Posts

Showing posts with the label ඉසෙඩ් ස්කෝර්

ඇන්කෝර්! ඉසෙඩ් ස්කෝර් ගැන රස කතා

Image
ආණ්ඩුවේ ඉසෙඩ් ස්කෝර් පටලැවිල්ල දේශපාලකයන්ගේත්, ජනතාවගේත් විලි ලජ්ජා නැතිකමේ කදිම ප්‍රකාශනයකි. නව ඉසඩ් ලකුණු ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් දුන් තීන්දුවට රජය ගරු කරන බවද එමගින් කිසිවකුට "අසාධාරණයක්‌" නොව සිදුව ඇත්තේ "අපහසුතාවක්‌" පමණක්‌ බවද උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක පමණයි. දරුවකුගේ ජීවිතයට බලපාන අතිශය තරගකාරී විභාගයක ප්‍රතිඵල වැරදියට නිකුත් කිරීම අසාධාරණයක් නොවේ. අපහසුතාවක් පමණි. අපහසුතාවක් යනු චූ බරක්, කක්කා බරක් වැනි පහසුවෙන් නැි කර ගත හැකි දෙයකි. ඉසෙඩ් අගය ගණනය කිරීමේ වරද පෙන්වා දෙමින් නඩු කීමට මුල් වුණේ ලංකා ගුරු සංගමයයි. එයින් විශාල සිසු පිරිසකට සාධාරණයක් ඉෂ්ට විය. අපට වෙච්ච අසාධාරණයට මොකද කරන්නේ යි අසන්නට ඇතැම් සිසුවෝත්, මව්පියවරුත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සොයති. හරියට ඔවුන්ට අසාධාරණය කළේ ජෝසප් ස්ටාලින් වගේ ය. මේ අතර ලංකා ගුරු සංගමය සමග ගුරු සංගම් තරගයක යෙදී සි‍ටින වෘත්තීය සමිතියක් වන ජවිපෙට සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය ඒ අසාධාරණය සම්බන්ධයෙන් නඩු කීමේ වගකීම භාරගෙන ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ...