මගේ උපන් දිනය දා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධනගෙන් ලැබුණු අපූරු තෑග්ග

සැප්තැම්බර් 27දා මගේ උපන් දිනය. එදා උදේ මම ගුවන් විදුලි සංස්ථාවට ගියේ ඇමති රිෂාද් බදියුදීන් එක්ක වැඩසටහනක් කරන්න. ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිදු වන ප්‍රහාර, මුස්ලිම් අන්තවාදයක් තිබේ ද, සංහිඳියාව ඇති කර ගන්නෙ කෙසේ ද, යන කරුණු පිළිබඳව සාකච්ඡා කරන්නට තමයි සැලසුම වුණේ. මගේ සාරප්‍රභාගිර වැඩසටහන තිබෙන්නේ සිකුරාදා වුණත්, මේ විශේෂ වැඩසටහන කරන්නට ලැබුණු ආරාධනය මා සතුටින් භාර ගත්තා. අවස්ථා ඉල්ලමින් කිසිවකු පසුපස යාම මගේ ප්‍රතිපත්තිය නෙමෙයි. හැබැයි, කිසියම් දවසක මට යම් කෙනෙකු අවස්ථාවක් දුන්නා නම් මා එයට උපරිම සාධාරණය කර තිබෙනවා. 

ඒත්, ඇමතිවරයා පෙර දින රාත්‍රියේ සිට සම්බන්ධ කර ගන්නට බැරිවයි තිබුණේ. ඒ නිසා හිස් අතින් එක පාරට ම වැඩසටහනක් කරන්නට ය කියලා ගුවන් විදුලි ප්‍රවීණයකු නො වන මට සිදු වුණා. ඒ පසුගිය සැප්තැම්බර් 26දා, ඒ කියන්නෙ ඊට කලින් දවසේ ගල්කිස්සේදී භික්ෂූන් ඇතුළු ජාතිවාදී ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිෂමේ රැකවරණය යටතේ සිටි රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසකට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව වැඩසටහනක් කිරීමයි.

මා ළඟ තිබුණෙ දුරකථන අංක කීපයක් පමණයි. ඒවායින් ඇතැම් ඒවා ඒ මොහොතේ සොයා ගත් ඒවායි. සම්පත් සල්පිටිකෝරාළගේත්, ඒ මොහොතේ සිටි ක්‍රියාකාරී සහායිකාවගේත් සහාය ඇතිව, ගීතයක් වාදනය කරමින් එළියට ඇවිත් දුරකථන ඇමතුම් ගනිමින්, පුද්ගලයන් සම්බන්ධ කර ගනිමින්, කාලය ගනිමින්, තටමමින් කරපු මේ වැඩසටහන දැලිපිහියෙන් කිරි කෑම වගේ දෙයක් වුණත් ඇත්තෙන් ම එය අපූරු අත්දැකීමක් වුණා.

රේඩියෝ කියන්නෙ මගේ මාධ්‍ය අනුරාගයන් අතර තිබී අමතක කර දමන ලද එකක්. එහෙත්, සුදර්ශන ගුණවර්ධන ගුවන් විදුලි සංස්ථාවේ සභාපති තනතුරට පත් වීමත් සමග බලාපොරොත්තු රහිත මොහොතක රේඩියෝ වැඩසටහන් කීපයක් කරන්නට ලැබුණු අවස්ථාව මා වැළඳගත්තෙ මහත් ආසාවෙන්. මගේ රේඩියෝ මාධ්‍ය අත්දැකීම් පිළිබඳවත් රසවත් කතාවක් කියන්නට තිබෙනවා. පුංචි කාලෙ ප්‍රවෘත්ති කියන්නා වගේ පත්තර කියවපු කාලෙ ඉඳන්, රජරට සේවයේ වැඩ කරපු කෙටි කාලය, බීබීසියේ ප්‍රියත් ලියනගේ සමග ඇති වුණ ගැටුම දක්වා ඒ කතාව ඔබ කැමති නම් පසු කලෙක සටහන් කරන්නම්.

රජිත් කීර්ති තෙන්නකෝන්වත්, ආගමන විගමන කටයුතු සම්බන්ධ නිලධාරීන්වත් සම්බන්ධ කර ගනිමින් ක්ෂණිකව කරපු ඒ රේඩියෝ වැඩසටහන තමයි පහත දැක්වෙන්නේ. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. මගේ උපන් දිනය දන්නේත් නැතිව සුදර්ශන ගුණවර්ධන මිතුරා දුන් මේ තෑග්ග මගේ ජීවිතයේ සොඳුරු මතකයක්. හැබැයි වැඩසටහන අඳුරු සිද්ධියක් ගැන. කැමති නම් අහන්න.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මිනිස්සු කැමති දේවල් කරන්න හෝ සමහර විට තමන්ට හරියන ගැලපෙන දේ මේකයි කියල දැන ගන්න ඒ වගේම ඒ දේවල් කරන්න කොච්චර කල් ගිහින් හරි ලැබෙනව නම් ඒක නම් ඇත්තමයි වාසනාවක්... මේ උපන් දිනයද තමයි ඔබව තවත් තරුණ කරපු උපන් දිනය. පෙනුම ,වැඩ හැම දෙයින්ම... ...සුබ උපන් දිනයක් වේවා අයියා.

    ReplyDelete
  2. I am disappointed that from the time new government came to power radio programmes are conducted in closed doors without giving listener to express himself by joining the programme. Some persons are invited just because they are famous and popular. But their views alas,very stereotypical and boaring.

    ReplyDelete
  3. තරමක් ප්‍රමාද උනත් ඔබට සුභ උපන්දිනයක් අජිත්!
    සරණාගතයන්ගෙ ප්‍රශ්නය ගැන ජනතාව දැනුවත් කරනවටත් වඩා වැදගත් ඒ මිනිස්සුන්ට හිරිහැර කරපු කාලකණ්නින්ට දඬුවම් කරන එක. අඩුම තරමින් උන් හැකිතරම් කාලයක් රිමාන්ඩ් කරලා තියන එක. අක්මීමන දයාරතනවත් Dan ප්‍රියසාද්වත් නීතිය නොදැන ඔතැනට ආපු උන් නෙවෙයි. වැඩි කාලයක් රිමාන්ඩ් එකේ ඉන්න එකත් එකවිදියක දඬුවමක්.

    ReplyDelete
  4. I did not listen to all. No time. Good one and good luck.

    ReplyDelete
  5. සංහිඳියාවට පාර කියන එක මහ පිංකමක් ......

    ReplyDelete
  6. Hudson යුගයේ උනත් පැරාට චාන්ස් ගන්න තිබුනා.

    ReplyDelete
  7. Happy belated birthday Para!!! Born on the same day, but probably a different year :)

    ReplyDelete
  8. /////// සිංහලයන්ට තිබෙන එක ම රට ලංකාව යි. ///////

    මේක නම් කිසිම තේරුමක් නැති ප්‍රකාශයක්. මොකද, මේකෙන් ගම්‍ය වෙන්නේ ලෝකයේ අනිත් ජාතීන්ට එක රටකට වඩා වැඩියෙන් තියෙනවා කියන එක යි.

    ජපනුන්ට තිබෙන එක ම රට ජපානය යි.
    ඉංග්‍රීසීන්ට තිබෙන එක ම රට එංගලන්තය යි.
    ප්‍රංශුවන්ට තිබෙන එක ම රට ප්‍රංශය යි.
    ජර්මානුවන්ට තිබෙන එක ම රට ජර්මනිය යි.
    තායි ජාතිකයන්ට තිබෙන එක ම රට තායිලන්තය යි.
    මොන්ගෝලියානුවන්ට තිබෙන එක ම රට මොන්ගෝලියාව යි.

    ඔය යනාදි වශයෙන් ගත්තහම ලෝකයේ ජාතීන් කිහිපයකට හැරෙන්න (උදා.: චීන සහ දෙමළ) අනිත් සියළු ම ජාතීන්ට තියෙන්නේ එක රටක් බැගින් තමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා