ඔබේ ඩීසල් වාහනයටත් 'කාබලේටරයක්' අවශ්‍ය නම් දිවයින අමතන්න
දිවයින පුවත්පත හා එහි මාධ්‍යවේදියෝ වනාහි ලංකාවේ ජනතාවට සෑහෙන ආතල් එකක් දෙන පිරිසකි. ලංකාවේ මාධ්‍යකරුවන් අතර සාමාන්‍ය දැනුම ඇති අය විරල ය. වෙන රටවල මාධ්‍යකරුවෝ නම් නො දන්නා දේ දන්නා අයගෙන් අසා දැනගෙන ලියති. එහෙත්, ලංකාවේ මාධ්‍යවේදීහු සියල්ල දත් අයයි. කොහොමත් ඔය මෝටර් මිකැනික්ලා වැනි අයගෙන් අසා දැන ගන්නට තරම් දෙයක් මාධ්‍යවේදීන්ට නැත. අඩු ගානේ තමන් පාවිච්චි කරන ඉංගිරිසි වචනයක් හරිද වැරදිද දැන ගැනීමට ශබ්දකෝෂයක්වත් පාවිච්චි කරන්නට උවමනාවක් ඔවුන්ට නැත. මේ පත්තරවල පිටු අනුමත කරන ලොක්කෝ ද මේ මාධ්‍යකරුවන් සේ ම සිට ප්‍රමාණයෙන් ලොකු වූ අය නිසා වෙනසක් නැත. දිවයිනේ අලුත්ම සොයාගැනීම ඩීසල් වාහනවල කාබලේටර නම් කොටසක් ඇති බවයි. මෙන්න වාර්තාව ආනයනය කළ ඩිසල් සාම්පල් පරීක්‍ෂාවට ඩුබායි යවයි ශිරාන් රණසිංහ ආනයනය කළ ඩීසල්වල කිසියම් අපද්‍රව්‍යයක් නිසා වරායේ දොඹකර හා ලංගම බස් රථ ඇතුළු වාහන නතර වීමෙන් පසුව ඩීසල් සාම්පල් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඩුබායි රාජ්‍යයට යෑවූ බව ලංකා ඛනිජ තෙල් සංස්‌ථා උසස් නිලධාරියෙක් "දිවයින"ට පැවසීය. මෙම ඩීසල් සාම්පල් යළිත් මෙරටදී කිහිප විටක් රසායනාගාර පරීක්‍ෂණ...