මමදුන්නෙ කිස් එකයි කිස් එකයි

මේ දවස්වල අපේ රටේ ජනාධිපතිවරයාගේ සිට බොහෝ අය කිස් එකක් ගැන කතා කරනවානේ.

දෙතොල් සිප ගැනීම අතිශය සරාගී ක්‍රියාවක්. එය ලංකාවේ සම්ප්‍රදායික සංස්කෘතිය තුළ තිබුණු බවට සාධක සාහිත්‍යයෙන්, ජන සාහිත්‍යයෙන් හෝ වෙනත් කලාවන් ඇසුරින් ලැබෙන බවට සාක්කි මට නැහැ. ගීත සාහිත්‍යයේ දෙතොල් සිප ගැනීම ඉතා ම සාහිත්‍යමය සුන්දරත්වයකින් ගැයුණු ගීයක් තමයි මිල්ටන් මල්ලවආරච්චි ගායනා කරන දෙඅදර විළිකුන් සුරත් පලේ. 




ජිප්සීස් ගායනා කරන ‘මම දුන්නෙ කිස් එකයි ' ගීය වෙනස් සාහිත්‍ය ආරක් අනුගමනය කරන වඩා ඍජු ප්‍රකාශනයක්. ඒ ගීය මුලින් ම අහනකොට මං ළමයෙක්. ඒ කාලෙ මේ ගීය අපේ ගෙදරදි අහන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. අපි ඒවා ඇහුවෙ යාළුවන්ගෙ ගෙවල්වලදි හොරෙන්. එහෙම නැතිනම් සංගීත සංදර්ශනවලදි.

ඒ කාලෙ මේ ගීයටත් සැලකුවේ හරියට වර්තමානයේදී නිල් චිත්‍රපටවලට සලකන්නා වගේ තමයි. සංරක්ෂණවාදී සමාජය මේ ගීය පිළිකුල් කරද්දි තරුණ සමාජය එය ආදරෙන් භාර ගත්තා. එය ඒ යුගයෙ අතිශය ජනප්‍රිය ගීයක්.

අද ආපහු හැරිලා බැලුවා ම එය ඉතා සොඳුරු ගීයක් විතරක් නෙමෙයි, ඉතා නිර්මාණාත්මක ගීයක් බවත් පෙනෙනවා. පද රචනය, සංගීතය, ගායනය, ආකෘතිය ආදී හැම පැත්තෙන් ම එය පෙරළිකාර ගීයක්.

ඒ දවස්වල ම නිහාල් නෙල්සන් මේ ගීයේ ආකෘතිය තුළ ම මම දැම්මෙ පොල් එකයි කියලත් සිංදුවක් කීවා. ඒක මෙතනින් බලන්න.

පහත තිබෙන්නේ ජිප්සීස්ලාගේ පෙරළිකාර ගීයයි: 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. If you want to kiss me darling do not come at six
    Mama will be at the gate with a broomstick..!

    යනාදී වශයෙන් කියවෙන බයිලා එකක් තිබුනා නේද?

    ReplyDelete
    Replies
    1. පියොවුරු සඟලේ...තැවරුණ දෙතොලේ මිහිරෙන් සනහන් සොඳුරේ.... කියල නන්දා මාලනී ගයනව.

      ගෝල් පේස් එකට යන්න, උඹෙ ලස්සන තොල් පෙතිවල රස බලන්න ....කියල ඩෙස්මන් සිල්ව ආයට කතා කරනව.

      ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුනු හසරැල් විලේ
      හද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලී කියල විට්ටර් කියනව.

      කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
      සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ... කියල කපුගේ කිව්ව.

      ඔහොම හාදු ගැන තව කොච්චර තියෙද?

      Delete
  2. ජිප්සීස් ලා ජේවීපී නායකයා සමග ඉන්න ෆොටෝ එකකුත් එකතු කළා නම් තමයි එළ!

    ReplyDelete
    Replies
    1. ජිප්සීස් නායකයා වගේ දේශපානික චරිතයකට ඒ වගේ අපහාස කරන එක හොඳ නැහැ.

      Delete
  3. අඹ ගහ යට සෙවනේ
    ඉල්ලලා අඹ ගන්නේ

    ReplyDelete
  4. දැන් සින්දුවලනම් ඕනෑතරම් ඔය කිස් දෙන්නේ. 'දෙතොල් මත තබා දෙන්නද පළමු හාදුව' කියලත් එකක් මම අහල තිබෙනවා.

    සිංහල චිත්‍රපටයක මුලින්ම ඔය තොල් කිස් එක පෙන්නපු චිත්‍රපටය කාට හරි මතකද? මට යන්තමින් මතකයි කිස් එක දුන්නේ රවින්ද්‍ර රන්දෙනිය මාලිනීටද?

    ReplyDelete
  5. දැන් අපේ රටේ කලාව ඔයිට වඩා ගොඩක් “ඉදිරියට“ ගිහින් නේද?

    ReplyDelete
  6. පැරා ගේ දැක්ම අවුල් වගේ ....
    දුන්නේ කිස් එකයි විතරක් නෙමේ , කකුල කකුල කකුල රෝස පාට කකුල කියන සින්දුවටත් ඒ කාලේ අවුලක් තිබුනා .
    නමුත් ඒ අවුලයි එන්රික්ස්ගේ අවුලයි එක මිටට අරගෙන කිරන එක ගොන්පාට් එකක්.
    මම නිකමට අහන්නේ තමන්ගේ දුව සංගීතයක් බලන්න ගිහින් එයාගේ බ්‍රෙසියර් එක සින්දු කියන ගායකයාට ගලෝලා දෙන
    නිව්ස් කට් එකක් තාත්තා කෙනෙක් හැටියට බලන්න කැමති කොයි තාත්තද මේ කොමෙන්ට් කොටන අයගෙන්.
    සංචාරක ව්‍යාපාරයට ඉතාම හොඳයි ගණිකා රැකියාව. ගණිකා නිවාස නීතිගත කිරීමෙන් ඉතාම ඉහල සංචාරක ප්‍රවර්දනයක්
    ඇතිකරගත හැකියි . ඒත් ඒවාට පක්ෂව කොමෙන්ට් කොටන , වෙබ් පුරවා ලිපි පළකරන එකම එකෙක්වත් තමන්ගේ මව, බිරිඳ හෝ
    දියණිය එම රැකියාවේ යෙදෙනවාට කැමති නෑ . ( තමුන්ගේ අය හැර අනුන්ගේ ඔක්කොම ගෑණු වේසියෝ වෙනවට මුළු හිතින් කැමති
    පට්ට කුහක අමනයෝ තමා ඔය අය අතර වැඩි දෙනා )
    සල්ලි හම්බ කරන්න ඕනෑම අපතයෙකුට ඕනම දෙයක් කරන්න ඉඩ දෙන රටක් හැදෙනවට අපි හැමෝම විරුද්ධ වෙන්න ඕන. ජනාධිපති තුමාගේ
    සමහර දේවල් නම් අවුල් තමා . ඒත් එන්රික්ස් ගේ කේස් එකේදී එතුමාගේ ප්‍රවේශය නිවැරදියි .
    අවසාන වශයෙන් පැරාට චීත්ත රෙදි සම්බන්ධ ප්‍රශ්නවලදී චීත්ත වෙනුවෙන් රෙදි නැතිව කඩේ යාමට ඇති වෙන අධික නැඹුරුතාවය පිළිබඳව
    කල්පනා සහගත වෙනවා නම් පැරාගේ කීර්ති නාමයට හොඳයි කියලයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
  7. නිදහස වැලඳ ගත යුතුය.ඒත් ඒ නිදහස තමන්ගේ පරිහානියට යොදා නොගත යුතුය.කිස් එකක් මහ ලොකු දෙයක් නොවේ.නමුත් හැමොගෙම මනස එක ලෙස නිදහස් නැති බැවින් අපේ ආත්මාරක්ෂාවට අප විසින් අපේ නිදහස සීමා කර ගත යුතුය.
    නැත්තං කිස් එක කොකිස් එකක් වෙලා යයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා