ජාතිවාදයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව? පුහු විරුවන්ට රණ විරුවන්ව අභිමුඛ වෙයිද?
DefenseNet විසින් හෙළිදරව් කර තිබුණු ලියුමක් DefenceNet බ්ලොගය 2009 ජුලි මාසයට පෙර කාලයේදී යුද්ධය පිළිබඳ ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රභූ වෘත්තික ඇසකින් ඉදිරිපත් කරන ලද තොරතුරු හා විශ්ලේෂණ කියවන්න මහත් සේ උපකාරී වුණා. 2009න් පසු එහි අප්ඩේට් වීම නවතා දමා තිබුණත්, එහි ෆීඩ්ස් සඳහා දායක වී සිටි අයට අද උදේ වනවිට එහි අලුත් අප්ඩේට් එකක් ලැබී තිබුණා. කියන විධියට ශ්‍රී ලංකා හමුදාවේ ඉහළ පෙළේ වෘත්තිකයන් පිරිසක් විසින් කරනු ලබන මේ බ්ලොගය 2009න් පසු යාවත්කාලීන නොවුණේ කොටි සංවිධානයේ ජාතිවාදයට එරෙහිව කළ යුද්ධය අවසන් වූ නිසා. දැන් ඔවුන් යළි පැමිණ තිබෙන්නේ ජාතිවාදයට එරෙහි අලුත් යුද්ධයක් අවශ්‍යයි කියමින්. කොටි සංවිධානයට එරෙහි යුද්ධය මානුෂික මෙහෙයුමක් යයි මේ බ්ලොගයෙන් කළ හඳුන්වාදීම අපි පිළි ගත්තේ නැති වුණාට එමගින් සපයන ලද තොරතුරු ඉතා වැදගත් වුණා. කෙසේ වෙතත්, ඔවුන් පටන් ගන්න යන බව කියන අලුත් මෙහෙයුම ජාතිවාදයට එරෙහි බවයි කියවෙන්නේ. විශේෂයෙන්ම හමුදා ජයග්‍රහණ තමන්ගේ ජයග්‍රහණ සේ හුවා දක්වමින් සුළු ජාතීන්ට, ආගමිකයන්ට එරෙහිව මතු වී තිබෙන අලුත් වීරයන්ට එරෙහිවයි, මේ මෙහෙයුම. අප...