Posts

Showing posts with the label ප්‍රවෘත්ති

ගොසිප් වෙබ් අඩවි ප්‍රධාන ධාරාවේ පත්තරවල පුවත් අමු අමුවේ කොපි කරන්නේ ඇයි?

Image
ගොසිප් හෙවත් ඕපාදූප වෙබ් අඩවි ලංකාවේ ලෝක ව්‍යාප්ත ජාලයේ හරි ජනප්‍රියයි නේ.  ඕපාදූප වෙබ් අඩවි සහ ඕපාදූප නො වන වෙබ් අඩවි මොනවාද කියා ‍වෙන් කර ගැනීමත් දැන් දැන් දුෂ්කරයි.  මේ ඕපාදූප වෙබ් අඩවි ගැන මම දැන් කලක සිට නිරීක්ෂණයක ඉන්නවා. මේ වෙබ් අඩවිවල 90%ක් ම පළ වන්නේ ජාතික පුවත්පත්වල පළ වුණ පුවත් හා විශේෂාංගවල කට් ඇන්ඩ් පේස්ට් හෙවත් අමු අමුවේ කොපි කිරීම්. හැබැයි, ඒවා කවදාවත් තමන් ඒ පුවත ලබා ගත් මූලාශ්‍රයවත් සඳහන් කරන්නේ නැහැ. ගොසිප් වෙබ් අඩවි සංස්කාරකවරුන් රඟපාන්නේ ඒවා තමන්ගේ ම සොයාගැනීම් වගේ. ඔවුන් අලුත් පුවත් හෝ ඕපාදූප ගෙන එන අවස්ථා ගණන ඉතා සීමිතයි. ගෙන එන ඕපාදූප ගත්තත් බොහෝ දුරට අල්ලේ පැලවෙන බොරු.  ගජබින්න ලංකාවේ ප්‍රවෘත්ති 'කලාවේ' ප්‍රධාන අංගයක්. සිදුවීම් පෙළ ගැසෙන හැටි බලා ඉඳලා රසවත් ප්‍රවෘත්ති පරිකල්පනය කරන්න සමත් මාධ්‍ය'වේදීන්' ලංකාවේ ඉන්නවා. මම පොඩි උදාහරණයක් පෙන්නන්නම්කෝ. දැන් මේ දවස්වල ඉන්දියාවත් ලංකාවත් අතර 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත සංශෝධනය කිරීම ගැන කතා බහ පැවැත්වෙනවානේ. ඉතින් නිර්මාණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරුවෝ සිය පරිකල්පනයෙන් මෙවැනි ප්‍ර...

හාමුදුරුවන්ගේ ගිනි තබා ගැනීම හා ස්වර්ණවාහිනිය රට ගිනි තැබීම

දළදා මාළිගාව ඉදිරිපිටදී ගිනි තබගෙන සිය දිවි හානි කර ගන්නට තැත් කළ බෝවත්තේ ඉන්ද්‍රසාර බෞද්ධ භික්ෂුවගේ ක්‍රියාව වීඩියෝ කර ගත් ස්වර්ණවාහිනිය එය ගජරාමෙට විකුණන්නට පටන් ගෙන තිබේ. මෙකී සමාජ අපරාධය සිදු වන්නට යන බව දැන දැන ම ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති කණ්ඩායම කටයුතු කර ඇති බව පහත අප විසින් එම්බෙඩ් කර දක්වන ඔවුන්ගේ වීඩියෝවෙන් පැහැදිලිව ම පෙනේ. මාධ්‍යකරුවන්ට වුව අපරාධ සහායකයන් වීමට හිමිකමක් නැත. නීතියේ පාලනය ඇති රටක නම් මෙකී අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ය. මාධ්‍යකරුවාගේ කාර්යභාරය වන්නේ ඕනෑම සිද්ධියක් වාර්තා කිරීම නො වේ. සියල්ලට පළමුවෙන් තමන් පුරවැසියකු බව මාධ්‍යකරුවා මතක තබා ගත යුතු ය.මෙකී අපරාධය සිදු වන්නට යන බව දැන දැන එය වැළැක්වීමට පියවර නො ගැනීම ඉතා පැහැදිලිව ම වරදකි. මෙම ගිනි තබා ගැනීම සිදු කළ භික්ෂුවට ඇතැමෙක් බැණ වදිනු දුටිමි. එහෙත්, මේ වනාහි, ජාතිවාදී, ආගම්වාදී, ස්වෝත්තමවාදී අන්තවාදයේ අනුකම්පාවට ලක් විය යුතු අවංක ගොදුරකි. ‍සිය අරමුණ වෙනුවෙන් මෙකී ත්‍රස්ත ක්‍රියාවේ එ‍හිමියන් යෙදුණේ ලෙමන් පෆ් කමින් උපවාස රඟපාන ජාතිවාදී නායකයන් සි‍ටින රටක ය. මේ සිද්ධිය වනාහි ජාතිව...

ජාතිවාදයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව? පුහු විරුවන්ට රණ විරුවන්ව අභිමුඛ වෙයිද?

Image
DefenseNet විසින් හෙළිදරව් කර තිබුණු ලියුමක් DefenceNet බ්ලොගය 2009 ජුලි මාසයට පෙර කාලයේදී යුද්ධය පිළිබඳ ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රභූ වෘත්තික ඇසකින් ඉදිරිපත් කරන ලද තොරතුරු හා විශ්ලේෂණ කියවන්න  මහත් සේ උපකාරී වුණා.  2009න් පසු එහි අප්ඩේට් වීම නවතා දමා තිබුණත්, එහි ෆීඩ්ස් සඳහා දායක වී සිටි අයට අද උදේ වනවිට එහි අලුත් අප්ඩේට් එකක් ලැබී තිබුණා. කියන විධියට ශ්‍රී ලංකා හමුදාවේ ඉහළ පෙළේ වෘත්තිකයන් පිරිසක් විසින් කරනු ලබන මේ බ්ලොගය 2009න් පසු යාවත්කාලීන නොවුණේ කොටි සංවිධානයේ ජාතිවාදයට එරෙහිව කළ යුද්ධය අවසන් වූ නිසා. දැන් ඔවුන් යළි පැමිණ තිබෙන්නේ ජාතිවාදයට එරෙහි අලුත් යුද්ධයක් අවශ්‍යයි කියමින්.  කොටි සංවිධානයට එරෙහි යුද්ධය මානුෂික මෙහෙයුමක් යයි මේ බ්ලොගයෙන් කළ හඳුන්වාදීම අපි පිළි ගත්තේ නැති වුණාට එමගින් සපයන ලද තොරතුරු ඉතා වැදගත් වුණා.  කෙසේ වෙතත්, ඔවුන් පටන් ගන්න යන බව කියන අලුත් මෙහෙයුම ජාතිවාදයට එරෙහි බවයි කියවෙන්නේ. විශේෂයෙන්ම හමුදා ජයග්‍රහණ තමන්ගේ ජයග්‍රහණ සේ හුවා දක්වමින් සුළු ජාතීන්ට, ආගමිකයන්ට එරෙහිව මතු වී තිබෙන අලුත් වීරයන්ට එරෙහිවයි, මේ මෙහෙයුම.  අප...

ප්‍රවෘත්ති ය කියා අප බලන්නේ මොනවා ද? | what news are we reading?

Image
( 2010 ඔක්තෝබර් 10,  W3Lanka )   අද අපි ප්‍රවෘත්ති කියා කියන්නේ මොනවාට ද? රාත්‍රී අටට රූපවාහිනී තිරයේ උඩින්, යටින්, වටෙන්, මේසය මත ඇති පරිගණකයේ හා තේ කෝප්පයේ පවා වෙළඳ දැන්වීම් ය.  නිවේදිකාවන්ගේ රත් දෙතොල්, ළමැද සරාගී ය.  ඔවුන් කියවන්නේ මොනවා ද? ජනාධිපති ළමයකු වඩා ගත්තේ ය. මවක් දරුවකු ගඟට විසි කළා ය. පාන් ගෙඩියක හූනු වලිගයක් තිබී ඇත.  ඔවුන් තෝරා ගන්නා සිද්ධි මොනවා වුණත් පුවත් වේ. තෝරා නො ගන්නා යම් සිද්ධියක් වේ ද එය පුවතක් නො වේ. ඔවුන් ප්‍රවෘත්ති බවට පත් කරන්නේ මිනිසුන් අසන්නට කැමති හෙවත් මිනිසුන්ට පහසුවෙන් විකිණිය හැකි දේ සහ දේශපාලකයන්ට, ව්‍යාපාරිකයන්ට, නිලධාරීන්ට මිනිසුන්ගේ හිස් කුහර තුළට ඇතුළු කිරීමට අවශ්‍ය දේ ය.  ගුරුවරුන් හිඟ, ලෝකයෙන් ඈත, ජීවිතය දුෂ්කර ගම් පෙදෙසක පාසලක ඉතිහාසයේ පළමු වතාවට සිසුවකු පහේ ශිෂ්‍යත්වය සමත් වී ඇත. එය පත්තරේ දා ගන්න බැරිදැයි විදුහල්පතිවරයකු අසයි. බැරි ය. එය පුවතක් නො වේ.  ප්‍රවෘත්ති ජීවිතයට ඉතා වැදගත් ය. වරක් අපගේ හිතවත් ගුරුවරයෙක් බස්නාහිර පළාතේ අර්ද නාගරික පෙදෙසක සිංහල මධ්‍ය මහා විද්‍යාලයක උසස...