සිරා කෝච්චියේ ගිය වගයි


ලොක්කො උඹ කවදද
මෙහේ කෝච්චියක යන්නේ
අඟුරු කකා - වතුර බිබී
කොළඹ දුවන
නියම යකඩ යකා

උදේ හතට 
කලුතරින් කොළඹ එන
මීගමුව කෝච්චියෙ එනව ද 
වාඩි වෙල යන්න නම්
දුවපන් බඩු ගබඩාව පැත්තට
පණ කඩාගෙන
ප්ලැට්ෆෝම් එකට එනවිට
සීට් නැති වෙයි නැතිනම්

යමුද හික්කඩුවෙ
නැතිනම් සමුද්‍රේ  
එල්ලිලා කොක්කේ
හිර වෙලා පෙට්ටියේ
තද වෙලා සැප කණේ

දාඩිය ගඳ, පඩ ගඳ, කට ගඳ
වැඩ කරන ජනයාගෙ ජීවන සුවඳ
ඔක්සිජන් විතරයි හිඟ

බහිමුද මහ ලේකම් එකෙන්
පඩ්ඩපු හොරි ගෙඩියකින්
කුණු සැරව විදින්නා සේ
දුවමු කන්තෝරුවට 
ඉසිඹුවක් ගන්නට
ආයෙමත් හවසට 
නගිනකල් මස් කරත්තෙට

මසට දක්කන හරකුන්ටත්
ලොරියේ නීතියක් ඇත
ලොක්කො උඹ කියපං
කෝච්චියෙ මිනිහෙකුට
කොච්චර ඉඩක් අයිති ද?


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඇක්සොලන්ට් පැරා... ෆිනෝනිමල්

    ReplyDelete
    Replies
    1. ‍ෆිනොනිමල් ද ‍ෆිනොමෙනල් ද?
      ‍ෆිනොනිමල් කියන්නෙ නිමල් අයියගෙ කවුරු හරි මයි හිතේ.. හැක... හැක...

      Delete
  2. රෝමයේ ගුවන්තොටුපලේ එක් ටර්මිනල් එකක ඉඳලා තව එකකට ටර්මිනල් ට්‍රේන් එකේ යාමක් තමයි මේ.
    බලෙන්ම ලකුණු දාන්න ට්‍රයි කරන අයගේ වැඩ. රටකට ගිය කෙනෙක් මේවා දකිනකොට දෙපැත්තෙන්ම හිනා.
    සිරා එයාර්පෝර්ට් එකේ ඉඳලා හෝටලේට ගිය පින්තුරේ කව්රුත් අරගෙන නෑ වගේ.

    ReplyDelete
  3. මේ ටර්මිනල් C එකේ ඉඳලා ගේට් එකකට යන ගමං නෙවැ .. !!

    ReplyDelete
  4. මොනව උනත් වෙල්ගම ලොක්කා රේඩියෝ වැඩසටහනක් අහගෙන ඉඳලා මහව දුම්‍රියේ මහව ඉඳන් කොටුවට ආවා මිනිස්සු එක්ක කතා කර කර තෙරපි තෙරපි.ගස්ලබ්බ දැකල තියෙන්නෙ එච්චරයි සාමාන්‍ය මිනිස්සුන්ගෙ දුක විඳ විඳ උත්තරයක් හොයනවා කියලා පෙන්නපු හරි කෙනෙකුට.
    සිරා උඩ බලන් යන විදිහට කට කහනවා.. ජනාධිපති නෙව.. හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
  5. මේ කෝච්චියක් නෙවෙයි එයාර් පොර්ට් ශටල් එකක්. පින්තුරේ පිටිපස්සෙන් පේනවා එළියේ දුරින් පෙනෙන ආලෝකය. පැරා සිරාට බනිනකොට විතරක් ඇනෝ කොමෙන්ට් දාන්න දෙන්නේ අනික් වෙලාවට සිරාගේ වගේම පැරාගේත් රෙදි ගැලවේවි කියල බයටද ? නැතිනම් ඇනෝ කොමෙන්ට් නැතුව බ්ලොග් එකේ මැස්සෝ ඇහිරෙන්න අරගෙන වේලෙන නිසාද ? පවු අනේ ඔයා. ඔයත් දැන් හරියට ලංකාදීප එසැන වෙබ් එක වගේ පීචන් වැඩ කරන්න පටන් අරගෙන. තමුන්ගේ ලිපි වල අඩුපාඩු පෙන්නකොට, එම අඩුපාඩු එසේම තියෙද්දී අඩු පාඩු පෙන්නපු කොමන්ට් මකා දමන ලංකාදීපේ මද්යවෙදියෝ ලැජ්ජාවක් නැති අය වුනාට ඔයාට ලැජ්ජාවක් තියෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. මගේ කොමෙන්ටුව පැරාගේ කවිය ගැන නොවෙයි. ඇත්තටම එම කවිය උපහාසය පිරි හොඳ නිර්මාණයක්. මා හිතන්නේ නැහැ පැරා සිරාට ලකුණු දාන්න යනවා කියලා. ඔහු කලේ මුහුණු පොතේ බහුලව සංසරණය වන මේ ජායාරුපයට නිර්මාණයක් කිරීම පමණයි.

      Delete
    2. මගේ කොමෙන්ටුව පැරාගේ කවිය ගැන නොවෙයි. ඇත්තටම එම කවිය උපහාසය පිරි හොඳ නිර්මාණයක්. මා හිතන්නේ නැහැ පැරා සිරාට ලකුණු දාන්න යනවා කියලා. ඔහු කලේ මුහුණු පොතේ බහුලව සංසරණය වන මේ ජායාරුපයට නිර්මාණයක් කිරීම පමණයි.

      Delete
  6. නිර්නාමිකව අදහස් පළ කරන්නට නැවත ඉඩ දුන්නා. ඒක අපහරණය නො කර භාවිතා කරනවා නම් දිගටම තියේවි.

    ReplyDelete
  7. ෆොටෝ එක පැහැදිලිව දැක්කේ දැන් ලැප්ටොපයේ බලන විටයි!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා