එස්. එෆ්. ලොක්කා එක්ක අපරාධ දිරි ගන්වමු

අනුරාධපුරයේ වසන්ත සොයිසා ඝාතනය කර ඔහුගේ රාත්‍රී සමාජ ශාලාව කුඩු පට්ටම් කර දැමූ පිරිස උත්සාහ කළේ දේශප්‍රේමයට මුවා වන්නට බව අපි කීවෙමු. ඇතැම් අය එය පිළි ගත්තේ නැත. (කියවන්න: අනුරාධපුරයේ නයිට් ක්ලබ් මිනීමරුවන් මුවා වෙන්නට හැදුවේ දේශප්‍රේමයට ද?)

දැන් මෙම වීඩියෝවේ මිනීමරුවන්ගේ නායකයා කරන ප්‍රකාශයෙන් එය ඔප්පු වෙයි. තමන් උත්සාහ කළේ අනුරාධපුරයට වැඩක් කරන්නට බව ඔහු කියයි.

වසන්ත සොයිසා මරා දමන්නට ඔවුන් සැලසුම් කළේ නැති බව ඔහු කියයි. ඇත්තෙන් ම වසන්ත සොයිසා මරා දැමුවේ නැතිනම් මෙය කැරැල්ලක් බව පෙන්වා සිද්ධිය යට ගසා ගන්නට ද මෙම පුද්ගලයන්ට හැකි වනු ඇත. ඔවුන්ට ආධාර පිණිස ජාතිවාදී, ආගම්වාදී පිරිසක් හා ජනමාධ්‍ය ද එකතු වනු ඇත.

මෙම පුද්ගලයාට අනුරාධපුරයට වැඩක් කරන්නට මතක් වුණේ ඔහු වසන්ත සොයිසා සමග තරහ වූ පසුවයි. ඔවුන් අනුරාධපුරයට වැඩක් කරන්නට යන්නේ තවත් එවැනි වැඩ කරන තැනකින් සප්පායම් වෙලා ය.

මොවුන් වීරයන් කිරීම නැවැත්විය යුතු ය. ඉතිහාසය පුරා ම මෙවැනි අපරාධකරුවන් වීරයන් කර සමාජය බැට කෑ අවස්ථා දක්නට ලැබේ.

ඉතාලි අලිතාලියා ගුවන් යානයක් පැහැර ගෙන ප්‍රසිද්ධ වූ පුද්ගලයා 1983දී වැලිකඩ දෙමළ සිරකරුවන් ඝාතනයට සම්බන්ධ වූ බවට වාර්තා තිබේ. පරීක්ෂණ නිසි පරිදි සිදු නො වූ නිසා ඔහු දිගට ම වීරයා වුණේ ය.

රජීව් ගාන්ධිට පහර දුන් පුද්ගලයා ද මේ අන්දමින් ම මාධ්‍ය මගින් වීරයකු බවට පත් කරන ලදී.

එස්.එෆ්. ලොක්කා ද වලි කන්නේ එවැනි අනන්‍යතාවක් හදා ගන්නට ය. 

මෙවැනි ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමෙන් මෙවැනි අපරාධ දිරි ගැන්වෙනවා නො වේ ද? හොඳම විහිළුව කියන්නේ මෙම පුද්ගලයා කර්මය ගැන පවා කතා කරන එක ය. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දෙමළු මැරුවට පව් නැතිය. නිවන් දකිනවය කියන මුඩු මහණුන්, කළාකාරයන් ඉන්නා රටක මේ මිනීමරුවෝ වීරයෝ තමයි..

    වීරවංශලයි පක්ෂෙන් නොමිනේසනුත් දෙයි...

    ReplyDelete
    Replies
    1. ඒකෙයි මේකෙයි සම්බන්දෙ මොකක්ද? උදේ පාංදරම බිව්වානං පැත්තකට වෙලා ඉන්නවාද? එනව මෙතන බ්ලොග් වල රෙන්න.

      Delete
  2. Are yaka marune nathnam mu denatama wirayek.. Ape rata .. ane afoyii...

    ReplyDelete
  3. එකඟයි, උතුවන්කන්දේ සරදියෙල් කියන්නෙත් මිනීමරුවෙක්,මං පහරන්නෙක් විදිහටයි සමාජයට හඳුන්වා දියයුත්තේ.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මේ දේ ලියපු එක ඉතාහොදයි... දෙකක් දීල කූඩුවට දාන්න දාන්න ඔනෙ කාලකන්නියන්ව මාධ්‍ය ගොන්බිජ්ජො උස්සල තියනව..
    බලපත්‍ර අරන් සමාජශාලාවක් කරන්න චන්ඩින්ගෙන් අවසරය ගන්න ඔනෙද? මුන්ට හමුදාවෙ ඉන්නකොට උගන්නපු විනය තමා ඔය

    ReplyDelete
    Replies
    1. මේ පුද්ගලයා හමුදාවෙන් පලා ආ කෙනෙකි.හමුදා විනයට ඔහුට අනුගත වන්නට නොහැකි නිසයි හමුදාවෙන් පැන එන්නේ.ඔහුගේ හැසිරීමට හමුදාව වගකිවයුතු නැත.

      Delete
  6. යුද හමුදා පනතේ එක ඡේදයක් තිබෙනවා වෙනත් කාලවලට වඩා සංග්‍රාමික කාලයකදී බරපතල වැරදි ලෙස සැලකෙන ක්‍රියා යනුවෙන්. ඒ යටතේ සංග්‍රාමයක් පවතින කාලයකදී හමුදාවෙන් පැනයාම යුද හමුදා අධිකරණයක් මගින් මරණීය දණ්ඩනය දීමට තරම් බරපතල වැරද්දක්. පසුගිය ඊලාම් යුද්ධය ආරම්භ වීමෙන් පසු හමුදාවෙන් පැනගිය පළමුවැනි පුද්ගලයා අල්ලාගෙන ඇවිත්, යුද හමුදා අධිකරණයෙන් විනිශ්චයට භාජනය කොට වැරදිකරු යයි ඔප්පුවීනම් වෙඩිතබා මරා දැම්මානම් මේ වගේ තත්වයක් මේ රටේ ඇතිවෙන්නේ නැත. මෙම නීතිය අදටත් වලංගු සහ ක්‍රියාත්මක කළහැකි නීතියකි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යය හමුදා සේවය තියන රටවල පිළිගත් මතයක් තමා, හමුදා පුහුණුවෙන් පසු තරුණයෙන්ගේ හැදියාව වර්ධනය වෙලා නිහතමානී මිනිසුන් බිහිවෙන බව, මේ ගැන අපේ කළු රුස්සො, ජූස් ලා ගේ මතයන් දැනගන්න ලැබේවිද? මගේ මතයනම් එහෙම වෙන්නේ නෑ - ගාර්බේජ් ඉන් වුනාම කක්ක අවුට් කියන එකයි, විනයක් නැති අය හමුදාවට, පොලීසියට ගියාම එයාලා ඒ ආයතන වල හිටියත්, විචාරක කියන විදියට පැනල ආවත් සමාජයට ලොකු කරදරයක්. විනයක් නැති මිනිස්සු, මිනිස්සුන්ට පීඩා කරන්න හැකි ආයතන වලට යන එක නතර කරන්න බැරි නම් යහපාලනයක් ගැන හිතන්න බැරි වෙයි.

      Delete
    2. හමුදාවෙන් පැනයන පුද්ගලයා සාමාන්‍ය සමාජයේ ඉන්න අපරාධකරුවකුට වඩා භයානකයි. ඔහු ඕනෑම අපරාධයක් කරන්න පාවිච්චි කරන්නේ හමුදාවෙන් ලත් පුහුණුවයි. ඒ නිසා ඔවුන්ට නිදැල්ලේ හැසිරෙන්න දීම භයානකයි.

      අනිවාර්ය හමුදා නීතිය යන්නෙන් ඒ ඒ රට අදහස් කරන්නේ කුමක්ද යන්න මත තමා එයින් විනයක් ඇතිවෙනවාද නැද්ද යන්න තීරණය වෙන්නේ. පුහුණුව අපායක් වුනොත් වැඩක් නැහැ.

      Delete
  7. සහතික ඇත්ත..පැරා.... මුට දැන් තමයි මතක් වෙලා තියෙන්නෙ නයිට් ක්ලබ් හොඳ නැ කියල.. මු ඕක පල්ලෙ රිOගන කොට ඔක්කොම හොඳයි.. යකො මු ඔක්කොම කරල තව රෙද්ද ඇඳන් ආගම ගැනත් කතා කරනව .. තව ලොකු ලයින් එකකුත් දෙනව අයෙත් කාටවත් අලුත් එකක් පටන් ගන්න දෙන්නෙත් නැ ලු.. අනේ මෙහෙම නීතියක් , සදාචාරයක්, විනයක්......... නැති රටක්...

    ReplyDelete
  8. දේශපාලන ඩබල් ප්‍රෙමා්ෂන් ලැබීමට (හෙන්චයියා ගේ සිට පලාබබා දක්වා) සිට සුදුසු කම් සපුරලා නේද?හිර ගෙදරට ස්කෝල් එකකුත් ලැබෙයිනේ, එතකොට හොඳ වැදගත් සමාජ සම්බන්ධතා ගොඩ හදා ගත්තෑකි.
    සොයිසා, එයාගේ කෙල්ලෝ එළියට උස්සන්න බෑ කියලා මීඩියා වලට කියල තිබුන, ඒක ඇත්තනං එයා කරල තියෙන්නේ ලොකු වරදක්, වැඩ සිද්ධවෙන්නෝන කොළඹ ක්‍රමයටයි. පුරේ තියන ඔක්කොම ආයතන රටේ ජාතියේ ආගමේ ආරස්සාවට අදාල ඒවා, එවායේ ඉහල තානාන්තර දරණ රාජකාරි වැඩ නිසාම පුරේට කොටුවෙලා ඉන්න අයට සොයිසලගෙන් විශේෂ සැළකිල්ලක් තියෙන්නෝන නේද? ඉතින් මේ දාමරික කොල්ලා ත් වැඩ කරල තියෙන්නේ රටේ, ජාතියේ ආගමේ සුභසිද්ධියටයි. කොල්ලො උබට බුදු සරණයි!

    ReplyDelete
  9. Moowa helidaraw kirimen oba kale loku sewayak!

    ReplyDelete
  10. Moowa helidaraw kirimen oba kale loku sewayak!

    ReplyDelete
  11. SF giya kiyala muge loku kama. Ow ithin Pera meka th marketing karanawa. Samaja wadeth marketing karanawa. MR knock out kara. Den My3 knock out karanna be nisa baila kiyanawa. Sinhala ewun hadanna be Pera ohege blig eken. Ara maathalan wage kiyawana ewun kiyawahan kiyala dont care liyanna. Ekko nethinam international blogger kenek wela english walin liyanna. Mokada threat ekak awoth lehesina point eka political asylum ekak gahaganta. Mama me siraawatama kiyanne honde hitan..!!

    ReplyDelete
  12. මාධ්‍ය කරුවො මිසක් මාධ්‍යෙව්දියො කියල ජාතියක් රටේ නෑ. මාධ්‍ය වේදියො කීපදෙනෙක් හිටියත් උන් මාධ්‍ය බලධරයො, මාධ්‍ය මුදලාලිලා නෙවෙයි. එහෙම රටක අපරාධකාරයො වීරයො කරන්න දඟලන එකත් නවතින එකක් නෑ. පොදු ජනතාව වැඩියෙන්ම කියවන්නෙ සතිඅන්ත පුවත් නේ ඒවයේ මෙයාවත් රෙජිස්ටර් කරාවි.

    ReplyDelete
  13. ලංකාව ධර්මද්වීපයක්ලු නේද ? ඒකෙ අගනුවර නයිට් ක්ලබ් තියෙන එක හොඳද ?

    ReplyDelete
  14. මු දේශපාලනයට ආවේ නැත්නම් තමයි පුදුම
    ඊලට මුගෙන් අනුරාධපුරයට වෙන හිරිහැරය නවත්තන්න තව එකෙක් ගෙන්න වෙනවා..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා