මේක හැක් කරපු අපි කවුරුද?


වයස අවුරුදු 18 පමණ සිට
ලාංකීය පන්නයේ වාමාංශිකයකු වූ
ඒ හැව අරින්නට අකැමැති නිසාම
අවසානයේ මේ බ්ලොග් පඩංගුව ලියූ 
මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා 
අප විසින් 
කටෙන් අත දමා
නගුටෙන් කණපිට ගසන්නට යෙදුණ බව
ප්‍රීතියෙන් දැනුම් දෙමු.
ඔහු භූමදාන කරනවා වෙනුවට 
ඔහුගේ පැරණි ලිපි 
හුදී ජන ටියුබ් ලයිට් සංවේගය පිණිස
එම්බාම් කර මෙහි තිබෙන්නට ඇර තිබේ

දැන් ඔහු කෝන්ගොඩ වික්‍රමබාහුට
කිසිදු නෑකමක් නැත
ජවිපෙ, හිරු පත්තරේ වැනි අටමගල
ඉතිහාසයක් පමණි

ලංකාවේ අනාගතය නාමල් අතේය
ඒ කියන්නේ මහින්දගේ පුතාගේ අතේය
ලාංකික අනාගත පරපුරේ බඩුත් අතේය

මීයන් මැරූ නලාකාරයා පසුපසින් 
ම්ලේච්ඡත්වයේ අඳුරු ගුහාව වෙත 
නට නටා යන වීරෝදාර ජනතාවනි
තොපි ‍ඕනෑ කුදයක් ගහගනිව්

අපි තොපේ අසික්කිත නරිනාටකය
සාහිත්‍යයක් කර
ලෝකයට තිලිණ කරන්නට 
ලියන්නෙමු

ඔබත් පිට සක්වල ජීවයෙක් නම්
එන්න
අපි ලියමු

(තොපිටත් ඕනෑනම් තොපි ලියපියව්! අපට ඕනෑ නිසා අපි ලියමු)

මෙයට,
ලංකාවේ ජීවත් වන පිටසක්වළ ජීවීන්ගේ සංගමය

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. THOPITA OONE NISA NOWE THOPI LIYANNE NATHUWA APITA OONE NISA NOWEI NE.

    ReplyDelete
  2. ඔහොම යන්,ඔහොම යන්.

    ReplyDelete
  3. පැරා,වාමාංශික දේශපාලනයේ නිරත වූ හැම එකාටම සිද්ධ වූ අබග්ගය උඹේ පිටිපස්ස දොරටත් තට්ටු කරන කොට උඹටත් සිද්ධ වෙනවා තමා කොහොම හරි විකිණෙන්න.එත් කරුමෙකට උඹලා මිලක් නංවගෙන විකිණෙන්න තරං දක්ෂ උනේ නැහැ. ඉතා මේක ලියාගෙන යන්තං මෙහෙම එකෙක් ඉන්නවා කියලා කීපදෙනෙකුට පණිවිඩයක් දීගෙන ඇවිත් දැන් මේ බලන්නේ ලංසුවක් තියන්න පුළුවන්ද කියලා බලන්න. ඒත් මගේ මිත්‍රයා එකෙදි මේ කතන්දර වගේ වයස ගියත් සමාජය ගැන ඒ තරමට දැනුමක් නැති අයගේ උපදෙස් අරං මේ වගේ විගඩං නටන්න එපා.උඹට පැහැදිලිවම මාවත් දෙකක් තියෙනවා. එකක් තව දුරටත් වාමාංශික කියන ලේබලය යටතේ දුකසේ ජීවත් වීම..එකෙදී උඹට පොඩි නම්බුවක් වගේ බම්බුවක් ලැබෙයි. උඹට හුරේ දාන්න පිරිසකුත් හිටී.හැබැයි උණ් උඹට කන්න දෙන්නේ නැහැ එක වේලක්වත්.

    අනිත් පාර පැහැදිලියි.උඹත් විකිණියං. හැබැයි අර කිව්ව නම්බු බම්බුවයි හුරේ දාන උනුයි උඹට නැති වෙයි. ඒත් උඹේ ළමයත් අත දිග ඇරලා වියදං කරලා හොඳට ඉගෙන ගනී.ගෙදර දොරේ තත්වය ඉහල යයි. හැබැයි ඒකට උඹට මේ විදියට විකිණිලා බැහැ. මං දන්නවා උඹ අන්තර් ජාලයෙන් ආදායමක් එන හැටි ගැන සෑහෙන කාලයක ඉඳන් ඉව අල්ල අල්ල බැළුවා කියලා. මොකද කලින් උඹට සුළු වශයෙන්වත් ගෙවුව සංවිධාන දැන් කීයක්වත් ගෙවන්නේ නැහැ. මොකද උඹ උන්ට ඕන විදියටම නැතිව ටිකක් වෙනස් පාරක ලියන්න ගිය හින්දා. උන් දැන් උඹව සලකන්නේ අත පිහදාපු පත්තර කෑල්ලක් වගේ. ඒ හින්දා මේ කෝලං නොකර බැසිල්ට කතා කරපං. උඹට ලියන්න තීරුවක් අරං දෙයි ජීවත් වෙන්න ආදායමක් ලැබෙන තැනකින්.

    මේ වගේ පුචාරක වැඩකින් ඇති වැඩක් නැහැ. නිකං අර ටැබූ ගිය පාරේ ගිහින් ඌ වගේම කුජීත වෙන්න හදන්න එපා. මේක හැක් කලානං ඒ මොකා උනත් කරන්නේ මේකේ පෝස්ට් ටික මකලා ඉන්න එකයි මුලින්ම. ඒත් උඹට හැක් කිරීමේ නාඩගම වෙනුවෙන් උඹ හදපු දරුවෝ මරනවා වගේ මේ ලිපි මකන්න බැරි බව මං දන්නවා.

    විකාර නොකර ජීවත් වෙන්න බලපං. නැත්තං හැමදාම මුංගේ හුරේ වලින් විතරක් බඩ පුරෝ ගනින්.

    කෝක කලත් මෙහෙ ඉද්දී පියරු බබා වගේ හැදිලා ඉගෙන ගෙන තමුන්ගේ කුල ප්‍රශ්නයක් හින්දා සිංහල සමාජය එක්ක වෛරයෙන් ඕස්ට්‍රේලියාවට වෙලා ඉඳිමින් මේ සමාජයට කෙලවන්න කියලා හිතං නැති පාණ්ඩිත්‍යයක් පෙන්නමින් දඟලන වයසක පොට්ට කාසි වලින් උපදෙස් ගන්න යන්න එපා.

    ReplyDelete
  4. දැකිමත් එකතරා xxමක් කියලා කියන කතාව ඇත්ත වෙන්නම එපැයි.. මේකද පුනරාගමනය. නැතිනම් ට්‍රයල් එකක්ද...?

    ReplyDelete
  5. පැරා, මේ මොහොතේ ලංකාව යනු කුමක්දැයි බරපතලව තේරුම් ගැනීමට හිතන කෙනෙක් සිම්බාබ්වෙ රටට වූ දෙය බැලිය යුතුය. උද්දමනය සීයට බිලියන දහයක් වන රටක පාලකය චන්දෙන් දිනනවා. ඒ වගේ තමයි අපේ රටෙත් මෙච්චර අප්සෙට් දෙවල් වෙද්දිත් ආණ්ඩුව දිනනවා මේ මාර වැඩේ තෙරුම් ගන්න බැරිව අපේ අය මේක කොම්පියුටර් ජිල්මාට් කියල හිතනව.පැරා උඹලට වැරදුනේ මෙන්න මේ සුලු දෙය අර්ථකතනය කර ගන්න හරියට නොහැකි වීමයි. උඹලා අල්ලන්නේ වැරදි තැනෙන්. මහින්ද වැනි ආර්ථික එකාධිපතියන් දේශපාලන එකාධිපතියන් ලෙස වරදවා වටහා ගැනීම නිසා පැරාලා වැනි වම්මු මෙවැනි අදේශපාලනික, දේශපාලන ලිපි ලියමින් තමන්ගේ ලමයින්ට ඉගැන්වීමට කීයක් හරි හම්බ කරන බරපතල වැඩක් කිරීමට යෙදවිය හැකි වටිනා කාලය කා දමයි.අනික් උන් ලියන්නේ විනෝදෙට(මුදල් හම්ඹ කිරීමට වැයකරන කාලයෙන් පසු ඉතිරි වන අතිරික්ත කාලය ) උඹ ලියන්නේ....ඇයි?
    හොරුන්ගේ සමාජයක ක්‍රියාකරීත්වය වටහා ගැනීමට ඉතාම ඉක්මනින් උත්සාහ ගන්න. වම්මු තේරුම් නොගන්නා දෙයම මෙයයි. මහ හොරා එක් අවංක උත්සාහවන්ත නිෂ්පාදනයේ යෙදෙන කෙනෙකුගේ මුදල් සොරාගෙන තමා සමග සිටින හොරු හතලිහටම බෙදා දෙයි. එවිට එම හතලිහ එකතු වී(බහුතරය- වම්මුන්ගේ පීඩිත ජනතාව ) මහ හොරා යලි බලයට පත් කරයි. සරලව ආර්ථික ඒකාධිපතියො බිහිවෙන්නේ ඔන්න ඔහොමයි.මේ කප්පම් කොමිස් ගැහිලි හැමදාම කරන්න බෑ මොකද කප්පම් කොමිස් දිදී ඉන්නවට වඩා හොඳයි අපිත් හොරකම්ම කරමු කියල කවුරුත් ටික ටික හොර කණ්ඩායමටම එකතු වෙනව. ටික කලකින් අවංකව නිෂ්පාදනයේ යෙදෙන කවුරුවත් නැති උනාම රටකට වෙන්නේ හරියට අර සර්පයෙක් තමන්ගේම වලිගයේ ඉඳල තමන්වම ගිලගෙන ගියාම වෙනදේ තමයි.

    ReplyDelete
  6. ඈඩෙනවා බන්.

    ReplyDelete
  7. අජිත් - ඔබේ අලුත් කටයුත්ත කවරක් වුවත් ඊට සුබ පතමු.එහෙත් ඔබේ මෙබදු පෝස්ට් වලින් ධ්වනිත වන්නේ සමාජ ව්‍යාපාරයන්ගෙන් හා සාමූහික ක්‍රියාකාරීත්වයෙන් වියෝ වී කුටුම්භගත වූ අවංක හුදෙකලා මිනිසෙක්ගේ ආත්මගත වේදනාව බව අපගේ හැගීමයි.කෙතරම් අවංක වුවත් යමෙක් කුටුම්බගතව හුදෙකලා වූ කල්හි ඔහුගෙන් පැන නැගෙන්නේ සර්ව අශුභවාදය සහ දුක් අදෝනාවන් පමණි.ධනාත්මකභාවය හටගැන්මට නම් සාමූහික මිනිස් ක්‍රියාකාරීත්වයක් ඇවැසිය.එය එසේ සිදු නොවන තුරාවට ඔබට තවත් වසර ගණනාවක් තිස්සේ මෙබදු අරාජකවාදී එලොවටත් මෙලොවටත් නැති දුක් අදෝනා හා විලාප ලියමින් සිටිය හැකි වනු ඇත.

    - පෙරේරා

    ReplyDelete
  8. මේවා නම් පැරකුම් ගොන් පාර්ට් වගේ පේන්නේ. මේවගේ අඬන එකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. රැඩිකල් යයි කියා ගන්නා සිංහල බ්ලොග් කාරයන්ගේ "ආසම බ්ලොග්" ලිස්ට් වල තියෙන්නේ ගොන්පාර්ට් දාන ජාතිවාදීන්ගේ ඒවායි, ලෝකේ කාලා අපට බන කියන රිපබ්ලිකන් කතායි, කුණුහරුප ජංගි කතා, පඩ කක්කා කතන්දරයි. මේවට තමයි කවුරුත් ඇදෙන්නේ. උඹත් ඒවගේ ලියපන්. ගූගල් අන්කල්ගේන්වත් ඇඩ් දෙක තුනක් ඉල්ලා ගනින්!

    ReplyDelete
  9. අඩු ගානේ උඹ දැන් මේවා (කොමෙන්ට්ස්) කචල් දානේ නැතිව පළ කරන එකත් හොඳ ආරම්භයක්. බලමු අපේ හරක් මේකත් අයුතු ලෙස භාවිතා කරයිද කියල.

    ReplyDelete
  10. තොපි කවුරු උනත් අපිට කම් නැත.බලන්න කියවන්න දෙයක් ඇති නම් ඇවිත් බලමු.වැඩක් නැතිනම් නෑවිත් ඉඳිමු.ලියන එකාගේ පැටිකිරිය නොව ලිය ඇති දෙයෙහි පැටිකිරිය සොයමු .

    ReplyDelete
  11. ඔබගේ ශාස්තෘ නවකතාව කියවුයෙමි. ඒ පිළිබඳව කතා කරන්නට ඔබගේ විද්‍යත් තැපැල් අංකය කරුණාකර සඳහන් කරන්න

    Asela

    ReplyDelete
  12. මොකක්ද මේ විහිලුව...

    ReplyDelete
  13. රටට වෙනසක් අවශ්‍යයි. ඉතින් ඒ වෙනස වෙනුවෙන් පැරා මෙච්චර කල් type කරන්න ඇති කියලා තමයි මටනම් හිතෙන්නේ.
    පැරාට ඒ කෙරුවාව එපාවෙලාද
    පැරා තවත් ෆෝම් වෙලාද
    පැරාට පිස්සු හැදිලද (අනිත් දේශප්‍රේමී මැට්ටාර්ලට වගේ)
    මේ ගැන නිගමනයකට එන්න තව post දෙකතුනක් දානකම් ඉමු

    ඇමරිකාවේ තාක්ෂණයෙන් ඇමරිකාවටම බනින system එකට හැම වරදම පටවන
    කුහක සමාජවාදය නැතුව රටේ බලු දේශපාලනයට එරෙහි ඕනෑම නිදහස් මතයකට පක්ෂපාතිව ලියන්න කියලා මම ඉල්ලා සිටිනවා.

    ReplyDelete
  14. කෝක කලත් මෙහෙ ඉද්දී පියරු බබා වගේ හැදිලා ඉගෙන ගෙන තමුන්ගේ කුල ප්‍රශ්නයක් හින්දා සිංහල සමාජය එක්ක වෛරයෙන් ඕස්ට්‍රේලියාවට වෙලා ඉඳිමින් මේ සමාජයට කෙලවන්න කියලා හිතං නැති පාණ්ඩිත්‍යයක් පෙන්නමින් දඟලන වයසක පොට්ට කාසි වලින් උපදෙස් ගන්න යන්න එපා

    කවුද ඩෝ අපේ කතන්දර අන්කල් ට එක එක එව්වා කියන එකා?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා