අපි පරාදයි! දොස්තරලාගේ කාර් පර්මිට් සටනට ජයවේවා!

එක්සත් ජාතික පක්ෂ රජය විසින් ඉදිරිපත් කරන ලද මුල් අයවැය යෝජනා තුළ යම් රැඩිකල් ආර්ථික උපායමාර්ගයක් දක්නට ලැබිණි. එය අපේ ඇගයීමට ලක් විය. 

අපේ ඇගයීමට ලක් වූ මූලික කාරණය කුමක් ද යන්න පැහැදිලිව නැවත සඳහන් කළ යුතු ය. ඒ වනාහි මේ රටේ රාජ්‍ය බලය හිමි, රජයෙන් ම නඩත්තු වන මධ්‍යම පංතිය වෙත වරදාන ලබා දීමේ පිළිවෙත වෙනස් කිරීමේ උපායමාර්ගයයි. 

සංඛ්‍යාත්මකව සුළුතරයක් වුව ද ලංකාවේ බහුතරයක් දේශපාලකයන් අයත් වන්නේ ද මේ පංතියට ම ය. 

මේ මධ්‍යම පංතිය නඩත්තු කරන්නට බර දරන්නේ මැද පෙරදිග ගෘහ සේවිකාවන් ප්‍රමුඛ වැඩකරන ජනතාවයි. 

ඔවුන් උපයන මුදල් මෙම පිරිස කෙතරම් නින්දිත අන්දමින් සූරා කනවා ද යත්, තීරු බදු සහන කාර් පර්මිට් හොරෙන් විකුණන ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන් එයින් අඩු ම තරමේ මසකට රු. 20,000ක් අයථා ලෙස උපයා ගනිති. (කාර් පර්මිට් එක ලක්ෂ 12කට විකුණනවා ය සිතා එය මාස 60කින් බෙදා බලන්න. අවුරුදු පහෙන් පහට මේ කාර් පර්මිට් ලැබේ.) 

දේශපාලකයන්ට හා රජයේ සේවකයන්ට වැඩි පඩි ගෙවනවාට හෝ වරප්‍රසාද ලබා දෙනවාට අපි ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ නැත. එහෙත්, මහජන මුදලින් තමන් ලබා ගන්නා වරප්‍රසාදවලට සාපේක්ෂව මහජනතාවට සේවය සැලසීම සම්බන්ධයෙන් ඔවුන්ගේ වගවීම පිළිබඳ බරපතල ගැටලු තිබේ. 

පසුගිය දිනෙක කඩයකින් ඉතිරි සල්ලි රුපියල් දෙකක් ඉල්ලූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිව කඩකාරයා බෙල්ලෙන් අල්ලා එළියට දැම්මේ ය. නිර්මාල් කළේ පාරිභෝගික හිමිකමක් වෙනුවෙන් සටනකි. එය පොදු අරගලයකි.

ලංකාවේ රජයේ සේවකයන් ඉදිරියේ මහජනතාවට ද සිදු වී ඇත්තේ මෙය ම ය. මහජනතාව ඉතුරු සල්ලි ඉල්ලන විට දොස්තරලා, බැංකුකරුවෝ වර්ජන පොල්ල අතට ගනිති. 

කෙසේ වෙතත්, මේ වන විට රජයේ අයවැය යෝජනාවල තිබුණු ආර්ථික උපායමාර්ගය සෑහෙන්න වතුර එක් කර තනුක කර තිබේ. 

දේශපාලකයන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම දිරිගැන්වීම සඳහා දිනකට රු. 20,000ක දීමනාවක් ගෙවීමට යෝජනා වී තිබේ. නමට විතරක් පාර්ලිමේන්තුවට එන මහින්ද රාජපක්ෂ වැනි විපක්ෂ මන්ත්‍රීවරු එම දීමනාව ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ වාඩි වන හැටි ඉදිරි කාලයේදී අපට රූපවාහිනියෙන් දකින්නට ලැබෙනු ඇත. 

දේශපාලකයන් තමන්ගේ පැත්තෙන් ආදර්ශයක් නො දී, මහජනතාවට පටි තද කර ගන්නට යයි කීම සාධාරණ ද? 

ඒ නිසා අපි මීට කලින් අප දැරූ ස්ථාවරයන් වෙනස් කර ගන්නෙමු. 

දේශපාලකයන්ට හා ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන්ට දෙන කාර් පර්මිට්වලට අපි විරුද්ධ නැත. 

ඒ වරප්‍රසාදය සියලු රාජ්‍ය සේවකයන්ට ලබා දෙනු!

රටට විදේශ විනිමය උපයන මැද පෙරදිග ගෘහ සේවිකාවන්, ඇඟලුම් කම්කරුවන්, වතු කම්කරුවන් වැනි අයට ද තීරු බදු රහිතව ත්‍රිරෝද රියක් හෝ ආනයනය කර ගැනීමට අවස්ථාව ලබා දෙනු!

සෙසු ජනතාවට ද කාර් ආනයනය කර ගැනීමට අඩු තරමේ විදුලි හා හයිබ්‍රිඩ් වාහනවලට පනවා ඇති තීරු බදු හෝ අඩු කරනු!

පාරේ වාහන වැඩි වී ට්‍රැෆික් වැඩි වීමෙන් ඇති වන අසහනයෙන් දිළිඳු ජනතාව බේරා ගැනීම සඳහා පාරේ වම්පස මං තීරුව බස් රථවලට පමණක් වෙන් කරනු! මේ සඳහා සතයක්වත් වියදම් වන්නේ නැත. ඒ මං
තීරුවේ ධාවනය කරන වෙනත් වාහනවලට දඩ ගසා ඒ දඩ මුදලෙන් කෝච්චි ඇන්ජින් හා පෙට්ටි ආනයනය කරනු! 

රජයේ සේවකයන්ගේ හා දේශපාලකයන්ගේ පැන්ෂන් එක මේ විධියට ම දෙනු!

ඒ දෙන විධියට ම මැද පෙරදිග වසර පහක් සේවය කර ඇති ගෘහ සේවිකාවන්ට ද පැන්ෂන් පඩියක් දෙනු! 

(නිකම් ඉන්න එකේ ඔබත් මෙන්න මේ අයදුම්පත පුරවා යවා කාර් පර්මිට් එකක් ලබා ගන්න.

අයවැය පරතරය පුළුවන් තරම් වැඩි කරනු! එය පිරවීමට තව තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! 

සුබ අනාගතයක්! 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. = ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! X 93

    ReplyDelete
  2. Replies
    1. අපොයි මොකක් ද මේ පැරාට වෙන්න යන්නේ?

      Delete
  3. අමතක කරන්න එපා රටේ නායකයා අලියෙක් නෙමෙයි... නොම්මර එකේ බයියෙක්..

    ReplyDelete
  4. වැඩියෙන් සූරාකන කොටස් වලට වැඩියෙන් බලයක් තියෙනවා..ඒ බලයට එරෙහි වෙන්න නම් ලොකු ජනතා බලයක් සෘජුව ඇති රජයක් ඕනි වෙනවා..එහෙම උනේ නැති වුනාම රජයට දැන් කලා වගේ අයවැය ඉදිරිපත් කරලා ඒ බරටම සංශෝධනත් ඕනි වෙනවා..

    ReplyDelete
  5. පැරා ,

    //පාරේ වාහන වැඩි වී ට්‍රැෆික් වැඩි වීමෙන් ඇති වන අසහනයෙන් දිළිඳු ජනතාව බේරා ගැනීම සඳහා පාරේ වම්පස මං තීරුව බස් රථවලට පමණක් වෙන් කරනු! මේ සඳහා සතයක්වත් වියදම් වන්නේ නැත.//

    එතකොට දැන් අනෙක් වාහන වලට දකුණු පැත්තෙන් පදවන්න කියලද කියන්නේ, ඔබතුමා කියන්නේ දැන් ඉස්සර කිරිමයට පමණක් දකුණුපස මන්තිරුව අවසර දී ඇති මන්තිරුවේ ධාවනය කිරීම නිසා එක දඩයකුත් වම්පස බස්වලට ඉඩදී ඇතිනිසා වම් තීරුවේ ධාවනය කිරීම නිසා තව දඩයක් ගසන්න කියලද ?

    ReplyDelete
    Replies
    1. මං තීරු තුනක් භාවිතා වන ගාලු පාර, හයිලෙවල් පාර වැනි පාරවල්වල බස්වලට වෙන ම මං තීරුවක් වෙන් කර දිය හැකි ය. දැනට ද, බස් යා යුත්තේ වම්පස මං තීරුවේ ය. එහෙත්, වෙනත් වාහන ද ඒ මං තීරුවේ ධාවනය වේ.

      Delete
    2. පැරා,

      ඔයිට වඩා ප්‍රායෝගික නැත්ද කොලබට ඇතුළු වීමට විශේෂ ගාස්තුවක් අයකලානම් පුද්ගලික වාහන වලින් සහ එය සිදුකල යුත්තේ කොලබට ඇතුල්වන සිමාවේ විශාල රථ ගාලක් ඇතිකර එහි තම වාහනය නවතා කාර්යක්ෂම බස් සේවයක් කොලබ නගරයට ඇතුළු වීමට පහසුකම් සැලසීම මගින් තදබදය මෙන්ම ඉන්දන නාස්තියද අවමකල හැක.

      Delete
  6. රවි කරුණානායකට නොතේරෙන දෙය නම් කාර් ආනයනය අධෛර්යමත් කිරීම සඳහා ආනයන බදු වැඩි කිරීම මඟින් රජය බලාපොරොත්තු වන ඉලක්කය ළඟා කර ගත නොහැකි බවයි.

    උදාහරණයක් වශයෙන් ජපානයෙන් ආනයනය කරනු ලබන වැනි Suzuki WagonR, Suzuki Hustler වැනි මෝටර් රථයක් රුපියල් ලක්ෂ 27 ත් 30 ත් අතර මුදලකට මිළදී ගැනීමට බලාපොරොත්තු වූ අයෙක්, එවැනි මෝටර් රථවල මිළ රුපියල් ලක්ෂ 35 හෝ 40 හෝ තෙක් වැඩි වූ නිසා තම වාහන සිහිනය අත් නොහරී.

    එවැනි අයෙක් කරන්නේ කලින් රුපියල් ලක්ෂ 22 කට මිළ නියම වී තිබුණු ඉන්දියාවේ නිෂ්පාදිත Suzuki Celerio වැනි මෝටර් රථයක් නව මිළට (රුපියල් ලක්ෂ 27) මිළදී ගැනීමයි.

    අයවැයෙන් වාහන බදු වැඩි කිරීම මඟින් සිදු වන්නේ ජපානය, කොරියාව වැනි රටවලින් ආනයනය කරනු ලබන වාහන ප්‍රමාණය අඩු වී ඉන්දියාවේ නිෂ්පාදිත වාහන ආනයනය කිරීම වැඩි වීම යි. එසේ නැතිව 1970-1977 යුගයේ මෙන් වාහන ආනයනය අවම මට්ටමකට පැමිණීමක් සිදු නොවේ. අවසාන වශයෙන් සිදු වන්නේ අයවැයට කලින් වාහන ආනයනය වෙනුවෙන් ලංකාවෙන් පිටතට ඇදී ගිය මුදල ම අයවැයෙන් පසුවත් ලංකාවෙන් පිටතට ඇදී යාම යි.

    ReplyDelete
    Replies
    1. Good analysis, very close real situation.

      Delete
    2. මිට අමතරව ජපානයේ උසස් ප්‍රමිතියෙන් යුත් වාහන වෙනුවට ඉන්දියාවේ දහ ජරාව රටතුලට ගෙන ඒමයි

      Delete
    3. කරුණාකර පැරා ට උත්තර දිය නොහැකි ප්‍රශ්ණ ඔහුගෙන් නොඅසන්න

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා