Posts

Showing posts with the label ආරක්ෂක

ජාතිවාදයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව? පුහු විරුවන්ට රණ විරුවන්ව අභිමුඛ වෙයිද?

Image
DefenseNet විසින් හෙළිදරව් කර තිබුණු ලියුමක් DefenceNet බ්ලොගය 2009 ජුලි මාසයට පෙර කාලයේදී යුද්ධය පිළිබඳ ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රභූ වෘත්තික ඇසකින් ඉදිරිපත් කරන ලද තොරතුරු හා විශ්ලේෂණ කියවන්න  මහත් සේ උපකාරී වුණා.  2009න් පසු එහි අප්ඩේට් වීම නවතා දමා තිබුණත්, එහි ෆීඩ්ස් සඳහා දායක වී සිටි අයට අද උදේ වනවිට එහි අලුත් අප්ඩේට් එකක් ලැබී තිබුණා. කියන විධියට ශ්‍රී ලංකා හමුදාවේ ඉහළ පෙළේ වෘත්තිකයන් පිරිසක් විසින් කරනු ලබන මේ බ්ලොගය 2009න් පසු යාවත්කාලීන නොවුණේ කොටි සංවිධානයේ ජාතිවාදයට එරෙහිව කළ යුද්ධය අවසන් වූ නිසා. දැන් ඔවුන් යළි පැමිණ තිබෙන්නේ ජාතිවාදයට එරෙහි අලුත් යුද්ධයක් අවශ්‍යයි කියමින්.  කොටි සංවිධානයට එරෙහි යුද්ධය මානුෂික මෙහෙයුමක් යයි මේ බ්ලොගයෙන් කළ හඳුන්වාදීම අපි පිළි ගත්තේ නැති වුණාට එමගින් සපයන ලද තොරතුරු ඉතා වැදගත් වුණා.  කෙසේ වෙතත්, ඔවුන් පටන් ගන්න යන බව කියන අලුත් මෙහෙයුම ජාතිවාදයට එරෙහි බවයි කියවෙන්නේ. විශේෂයෙන්ම හමුදා ජයග්‍රහණ තමන්ගේ ජයග්‍රහණ සේ හුවා දක්වමින් සුළු ජාතීන්ට, ආගමිකයන්ට එරෙහිව මතු වී තිබෙන අලුත් වීරයන්ට එරෙහිවයි, මේ මෙහෙයුම.  අප...

පශ්චාත් යුද කාලින ලංකාවේ නව ආරක්ෂක විධිවිධාන | New defense set up in post-war Sri Lanka

Image
( 2010 සැප්තැම්බර් 11,  W3Lanka )  පශ්චාත් යුද කාලින ලංකාවේ ආරක්ෂක විධිවිධාන සැකසෙමින් තිබෙන්නේ මහේක්ෂ ස්වරූපී ප්‍රචණ්ඩ ප්‍රතිරෝධයන්ට මුළු ඉඩකඩ ම ඇවිරෙන අන්දමින් ය. මෙහි මුලික ලක්ෂණයක් වන්නේ දුපත වෙනත් ගොඩබිම් හා අනියමින් සම්බන්ධ කර ගනිමින් යුද්ධෝපකරණ හා මිනිසුන් එහා මෙහා ගෙන යාම වැළැක්වීම පිණිස නාවික හමුදාව ශක්තිමත් කිරීමයි. මේ වන විට නාවික හමුදාව සිය වයඹදිග මූලස්ථානය පුත්තලමේ සිට වඩා උතුරින් පිහිටි මුල්ලිකුලම් වෙත ගෙන ගියේ ද ඉනිදියාවට වඩා ආසන්න කලාපයේ සාමුද්‍රික ක්‍රියා දැඩි පාලනයකට ලක් කිරීමේ අරමුණිනි. යුද්ධයේ අවසානයෙන් පසු මිළ දී ගත් ඊශ්‍රායාලයේ නිෂ්පාදිත වේග ප්‍රහාරක යාත්‍රා හයක් දැන් නාවික යාත්‍රා අතරට එක් වෙමින් තිබේ. කොටි සංවිධානය දේශීය වශයෙන් ද ප්‍රතිසංවිධානය වෙමින් ඇති බවට අනුමාන කළ හැකි සාධක තිබේ. නිදසුනක් ලෙස ජනාධිපතිවරයා බදුල්ලේ සංචාරය කළ සමයේ එහි ඔත්තු බැලීමේ යෙදී සිටි බවට සැක පිට දෙමළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අංශ වාර්තා කළේ ය. සන්නද්ධ ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම සඳහා කොටි සංවිධානය තමිල්නාඩු ප්‍රාන්තය භාවිතා කිරීමට උත්සාහ ගනිමින් ඇති බ...