රාජ්‍ය අංශයට වැටුප් වැඩි කරන්නට මුදල් හොයන හැටි වෘත්තීය සමිති යෝජනා කළ යුතු ය

මේ වසර මුලදී රජයේ සේවකයන්ට රු. 10,000කින් වැටුප් වැඩ කරන ලදී. ලබන වසර මුලදී වැටුප් වැඩි කිරීමක් නැත. 

දෙන ලද රු. 10,000 දීමනාව මූලික වැටුපට එකතු කරන්නැයි වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් තිබේ. එහෙත් එය එකතු කළ විට වැටුප් පරතරයන් වෙනස් වෙනවාට තමන් කැමති ද යන්න කිසිදු වෘත්තීය සමිතියක් කියන්නේ නැත. නිදසුනක් ලෙස, රු. 12,000ක් මූලික වැටුප ලබන පහළ මට්ටමේ රජයේ සේවකයාගේ වැටුප රු. 22,000ක් වෙද්දී රු. 24,000ක මූලික වැටුපක් ලැබූ රජයේ සේවකයාගේ වැටුප වැඩි වන්නේ රු. 35,000 දක්වා ය. වැටුප් පරතරය මෙසේ අඩු වනවාට වෘත්තීය සමිති කැමති ද? 

රට තුළ සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් තිබේ. ඒ නිසා පාරට බැස උද්ඝෝෂණය කරන්නට පුළුවන් නිසා වැඩ නො කර උද්ඝෝෂණ කරන්නට හා වර්ජන කරන්නට රජයේ සේවකයන් තුළ උද්‍යෝගයක් ඇති වී තිබේ. මහින්ද රාජපක්ෂගේ කාලයේත් රජයේ සේවකයන්ට අනන්ත ප්‍රශ්න තිබිණි. එහෙත් උද්ඝෝෂණ, වර්ජන කරන්නට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණය තිබුණේ නැත. 

රජයේ නිලධාරීන්ට අවුරුදු පහකට වරක් ගෙඩි පිටින් ලක්ෂ දහයක්, පහළොවක් මහජන මුදලින් මරා ගන්නට තිබුණු තීරු බදු රහිත කාර් බලපත්‍රය අහෝසි කිරීම නිසා නිලධාරීන්ගේ ද සහයෝගය මේවාට ලැබේ. වාහන බලපත්‍රයෙන් ගහන ගැහිල්ල රු. ලක්ෂ 12ක් ලෙස සැලකුවොත්, එය මසකට රු. 20,000කි. 

ඇතැම් රජයේ සේවකයන්ට නිකම් ඉඳ හෝ අඩුවෙන් වැඩ කර පඩි ගන්නට හා තීරු බදු රහිත කාර් ගන්නට ලංකාවට විදේශ විනිමය එවන මැද පෙරදිග ගෘහ සේවිකාවකගේ මාසික පඩිය රු. 30,000ක් පමණ වේ. 

මිලියන 21ක් වන ජනගහණය වෙනුවෙන් රජයේ සේවකයෝ ලක්ෂ 15ක් පමණ සිටිති. රජයෙන් ඔබට ලැබෙන සේවය ගැන සෑහීමට පත් විය හැකි ද? පාසලට ගිය විට, රෝහලට ගිය විට, රජයේ කාර්යාලයකට ගිය විට ඔබ පිටතට එන්නේ සතුටින් ද? 

රජයේ සේවයේ කාර්යක්ෂමතාව අවම ය. 

රජයේ සේවකයන්ට ගෙවන වැටුප ප්‍රමාණවත් යයි කිව නො හැකි ය. එහෙත්, වගකිව යුතු වෘත්තීය සමිති නම්, වැටුප් වැඩි කරන්නට ය කියා පමණක් නොව, ඒ සඳහා මුදල් සොයා ගන්නට ද ක්‍රම යෝජනා කළ යුතු ය. මන්ද, වැටුප් ගෙවිය යුත්තේ ඔවුන් ද පාර්ශ්වකරුවන් වන රජයෙනි. රජයේ සේවකයන් රජයෙන් බැහැර පිරිසක් සේ හැසිරීම විකාරයක් නො වේ ද? 

සරළ ප්‍රශ්නය මෙයයි. ලංකාවේ පීඩිත ජනයා පෙළන අතරමැදි සූරා කන පංතියක් වන රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීම සඳහා මුදල් සොයන්නේ කෙසේ ද? වෘත්තීය සමිති නායකයන්ට මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට වගකීමක් තිබේ. මන්ද, ඔවුහු රජයේ කොටස්කරුවෝ ය.

එහෙත්, ඒ වෙනුවෙන් තවත් විදේශ ණය ලබා ගත යුතු ය යන යෝජනාව ඉදිරිපත් කිරීමෙන් වැළකිය යුතු ය. මහින්ද රාජපක්ෂ ඒ පාරේ යන්නට පුළුවන් උපරිම දුර රට ගෙන ගොස් හමාර ය. 

තව තව දිළිඳු කාන්තාවන් මැද පෙරදිග යැවිය යුතු ද? 

දිළින්දන්ගෙන් තව තවත් බදු සූරා කෑ යුතු ද? 

දිළිඳු සහනාධාර කැපිය යුතු ද?

මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව මත සීමාන්තික බදු පනවා ව්‍යාපාර කඩා බිඳ දැමිය යුතු ද?

රටට පැමිණෙන විදේශ සංචාරකයන්ට ආපසු ලංකාව එපා වන තරමට ඔවුන්ගේ සාක්කු සුද්ද කළ යුතු ද?

මේ රටට එන්නට කැමති ආයෝජකයන්ට අධික බදු හා කොන්දේසි පැනවිය යුතු ද?

මේවා නො කළ යුතු නම් කළ යුතු දේ යෝජනා කිරීමේ වගකීමක් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති නායකත්වයට තිබිය යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රාජ්‍ය අංශය 20% පමන කප්පාදු කල යුතුයි... ආන්ඩුවකට කරන්න ඔනෑදේ පමනක් නොව එපාදේත් ආන්ඩුව භාර අරගෙන... විෂේසයෙන්ම ලංගම බස් දුවවීම, දුම් රිය, හෝටල් සන්ස්ථාව වගේ දේවල් ආන්ඩුවක් කලයුතු නෑ... සිංගප්පූරුවේ ආකාරයට රජයත් ප්‍රධාන කොටස්කරුවෙක් වන ආකාරයට පුද්ගලික අංශයට පැවරීම කලයුතුයි..

    ඊලගට පෞද්ගලික අංශයට නැති වාහන බලපත්, හමුදා නිලධාරීන්ට ලමයි පාසැල් වලට දමාගන්නට ඇති කෝටා, ආදී වරප්‍රසාධ රාජ්‍ය අංශයට ලබාදීම සාධාරනද කියන ප්‍රශ්නය එනව...
    උදාහරනයකට සා.පෙ පන්තියට විතරක් රජයේ වියදමින් ඉගෙනගෙන වෙලද කලාපවල වැඩකරමින් හෝ මැදපෙරදිග ගෘහසේවය කරමින් විදේශ විනිමය ගේන ශ්‍රමිකයාට නොලැබෙන වරප්‍රසාද උපාධිය දක්වා ජනතා බදුමුදල් වියදම් කරමින් ඉගෙනගත්, විදේෂ විනිමය නොගෙනෙන රජයේ සේවකයාට ලබාදීම අසාධාරනයි..

    මමනම් කියන්නේ කිසිදු වෘතිකයෙකුට විශේස කෝටා අවශ්‍ය නෑ.. ඔය රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, වැනි 'කුල' වලින් පිහිටුවාගත් මාෆියා කඩන්නට නම් පෞද්ගලික විෂ්වවිද්‍යාල හරහා තවතවත් වෛද්‍යවරු බිහිකල යුතුයි

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය අංශය 20% පමන කප්පාදු කල යුතුයි//

      කිසිසේත්ම ප්‍රමාණවත් නැත. පහසුවෙන්ම 50% කප්පාදු කල හැකිය.

      Delete
    2. රාජ්, උඹට ඔය ඔපීසීයේ ඉන්න ගැජුවෙට්ටෝ ටික ‍ අල්ලන් නෙලයි බන් අලයෙක් කියලා. අපි කොහොමත් අලයොනේ එළියකන්දනේ හිටියේ.

      Delete
  2. සිංගප්පූරුවේ Temasek Holdings වැනි ආයතනයක් පිහිටුවා රජයේ ලංගම, දුම්රිය, සිමෙන්ති, විදුලිය, ගෑස්, ජලය ආයතන පමණක් නොව, රජයේ පාසල්, විශ්ව විද්‍යාල, රෝහල් සහ වාරිමාර්ග යනාදී ආයතනත් එමඟින් කළමණාකරණය නොකළොත් ලංකාවට අනාගතයේ දී සොරි ඩොට් කොම් තමයි.

    ReplyDelete
  3. ලංගම හා දුම්රිය පාඩු ලබන්නට හේතුව ඒවා රජය විසින් වැරදි ලෙස කළමනාකරණය කිරීම විතරයි. ඒවායේ ගමන් කරන මගීන් සංඛ්‍යාව අති විශාලයි. දුම්රිය එහෙම යන්නේ ම තනිකර මස් ලොරි වගේ සෙනග පැක් කරගෙන.

    ඒවා පාඩු ලබන්නත් එක් හේතුවක් තමයි, රජයේ සේවකයන්ට ලබා දී තිබෙන අඩු මිළ වාර ප්‍රවේශ පත්‍ර. එහි ප්‍රතිඵලයක් ලෙස නියම මිළ ගෙවා දුම්රියේ යන පීඩිත ජනයාට සිදු වන්නේ අසාධාරණයක්.

    මේ රටේ වැඩ කරන, පීඩිත ජනතාව මේ අසාධාරණයන්ට එරෙහිව කතා කළ යුතු යුගයක් ඇවිත්.

    දේශපාලකයන්ටත් රජයේ නිලධාරීන්ටත් පීඩිත ජනතාව බ්ලැක්මේල් කරන්නට දෙනවා ද කියන එක ගැන අපි සිතිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අයි උප දෙපාර්තමේන්තුවල ඩියුටි වෙලානේ කැරම් ගහලා , ඕ.ටි නයිට් කරන ක්ලාක් මහත්තුරු. ගිහින් බලන්න ඩී. ආර් විජේවර්ධන පාරට

      Delete
    2. ඔය සියල්ලම පෞදගලීකරණය කලා නම්.. ලාබ උපයන ආයතන වෙනවා.. ටෙලිකොම් කොහොමද දැන්.. අඩු ගානේ ඒ සිස්ටම් එකටවත් පෞදගලීකරණය කල යුතුමයි...

      Delete
  4. ඔබගේ කතාව හරි. අප විසින් රජයට හරි දෙය කරන්නට බලපෑම් කල යුතුයි.මට හිතෙන්නේ මෙය පටන් ගත යුත්තේ එක වසර පන්තියෙන් කියල. හැම දරුවෙකුම දැනගත යුතුයි රජය තමා වෙනුවෙන් මේවෙනකොට කොපමණ වියදම් කර ඇතිද කියා.හැම පන්තියකම කුඩා පුවරුවක අද දිනට ඔබ වෙනුවෙන් ඔබගේ රට වියදම් කර ඇති මුදල සටහන් කල යුතුයි.අද පටන් ගතහොත් තව අවුරුදු දහයකින් රටට හිතැති සමාජයක් ගොඩනගාගත හැකි වෙයි.රට කන උන් වෙනුවට රට හදන උන් හදිය යුතුයි.

    ReplyDelete
  5. වැටුප් වැඩිකරනු කියන ඉල්ලීම මිස, ඒ සඳහා ක්‍රමවේදයක්, ඉතිහාසයේ කවරදාකවත් කිසිදු වෘත්තීය සමිතියකින් යෝජනා වී නැත. මූල්‍ය කළමනාකරණය, විදේශීය ආයෝජන කළමනාකරණය, දේශීය වශයෙන් බදු කළමනාකරණය වැනි යෝජනා කිසිවක්, මූල්‍ය න්‍යායන්ට අනුකූලව කිසිදු වෘත්තීය සමිතියකින් කෙදිනකවත් ඉදිරිපත්වී නැත.

    යම්කිසි අමාත්‍යාංශයකට, දෙපාර්තමේන්තුවකට, අදාළ ගැටළු හෝ අතපසුවී ඇති රාජකාරි කටයුතු නිමවා ගැනීම සඳහා, වෘත්තීය සමිති මැදිහත්වීමෙන්, යටත්පිරිසෙයින් වසරකට එක් නිවාඩු දිනයක, ශ්‍රමදාන මට්ටමෙන් ස්වේච්ඡා සේවයක් ඉටුකොට, කාර්යක්ෂමතාව වැඩිදියුණු කරගැනීමටක්‍රියාකළ අවස්ථා ද නැත.

    වෘත්තීය සමිති යනු, යුතුකම් ඉටු නොකොට අයිතිවාසිකම් පමණක් ඉල්ලන සංවිධාන වර්ගයක්ද?

    ReplyDelete
    Replies
    1. මේ වන විට රාජ්‍ය අංශයේ පවා වෘත්තීය සමිති දිය වී යාමට එක් හේතුවක් වන්නේ වමෙන් උරුම කරගෙන තිබෙන මේ කඩාකප්පල්කාරී මානසිකත්වයයි. මේ වන විට වෘත්තීය සමිති වැඩි හරියක් විප්ලවවාදී පක්ෂ සමග සම්බන්ධ නැති වුණත්, මේ මානසිකත්වය වෙනස් වන්නේ නැහැ.
      උදාහරණයක් ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි නායකත්වය දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අරගෙන බලන්න. මේ සංගමය කිසියම් ආගමික ස්වරූපයක් ද සහිත වෙළඳ ව්‍යාපාරයක්. මහින්ද රාජපක්ෂ බලයේ සිටින තුරු මෙම සංගමය කිසිදු වර්ජනයකට සහාය දැක්වූයේ නැහැ. දැන් කියනවා 15දා වර්ජනයට එක් වන බව. මේ තමයි කඩාකප්පල්කාරී මානසිකත්වයේ උරුමය.

      හැබැයි, මේ වන විට රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරය මේ සංගම් එක්ක නැහැ. ඉන්න අයගෙන් වැඩි පිරිසක් ද ඉන්නේ නාමිකව විතරයි. සාමාජිකයන්ට දේශපාලන අරමුණු නැහැ. තියෙන්නේ පඩි වැඩි කර ගැනීම වැනි සුළු අරමුණු විතරයි.

      Delete
  6. මේ මොහොතකට කලින් මට ලැබුණු පණිවුඩයක්. මෙන්න ඇත්ත!

    පැරා, මම රජයේ ආයතනයකනේ ඉන්නෙ, මම දන්නෙ නෑ මේ මිනිස්සුන්ට හර්ද් සාක්ශියක් තියෙනවද කියලා. අපි දවසම නිකන් ඉන්නෙ. ඉන්ටෙර්නෙට් බලනවා. පාඩම් කරනවා... අපිට වැඩක් දෙන්න ලොක්කො කැමති නෑ. උන්ට වඩා මෙතන ඉන්න පොඩි උන් ඔනි ප්‍රමානය වගේ 5 ගුනයක් සෙනග ඉන්නවා. මේව වෙනස් කරන්න ඔයාලවත් ලියන්න. අපිට මෙවා එලියෙ කියන්න බෑ. මේ අමාතයන්ශෙ අයිති ජනාදිපතිට, ඒ මනුස්සයාවත් අන්දනවා අැති. අනික අල්ලස... වැහි වහැලා. කර්මාන්ත වලින් හැම දේකටම ජරාව ගන්නවා බොරු නීති පෙන්නලා. මේවා ගැන ලියන්න.

    ReplyDelete
  7. ඉහත ප්‍ර‍කාශය කළ කෙනා එවූ තව පණිවුඩයක්.

    මම කියෙව්ව..., මම ඉන්ටෙර්නෙට් එන්නෙ මගේ ටැබ් එකෙන්. මෙකෙ WIFI මම ගන්නෙ නෑ මට හිත දෙන්නෙ නෑ. විශෙශයෙන් මේ පගා ගැහිල්ල නම් නවත්තන්නම ඔනි. අපි දිහා උනත් industrialist la බලන්නෙ ඒ ඇහින් මයි. මේ හොරා කෑමයි, පගා ගහිල්ලයි නවත්තන්න පුලුවන් ඔයාල වගේ අයට විතරයි. මෙව ගැන ලියන්න. පඩියට, බොතලෙට ලියන උන්ට වගේ නෙවි ඔයලට ඇත්තටම මේ රටට වැඩක් කල හැකි.

    ReplyDelete
    Replies
    1. පැරා කලකට ඉස්සල මාතා ගේ අඩවියේ මම සදහන් කළා රජයේ ආයතනයකට ෆැක්ස් පතක් යැවීමට දින 14 කුත් පැය 2 ගිය කතාව

      Delete
  8. ක්ෂුද්‍ර කළමනාකරණය කරන රටක මේවා කිසිදාකවත් විසඳෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස පාසැලක් ගනිමු. රජයෙන් ගුරු පඩි ගෙවන රජයෙන් ගොඩනැඟිලි ලැබෙන පාසැලකට දරුවකු ඇතුලත් කිරීමට අතයටින් මුදල් ගෙවා එම සිසුවා විභාග වලින් සමත් කිරීමට පෞද්ගලික ටියුශන් පන්ති යවන සමාජයක් වෙනස් කිරීමට මිනිසුන් උත්සාහ කරන්නේ ටියුශන් පන්ති තහනම් කිරීම, පගා ගන්නා විදුහල්පති වරු අත් අඩංගුවට ගැනීම වැනිදේයි. මෙය ක්ශුද්‍ර කලමනාකරණයයි (micro management). මෙම තත්ත්වය වෙනස් කිරීමට ලමයින් ඇතුලත් කරගෙන ප්‍රමාණය සහ විභාග වලින් ගන්නා සමත්කම් මත පාසැල් වලට ගෙවන ක්‍රමයක් ඇතිවුනායැයි සිතමු. ඇතුලත් කර ගන්නා ලමයින් වැඩි කිරීමට විදුහල්පති වරු දෙමව්පියන් පසුපස යන, හොඳම ගුරුවරුන් බඳවාගෙන ලමයින් වැඩි ප්‍රමාණයක් විභාග සමත් කරවීමට උත්සාහ කරන පාසැලක් බිහිවන්නේ නැත්ද?

    ReplyDelete
  9. පැරා,

    මෙන්න අද Google සමාගම බදුවලින් බේරීමට කරන මෙවැනි උපාය වලින් Bermuda වැනි රටවල් උපරිම ප්‍රයෝජනය ගන්න හැටි බලන්න
    https://www.youtube.com/watch?v=yKfxVlyh98Y

    වසරකට ඩොලර් බිලියන 12 ට කිට්ටු මුදලක් Bermuda බැංකු වලට ආකර්ෂණය කරගන ඇත්තේ අපුරු විදියකටයි, මෙන්න මෙහම තමයි අන්තර්ජාතික
    ලෙස රටේ ඩොලර් සංචිත ඉහල යවන අතර රටේ ආර්ථිකය දියුණු කරන්නේ.

    ReplyDelete
    Replies
    1. @ Lanka Sithuwili,

      I would take my facts from published journals rather than hyperventilating movies on YouTube.

      Delete
    2. Of course you can find this, but don’t place your faith in Popular Media, because if you do you will be sorry in time to come.

      http://www.bloomberg.com/news/articles/2012-12-10/google-revenues-sheltered-in-no-tax-bermuda-soar-to-10-billion

      is this enough http://www.forbes.com/sites/robertwood/2014/10/14/ireland-corks-double-irish-tax-deal-closing-time-for-apple-google-twitter-facebook/

      Delete
  10. rajya anshaya maka baa damiya yuthumaya. ina pasuwa deshaplakayinda maka baa damiya yuththemaya

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා