනවා මහිදී ඔබට ණය පතක් මගින් මුදල් ගෙවන්න ඕනේ නෑ ගෙදරට පැමිණියාට පසු මුදල් ගෙවන්න පුළුවන් දැනට අගනගරයෙන් කිලෝමේටර් 20 සීමාවකට මේ සේවාව ගන්න පුළුවන්.
දැන් නැවත ඔබේ ප්‍රශ්නෙට එමු මෙහිදී කිසියම් කාන්තාවක් පැමිණිලි කල වහාම පාරිබෝගික සේවා අධිකාරිය වහාම පැමිණිලා ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා, ඔබ කියන්නේ මේක අද සිදුවෙන්නේ නැද්ද ? මේක අපුරුවට වෙනවා, හැබැයි බලවත් තැන්වලට මේ නීති අදාළ නෑ, උදාහරණ ඔබ වර්නානා කරන රටේ අගමැති වරයා ගේ ආශීර්වාදය මත සිදුවුණ මහබැංකු වංචාව අද වනවිට සාක්කි අනාවරණය වෙලා තියනවා අර්ජුන ඇලෝසියස් වංචාව කිරීමට මහබැංකු නිලදාරීන් පාවිච්චි කල ආකාරය අද මට කියන්න කවුද අත්අඩංගුවට පත්වී ඇත්තේ.
මම පදිංචි නිවාස අසල දුප්පත් තරුණයෙක් සිල්ලර කඩයක් කළා, දැනට වසර කීපයකට ඉහත ඔබට මතක ඇති පොලිතින් තහනම් කරා ඒ කාලයේ මේ තරුණය මිනිසුන්ට පොලිතින් බෑග් වල භාණ්ඩ දමා දුන්න, මේ කඩය වටලපු පාරිභෝගික සේවා අධිකාරිය අදාළ තරුණයාට රුපියල් 10000 ක දඩයක් ගැහුවා මේ මුදල ඔබට නම් සුළු ගණනක් වෙන්න ඇති නමුත් අදාළ තරුණයා කොච්චර මානසික පිඩනයකින් සිටියාද කියලා ඔබ හිටියනම් බලන්න තිබුන.
නමුත් මේ නිතිය බලවතුන් ට ක්‍රියාත්මක වෙන්නේ නෑ.
කූඹියෝ කතාවෙන් පෙන්වන්නේ දක්ෂ තා ඇති මිනිසුන් අපරාද සදහා යොමුවන ආකාරයයි, මෙහිදී ජෙහාන් ට ඕනේනෑ පාතාලයට සම්බන්ද වෙන්න නමුත් රටේ පවතින ක්‍රමය ඔහුව පාතාලය සමග සම්බන්ද වෙන්න ඔහුට සිද්ද වෙනවා, ඊයේ ගිය කතාවෙන් පෙන්වන්නේ ඔහු පහර කෑමට ලක්වෙලා රෝහල් ගත කල විට ඔහු හිරුනි ගෙන් අහනවා ටිරාන්ට විස්තර කිව්වද කියල නැවත ඔහු ටිරාන්ට කියනවා "අර කොල්ලව ෆලෝ කරන්න එපා " කියල මොකද ඔහු කැමති වෙන්නේ නෑ අදාළ පුද්ගලයාට පහර දෙනවට මොකද ඔහු දන්නවා යම් සිද්දියක් උනොත් තමන්වත් අතීත වැරදිවලට පොලිසියට කොටුවෙන බව. මෙය මම දකින්නේ ඉතා යතර්ථවාදී චින්තනයක් කියලා.
මට පැරා ඔබෙන් අහන්න ඕනේ මේ සිදුවීම් අද මහපොළවේ වෙනවද නැද්ද කියල විතරයි, මේවා මෙහම වෙන්නේ නැත්නම් ඔබකියල තියන ෆැන්ටසිය නිවැරදියි නමුත් ඒවා එහෙම වෙනවනම් මෙතන කිසිම ෆැන්ටසියක් නෑ.
මෙතන ෆැන්ටසියක් තියනවනම් මට නම් කියන්නේ තියෙනෙන් මේ රටේ අගමැතිවරයා යහපාලන රජය පවතිද්දී අධිකරණය විසින් වැරදිකරු කරලා බන්දනාගර ගත කලොත් විතරයි, මෙය යහපාලන රජය යටතේ නෙමෙයි නැවත මහින්ද බලයේ ඉන්න රජයක් යටතේ වෙයි කියල හිතන එකත් ෆැන්ටසියක් තමයි.
අපේ හිටපු ලොක්ක ගෙනල්ලම බලමු. .
Deleteපැරා කියන්නේ මේ චරිතයේ නිරූපණය ආකල්පයක් වශයෙන් ඉතා යල් පැන ගොස් තියන් බව වෙන්න ඕනේ. ඒ කියන්නේ යල්පැනගිය සමාජවාදී ආකල්ප ගැන; කෙලින්ම කීවොත්.
Deleteතිර රචනයේ හැටියට අවසානය වනවිට එම පුස් සමාජවාදී ආකල්ප උත්කර්ෂයට නංවන නිමාවක් මෙහෙ අඩංගු වී නැති මම හිතනවා. සමහර විට එවැනි ආකර්ශනීය නොවෙන නිමාවක් තිබෙනවාද දන්නෙත් නෑ. මොකද, මෙතරම් අපූරු නිර්මාණයකට අනුග්‍රාහකයන් සොයාගනට බැරුව අවුරුදු 3ක් ලත වන්න සිදු වුන බවත් ඇසුන නිසා.
Lankika Sithuwili කියන්නේ ඊට වඩා සිල්ලර අදහසක්; ඒ කියන්නේ මේ සිදුවීම් වල තිබිය හැකි සත්‍ය අසත්‍ය භාවය ගැනයි එයා කියන්නේ.
මේ මට හිතුන හැටි විතරයි.
AnonymousOctober 23, 2017 at 11:06 AM,
Deleteසරලව කියනවනම් මේ කතාවේ යන දේවල් සමාජයේ සිදුවෙන්නේ නැත්නම් මෙතන ෆැන්ටසියක් තියනව එහෙම නැතුව සමාජයේ වෙන දේවල් මෙතන තියනවනම් කොහෙද මෙතන ෆැන්ටසියක්.
හැබැයි ඔබ කියන දේ යම් ඇත්තක් තියනවා, මොකද ජෙහන්ගේ තියනවා වාම වාදී සුළු නැබුරුවක් හැබැයි, කල්පනාවෙන් බැලුවොත් මුදල් ඇති සහ මුදල් නැති කියන කොටස බැලුවොත් ඔබට තේරෙයි, යම්කලක මුදල් නැති පුද්ගලයා කලකදී ධනවතෙකු උනාම ඔහු තම හිටපු මිතුරු ද්ලින්දන්ට සේවය කරන තැනට යනවට වඩා නව තත්වය ආරෝපණය කිරීමට යනවා
Lankika ඔහේට රනිල් විරෝදී ෆැන්ටසි තිබ්බට මිනීමරු රාජපක්ෂල යටතෙ හිටපු අපිට නම් එහෙම කැසිල්ලක් නෑ.. ඔච්චර නීතිය ගැන අමාරුවක් තියේනම් මිනීමරු මැදමූලනයව එල්ලුම්ගස් යවන්න කතාකරන්න... ඊට පස්සෙ අගමැතිව හිරේ යවන හැටි ගැන කියමු
DeleteAnonymousOctober 24, 2017 at 6:37 PM,
Deleteලොක්ක මහින්දව ආරක්ෂා කරන්නේ රනිල් ලොක්ක තමයි, රනිල් ගෙයි මහින්දගෙයි පස්සහොදන තමුසෙල දෙන්න කවද හැදෙයිද ?
සිරාවටම මොන ලබ්බක් ද මේක ඕව බලන්නෙ ගෙවල් දොරවල් නැති හිපියො නැද්ද? හැබැයි මේ ජෙහාන් වගේ හම්බන්තොටින්, කුරුණෑගලින් කොළඹට ආපු ඩයල් මං දැලල තියෙනව බ්‍රෝ
ReplyDeleteපැරා හදිස්සි වුනා වැඩි නැද්ද? ඒ කිව්වෙ කූඹියෝ තාම 1/4 වත් ඉවරනැති හින්දා.
ReplyDelete------
සෝබන කාරයෝ, කුහකයෝ සමාජ ප්‍රගමනයට දායක වෙලාම නැත්ද?
පැරා හිතන ලයින් එක මට හොඳට තේරෙනවා. මැක්කා.. වැරදීමක්.. කූඹියෝ පිට දාලා පෙරටුගාමීන්ට, එන්ජීයෝ කාරයින්ට, හොඳට නෙලනවා. මට ඒක හොඳට පැහැදිලි කරලා කියන්නතරම් ලිවීමේ දක්ශතාවයක් නැහැ. කෙටියෙන් කියනවානම්, පැරා මේ ආන්ඩුවේ ඉන්න දේශපාලකයන් ගැන (රාජිත, චම්පික, රනිල් වැන්නන් ගැන ඔබ කියන දේට මම 100% එකඟයි. ඔවුන් දූශිතයින්, භයානක මතධාරීන්, එපාම කරපු එවුන් බව ඇත්ත - නමුත් උන් එක්ක තමයි දැනට වැඩ කරන්න වෙලා තියෙන්නෙ.) හිතන විදියටම මේ කියන බොහීමියානුවන් / එන්ජීයෝ කාරයන් ගැන හිතන්න බැරි ඇයි?
තවත් පරපුරක් ගඟේ යැවීමට හදන, මලමිනියක් ඉල්ලන උන්ට ඇටෑක් කරන පැරාගේ අභීත සහ නිරවුල් පෙනී ඉඳීම ගැන නෙමෙයි මම මේ කියන්නේ.
- Dimithri
මේ ඊනියා බොහිමියානුවන් එක්ක අපට වැඩ කරන්නට වෙනවා කියන එක ඇත්ත. හැබැයි, එතනදීත් දේශපාලකයන් එක්ක අප වැඩ කරන්නෙ උන් ගැන දැඩි විවේචනයක් එක්ක වගේ මේ අය එක්කත් වැඩ කරන්නට ඕනැ “උඹලා ගැන අපි දන්නවා“ කියන ලයිට් එකත් දාගෙන තමයි. එහෙම නැතිනම් උන් හිතනවා උන්ගෙ ෆැන්ටසිය හා උන් ඇත්තෙන් ජීවත් වෙන විදිය ගැන අපි දන්නෙ නැහැ කියලා.
Deleteමේක වෙන උදාහරණයකින් කියනවා නම් ප්‍රේමකීර්ති ගුවන් විදුලි සංස්ථාව ළඟ නුග ගහ මුල ගෙවපු බොහිමියානු ජීවිතේ ගැන රොමැන්තීකරණය කරන ලද කතා අහන ගමන් ඔහුගේ බොස් වුණ පාලිත පෙරේරා ප්‍රේමකීර්තිගේ වෘත්තීය ජීවිතය ගැන කියන කතාවල යටි පෙළත් අපි කියවන්නට ඕනැ. දයා අල්විස් ප්‍රේමකීර්ති ගැන කියන ඒවත් අදාළයි.
හැබැයි ප්‍රේමකීර්ති කරපු නිර්මාන මේ සියල්ලට ම වඩා වැදගත්.
මම කියන්නෙ ඊනියා බොහිමියානු ලයිෆ් ස්ටයිල් එක ප්‍රවර්ධනය කිරීම නෙමෙයි වැදගත්. ඒ ලයිෆ් ස්ටයිල් එක අගයන අය කරන දෙය තමයි වැදගත්. ඒ අතින් බැලුවා ම කූඹියෝ වගේ ටෙලියක් හැදෙන එක හොඳයි. මෝටර් සයිකල් වගේ චිත්‍රපටයකි හැදෙන එක විශිෂ්ටයි.
ලිංක් ප්ලීස්.. කැමතියි කියවන්න පාලිත පෙරේරා සහ දයා අල්විස් ප්‍රේමකීර්ති ගැන කියපු දේවල්.
Delete- Dimithri
"ඔවුහු බොහිමියානු ජීවන විලාසයකට ඇලුම් කරති. ...........සිට.......... ඔවුන් ජීවත් වන ගෙවල්වල ගෘහ නිර්මාන ශිල්පය පවා එවැනි ය."
Deleteමට තේරෙන්නෙ නැහැ පැරා මේ වගේ දේවල් ගැන ඇයි වොරි වෙන්නේ (වොරි වෙනවමත් නෙමෙයි තමයි. ඇයි කාලය නාස්තිකරන්නේ මේ වගේ දේවල් ගැන?) ඒපීජේ නිකන් ඩීකේජී වගේ වෙන්න ඕනෙ නැහැ.
-----
//රන්බණ්ඩා සෙනෙවිරත්නගේ ළඳුනේ ෆැන්ටසියේ ඇති ව්‍යාජත්වය....// ලඳුනේ ගීතයේ වචන වලින් එහෙම එකක් එනවද? ඒකෙ ඇති ෆැන්ටසිය මොකක්ද?
------
//කූඹියෝ වනාහි කබාලි චිත්‍රපටය ම තමා ය.// කලබල නොවී බලමු මේක මෙහෙමමද කියලා...
------
ඉසුරු යෝගයේ මටනම් අර හඳහන් කාරයගේ ඕවරැක්ටිං ඇල්ලල ගියේ නැහැ.
- Dimithri
පාලිත පෙරේරා යටතේ තමයි ප්‍රේමකීර්ති ගුවන් විදුලියේ වැඩ කර තියෙන්නේ. ඔහු ඒ ගැන විස්තර ජාතික රූපවාහිනියේ මාසයකට විතර ඉහතදී විකාශය කළ මහෝඝය වැඩසටහනේ කතා කළා, බන්දුල නානායක්කාරවසම් එක්ක.
Deleteදයා අල්විස් කියූ විස්තර ඇය ලියූ පොතක තියෙනවා. නම මතක නැහැ.
පාලිත පෙරේරා පට්ට බයියා ඔහොම හිටියට. හැබැයි ක්‍රිකට් විස්තරේ නම් මරු.
Deleteමහෝඝයේ නම් නරකක් කිව්වේ නැතුව ඇති.
- Dimithri
Mahogaya - premakeerthi de alwis
Deletehttps://www.youtube.com/watch?v=zYw8dueWAg4
ස්තුතියි ලපටියා!
Delete- Dimithri
"/රන්බණ්ඩා සෙනෙවිරත්නගේ ළඳුනේ ෆැන්ටසියේ ඇති ව්‍යාජත්වය....// ලඳුනේ ගීතයේ වචන වලින් එහෙම එකක් එනවද? ඒකෙ ඇති ෆැන්ටසිය මොකක්ද?"
Deletehttp://tvtropes.org/pmwiki/pmwiki.php/Main/HookerWithAHeartOfGold
අතිශෝක්තිය නම් නැතිව නෙමෙයි නමුත් වර්තමාන සිරිලංකා සමාජයේ සිදු නොවන සිදුවීම් මෙහි නැති බවයි මට නම් හිතෙන්නෙ.
ReplyDeleteහැබැයි අර කලින් වතාවක කියපු විදිහට සැබෑ මාධ්‍යවේදියෙක් අන්දන එක නම් ලේසි නෑ
//වෙනස ඇත්තේ කූඹියෝ බලන අය චුට්ටෙ බලන අයට වඩා ප්‍රබුද්ධ යයි සිතාගෙන සිටීම ය.// වටිනම වැකිය.
ReplyDeleteසමාජ යාථාර්තය ට එහා ලෝකයක් මවන නම් හෝ අභව්‍යනම් නේද ඒක ෆැන්ටසියක් වෙන්නෙ මහත්තයෝ..
ReplyDeleteමුළ ඉඳලම බලනව තාම නම් ෆැන්ටසි ස්වරුපයක් දැක්කෙ නෑ
ෆැන්ටසිය මෙහෙමත් තේරුම් ගන්නට පුළුවන්. ජෙහාන් වගේ එවුන් ඉන්න පුළුවන්. ඉන්නවා නේද කියලත් අපට හිතෙනවා. හැබැයි, ඇත්තට ම ඒ වගේ එකෙකු හොයන්න ගියොත් හොයාගන්න පුළුවන් ද?
Deleteඔය වගේ හිත හොඳ චන්ඩි පාතාලෙ ඉන්නවා ය කියලා අපි හිතනවා. මොකද, ඔය කලාකාරයන් කාලයක් තිස්සෙ එහෙම ලියලා තියෙනවා. ඇත්තට ම දන්න අය ඉන්නව ද?
ඕක වඩා දේශපාලන තලයකට ගෙනිච්චොත්, දැන් මේ අපේ කාලකණ්ණිකමට හේතුව ධනපති කරන සූරාකෑම කියලනේ අපි හිතන්නෙ. ඒ වුණාට ඔබේ ජීවිත හූර කන ධනපති හෝ ධනපති කොම්පැනි දහයක් කියන්නකෝ බලන්න, රජය ගැන සඳහන් නො කර.
ඔන්න ඕවා තමයි ෆැන්ටසි කියන්නෙ.
මේ බලන්න ජෙහාන් වගේ උන් ඉන්නවා...කරන්න පුළුවන් තරම් ජරා වැඩ කරන ගමන් හොඳ වැඩත් කරන...
Deletehttps://www.youtube.com/watch?v=9DZ_lwcBdUU
දැන් කියන්න එපා මේකත් පැන්ටසියක් කියලා...
පැරා කතා කරන්නේ නිර්මාණයක කතා තේමාව මූලික කරගෙන. මට නම් වැදගත් ඒක නෙමෙයි කතාව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන විදිහ. හොඳ නිර්මාණයක් කියලා මම හිතන නිර්මාණයි, එහෙම නොවෙන ඒවයි වෙන් කරන බෙදුම් රේඛාව මම අඳින්නේ ඉදිරිපත් කිරීම මූලික කරගෙන. පැරාම දීලා තියන උදාහරණයක් මම පාවිච්චි කරන්නම්. ළඳුනේ සහ ලලක්කා.
ReplyDeleteදැන් පැරාට වඩා නිර්ව්‍යාජ ලලක්කා නම් මට අහන්න වෙන්නේ සමාජයේ තියන දෙයක් ඒ හැටියටම අරගෙන අපිට ඒ විදිහටම ආපහු දෙන එකේ තියන නිර්මාණශීලීත්වය මොකද්ද? අනික ලලක්කා ෆලෝ කරන්නේ ළඳුනේ ලයින් එකමයි //සිල් අරගත්තා පෝයට සීලෙත් රැක්කා//. දැන් පැරා මිනිස්සුන්ට තමන් ඇහින් දකින, සමාජයේ ගැරහුමට ලක්වෙන කාන්තාවක් ගැන ආයෙත් හිතන්න පොළඹවන්නේ ලලක්කා ද ළඳුනේ ද? ඒ කාන්තාව ගැන මානුෂික විදිහට බලන්න අපව පොළඹවන්නේ //කන්නට ආසයි ඉඳහිට වැටකොළු අක්කා// කියනකොටද? //ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ// කියනකොටද? අගේ අදහස නම්, මේ ළඳුනේ ගීතය නිසා ගණිකාව පිළිබඳ සමාජයේ මුල්බැසගෙන තිබූ ආකල්ප බොහෝ සේ වෙනස් වුණා කියන එකයි. අපේ පරම්පරාව ඇතුලේ අපි බොහෝ සේ කතාබහ කරපු නිර්මාණයක්.
කලානිර්මාණයක මූලික අරමුණ, අපිට පාඩම් ඉගැන්වීම වත්, අපි දකින් දේ එහෙම්මම අපිට ආපහු ලබාදීමවත් කියලා මම හිතන්නේ නෑ. යම් කිසි සිදුවීමක් හරහා අපේ භාවයන් යම් කම්පනයකට ලක් කිරීම සහ ඒ මගින් ඒ ඔස්සේ හිතන්න පෙළඹවීම තමයි කලා නිර්මාණයක කාර්යය කියලා මම හිතන්නේ. අති සරල සිදුවීම් පවා නැවුම් ආකාරයකට, හිතන්න පොළඹවන සුලු ආකාරයකට ඉදිරිපත් කරන්න පුළුවන්.
යතාර්ථවාදීවීම කියන එක ගැන මම හිතන්නේ, නිර්මාණයක පසුබිම විසින් අපට ඉදිරිපත්කරන, යෝජනා කරන යතාර්ථයට නිර්මාණයේ සිදුවීම් අනුකූල වෙන්න ඕනේ. කූඹියෝ ගත්තහම ඒකේ පසුබිම අපි එදිනෙදා අත්දකින ඇත්තම සමාජ පසුබිම නිසා, ඒකෙ සිදුවීම් ඒ ඇත්තම යතාර්ථයත් එක්ක ගලපගන්න පුළුවන් වෙන්න ඕනේ කියන එක සාධාරණ තර්කයක්.
ඔබේ තර්කය මා පිළිගන්නවා. ඒ වුණත් මගේ ලයින් එක වෙන එකක්.
Deleteගණිකාව ම උදාහරණයට ගත්තොත්, මම නම් ගණිකාව දකින්නේ සමාජ අනුකම්පාව හිමි විය යුතු කෙනෙකු ලෙස නෙමෙයි. අනෙක හැම කෙනෙකු ම ගණිකා වෘත්තියට පෙළඹෙන්නෙ වෙන විකල්පයක් නැතුව ම නො වෙන්නත් පුළුවන්. එතන සුළු ව්‍යවසායකත්වයක් තියෙනවා වෙන්නත් පුළුවන්. නැතිනම් වෙනත් විකල්ප තියෙද්දි පහසුවෙන් සල්ලි හොයන විධියක් වෙන්නත් පුළුවන්.
ලිංගික වෘත්තීන් කියන්නෙ සමාජයට අත්‍යවශ්‍ය සේවාවක්. ඒවා ඉතිහාසය පුරා ම තිබිලා තියෙනවා. එයටත් සෙසු වෘත්තීන්ට තියෙන ආරක්ෂාව හා ගරුත්වය ලබා දෙන එක මිසක් ඒ රස්සාවෙ යෙදෙන අය වෙනුවෙන් බොරුවට හොටු පෙරන එක මට නම් ව්‍යාජයි.
සියල්ල වරද්දාගෙන ඇත්තේ අපය. රූපවාහිනිය යනු විනෝදස්වාදය සඳහා නිපදවූවක් මිස වෙනකක් නොවේ.
ReplyDeleteරූප මාධ්‍ය තිබිය යුත්තේ ෆැන්ටසි මැවීම සඳහාය....
අපිට අප අතර ජීවත්වන අයෙකු පෙන්වීමට රූප මාධ්‍යයක් අවශ්‍ය ද?
මා නම් හිතන්නේ කූඹියෝ යන ෆැන්ටසිය නිර්මාණය කිරීම හරහා එහි නිර්මාපකයන් රූප මාධ්‍යය නිසි අර්ථය සඳහා භාවිතා කර ඇති බවයි.
එමෙන්ම එකිනෙකාගේ රසවින්දනය වෙනස්ය. අයෙක් කූඹියෝ රසවිඳිද්දී අයෙක් ඉන්දියානු මාලා නාටකයක් රසවිඳියි. රසවිඳින නිර්මාණය අනුව ප්‍රේක්‍ෂකයා උසස් හෝ පහත් ලෙස වර්ගීකරණය කිරීම කල නොහැක.
කෙසේ වුවත් මතක තබා ගතයුතු එකම කරුණ නම්, අවසානයේ අප සියල්ලෝම කර ඇත්තේ තමන්ගේ ක්‍රමයකට විනෝදස්වාදය ලැබීම පමණක් බවය.
බැලුවා, හොඳයි, විශේෂත්වයක් නෑ
ReplyDeleteරැල්ලක් යන්නේ...
ඒක, ඒ කළාවට හොඳයි...
පැරා,
ReplyDeleteමෙතන තව පැත්තක් තියනවා, වරක් මා දන්නා ගුරුවරියක් කියල තිබුන මෙරට දියුණු කරන්නනම් මෙරටේ තෙලිනාට්‍ය අද්යක්ෂක වරුන් මරල දාන්න ඕනේ කියල, මේ කතාවේ මුලික හරයට ගියොත් සම්පුර්ණ ටෙලිනාට්‍ය වලින් පෙන්වන්නේ මිනිසුන්ගේ නිශේදනිය පැත්ත විතරයි මිනිසුන් දියුණු වෙන එක ගැන කිසිම හරවත් ටෙලි නාට්‍යක් නිපදවල නෑ, කාලෙකින්, හැමවිටම නෑ කියන අදොනාවම කියන නාට්‍ය තමයි තියෙන්නේ, කූඹියෝ තුලින් මම දකිනවා තරුණයෙක් තමන්ගේ නිර්මාණශීලි හැකියාව පාවිච්චි කරලා දියුණු වෙන්න කරන උත්සාහය (මෙය නිතියානුකුල ක්‍රම පමණක් පාවිච්චි කරලම කරනවා නෙමෙයි ) ඔබට මතකද දන්නේ නෑ මේ ලගදී මයිත්‍රීපාල සිරිසේනගේ මල්ලි වන ඩඩ්ලි සේරිසෙන තමාගේ නව හෝටලය විවුර්ත කරනකොට ඊට අරාදනාකරලා තිබුනා ශ්‍රී ලංකා රේගුවේ ඉහලම නිලදාරියට, මේ නිලදාරිය ඉදිරියේ ඔහු කියනවා තමන් මුල්කාලයේ සිංගප්පුරුවට ගිහිල්ල එනකොට ශ්‍රී ලංකා රේගුවට වෙට්ටු දමල මුදල් එකතු කල බව. මේක තමයි පැරා ලොක්ක තිත්ත ඇත්ත.
මෙවිදියේ අභිප්රේරණය (Motivate ) වෙන විදියේ මානසිකත්වයක් වැදගත් සමාජයට.
ඌ ඉස්සරහ ඒක කිව්වට කමක් නැහැ. එකත් ලෝක හොරෙක් නිසා.
Deleteකූඹියෝ මේ වෙනකං කතාංග ඔක්කොම බැලුවා , ඇත්තටම බලන්නපටන් ගත්තේ නම් මේ ගැන විවිධ තැන්වල ගිය මුරුංගා අත්තේ තියලා කරපු වර්ණනා නිසාම තමා. නමුත් කතාව බලන්න ගත්තම මේක යථාර්ථවාදී කතාවකට වඩා ෆැන්ටසියක් වීමම මේක සිත් ගන්න කාරණයක් වුනා .
ReplyDeleteමොකද යතාර්ථවාදී කලාව කියල පෙන්නන්නේ හොටු පෙරාගෙන අඬන ගෑනු විතරයි, කොපි කිරිමෙන් එහාට කලාවක් නොදන්නා නිමාපකයන් ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ ඉතිං.
සිල්ලර කාසි මුළු කතාවම බැලුවා . ඒ පැරාගේ රෙකමදාරුව නිසාමයි . පැරා කියල සියලු ලක්ෂණ එහි අඩංගු වුණත් අන්තිමේ එකත් ඉවර වෙන්නේ වරදක් කලොත් දඬුවමක් ලැබෙනවාමයි කියන දහම්පාසල් තියරියට වීම තමා මට තිබ්බ ගැටලුව. වෙන අවසානයක් හිතන්න තිබ්බේ නැද්ද
Ohoma giyoth banath hanna epa a kathath fantasy neh....!!
ReplyDeleteindian tele walata wada hodai kiyala kiyana puluwan
දැං මේකට කොමෙන්ට් කරද්දි ලොකු විස්තරයක් දැම්මෙ නැත්තං අපිව කොන් වෙයිද ෆ්‍රෙන්ස් ?
ReplyDeleteතවම කුඹියෝ බැලුවේ නැති නිසා කියන්න දන්නේ නම් නැහැ. හැබැයි ලිපිය කියෙව්වම සීන් එක තේරුණා.
ReplyDeleteමේ ටික එළ
//සාත්තර කියන එවුන් එහෙම පහත දැක්වෙන ආකාරයේ දෙයක් කියූ විට එය ඇත්තකැයි පිළි ගැනීමට අප කවුරුත් කැමති ය. “මහත්තයගෙ හිත හොඳයි. ඒ වුණාට පැත්ත ගියත් ඇත්ත කියන නිසා මිනිසුන් තරහා වෙනවා. අසාධාරණේ පේන්න බැහැ. හිත උණු වෙනවා. අනුන් වෙනුවෙන් ඕනෑවට වඩා කරන්න යන එක නිසා තමයි අතේ ඉතුරුවක් නැත්තෙ.“//
පායනා කාලේදී-රෑ දවල් මහන්සිවී-කන්ටදේ රැස් කරයි කූඹීයෝ
ReplyDeleteසාදුකින් පෙලෙන උන්-වගේ නොවෙයි උන් ඉතින්
දැන් ඉතින් නැගිටියව්- නොකියතී
උන් ඉතා සන්තොසින්-වැඩකරයි ප්‍රීතියෙන්
කම්මැළි නෑ කිසිත්- කූඹියෝ.
පැරා, ඔක්කොටම ඉස්සෙල්ලා බොහීමියානුවෙක් කියන්නෙ කවුද කියන්නකො.
ReplyDeleteඔබේ ප්‍රතිචාරය දැක මෙය ලීවා. අජිත් කැමති නම් පල කරයි ලින්ක් එක.
Delete(අජිත් කැමතිනම් මේක පල කරන්න.)
තවත් එක් බොහීමියානුවෙක්
මම හිතන හැටියත් එක්ක බැලුවහම එකඟ විය හැකි කාරණා බොහොමයක් තිබේ.
ReplyDeleteසිල්ලර කාසි ගැන කථා වුණා හොඳටම මදි තමා.
සම්ම්මාන උළෙලවල් ගණනාවකදීම ඒක උඩින් විසික්වුණා.
මොන මගුලක්ද බ0... ඔක්කොටම කලින් මොකාද බ0 මේ බොහිමියානුවා කියන එකා...
ReplyDeleteනාට්‍ය බලන කවුරුත් ප්‍රබුද්ධ නැත.ඔවුන් නාට්‍ය බලනුයෙ තමන්ගෙ එදිනෙදා ජීවන අරගලයෙන් මිදි ෆැන්ටසියක සිරවිමය.සිංහල නිර්මාණ කරුවන් නිර්මාණ කරනුයෙ අනුන්ගෙ ගෙවල් වල කුනු ගොඩවල් ගැනය. තමන්ගෙ ප්‍රශ්න මදිවට අනුන්ගෙ කුනු ගැනත් බල බල කල්පනා කරන්න උන්ට බර වැඩිය.
ReplyDeleteතමන්ට තේරෙන නොතේරෙන හැම මල ඉලව්වක් ගැනම පොර ටෝක් දෙන්න ගියාම මේ වගේ ලිපි ලිය වෙනවා ..මේ ලිපිය පොඩි එකාගේ රචනේ වගේ
ReplyDeleteපැරාංකල්
ReplyDeleteබොහිමියනිසම් කියන එක දැන්නම් අර කියනව වගේ සෝබනයක් නෙවේ
හොදේ දැන් තියෙන්නේ මොඩර්න් බොහිමියනිසම්
මොඩිෆයිවෙලා හලෝ
දැන් ආර්ට් විකුනන්න පුලුවන් සල්ලි කන්න පුලුවන්
බොන්ජෝයේ බොන්ජෝයේ
akafai
ReplyDeleteakagai
ReplyDelete