එක්නැලිගොඩ ඝාතකයන් ආරක්ෂා කර ගන්නට රාජපක්ෂලාට පුළුවන් වෙයි ද?

සන්ධ්‍යා එක්නැලිගොඩ - දිරිය ගැහැනියකගේ නො පසුබස්නා අව්‍යාජ අරගලය 
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වූ වකවානුවේ එය රජය විසින් කරන්නට ඇතැයි අපි විශ්වාස නො කළෙමු. රජයට තියුණු අභියෝගයක් නො වුණු ඔහු වැනි අයෙක් මරා දමන්නේ කුමට ද යන්න අපට මතු වූ ප්‍රශ්නය විය.

මෙම සම්බන්ධතාව ඔස්සේ 2010 මැයි 10දා අප ඒ පිළිබඳ ලිපියක් කියවිය හැකි ය. මෙවැනි ම පටලැවිල්ලක් අපට තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ද සිදු විය. එවැනි ඝාතනයක් කරන්නට රාජපක්ෂ පවුල යොමු නො වනු ඇතැයි අපි එදා සිතුවෙමු. (ඒ ගැන පසුව සටහන් කරමු)

එහෙත්, රාජපක්ෂ ඝාතන යන්ත්‍රය අප සිතුවාටත් වඩා වියරු, තර්කනයකින් තොර, ආසාවට මිනීමැරූ පිරිසක් බව මෙම සිද්ධි දෙක ඔස්සේ පෙනී යයි.

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කළ අය හසු වුණේ පරීක්ෂණය නො කර ඉන්නට බැරි තරමට ජාත්‍යන්තර බලපෑම් උග්‍ර වූ නිසා ය. එයට ප්‍රගීත්ගේ බිරිය කළ දිරිමත් අරගලය ද ඉවහල් විය.

ප්‍රගීත් මරා දමන්නට පැහැදිලි හේතුවක් මහින්ද රාජපක්ෂගේ සිට උදය ගම්මන්පිල දක්වා ඝාතකයන් වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුට තවමත් කියා ගන්නට බැරි ය. උදය ගම්මන්පිල එම ඝාතනය සාධාරණීකරණය කරන්නට කියන කතා සියල්ල කිසිදු පදනමක් නැති වල්පල් ය.

අප දන්නා තරමින් උදය ගම්මන්පිල යනු 1989 සමයේදී රාජ්‍ය ඝාතකයන්ගේ ඉලක්කයක් බවට පත් වූ, රටින් පළා ගොස් දිවි බේරා ගත් අයෙකි.

යුද්ධයකදී දෙපාර්ශ්වයේ මිලිටරි ඉලක්ක යනු වෙන ම දේවල් ය. මිලිටරි ඉලක්ක ද අතිශය අමානුෂික මිනිස් ඝාතන විය හැකි ය. කොටි සංවිධානය කොළඹදී ගෝඨාභය රාජපක්ෂට බෝම්බ ගැසීම හා රජය කොළඹදී ටැමිල්නෙට් සංස්කාරක සිවරාම් මරා දැමීම යන සිද්ධි දෙස මිලිටරි දෘෂ්ටි කෝණයකින් බලන්නට පුළුවන.

1989දී ප්‍රේමදාසගේ ආණ්ඩුව විසින් නීති විරෝධී රෝහණ විජේවීර මරා දැමීම මිලිටරි කාර්යයක් ලෙස සැලකිය හැකි ය. එහෙත්, උදය ප්‍රභාත් ගම්මන්පිල නමැති විසි හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස්, රහසිගත කඳවුරකදී වධ දී මරා දැම්මා නම් එය මිලිටරි ඝාතනයක් වන්නේ නැත. ඒ වනාහි හුදෙක් ම ලේ පිපාසය නිසා කරන දේ ය.

ලේ පිපාසය මත සිදු කළ මෙවැනි ඝාතන හුදකලාව ගැනීම සාධාරණ ද යන්න වෙන ම සලකා බැලිය යුතු තත්වයකි. මන්ද, මෙම ඝාතන සිදු වුණේ කිසියම් සංදර්භයක් තුළයි. වින්දිතයන් මෙන් ම ඝාතකයන් ද එම සංදර්භයේ ගොදුරු ය.

මිනිසුන් තර්ක බුද්ධියට වඩා හැඟීම් හා ආවේග මත කටයුතු කරන භීම සමයන් වන එවැනි වකවානුවල සිදු වූ වැරදි සම්බන්ධයෙන් මුක්තියක් අපේක්ෂා කරන්නේ නම් කළ යුතුව තිබෙන්නේ සත්‍ය කොමිෂමක් වැනි ක්‍රියාවලියක් ඔස්සේ සමාව ගැනීම හා සමාව දීම ප්‍රවර්ධනය කිරීමයි.

ශ්‍රී ලංකාව 1970න් පසු ප්‍රධාන කැරැලි තුනක් හරහා ආවේ ය. මේ වකවානුවල බොහෝ අය නියමින් මෙන් ම අනියමින් ද මිනිස් ඝාතන කළ හ. ඝාතනවලට අනුබල දුන් හ. බලය අපහරණය කරමින් මිනී මැරූ බොහෝ අය මේ සමාජයේ නිරුපද්‍රිතව සිටිති. ඔවුන්ගෙන් ඇතැමෙක් ප්‍රභූවරු ය. ඔවුන් සිය පව් වසා ගන්නට උත්සාහ කරන්නේ යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්වලිනි.

බලය නිසා උමතු වීමෙන් හෝ ලේ පිපාසය නිසා හෝ මිනී මැරුවන්ගෙන් සුළු පිරිසක් අහඹු ලෙස හසු වීම වැළැක්විය නො හැකි දෙයකි. කතරගම ප්‍රේමවතී මනම්පේරි මරා දැමූ අය, රිචඩ් ද සොයිසා මරා දැමූ රොනී ගුණසිංහ වැනි අය, ජනාධිපති චන්ද්‍රිකා ළඟ හිඳිමින් රූකාන්තට වධහිංසා පැමිණවූ පොලිස් නිලධාරීන්, කොබෙයිගනේ අවුරුදු කුමාරියගෙන් අයුතු ප්‍රයෝජන ගෙන කැරැල්ල පිට දමා ඇය මරා දැමූ පොලිස් නිලධාරියා වැනි අය මෙසේ අහඹු ලෙස හසු වී දණ්ඩනයට ලක් වූ අතළොස්සට අයත් වෙති.

එක්නැලිගොඩ මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින අය ද අයත් වන්නේ මෙම වර්ගයට ම ය. රාජපක්ෂ කල්ලිය අද ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ අන් කිසිදු හේතුවක් නිසා නො ව, හෙට වන විට තාජුඩීන් ඝාතනය නිසා රාජපක්ෂ පුතුන්ට ද මේ හා සමාන ඉරණමකට මුහුණ දීමට සිදු විය හැකි නිසා ය.

කවුරු මොනවා කීවත්, දැන් ඉතින් මේ අයට අධිකරණයේ හැර වෙන කාගේවත් පිහිටක් පැතිය නො හැකි ය. රාජපක්ෂලා ටිකක් සද්දෙ දමා නිහඬ වූ පසු නඩු කීම ඔවුන්ට ම පැවරෙනු ඇත. මන්ද, රාජපක්ෂලා, උදය ගම්මන්පිලලා මිනීමරුවන් වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා ශක්තිමත් සදාචාරමය පදනමකින් සන්ධ්‍යා එක්නැලිගොඩ සිය සැමියා ඇතුළු අයුක්ති සහගත ලෙස මරා දමන ලද මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින නිසා ය. ඇය ඉදිරියේ උදය ගම්මන්පිල පමණක් නොව මහින්ද රාජපක්ෂ ද අඟුටුමිට්ටෙකි. 

මිනිසුන් වන අපි හොඳ මිනිසුන් ලෙස ජීවත් වීමට කැමැත්තෙමු. එහෙත්, ඉතා සුළු බුරුලක් හේතුවෙන් මිනිසා තිරිසනෙක් වෙයි. එයින් පෙනී යන කාරණය වන්නේ ශිෂ්ටත්වය යනු තවමත් අප විසින් ආයාසයෙන් ආරෝපණය කරගෙන සිටින දෙයක් බවයි. 

බලය නිසා අශිෂ්ටත්ව කරා යොමු වී බලයෙන් ගිලිහුණු දාට අසරණ වන සියලු මිනිසුන්ට මෙම සිද්ධිය පාඩමක් විය යුතු ය. එබැවින්, අශිෂ්ටයන් ආරක්ෂා කර ගන්නට අශිෂ්ට උත්සාහයන් දරනවා වෙනුවට තවත් මිනිසුන් මෙවැනි අශිෂ්ටයන් වීම වළක්වා ගැනීම සමාජයේ වගකීමකි. 

අනුගමනය කළ යුතුව තිබෙන්නේ සරළ පිළිවෙතකි. බලය හෝ පක්ෂපාතිත්වයන් හෝ අණ නිසා හෝ නීතියට පිටින් වැඩ නො කරන්න. එච්චරයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  3. ඉහත කමෙන්ටු සියල්ල මකා දමනු ලැබූ හේතුව පැහැදිලි කළ යුතු ය. ඒවායේ ඇති විවේචනය දරා ගැනීමෙහි කිසිදු ගැටලුවක් මට නැත. එහෙත්, මගේ බ්ලොග් අඩවියේ මට ගොනා, මීහරකා වැනි වචන පාවිච්චි කිරීමට ඉඩ දීම මගේ වත්තට ඇවිත් මට රෙද්ද උස්සා යන්නට ඉඩ දීම වැනි තත්වයකි. එච්චර ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයක් දෙන්නට තරම් මට විශේෂ අමාරුවක් නැති බව කරුණාවෙන් සලකන්න. ඔබට විවේචනයක් තිබේ නමි කරුණාකර ශිෂ්ට භාෂාවෙන් එය ලියා තබන්න.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට්ස් මැතිසබේට යන්න පුහුණුවෙන ආධුනිකයෙක් ගේ වෙන්ටැති පැරා,

      Delete
    2. ඔබ මා සිතා සිටි තරම් මුහුකුරා ගිය මාධ්‍යවේදියෙකු නොවේ. මා සිතනවා ඔබ දවසක එ තත්වයට ලග වේවි කියා.

      Delete
    3. එක එක නිර්නාමිකයන්ගෙන් කුණු වචන අහගෙන නිහඬව ඉන්නා සාන්තුවර මට්ටමට මම කිසි දාක මුහුකුරා නො යන බව කරුණාවෙන් සලකන්න.

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. ඔබ මා වෙනුවෙන් පාවිච්චි කරන වචන ටයිප් කිරීමට ගන්නා වෙහෙස තරම් වෙහෙසක් මට එය මකා දැමීමට දරන්නට අවශ්‍ය නැත.

    ඇනොනිමස් අදහස් පළ කිරීමට ඉඩ දී ඇත්තේ කොන්ද පණ නැති පෙන්දන්ට පඳුරුවලට මුවා වී හූ කියන්නට නො වේ.

    විවේචනාත්මක වීම ප්‍ර‍ශ්නයක් නො වේ. වැදගත් විදියට අදහස් පළ කිරීමට පුරුදු වන්න.

    ඔබලා වැනි ලාංකිකයන් ශික්ෂණය කිරීම අපගේ එක් අරමුණකි.

    ReplyDelete
    Replies
    1. ඔබේ ස්ථාවරය ඉහළින් අගය කරනවා.

      ප්‍රගීත් එක්නැලිගොඩ කොටියෙක් නම්, ඔහුව අත්අඩංගුවට ගෙන නීත්‍යානුකූලව කටයුතු නොකළේ ඇයි?

      කොටින් හෝ කොටි ආධාරකරුවන් ලෙස සැකපිට අත්අඩංගුවට ගත වෙනත් අයටත් ප්‍රදීප් ගිය පාරේම යන්න වුනාද?

      ලසන්ත වික්‍රමතුංග මරා දැමීම, කීත් නොයාර් ට පහරදීම, යට ගිහින් තියෙන්නේ ඇයි?

      දරකඩන්න එන මුවාවෙන්, නිරායුධව, හමුදා කඳවුරක් අසල ගැවසෙන ද්‍රවිඩ වැසියන් කීප දෙනෙක්, අත්අඩංගුවට ගෙන ඉහල මූලස්ථානයකට භාර නොදී, ඔවුන්ගේ බෙල්ල කපා මරා දැමුවේ, කුමන විනිශ්චයක් අනුවද? ඒ ක්‍රියාව කල තැනැත්තා, රණවිරුවකු වන්නේ කෙසේද?

      Delete
  6. බලය හෝ පක්ෂපාතිත්වයන් හෝ අණ නිසා හෝ නීතියට පිටින් වැඩ නො කරන්න
    Agree

    ReplyDelete
  7. අහිංසක ප්‍රගීත්ට වුණේ ඊ නිව්ස් සඳරුවන් වෙනුවෙන් දං ගෙඩියට යන්න. ඔය සඳරුවන්ගෙ ඊනිව්ස් එක තුච්ඡ විධියට, ලෝකෙ කිසිම සදාචාර මාධ්‍යක් නොකරන විධියට, කැලෑ පත්තරයක් වගේ මරා ඇතුළු රාජපක්ෂලාගෙ චරිත ඝාතන කළේ. ඉතින් රාජපක්ෂලා සඳරුවන්කාරයව අල්ල ගන්න බැරුව ගිය නිසා ඊනිව්ස් එකට ගෑවිච්ච එක්නැලිගොඩව උස්සල දස වධ දීල මරල දැම්මා. ඇත්තටම ඔය සඳරුවන්ගෙ ජඩ මාධ්‍ය කලාවෙ ගිය කෙනෙක් නෙවෙයි ප්‍රදීප් එක්නැලිගොඩ, නමුත් අවාසනාවන්ත විධියට මැරුම් කෑවා. දැන් සඳරුවන් කාරයා, එක්නැලිගොඩගෙ පිහිටෙන්, එංගලන්තෙට පැනගෙන, දේශපාලන රැකවරණ කියල වීසාත් හදාගත්තා. ඊට පස්සෙ අවශ්‍ය අයට මඩ ගහන්නත්, අවශ්‍ය අයගෙන් ඩීල් දාල සල්ලි අරගෙන නිව්ස් හලල දැමීමත් යහමින් කරගෙන යනවා. මිනිහා ඩීල් දාලම ඩොලර් කෝටිපතියෙක්. ඔය ප්‍රගීත්ගෙ කේස් එක මිනිහට ඇදුණු ඉල්ලමක්, සන්ධ්‍යා අභීතව සටන් කරනකොට, සඳරුවන්කාරයා ප්‍රගීත්ව විකිණුවා. ඇත්තටම පව් ප්‍රගීත්ට, කවදහරි යුක්තිය ඉටු වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නනේ ප්‍රගීත් වෙනුවට ඊ නිව්ස් සඳරුවන් අතුරුදහන් කරානම් හරි කියලද?

      Delete
    2. ඔබ කියන්නනේ ප්‍රගීත් වෙනුවට ඊ නිව්ස් සඳරුවන් අතුරුදහන් කරානම් හරි කියලද?

      Delete
    3. ඊනිවුස් එක රාජපක්ෂලා පෙරලවීමට මරු පහරවල් ගැසූ විෂිශ්ට මාධ්‍යකි.. ඔබවැනි රාජපක්ෂලාගේ පස්ස ලොවන්නන්න්ට ප්‍රගීත් ගැන ඇතිවී තිබෙන කැක්කුම ගැන අපට පුකෙන් හිනාය.. සදරුවන් මහතා ගැන රාජපක්ෂවාදී ඔබට ඇති ඇරියස් එක අපට තේරුම්ගත හැක

      Delete
  8. Dear Mr.Jayasinghe,
    You're doing a great service ... towards enlightening the foolish people in this country ...
    I wish you courage and wisdom to continue ...
    Happy 2016 too...!!

    ReplyDelete
  9. ප්‍රගීත් එක්නැලිගොඩ පරීක්ෂණ පමාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් අදහස් දක්වද්දී ගයන්ත කරුණාතිලකට කෙලින්ම අපේ විරෝධය පළ කළා. ඒ පරීක්ෂණ පමාව සම්බන්ධයෙන්. අපි දිගටම ඒ සම්බන්ධයෙන් හැකි හැමවිට මැදිහත්වීම් කළා. එහෙත් ශාන්ත විජේසූරිය සහෝදරයා සම්බන්ධයෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ මැදිහත්වීම හිතාගැනීමට අපහසුයි. අජිත් සහෝදරයා හැකිනම් ඒ ගැනත් විමසා බලන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා