රතු අමුඩය


අමුඩය ගසාගෙන කොළඹට එන ඇත්තු
මහමග පෙළපාලි පානා ගොවි පුත්තු
අමුඩය ඇඳන් වෙල් වැඩ කරනා පුත්තු
අයියෝ කොහෙද ඉන්නේ අරුමැසි සත්තු

කලිසම් ඇඳන්උන් කුඹුරට බහින්නේ
ෆෝන් එකෙන් ඒ අතරේ දොඩන්නේ
මැෂින් තමයි කුඹුරේ කරකැවෙන්නේ
අමුඩකාරයෝ කොළඹයි සරන්නේ

ආසාවට අමුඩ කෙටියක් ඇඳගන්න
ලේන්සුවක් මිළ දීලා අරගන්න
කඩයක් තිබේ නම් අපටත් දන්වන්න
මට ආසාය අමුඩෙන් ගොවියෙක් වෙන්න

තට්ටම් මැදින් අමුඩයෙ කොණ රිංගවලා
අනෙක් කොණෙන් වල්ල ඔතා එල්ලාලා
අමු හෙලුවෙන් වගේ මග යනු පෙනීලා
හිතුණයි ලියන්නට කවියක් මෙයාලා



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. නාකි වෙච්චි ආදිකාලෙ ගොන් ජෙප්පෙක්,
    වෙන්ඩ පොශ් සුලුදනේශ්වරයන් ගේ සුලුදියෙන් පැන් සනහන කල
    වර්තමාන ගොන් ජෙප්පන් ගැන,
    අර ගස්ලබ්බ තුමා කී සේ හෙලුවෙන් වැනීමකි!!!

    ReplyDelete
  2. ඔබ තාම ජීවත් වන්නේ වසර 50කට පෙර යුගයේ. එකල ගොවියා අමුඩ ගසාගෙන ගොවිතැන් කලා. සරම ඇඳගෙන නගරයට ගියා. දැන් ගොවියා අමුඩ ගසගෙන ගොවිතැන් කරනවා අඩුයි. නමුත් ඔවුන් අමුඩය පාවිච්චි කරන්නේ ගොවියා නියෝජනය කරන සංකේතයක් ලෙසයි.
    හමුදා සෙබළු ආචාර පෙලපාලියකදී අඳින ඇඳුම සහ යුඳ බිමේදී අඳින ඇඳුම වෙනස් මේකත් ඒ වගේ දෙයක්.

    ReplyDelete
  3. අමුඩෙ අපිට දේශපාලනයට අලුත් දෙයක් නොවෙයි දහනායක අමුඩෙන් පාර්ලිමේන්තු ආවා. රන්මුතුදූව චිත්‍රපටයේ නලුවෙකු වූ ෂේන් ගුනරත්න දේශපාලන වේදිකාවකත් අමුඩෙ ගහගෙන ජනතාව ඇමතුව. මහින්ද රාජපක්ෂගෙ කාලෙ සමහරු හිටියෙ අමුඩෙත් නැතුව. ඕවා අපේ දේශපාලනයේ විළි වහන්න ගහන අමුඩ. ' රතු අමුඩය ' ළමා සුරංගනා කතා පොතකට හොඳ නමක්.

    ReplyDelete
  4. Honorable Anura Kumara Dissanayaka MP
    Minister of Agriculture, Livestock, Land and Irrigation.

    (39 JVP MPs at PA-JVP join government,2004)

    අමුඩ..:D

    ReplyDelete
  5. මේ අමුඩ ෆොටෝ සියල්ලම වාගේ පසුපසින් ගත් ඒවා නේද?

    ReplyDelete
  6. ජේවීපියේ දර්ශනය සහ ප්‍රායෝගික කෙරුවාව, අමුඩෙයි පුකයි වගේ එකට බැඳී නැහැ. අන්න එතන තමයි එයාලට ඡන්ද නොලැබෙන රහස තියෙන්නේ.

    ReplyDelete
  7. කොමෙන්ටුවකට පින්තුරයක් (graphic එකක්, jpeg හෝ pdf) දමන විදිය කවුරුහරි කියල දෙනවද? මට මේ post එකට comment එකක් විදියට ෂෝක් පින්තුරයක් තියෙනවා.

    ReplyDelete
  8. සිරාත් දැන් බ්‍රා ගැන කතා කරන වෙලේ පැරා අමුඩ ටොපික් එක ඇදලා ගත්තේ ඇයි?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා