දීප්තියි, නිර්මාලුයි, මායි (කවි)


දීප්තිගේ මුහුණ ලස්සන යයි ඔහු සිතයි
දීප්ති මුහුණ කැත යයි කියනු ඇතැයි නිර්මාල් බයය
මගේ මුහුණ කැත බව මම දනිමි

දීප්ති තමන් යන්නේ ඉදිරියෙන්ම යයි සිතයි
නිර්මාල් බොහෝ අය පසුපස යයි
මගේ ඉදිරියෙන් මෙන්ම පසුපසින්ද කිසිවෙක් නැත

දීප්ති බොහෝ පොත් කියවන බව කියයි
දීප්ති කියවතැයි සිතෙන පොත් නිර්මාල් සොය සොයා කියවයි
මම පොත් නොකියවමි 

දීප්ති මාක්ස්ගේ බාප්පාය
නිර්මාල්ගේ බාප්පා මාක්ස්ය
මගේ බාප්පා බීලා මළාය

දීප්ති මකරාක්ෂයාය
නිර්මාල් ට්‍රෝජන් කාන්තාවෝය
මම ධර්මසිරිය

W3Lanka

කවියාගේ ස්වයං විවරණය:
මෙහි දීප්ති යනු 
එනමින් ලංකාවේ තිබෙන දේශපාලන විකෘතියයි. 
නිර්මාල් යනු නිර්මාල් පමණක් නොව 
ප්‍රභා-බුද්ධික, සුමිත් චාමින්ද, වංගීස සුමනසේකර, රෝහිත භාෂණ, 
පැට්‍රික් ප්‍රනාන්දු, පුබුදු ජයගොඩ වැනි 
දීප්තිට බයේ දේශපාලනය කරන අයයි.

මම නම් මමම නොව 
ලෝකය යහපත් ලෙස වෙනස් කරන්නට මැදිහත් වන 
නව මිනිසකු පිළිබඳ බලාපොරොත්තුවයි.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ක්‍රිෂ්ණාAugust 28, 2012 at 9:54 PM

    දොල දුකට දීප්ති අනුකූල වූවා මට මතකයි.මේ ඇත්තක්.ඔය මොන බාප්පත් ජිවිතේ සමහර දේවල් නොකර ඉන්නේ නෑ.....කරන්නේත් නෑ............අපි අතින් මිස් වුනෝත් චිත්‍රපටිත් හදලා ...........විචාර ලියලා අන්තිමට ගුටි කෙල ගෙන තරහ වෙලා වෙන් වෙලා යනවා.හරියට x කණ්ඩායම වගේ.

    ReplyDelete
  2. "නායකයා යනු වාස්තවික යකඩ ගුලිය හිල් කරන ආත්මීය ඊතලයයි"- ත්‍රිමාණ
    ...අප්පට සිරි එහෙමනම් දීප්තිව එලවන්න වෙනවා

    ReplyDelete
  3. දීප්තිට කැත වැඩක් කලා කියල ( දීප්තිට අනුව) කල්‍යනන්දට නෙලන නෙලිල්ල දීප්ති මහින්දට හරි රනිල්ටහරි නෙලන් නැත්තේ ඇයි? ඒගොල්ලෝ දීප්තිට කැත වැඩ කරලා නැද්ද?

    ReplyDelete
  4. විවිධත්වයේ අපුර්වත්වය විදගැනීමට නොහැකිව තම සහෝදරයන්ගේ රීරි මාංශය ඉල්ලා සිටින වාමාංශික අමනයෙනි, නුබලට තව බොහෝ කලක් විවිධ දාර්ශනිකයින් ආනයනය කරමින් වෙබ් පිටු පිරවිය හැක.

    ReplyDelete
  5. දැන්නම් ඉතිං මේ මඟුල හරියන්නෙ නෑ. දීප්තිට බයේ ලංකාවෙ දේශපාලනය කරනවා කියල w3lanka කියන නිර්මාල් රංජිත් දේවසිරි, ප්‍රභා මනුරත්න, බුද්ධික බණ්ඩාර,සුමිත් චාමින්ද, වංගීස සුමනසේකර, රෝහිත භාෂණ,
    පැට්‍රික් ප්‍රනාන්දු, පුබුදු ජයගොඩ ව දැන් දීප්ති ඉස්සරහ දණගස්වල ඉවරයි. එතකොට මේ අය මොකුත් කරල නෑ. කරපු තරමක් කලේ ඔයා විතරද?

    ReplyDelete
    Replies
    1. අපි මොකවත් කරලා නැහැ. කළා කියපු අයත් කරපු දෙයක් නැහැ. අපි අන්ට බය නැහැ. චන්ඩිකමට නෙමෙයි, හාවුන්ට කවුද බය?

      Delete

  6. හතර හිනා!

    ReplyDelete
  7. kauda deepthi kiyanne

    ReplyDelete
  8. ඇන්ටික් පොට්ට කාසි ගැන කවි ලියන්න උඹට පිස්සුද බං?

    ReplyDelete
  9. පැරකුම්, මාත් බලන් හිටියේ උඹ ටිකක් වෙනස්ව ලියයි කියල. දැන් බලාගෙන යනකොට මේක එන්න එන්නම උඹලා දෙතුන් දෙනෙකුට විතරක් තේරුම් ගන්න පුළුවන් එකක් වෙනවා. අපට ඔය දිප්තිලා, නිර්මාල්ලගෙන් වැඩක් නැහැ බන්. ඒ ගොල්ලන්ගේ බලපෑම තියෙන්නේ සමාජයෙන් කොතරම් සුළු පිරිසකටද? මට නම් කිසි වැඩ ගැම්මක් නැහැ. මෙහෙම යනවා නම්, තව ටිකකින් ඕන් අපිත් ගියා කියලා අයිත එන්නේ නැතුවම යන්න යනවා. ඔයිට වඩා හොඳ නැත්ද බන් අර ලීලා ගැනවත් ලියුවනම්. විහිළු නොවේ, අපට ලිලලා සමීපයි ඔය දිප්තිලාට වඩා (නරක අදහසකින් නොවේ).- අනාත

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වෙනසක් කරන්න උත්සාහ කළ වාමාංශිකයන්ගේ කාර්යභාරය අමතක කරලා නව මිනිසෙක් ගැන සිතන්න බැහැ. එහෙත් මේ අය වන්දනා කිරීම හා ගුප්ත මිනිසුන් ලෙස තැබීම වෙනුවට කළ යුතුව තිබෙන්නේ ඔව්න්ගේ සැබෑ ජීවිත හා කාර්යභාරය ගැන විවෘතව කතා කිරීමයි.

      Delete
    2. @w3lanka: ඇත්ත. මේ අය වන්දනා කිරීම හා ගුප්ත මිනිසුන් ලෙස තැබීම වෙනුවට කළ යුතුව තිබෙන්නේ ඔව්න්ගේ සැබෑ ජීවිත හා කාර්යභාරය ගැන විවෘතව කතා කිරීමයි.

      Delete
  10. නිර්මාල් මේ මොහොතේ කරමින් ඉන්න දෙය පැත්තකින්වත් දීප්තිව තියන්න බැහ. මේක වැටුප් වැඩි කිරීම ඉල්ලලා කරන අරගලයක් වුනත්, ඒකේ අදහස ආචාර්යවරුන්ගේ පුද්ගලික සුඛවිහරනය වුනත්, මේ මගින් වන බලපෑම ඉතාම ඉහළයි. මෑත මාස කිහිපයේ ලංකාවේ දේශපාලනය තුල ආණ්ඩුවට වඩාත් බලපෑම්සහගත සිදුවීම සමග නිර්මාල් සෘජුව ඉන්නවා. මම ඔය දීප්තිලා, පැට්‍රික්ලා පුබුදුලා ගැන නම් එහෙම ලියන්න හිතන්නේ නැහ. ඒ අය මේ මොහොතේ නිර්මාල් සමග පටලැවීමෙන් සිදු වන්නේ ඒ අයට වාසියක් අත්වීම විතරයි. ආචාර්ය අරගලයෙන් කිසිවක් වෙනස් වෙනවා කියා මම කියන්නේ නැහ. නමුත් කිසිදු දෙයක් නොකියා වචන වලින් හරඹ කරන දීප්තිලාට වඩා නිර්මාල් ඉදිරියෙන්.. නිර්මාල්ගෙ ගෝලයෝ මේකෙන් පිම්බෙන්න ඕන නැහ. මේ මොහොතේ ලංකාවේ විකල්ප දේශපාලනයේ සවිඥානිකව ඉන්න නිර්මාල්ට පමණක් සුබ පතනවා (මේ වටා තවත් සංවිධාන ගණනක් ඇති බවත් නිර්මාල් සිටින්නේ ඒ පිහිටෙන් බවත්, ඒ නම් ඉදිරිපත් කල නොහැකි බවත් සිතන පිරිසක් ඉන්න බව මම දන්නවා. නමුත් ඇත්ත ඒක නෙවෙයි)

    ReplyDelete
  11. අපි වාමාංශික දේශපානය කියන්නෙ ප්‍රග්ධනයේ තර්කනයට එරෙහිව කරන අරගලයට.
    මේ මොහොතෙ නිර්මාල්ල කරන මැදිහත්වීම අවතක්සේරැකරන, ජෝක්එකකට ගන්න කිසිවෙක් වාමාන්ශිකයින් වේදැයි මදක් සිතා බැලිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. කළ යුත්තේ 'නිර්මාල්ල කරන මැදිහත්වීම අවතක්සේරැකරන, ජෝක් කරන' එක හෝ මේක තමයි වැඩ් කියන එක නෙමෙයි, එහි සාධනීය ලක්ෂණ අගය කරමින් නිශේධනීය ලක්ෂණ හෙළා දකින එක.

      නිදසුනක් ලෙස අපි පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවල තිබූ වැරදි ගනිමු. ඒවා තනිකරම ඇමතිගේ දෝෂද? නැතිනම් රටේ ශාස්ත්‍ර පරිහාණියේ ප්‍රතිඵල නොවේද?

      ශාස්ත්‍ර පරිහාණිය වුණේ තනිකරම විශව විද්‍යාල දේශපාලනකරණය වූ නිසාද? එතකොට මේ ආචාර්යවරු බබ්බුද?

      Delete
  12. බන්ධුල ගෙඹිවර්ධන සමග සෙවල බේරෙන දිසානයකAugust 30, 2012 at 4:02 AM

    නිර්මාල් හොඳයි එක වරදයි ඇත්තේ
    ඊලම ඉල්ලනව දොඩවං කට මැත්තේ
    ඉගැන්නුවට සරසවියක හොඳ තත්තේ
    මොලේ භාගයක සෙල් බැහැලැයි ඇත්තේ

    එකම රටක එකට වෙසෙනු කියා නොදී
    බෙදියන් කෑලි කඩපන් පල් හෑලි දිදී
    ඔහොම කොරන ගුරුකම නම් හරිම මදී
    දුන්නත් කවුරු පඬුරු මිලියන වලින් සැදී

    කොහොම වුනත් ඒ අඩුවත් මකාගෙන
    පුංචි රටක් නොබෙදන්නට බලාගෙන
    කෙරුවොත් උඹේ වැඩ ටික දුර බලාගෙන
    මේං වැන්ඳ උඹ වෙයි ගුරු සදාතන

    කියනට එකක් ඇත කාටත් පහදාලා
    රට ඇත ''මරා'' උගුලක අද පටලාලා
    මැටියෙන් මොකෝ මීයන් ටික වනසාලා
    දෙනවානම් බළලා,(පූසා) වැඳපන් දණ ගහලා

    ReplyDelete
  13. නිර්මාල් යනු යම්කිසි හෝ සාධනීය චරිතයකි. දීප්ති යනු දේශපාලන විකෘතියකි .

    ReplyDelete
  14. මම මේ අහන්න කියලමයි හිටියෙ.අපි නම් ඔය දේශපාලනය කරන එවුන් කියන්නෙ මහජනයත් එක්ක ප්‍රාටෝගික දේශපාලනය කරන එවුන්.මොනව හරි මගුලක් පත්තරකාරයෙකුට බොන්න දීල ලියවගන්න සුද්දන්ගෙන් ගාන කඩා ගන්න හදන මේ රිලවුන්ගෙ නම් ලිස්ට් එක දාන එකත් අපරාධයක් බන්.මේව මේ ඇදහිලි කල්ලිම තමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා