ජාතිවාදයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව? පුහු විරුවන්ට රණ විරුවන්ව අභිමුඛ වෙයිද?

DefenseNet විසින් හෙළිදරව් කර තිබුණු ලියුමක්
DefenceNet බ්ලොගය 2009 ජුලි මාසයට පෙර කාලයේදී යුද්ධය පිළිබඳ ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රභූ වෘත්තික ඇසකින් ඉදිරිපත් කරන ලද තොරතුරු හා විශ්ලේෂණ කියවන්න  මහත් සේ උපකාරී වුණා. 

2009න් පසු එහි අප්ඩේට් වීම නවතා දමා තිබුණත්, එහි ෆීඩ්ස් සඳහා දායක වී සිටි අයට අද උදේ වනවිට එහි අලුත් අප්ඩේට් එකක් ලැබී තිබුණා.

කියන විධියට ශ්‍රී ලංකා හමුදාවේ ඉහළ පෙළේ වෘත්තිකයන් පිරිසක් විසින් කරනු ලබන මේ බ්ලොගය 2009න් පසු යාවත්කාලීන නොවුණේ කොටි සංවිධානයේ ජාතිවාදයට එරෙහිව කළ යුද්ධය අවසන් වූ නිසා. දැන් ඔවුන් යළි පැමිණ තිබෙන්නේ ජාතිවාදයට එරෙහි අලුත් යුද්ධයක් අවශ්‍යයි කියමින්. 

කොටි සංවිධානයට එරෙහි යුද්ධය මානුෂික මෙහෙයුමක් යයි මේ බ්ලොගයෙන් කළ හඳුන්වාදීම අපි පිළි ගත්තේ නැති වුණාට එමගින් සපයන ලද තොරතුරු ඉතා වැදගත් වුණා. 

කෙසේ වෙතත්, ඔවුන් පටන් ගන්න යන බව කියන අලුත් මෙහෙයුම ජාතිවාදයට එරෙහි බවයි කියවෙන්නේ. විශේෂයෙන්ම හමුදා ජයග්‍රහණ තමන්ගේ ජයග්‍රහණ සේ හුවා දක්වමින් සුළු ජාතීන්ට, ආගමිකයන්ට එරෙහිව මතු වී තිබෙන අලුත් වීරයන්ට එරෙහිවයි, මේ මෙහෙයුම. 

අප මෙන්ම ඔවුන්ද මේ අලුත් රැල්ල ත්‍රස්තවාදයක් ලෙසින් හඳුනාගන්නවා. ඔවුන් ඒ ත්‍රස්තවාදයට එරෙහිව මිලිටරි මැදිහත්වීමක් කරන බවයි ඇඟවෙන්නේ. 

බොදු බල සේනා ත්‍රස්තවාදයට රජයේ ඉහළම පෙළේ අනුග්‍රහය ලැබෙන මේ වෙලාවේ මේ සංවර්ධනය කුතුහලය දනවන එකක්. කොහොම වුණත්, කොටි සංවිධානයට එරෙහි යුද්ධය මෙහෙයවපු බලවේග අතර සිටි ප්‍රබුද්ධ කොටස් පවත්නා තත්වය ගැන අවදි වන එක සාධනීය කාරණයක්.

ඉතින් ඔන්න අන්තර්ජාලයේත්, ගම් නගරවලත් සැරිසරන අපේ සිංහල බෞද්ධ වීරයන්ට පුළුවන් මේ අභියෝගය භාරගන්න. 

කියවන්න: DefenceNet ReArmed – War Against Racism
 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ඔයාගේ "අංගය" කියා නේද ඒ තියෙන්නේ?

    ReplyDelete
  2. ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න පුළුවන් වැඩි පිරිස දේවල් දෙස සාධාරණ ලෙස බලන්න පුළුවන් පිරිසක්. වඩා වටින්නේ ඉංග්‍රීසි බැරි, ජාතිවාදී පිරිස් දෙස මේ පණිවිඩය සිංහලෙන් දෙන්න පුළුවන් නම් ඉතා හොඳයි.

    ReplyDelete
  3. w3lanka හැක් කරලවත්ද?

    කොටි සංවිධානයට එරෙහි යුද්ධය මෙහෙයවපු බලවේග අතර සිටි ප්‍රබුද්ධ කොටස්

    ReplyDelete
    Replies
    1. ඇයි අමතක ද...? මේක හැක් කරලා ගොඩක් කල් !!

      Delete
  4. Who is doing that ? Gotabhaya ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා