ආණ්ඩුවේ අඟේ ඉඳන් කණ කන ගුණදාස අමරසේකරලා
ලෝකයේ එක්, එක් යුගයන්හි පවතින පිළිගත් දේශපාලන බල අවකාශයන්ට අභියෝගාත්මක අන්දමින් කටයුතු කරන පාලකයන් මෙල්ල කිරීම සඳහා යොදා ගනු ලබන අවි අතර මානව හිමිකම් ප්‍රශ්න එකකි. යම් රාජ්‍යයකට එරෙහිව මානව හිමිකම් ප්‍රශ්න මතු කළ හැක්කේ එකී රාජ්‍යය මානව හිමිකම් කැඩීමේ හා එසේ කැඩූ අය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය සිටින විට ය. යම් තීරණාත්මක දේශපාලන විපර්යාස සිදු වූ ස්ථානයන්හි මානව හිමිකම් කඩ වී තිබීම නිරීක්ෂණය කළ හැකි ය. එවැනි අවස්ථාවන්හිදී සිදු වූ දේශපාලනික විපර්යාසයෙන් පරාජයට පත් වූ පාර්ශ්වයන් ද මානව හිමිකම් ප්‍රශ්න මත එල්ලීම සාමාන්‍ය තත්වයකි. ලංකාව සම්බන්ධයෙන් නිශ්චිතව කතා කළහොත් ලංකාව සිය මානව හිමිකම් වාර්තාව හොඳ අතට හරවා ගැනීම, ජාතීන් අතර සංහිඳියාව ගොඩ නඟා ගැනීම හා ජාතීන්ගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඔස්සේ සාමය ස්ථාවර කර ගැනීම කළ යුතු දේ ය. ඒවා කළ යුතුව තිබෙන්නේ ජාත්‍යන්තර බලපෑම් නිසා නො ව ලංකාව එසේ කළ යුතු නිසා ය. දැන් සිදු වී තිබෙන්නේ ලංකාවේ පාලකයන්ට රට තුළ ස්ථාවරත්වය හෝ ජාත්‍යන්තර දේශපාලන පිළිගැනීම හෝ ඇති කර ගන්නට නො හැකි වීමයි. මේ අල්ල පනල්ලේ අයහපත් ආර්ථික කළමනාකරණය හා සීමාන්තික දූෂණ