ඇන්කෝර්! ඉසෙඩ් ස්කෝර් ගැන රස කතා

ආණ්ඩුවේ ඉසෙඩ් ස්කෝර් පටලැවිල්ල දේශපාලකයන්ගේත්, ජනතාවගේත් විලි ලජ්ජා නැතිකමේ කදිම ප්‍රකාශනයකි.


නව ඉසඩ් ලකුණු ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් දුන් තීන්දුවට රජය ගරු කරන බවද එමගින් කිසිවකුට "අසාධාරණයක්‌" නොව සිදුව ඇත්තේ "අපහසුතාවක්‌" පමණක්‌ බවද උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක පමණයි.


දරුවකුගේ ජීවිතයට බලපාන අතිශය තරගකාරී විභාගයක ප්‍රතිඵල වැරදියට නිකුත් කිරීම අසාධාරණයක් නොවේ. අපහසුතාවක් පමණි. අපහසුතාවක් යනු චූ බරක්, කක්කා බරක් වැනි පහසුවෙන් නැි කර ගත හැකි දෙයකි.


ඉසෙඩ් අගය ගණනය කිරීමේ වරද පෙන්වා දෙමින් නඩු කීමට මුල් වුණේ ලංකා ගුරු සංගමයයි. එයින් විශාල සිසු පිරිසකට සාධාරණයක් ඉෂ්ට විය.


අපට වෙච්ච අසාධාරණයට මොකද කරන්නේ යි අසන්නට ඇතැම් සිසුවෝත්, මව්පියවරුත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සොයති. හරියට ඔවුන්ට අසාධාරණය කළේ ජෝසප් ස්ටාලින් වගේ ය.


මේ අතර ලංකා ගුරු සංගමය සමග ගුරු සංගම් තරගයක යෙදී සි‍ටින වෘත්තීය සමිතියක් වන ජවිපෙට සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය ඒ අසාධාරණය සම්බන්ධයෙන් නඩු කීමේ වගකීම භාරගෙන ඇත.


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක පවසන්නේ "ඔයාලා මෙයාලා එක්‌ක ගියොත් අමාරුවේ වැටෙනවා" ය කියා ය.


ජාතියේ ආඩම්බරකාර තාත්තාගේ පුතා ද ඇමතිවරුන්ටත් ඉහළින් සිටිමින් විසඳුම් යෝජනා කරමින් සිටියි. අන්න එයා එක්ක ගියොත් නම් ඔයාලා අමාරුවේ වැටෙන්නේ නැත. 


මොකද, එයාලා අමාරුවේ දමන්නේ රටවල් වශයෙනි. එහෙම අමාරුවේ වැටුණා ම වෙන වෙන ම තමන් වැටුණු අමාරුව පේන්නේ නැත. හරියට හැමෝම හෙළුවෙන් ඉන්නකොට එහි විශේෂයක් නැතුවා වගේ ය. 


මේ මොනවා වුණත්, අපේ රටේ ජනතාව එළඹෙන පළාත් සභා මැතිවරණයේදීත් ආණ්ඩුව දිනවන එක දිනවනවා ම ය. 


කච්චිය පිච්චියට ගියත් අපි හෙළුවෙන් ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. z අගය ගැන තේරුමක් ඇතිව ලියු එකක්දැයි තදබල සැකයක් ඇති වේ. 5% අසාධාරණය මකන්ට ගොස් 25% අසාධාරණයක් කර ඇති බව පෙනේ. සාක්ෂිත් ඇතිවම ලිපිය කියවන්න.
    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=57347

    අධිකරණයට ගොස් කර ගත් හරිය එසේය.
    නිර්මාල් හෝ දඹර අමිල, සියලු සිසුන් ගන්න බවට පොරොන්දු දෙන්නේ ඒ විශ්ව විද්‍යාල, පීඨ වලින් නොඅසා බවට 80% පමණ සැකයක් තිබේ. මා දන්නා කියන ආචාරවරු නම් එහෙම කතාවක් ඔවුන් කියනා තුරු අසා තිබුනේ නැත.

    ReplyDelete
  2. sudaraka(2011 old syllabus student)July 27, 2012 at 10:46 AM

    ගැටලුව ඇත්තේ Z අගය ගනනය කල හැටි නොවන බව මගේ පුද්ගලික හැගීම.වෙනම ගනනය කල Z අගයන් 2ක් එකම ලැයිස්තුවක ලැයිස්තුගත කර දිස්තිරික්ක හා ජාතික කුසලතා සිසුවන්ට ලබාදීමයි.එ මගින් වෙනම Z අගය ගනනය කල අරමුන පාවා දී තිබේ.මෙයට ඇති සුදුසුම විසදුම නිර්දේශ 2න් වෙන වෙනම ප්‍රතිශතයක් ලෙස සිසුන් බදවා ගැනීම බව මාගේ හැගීමයි.එහිදී නිර්දේශ 2න් පෙනීසිටි ලමුන් ගනන මෙන්ම ,ප්‍රතිශතයක් ලෙස පසුගිය වසර වල ප්‍රතම වරට හා 2,3 වරට පෙනීසිට වි.වි.යාමට සුදුසුකම් ලැබූ සිසුන් ගනන සැලකිල්ලට ගැනීමෙන් ගැටලු අවම කර ගත හැකිවේ.

    ReplyDelete
  3. ලංකා ගුරු සංගමය එක්ක තරගෙට හරි ජෙප්පෝ ටික විතරනේ නඩුවක් හරි දාල තියෙන්නේ...

    ReplyDelete
  4. pls write something and publicise this at best

    http://www.youtube.com/watch?v=hrRcYHSw8NI

    ReplyDelete
  5. sudaraka comment is absolutely correct

    ReplyDelete
  6. මෙතැනදී ඇත්තටම කරලා තියෙන්නේ 1st shy කරපු කට්ටියගේ
    විශ්වවිද්‍යාල ප්‍රවේශය වැඩි කරලා ඒක 2nd 3rd shy අයගෙන් අඩු කිරීමයි. මේක joke එකක්.
    දැන් ආණ්ඩුව කරන්න හදන්නේ මේ වැරැද්ද සිද්දවුණේ 1st shy අය වෙනුවෙන් පෙනී සිටපු පිරිසගේ නඩුව නිසා කියල පෙන්නලා ඒ අය විවේචනය කරන්න. 5% යි ප්‍රශ්නේ තිබ්බේ කියල බොරු අපක්ෂපාති බවක් පෙන්නන ආණ්ඩුවට කඩේයන
    දිවයින ඇතුළු පත්තර පෙන්නන්න හදන්නේ එකයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා