Posts

Showing posts from July, 2012

ඔබේ ඩීසල් වාහනයටත් 'කාබලේටරයක්' අවශ්‍ය නම් දිවයින අමතන්න

Image
දිවයින පුවත්පත හා එහි මාධ්‍යවේදියෝ වනාහි ලංකාවේ ජනතාවට සෑහෙන ආතල් එකක් දෙන පිරිසකි. ලංකාවේ මාධ්‍යකරුවන් අතර සාමාන්‍ය දැනුම ඇති අය විරල ය. වෙන රටවල මාධ්‍යකරුවෝ නම් නො දන්නා දේ දන්නා අයගෙන් අසා දැනගෙන ලියති. එහෙත්, ලංකාවේ මාධ්‍යවේදීහු සියල්ල දත් අයයි. කොහොමත් ඔය  මෝටර් මිකැනික්ලා වැනි අයගෙන් අසා දැන ගන්නට තරම් දෙයක් මාධ්‍යවේදීන්ට නැත. අඩු ගානේ තමන් පාවිච්චි කරන ඉංගිරිසි වචනයක් හරිද වැරදිද දැන ගැනීමට ශබ්දකෝෂයක්වත් පාවිච්චි කරන්නට උවමනාවක් ඔවුන්ට නැත. මේ පත්තරවල පිටු අනුමත කරන ලොක්කෝ ද මේ මාධ්‍යකරුවන් සේ ම සිට ප්‍රමාණයෙන් ලොකු වූ අය නිසා වෙනසක් නැත. දිවයිනේ අලුත්ම සොයාගැනීම ඩීසල් වාහනවල කාබලේටර නම් කොටසක් ඇති බවයි. මෙන්න වාර්තාව ආනයනය කළ ඩිසල් සාම්පල් පරීක්‍ෂාවට ඩුබායි යවයි ශිරාන් රණසිංහ ආනයනය කළ ඩීසල්වල කිසියම් අපද්‍රව්‍යයක්‌ නිසා වරායේ දොඹකර හා ලංගම බස්‌ රථ ඇතුළු වාහන නතර වීමෙන් පසුව ඩීසල් සාම්පල් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඩුබායි රාජ්‍යයට යෑවූ බව ලංකා ඛනිජ තෙල් සංස්‌ථා උසස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය. මෙම ඩීසල් සාම්පල් යළිත් මෙරටදී කිහිප විටක්‌ රසායනාගාර පරීක්‍ෂණ

ඇන්කෝර්! ඉසෙඩ් ස්කෝර් ගැන රස කතා

Image
ආණ්ඩුවේ ඉසෙඩ් ස්කෝර් පටලැවිල්ල දේශපාලකයන්ගේත්, ජනතාවගේත් විලි ලජ්ජා නැතිකමේ කදිම ප්‍රකාශනයකි. නව ඉසඩ් ලකුණු ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් දුන් තීන්දුවට රජය ගරු කරන බවද එමගින් කිසිවකුට "අසාධාරණයක්‌" නොව සිදුව ඇත්තේ "අපහසුතාවක්‌" පමණක්‌ බවද උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක පමණයි. දරුවකුගේ ජීවිතයට බලපාන අතිශය තරගකාරී විභාගයක ප්‍රතිඵල වැරදියට නිකුත් කිරීම අසාධාරණයක් නොවේ. අපහසුතාවක් පමණි. අපහසුතාවක් යනු චූ බරක්, කක්කා බරක් වැනි පහසුවෙන් නැි කර ගත හැකි දෙයකි. ඉසෙඩ් අගය ගණනය කිරීමේ වරද පෙන්වා දෙමින් නඩු කීමට මුල් වුණේ ලංකා ගුරු සංගමයයි. එයින් විශාල සිසු පිරිසකට සාධාරණයක් ඉෂ්ට විය. අපට වෙච්ච අසාධාරණයට මොකද කරන්නේ යි අසන්නට ඇතැම් සිසුවෝත්, මව්පියවරුත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සොයති. හරියට ඔවුන්ට අසාධාරණය කළේ ජෝසප් ස්ටාලින් වගේ ය. මේ අතර ලංකා ගුරු සංගමය සමග ගුරු සංගම් තරගයක යෙදී සි‍ටින වෘත්තීය සමිතියක් වන ජවිපෙට සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය ඒ අසාධාරණය සම්බන්ධයෙන් නඩු කීමේ වගකීම භාරගෙන ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය

යකෝ අපි වැල බැලුව තමයි. ඉතින් මොකද කියන්නෙ?

Image
ශ්‍රී ලංකා මිරර් හා එක්ස් නිව්ස් වෙබ් අඩවි කාර්යාලවලින් රහස් පොලිසියට ගෙන ගිය පරිගණකයේ අසභ්‍ය පිංතූර තිබුණු බව සොයාගෙන ඇත.  මර ය! මේ නම් අති විශිෂ්ට සොයාගැනීමකි.  කෙටියෙන් කියනවා නම් කටුගෙයින් නැති වූ බඩු යළි සොයා ගත්තාටත් වඩා විශිෂ්ට සොයා ගැනීමකි.  රහස් පොලිසිය මහජන මුදල් හා කාලය වැය කරමින් මේ වෙබ් අඩවි කාර්යාල වටලන්නට වරෙන්තු ලබා ගත්තේ මේ අසභ්‍ය පිංතූර අත්අඩංගුවට ගන්නට වන්නට ඇත.  මේ මාධ්‍යවේදීන් මේ අසභ්‍ය පිංතූර බලා ස්වයං වින්දනය වැනි අසභ්‍ය කටයුතු කරන බවට ඔත්තුවක් ලැබිලා වන්නට පුළුවන.  ඇත්තෙන් ම, ලංකාවේ ස්වයං වින්දනය නීති විරෝධී ද යන්න වහා ම සොයා බැලිය යුතු ය. නැතිනම්, හෙට රහස් පොලිසිය පැමිණ ස්වයං වින්දනයේ යෙදුණේ යයි චෝදනාකොට මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගත හැකි ය.  මේ මාධ්‍යවේදීන් ස්වයං වින්දනයේ යෙදී පියාට අසු වූ ළමයින් මෙන් ඇඹරෙන්නේ නැතිව නො බියව මෙසේ කිව යුතු ය.  "යකෝ අපි වැල බැලුව තමයි. ඉතින් මොකද කියන්නෙ?" මෙහිදී ආදර්ශයට ගත යුත්තේ සතුන් වත්තේ කූඩු කර ඇති රිලවුන් ය. උන් හස්ත සංසර්ගයේ යෙදෙනවා පමණක් නොව, ශුක්‍රානු නරඹන්නන් දෙසට විසි කරන්නට ද පසුබට නො වෙති. 

ආචාර්ය නිර්මාල්ට ආචාර්ය මර්වින් හිමු වීම

Image
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති අලුත්ම චරිතය ආචාර්ය මර්වින් සිල්වා ය.  ඔහු ඒ සඳහා මැදිහත් වන්නට කැමති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට දැනුම් දී ඇත.  මර්වින් සිල්වා මීට පෙර මෙවැනි ප්‍රශ්න කොපමණ ප්‍රමාණයක් විසඳා ඇද්ද යන්න අපි නො දනිමු.  අප‍ සිතන පරිදි නම් මර්වින් සිල්වා යනු බරපතල ප්‍රශ්නයක් මිස කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් නො වේ.  මර්වින් සිල්වා යනු ආචාර්ය යන පට්ටම නමට ඉදිරියෙන් යොදන කෙනෙකි. මෑත යුගයේ බිහි වූ හොඳ විද්‍යාර්ථියකු යයි අප සිතන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හෝ ඒ තරමට සිය ආචාර්ය උපාධිය ප්‍රදර්ශනය නො කරයි.  මර්වින් සිල්වාට මෙවැනි ප්‍රශ්නවලට මැදිහත් වීමට ලජ්ජාවක් නැතිකම තරම් ලංකාවේ සමාජ පරිහාණිය පිළිබඳ ප්‍රකාශයක් තවත් නැත.  කෙසේ වෙතත්, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට ආචාර්ය මර්වින් සිල්වා හමු වීම නාට්‍යමය වශයෙන් රසවත් ය. මීළඟ දෙබස් ඛණ්ඩය ඇත්තේ ආචාර්ය නිර්මාල්ට ය. ඔහු නිහඬ ය. ඇයි? කන්න ඕනැ වුණා ම කබරගොයාත් තලගොයා වෙනවා ද?  සරසවි ආචාර්යවරුන්ගේ සටන හුදු වැටුප් සටනක් නො වන බව ඔබ කීවා අපට මතක ය.  මේ ලිපියට ඔබ කැමති

රට හැර යාමේ අයිතිය ඔවුනට දිය යුතු ය

ජුලි මාසයේ අද දින දක්වා කාලය තුළ නීති විරෝධීව ඔස්ට්‍රේලියාව බලා සංක්‍රමණය වන්නට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 454දෙනෙකු ඔවුන් ගමන් කළ බෝට්ටු නවයක් ද සමග අත්අඩංගුවට ගත් බව නාවික හා පොලිස් සංඛ්‍යා දත්ත පවසයි.  ලංකාවේ සංක්‍රමණිකයන්ගේ ප්‍රශ්නය මේ වන විට ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් බවට පත් වෙමින් තිබේ. එසේම, එය ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී ද මතු වන්නට ඇති ඉඩ වැඩි ය.  මෙය දෙමළ ඩයස්පෝරාව විසින් දේශපාලන උපාය මාර්ගයක් ලෙස සංවිධානාත්මකව කරන දෙයක් බව ලංකාවේ රජය පවසයි.  එය එසේ වන්නට පුළුවන. එහෙත්, ලංකාවේ රජය තත්වය වෙනස් කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග මොනවාද?  සංක්‍රමණය වන්නන්ගෙන් වැඩි පිරිසක් දෙමළ ජාතිකයෝ ය. ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳීම සඳහා රජය ගත් පියවර අතිශය අප්‍රමාණවත් බව ලොවට ම ප්‍රකාශ කරන තත්වයක් මෙම සරණාගත ප්‍රශ්නය විසින් ඇති කර තිබේ.  සංක්‍රමණය වන්නට තැත් කරන්නන් අතර සිංහලයින්ගේ ප්‍රමාණය ද වැඩි වෙමින් තිබේ. මේ වනාහි රටේ පවතින ආර්ථික අර්බුදයේ ප්‍රකාශනයකි.  අද වන විට ලංකාවේ සෑම සමාජ මට්ටමකම බොහෝ අය අනාගතය පිළිබඳ අනාරක්ෂිත හැඟීමක

ඔබද ලක්ෂපතිආරච්චි? මමද ලක්ෂපතිආරච්චි?

Image
නිමල් ලක්ෂපතිආරච්චි ගුවන් විදුලි සංස්ථාවේ සිටි ක්‍රියාකාරී සහායකයකු හා නිවේදකයෙකි. රජයේ ගුවන් විදුලියේ වෙළඳ සේවයේ සේවය කළ ඔහු එතරම් කැපී පෙනෙන දස්කම් දැක්වූවකු නොවේ. නොඑසේ නම්, ඔහුට දස්කම් දැක්වීමට පොළවක් ගුවන් විදුලියේ තිබුණේ නැත.  එහෙත්, මහරාජා ආයතනය මෙම ගුවන් විදුලි ශිල්පියා ලංකාවේ ගුවන් විදුලි ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සලකුණු කළ විදග්ධයකු ලෙස නැවත සොයා ගත්තේ ය.  රූපවාහිනියේ ආගමනයත් සමග ජනතා‍වගෙන් ඈත් වෙමින් තිබුණු ගුවන් විදුලි මාධ්‍යය රජයේ ගුවන් විදුලි සම්ප්‍රදායේ සිරගෙයින් මුදාගෙන වෙළඳපොළට නිරුවත් කිරීමට මහරාජාට ශක්තිය වුණේ නිමල් ලක්ෂපතිආරච්චිගේ නිර්මානශීලිත්වයයි.  ඔහුට පෙර ගුවන් විදුලිය වනාහි, ලක්ෂපතිආරච්චිට පවා එළිපත්ත පමණක් හිමි වූ, කොළඹ කේන්ද්‍ර කර ගත් වරප්‍රසාදිත ඊනියා ප්‍රබුද්ධයන්ගේ සමාජයක ආධිපත්‍යයට නතු වූ, ජනතාව‍ තමා ළඟට ගෙන්වා ගත් මාධ්‍ය අවකාශයකි.  ලක්ෂපතිආරච්චි යුගයේ ගුවන් විදුලිය තුළ සිදු වූ විප්ලවය වන්නේ ගුවන් විදුලිය ජනතාව අතරට යාමයි.  ඇටුවම් බැස්ස ඊනියා ප්‍රවීණයන් වෙනුවට නිර්මානශීලී හිරිමල් කොල්ලෝ, කෙල්ලෝ සිරස හරහා ජන හදවත්වලට හඬ විහිදුවන්නට පටන් ගත්

ලංකාවේ මොන පොදු දේපල ද, ෆ්‍රෙඩ්රිකා?

Image
ලංකාව රාජපක්ෂවරුන්ගේ බූදලයක් බවට පත්ව ඇති බව අප කවුරුත් පිළි ගත යුතු ඇත්තකි. ඒ නිසා ඔය ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රකාශනයේ නිදහස වැනි දේ වලංගු වන්නේ එම සංදර්භය තුළ බව අප කවුරුත් තේරුම් ගත යුතු ය.  ජවිපෙත්, හෙළ උරුමයත්, කොටිත්, රාජපක්ෂවරුත් එක් වී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් මධ්‍යම පංතිකයන්ගේ ආශිර්වාදයෙන් ගොඩනඟන ලද පවතින විකෘති සමාජ ක්‍රමය පවතින තෙක්, අප තත්වය විග්‍රහ කළ යුතුව ඇත්තේ මේ යථාර්ථය වටහා ගනිමිනි.   මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මල්ලී වන ගෝඨාභය රාජපක්ෂට එම පවුලේම අය විසින් කළමනාකරණය කරනු ලබන, මහජනාව විසින් පාඩු පියවන, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩ කරන ඔහුගේ ම ලේලියකගේ ගුවන් නියමු පෙම්වතා ලවා ස්විට්සර්ලන්තයෙන් බලු පැටවකු ගෙන එන්නටත්, බලු පැටවාට ඇති ආදරය නිසා එම ගුවන් යානය තමන් ම පදවන්නැයි ලේලිගේ පෙම්වතාගෙන් ඉල්ලා සිටින්නටත් බැරි මොකද?  ලේලිගේ පෙම්වතාට ඒ -340 ගුවන් යානා පදවන්නට බැරි නිසාත්, ඒ -330යක් යෙදුවොත් මගීන් සංඛ්‍යාව අඩු කරන්නට සිදු වන නිසාත් ගුවන් නියමු සංසදය එයට විරුද්ධ වීම නිසා එය ඒ අන්දමින් සිදු වී නැත.  ගෝඨාභය රාජපක්ෂ නම් රජයේ නිලධාරියා තර්ක කරන පරිදි එහි වරදක් නැ

ජන හදවත් තුළ ලංකාව කෑලි කැඩී යමින් තිබේ

Image
නැගෙනහිර පළාතේ දෙමළ මුස්ලිම් සන්ධානයක හැදෙන්නට ඔන්න, මෙන්න තත්වයකට ගොස් අකුරණ මුස්ලිම් ජාතිකයකු වූ ඇමති රාවුෆ් හකීම් නිසා එය වළක්වා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත් වී තිබේ.  එකම බස කතා කරන එකම ජාතික මූලයක් සහිත මෙම ජනවර්ග දෙකේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ජාතික සන්ධානය අතර මැතිවරණ සන්ධානයක් ගොඩනැඟුනානම් එය ඓතිහාසික දේශපාලන සන්ධානයක් වනු ඇත. දෙමළ හා මුස්ලිම් ජනවර්ගයන් අතර යහපත් සම්බන්ධයක් නැති මුත්, සෙස දේශපාලනසන්ධානය එවැන්නක පදනමක් වන්නට ඉඩ තිබිණි.  මෙම පක්ෂ දෙක අතර සන්ධානයකට මුල පිරුණේ නෝර්වීජියානු මැදිහත්වීමකින් බව දි අයිලන්ඩ් පුවත්පත පවසයි. එහි සත්‍ය අසත්‍යභාවය කෙසේ වෙතත්, එවැනි සන්ධානයක දේශපාලන වැදලත්කම ‍දෙමළ ජාතික සන්ධානය හෝ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවා බැරෑරුම් ලෙස ගත් බවක් දක්නට නො ලැබිණි.  මෙම සන්ධානය බිහි වූවා නම් බොහෝ දුරට නැගෙනහිර පළාතේ බලය එම සන්ධානයට හිමි වන්නට තිබිණි.  ශ්‍රී ලංකා මුස්ලිම් කොංත්‍රසය මුලදී මහ ඇමතිකම, ඇමති තනතුරු දෙකක් හා බෝනස් මන්ත්‍රීකම් තුනෙන් එකක් දෙන්නේ නම් පමණක් ප්‍රධාන දේශපාලන පක්ෂයකට සහයෝගය දක්ව

රජයේ සේවකයෝ රටින් පැන යන්නේ ඇයි?

Image
නීති විරෝධීව ඕස්ට්‍රේලියාව බලා සංක්‍රමණය වීමට තැත් කර කල්කුඩා මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද පිරිස අතර රජයේ සේවකයන් 16ක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඔවුන් අතරින් එක් අයෙකු පොලිස් නිලධාරියෙකි. විස්තර මෙතැනින් රජයේ සේවකයෝ වනාහි මේ රටේ වැඩි ම රැකියා සුරක්ෂිතභාවය ඇති හා විශ්‍රාම වැටුප නිසා වැඩිම අනාගත සුරක්ෂිතභාවය ඇති පිරිස ලෙස සැලකිය හැකි ය.  පසුගිය සමයේ වත්මන් පාලක පිරිස බලයට පත් කිරීම සඳහා වැඩියෙන් ම කඩේ ගිය බලවේගය ද මෙයයි. එහෙත්, පොරොන්දු වූ රු. 2500 වැටුප් වැඩි වීම නොදී සිටීමේ පටන් ම රජය මෙම බලවේගය නොතකා හැරියේ ය.  එසේම, රාජ්‍ය සේවයට අලුතෙන් පිරිස් බඳවා ගැනීම හැර (ප්‍රචාරය කරන තරම් බඳවා ගැනීම් සිදු වන්නේ ද නැත.) රාජ්‍ය සේවයේ ඵලදායිතාව උසස් කිරීම සඳහා ගත් පියවරක් ද නැත.  රජයේ සේවකයන් තව දුරටත් රම රැකියාවල රැඳී සිටින්නේ බොහෝ විට වෙනත් රැකියා නැතිකමත්, අඩු පඩියට හිලව් පිණිස අඩුවෙන් වැඩ කිරීමේ අවස්ථාව ලැබෙන නිසාත් ය.  රජයේ සේවක වෘත්තීය සමිතිවල කොන්ද බිඳ දමා ඇත. එම වෘත්තීය සමිති බොහොමයක නායකයෝ ආණ්ඩුවෙන් වරප්‍රසාද ලබා ගැනීම පිණිස වෘත්තීය සමිති බල

මේ අඩවිය වෙබ් අඩවියක් නොවේ

"පළමුවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය දුම්රියක් නොවේ." එක්තරා දුම්රිය ස්ථානයක මෙසේ නිවේදනය කෙරුණු බව විහිළු කතාවක කියැවේ. අපට ද කීමට ඇත්තේ මේ වෙබ් අඩවිය වෙබ් අඩවියක් නොවන බවයි. මෙය බ්ලොග් අඩවියකි. මෙහි ප්‍රවෘත්ති නැත. මෙය සාහිත්‍ය අඩවියකි. මේ කවියකි. ලස්සෙට කොඩි දාපල්ලා ආණ්ඩුවට දීපල්ලා තව ඉල්ලං කාපල්ලා ................................... හතරවැනි පදයට ඕනැ එකක් දාගන්න. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

අධිකරණයට මල් මිටක්

(උපුටා ගැනීම අද දිනමිණ පුවත්පතෙනි) ඩෙංගු මදුරු කීටයන් බෝකිරීමේ චෝදනාව යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කොට දඩ ගස්සවා අධිකරණය පෙහොසත් කිරීම නොව කළ යුතුව ඇත්තේ මදුරු කීටයන් බෝවන ස්ථාන හඳුනාගෙන නිසි බලධාරීන් යොදවා මදුරු දුම් ගසා මදුරුවන් මර්දනය කිරීම යැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (11) මුල්ලේරියාව පොලිසියට අවවාද කරමින් පැවැසීය. මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක නොකර නිකරුණේ නිවැසියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඩෙංගු වසන්ගතය තුරන් කළ නොහැකි බව පැවසූ මහෙස්ත්‍රාත්වරයා මින් පසුවට පුද්ගලයන් නිකරුණේ අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසට පොලිසියට දැනුම් දුන්නේය. මුල්ලේරියාව පොලිසිය විසින් ඩෙංගු චෝදනාව යටතේ පුද්ගලයන් පස්දෙනකු අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර ඔවුන් අධිකරණය හමුවේ වරද පිළිගැනිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා රුපියල් 500ක දඩ මුදලක් නියම කළේය. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

මිගෙට්ටුවත්තේ ගුණානන්ද, මිගෙට්ටුවත්තේ සුමිත්ත හා ජනමාධ්‍ය

Image
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ පානදුරේ වාදය නිසා ප්‍රසිද්ධ වූහ. සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමිපාණන් ප්‍රසිද්ධ වී ඇත්තේ පාතාල නායකයෙකු ලෙස ය. උන් වහන්සේ (ජනමාධ්‍ය එහිමියන් හඳුන්වන්නේ භික්ෂුව, චීවරධාරියා, සැකකරු ආදිය කියා ය) නීතිය ඉදිරියේ වරදකරු බව ඔප්පු වී නැත. කළා යයි කයන්නේ ද මංකොල්ල, මිනීමැරීම් මෙහෙයවීම නොව, පාතාල අපරාධකරුවන් යයි කියන අයට රැකවරණ සැපයීමයි. ජනමාධ්‍ය අනුව ලංකාවේ පාතාල අපරාධකරුවන්ට රැකවරණ සැපයූ පළමු හා එකම පුද්ගලයා මොහු ය කියා සිතේ. එතකොට ජූලම්පිටියේ අමරේට වසර ගණනක් තිස්සේ රැකවරණ දුන්නේ මුන් වහන්සේ නොවේ නම් කොයි ගොන් වහන්සේ ද? අද ජනමාධ්‍ය විසින් සිදු කරමින් සිටින කාර්යය හඳුනා ගැනීමට සිංහලයන්ට අවශ්‍ය නම් මිගෙට්ටුවත්තේ සුමින්ද හිමියන් සම්බන්ධයෙන් සිදු වන මාධ්‍ය ප්‍රචාරය ඔස්සේ එය හඳුනා ගැනීමට පුළුවන. මන්ද මේ හාමුදුරුවන්ට ද ඇප පිට නිදහස් වී පැමිණි පසු තමන් පිළිබඳ කතා කිරීමට අවස්ථාවක් ලැබෙන බැවිනි. එය සිංහලයකු වීම නිසා හා භික්ෂුවක වීම නිසා ඔහුට ලැබෙන අවස්ථාවකි. ඔහුට ඕනෑ නම් ජනමාධ්‍යකරුවන් කීපදෙනෙකු

පූජකයෝ දේශපාලනය කළ යුතු ද

පූජකයෝ දේශපාලනය කළ යුතු ද යන ප්‍රශ්නය වඩා සංයුක්තව ගතහොත් හාමුදුරුවරු දේශපාලනය කළ යුතු ද යනු වේ.  මන්ද, මේ වන විට ලංකාවේ ආගමික නායකයන්ගේ පාලනයකින් තොරව මේවා සිදු වන්නේ බුද්ධාගමේ පමණක් නිසා ය.  එජාප මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පූජකයන්ට දේශපාලනය තහනම් කිරීම පිණිස ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට විරුද්ධව ජාතික හෙළ උරුමය දැවැන්ත ව්‍යාපාරයක් ගෙන ගිය අතර, ජනාධිපතිගේ හයිය ද රැගෙන අද දෙරණේ විවාදයට එන්නේ සූක්ෂම ලෙස රාජපක්ෂ මන්ත්‍රීවරයා බිය වද්දමිනි.  බුදුන්ගේ අහිංසාවාදී දහම හා ජාතික හෙළ උරුමය අතර කිසිදු සම්බන්ධයක් ඇතැයි අපි නො සිතමු. සංඝ සංස්ථාවේ නිල ප්‍රධානීන් වන මහ නායක හිමිවරු මේ කරුණ අරභයා නිහඬ ය. ඇත්ත කරුණ නම් ඔවුන් භික්ෂූන් දේශපාලනයේ නොයෙදිය යුතු ය යන ස්ථාවරයේ සිටීමයි.  අද වන විට මහ නායක හිමිවරු ද ජාතික හෙළ උරුමයේ ආධිපත්‍යයට යට වී සිටිති. ජාතික හෙළ උරුමය නාමිකව හෝ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයකි. මැතිවරණ කොමසාරිස් යටතේ ලියාපදිංචි වී ඇති එහි නිලතල සඳහා පුද්ගලයන් තෝරා ගත යුත්තේ ඡන්දයෙනි. එහෙම බැලුවාම ජාතික හෙළ උරුමය වඩා නවීන ආයතනයකි. එහි ඇති සුවිශේෂ ම ලක්ෂණයක් වන්නේ එහි උපාසක, උපාසික

ඩෙංගු ලාභය ගණන් හැදීමට මිය ගිය පී.එච්.අයි.ගේ වටිනාකම අඩු කළ යුතු ය

Image
ඩෙංගු මර්දන මාසයේ ගතවූ සති දෙක තුළදී න් මදුරු කීටයන් සහිත ස්‌ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන්, රාජ්‍ය ආයතන හා සෙසු ආයතන 1264 ක්‌ හඳුනාගෙන රුපියල් හාරකෝටි තුන් ලක්‌ෂ අනූ හතර දහසක දඩ මුදලක්‌ අයකරගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි. මහජන පරීක්ෂකවරුන් රජයට ලබා දුන් ආදායමින් නිවැසියකුගේ අමානුෂික මෝල් ගස් පාරක් කා මිය ගිය මහජන පරීක්ෂකවරයාගේ වටිනාකම අඩු කළ යුතු ය. ආණ්ඩුව ලැබූ ලාභය හරියට ගණන් බැලිය හැක්කේ එවිට ය. ‍ඩෙංගු මරිදනය සඳහා රජය යොදා ගන්නා ප්‍රධාන ක්‍රමවේදය වන්නේ මෙසේ දඩ ගැසීමයි. ඉස්සර පැවති මැලේරියා වසංගතය මර්දනය කළේ තෙල් ගහලා ය. ඩෙංගු මරිදනය කරන්නට යන්නේ දඩ ගහලා ය.  එහෙත්, රජයේ දේපල වන මග දෙපස පිරිසිදු කිරීමට හා මහජන මුදලින් කළ යුතු කාර්යයක් වන අපද්‍රව්‍ය බැහැර කිරීමට නිසි පිළිවෙලක් සැකසීමට රජයට හැකි වී තිබේද? නිදසුනක් ලෙස, ලංකාවේ ප්‍රාදේශීය සභා බෙහෙමයක් කසල ඉවත් කිරීම සඳහා ගම්වලට එන්නේ නැත. ගම්වල ගොඩගැසෙන ප්ලාස්‍ටික් අපද්‍රව්‍ය විනාශ කිරීම සඳහා මහජන පරීක්ෂකවරුන් යෝජනා කරන්නේ ප්ලාස්ටික් ගිනි තැබීමයි. පොලිතින්, ප්ලාස්ටික් ගිනි තැබීමෙන් විශාල පිළිකාකාරක ප්‍ර

මංගලගේ මාධ්‍ය ව්‍යාපෘති වෙනුවෙන් වාමාංශිකයන් දිවි දීම

Image
එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රධානී මංගල සමරවීරටත්, ඔහු පසුපස යන කුමන්ත්‍රණකාරී වාම හා සාම නඩයටත් ඉල ඇදෙන, මාරාන්තික පය ලිස්සා යාමක් සිදු වී තිබේ.  ටිරාන් අලස් සමග අමනාප වීමත් සමග පත්තර කෙරුවාව හෙවත් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ බලය අහිමි වූ මේ ඊනියා මාධ්‍ය බලවත්තු වෙබ් අඩවි කර්මාන්තයට බැස්සේ සිය ජාමය බේරා ගැනීම පිණිස ය. සිය මාධ්‍ය ව්‍යාපෘති සඳහා වීරෝදාර වාමාංශිකයන් තුට්ටු දෙකට කඩේ යැවීමේ උපන් ගෙයි හැකියාවක් මංගල සමරවීර කණ්ඩායමට තිබේ.  මෙවර ද ඔවුන්ගේ ව්‍යාපෘති නිසා අනතුරට පත් වූවන් අතර එවැනි ‍වාමාංශික මාධ්‍යකරුවෝ ඉදිරියෙන් ම සිටිති.  එකම තැනින්, එකම වෙබ් ඩිසයින් එකට, එකම කරුණු ටිකක් අඩංගු කර එක පැත්තකින් එන්.ජී.ඕවලට හා දෙමළ ඩයස්පෝරාවටත්, අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයටත් විකුණමින් සිටි වෙබ් අඩවි කට්ටලයට ආණ්ඩුවේ පොලිසිය කඩා පැනීම එක පැත්තකින් සැඟවුණු ආශිර්වාදයක් විය. එහෙත් මෙහිදී සිදු වූ පය ලිස්සා යාම වූයේ එක්සත් ජාතික පක්ෂයට විකිණූ ශ්‍රී ලංකා එක්ස් නිව්ස් අඩවිය එහි මාධ්‍ය ඒකකයේ නිලවෙබ් අඩවිය බව ප්‍රචාරය කිරීමයි. මෙතෙක් කිසිවකු එසේ දැන නො සිටි ‍මේ වෙබ් අඩවිය පිරික්සා බලන විට,

රිම් එකෙන් යන ආණ්ඩුව ත්‍රිරෝදෙටත් කෙළ හළයි

Image
ලංකාවේ ණය බරින් කුජීත වී සිටින ආණ්ඩුව දැන් දැන් ජනතාවගේ ඉණ ඉහ අත ගෑමේ කාර්යයේදී ඉතා ම නිර්මානශීලී වීමට පටන් ගෙන තිබේ.  ආණ්ඩුව අලුතෙන් ම පිහිටුවන්නට යන අංශයක් වන්නේ තිරෝද කුලී රථ නියාමන කාර්යාංශයයි. විස්තර මෙතැනින් ඇත්තෙන් ම මෙය මෙතෙක් කල් කළේ නැත්තේ ඇයි ද යන්න පුදුමයකි. ලංකාවේ මිලියන භාගයක් පමණ ත්‍රිරෝද රථ තිබෙන්නට පුළුවන. සෑම නගරයක ම ත්‍රිරෝද රථ නැවතුම්පළවල් විශාල සංඛ්‍යාවක් ඇත.  ආණ්ඩුවට ත්‍රිරෝද රථ සඳහා මාර්ග බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන්නට පුළුවන. එවිට එම බලපත්‍රය ලබා ගැනීම සඳහා තරුණයන්ට දේශපාලකයන් පසුපස යන්නට සිදු වන නිසා ඡන්දවලට වැඩ කරන්නට තරුණයන් සොයා ගන්නට ද පුළුවන.  එසේම, මෙම ත්‍රිරෝද රථ නැවතුම් ස්ථානවලින් බදු අය කර ගැනීමේ කාර්යය සඳහා ඡන්දෙට වැඩ කළ රැකියාවක් සඳහා වෙන සුදුසුකමක් නැති රස්තියාදුකාරයන් සේවයේ යෙදවිය හැකි ය.  පොලිසිය ගහන දඩවලට අමතරව ත්‍රිරෝද රියදුරන්ට තව තව දඩ ද ගහන්නට පුළුවන.  මෙවැනි ‍නියාමන යාන්ත්‍රණ හදපු වෙනත් මහජන සේවා අංශවල මෙන් ත්‍රිරෝද රථවල ද සේවා තත්වය 'උසස්' වනු නියත ය.  ජනතාව වැඩි දුරටත් සුඛිත මුදිත වනු ඇත.   මේ ලිපියට ඔබ කැමති නම්

වවුනියා බන්ධනාගාරයෙන් ඇසුණු සිංහ ගර්ජනය

Image
විරෝධතා පැවැත්වූ වවුනියාව බන්ධනාගාරයේ රැඳවියන්ට රජයේ ආරක්ෂක අංශ විසින් හා බන්ධනාගාර පාලකයන් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සිංහල සමාජයේ අමන්දානන්දයට හේතු වී ඇති බවට සැකයක් නැත.  සාමාන්‍ය සිංහල සමාජය මේ පිළිබඳ සිතන ආකාරය ලංකාදීප වැනි වෙබ් අඩවිවල පළ වන පාඨක අදහස්වලින් ලෙහෙසියෙන් වටහා ගත හැකි ය.  කොටි සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු ප්‍රාණ ඇපයට ගත් කතාව ඇත්තක් නම්, ඒ වනාහි ඇත්තෙන් ම ඔවුන් විසින් කර ගන්නා ලද සිය දිවි නසා ගැනීමක් වැනි දෙයකි.  මරණයෙන් බේරී සිටින කොටි සාමාජිකයන් දෙස කුකුළු කොටුවක් දෙස බලන නරියකු ලෙස බලන සිංහල ජාතිවාදීන්ට කුකුළු කොටුවට පිවිසීම සඳහා කදිම අවසරයක් ඔවුන් විසින් ලබා දෙන ලදී.  කොටි සැකකරුවන්ට පහර දුන් ම්ලේච්ඡ ආකාරය පිළිබඳ දැන් දෙමළ වෙබ් අඩවිවල පළ වන පුවත් කියවන සිංහල ජාතිවාදියෝ අධෝ මාර්ගයෙන් සිනාසෙමින් මුවින් නො බැන සිටිති. ඒ සියල්ල බොරු බව හෙට වන විට පුවත්පත්වල පළ වනු ඇති අතර, එය ඇත්ත බව පිළි ගැනීමට සිංහල සමාජය සැදී පැහැදී සිටියි.  කොටි සැකකරුවන් සිංහල සමාජයෙන් හෘදය සාක්ෂියක් බලාපොරොත්තු වීම ගලකින් පට්ටා පැතීමට නො දෙවෙනි අනුවණ ක්‍රියාවකි. 

ඉංගිරිසි ගැරඬියාට භූමිතෙල් ගැසීම

Image
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි කථන හැකියාවන්ට ලකුණු දීමේ ක්‍රමයක් හඳුන්වා දෙන්නට අධ්‍යාපන අමාත්‍යංශයට සිදු වී තිබේ.. එය කරන්නට යන්නේ එක්තරා ඉංග්‍රීසි කේවට්ටයකුගේ උවමනාව මත ය. ඉංග්‍රීසිය දකින විට භූමිතෙල් ගැසූ ගැරඬියාගේ භූමිකාව රඟපෑම භාර ගන්නා ජවිපෙට ද පෙර දැන් ආණ්ඩුවේ ම අය විරුද්ධ පක්ෂ භූමිකාව භාර ගෙන ඇති බව අද දිවයිනේ මුල් පුවත කියැවූ විට පෙනේ. බස්නාහිර පළාතේ පවා ඉංග්‍රීසි ගුරුවරු නොමැති පාසල් 332ක් ඇති බව ද, රට පුරා පාසල් 691ක ඉංග්‍රීසි ගුරුවරු නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ම නිලධාරීන් පිරිසක් විසින් පුවත්පතට ලබා දී ඇති ජනාධිපති කාර්යාලයේ මහජන සමීක්‍ෂණ හා පර්යේෂණ ඒකකය විසින් සිදුකරන ලද සමීක්‍ෂණයක ප්‍රතිඵල විසින් පෙන්නුම් කෙරේ.  ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ලංකාවේ ආණ්ඩුව සියවසක සිට එක ම භූමිකාවක් රඟපාමින් සිටියි. ඒ වනාහි ඉංගිරිසියට වඳිමින්, පුදමින්, බැන අඬගැසීමයි. නව සහස්‍රකය උදා වන තෙක් මේ රට පාලනය කළේ ඉංගිරිසිය මව් බස ලෙස සැලකූ පංතියක් විසිනි. දැන් පාලකයෝ චතුර ලෙස ඉංග්‍රීසියෙන් අදහස් ප්‍රකාශ කිරීමේ සමත්තු නොවෙති. රටේ ජනතාවට ඇති ඉංගිරිසි අහේනිය දැන් පාලකයන්ට ද ප

ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ දූෂණයේ තවත් සන්ධිස්ථානයක්

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ පුතුන් හා බිරියන් ආදීන්ට එළඹෙන පළාත් සභා මැතිවරණයේදී තරග කිරීමට අවස්ථාව නොදෙන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව කියැවේ. ජනාධිපතිවරයා මේ තීන්දුව ඕනෑම වෙලාවක වෙනස් කරන්නට පුළුවන.  කොහොම වුණත්, මේ වන විට එසේ තරග කරන්නට බලා සිටි මැති ඇමති පුත්තු හා බිරියෝ ආදීහු එක්සත් ජාතික පක්ෂය හරහා තරග කරන්නට උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.  වෙන්නට යන්නේ මොකක්ද? එක්සත් ජාතික පක්ෂය හරහා තරග කරන මේ අය රාජ්‍ය  බලය හා සම්පත් අනිසි ලෙස යොදා සුපුරුදු පරිදි ඡන්ද ප්‍රචාරය කර බලයට පත් වූ පසු ආණ්ඩු පක්ෂයට කරණම් ගසා තනතුරු ලබා ගැනීමයි.  සිදු වෙන්නට යන්නේ කියලාවත් කර ගත නො හැකි තත්වයකි. මෙහෙම වුණොත් චෝදනා එල්ල වනු ඇත්තේ එජාපයේ අපේක්ෂකයන් රාජ්‍ය බලය යොදා මැතිවරණ ප්‍රචාරයේ යෙදෙනවා ය, සෙසු අපේක්ෂකයන්ට අඩන්තේට්ටම් කරනවා ය ආදී වශයෙන් වන්නට පුළුවන.  ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ දූෂණයේ තවත් සන්ධිස්ථානයක් මේ සමග සලකුණු වනු ඇත.  මෙය  එතරම් අලුත් ප්‍රපංචයක් නො වේ. රජමැදුරේ ඉඳුල් භක්ෂකයකු වූ ශ්‍රී රංගා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සිරස හරහා එක්සත් ජාතික

තමිලිනී පුනරුත්ථාපනය කිරීම හා වවුනියාවේ රැඳවියන්ගේ විස්කෝතු ගණන් කිරීම

Image
සිංහල ආණ්ඩුව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායිකාව වන සුබ්‍රමනියම් ශිවතාවි හෙවත් තමිලිනී පුනරුත්ථාපනයට යවා ඇත. කොටි සංවිධානයේ නායක මට්ටමේ පුද්ගලයන්ගෙන් පළමු වරට රජයේ පුනරුත්ථාපනයට ලක් වන්නා වන්නේ තමිලිනී ය.  ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් වැනි දේශපාලකයෝ ද රජයේ මෙබඳු පුනරුත්ථාපන වැඩසටහන් අනුගමනය කළ අයයි.  දේශපාලන නායකත්වයක ඔලු සෝදන්නට හැකි කිසිවක් මේ පුනරුත්ථාපන වැඩවලින් සිදු වන්නේ නැත. එහෙත්, පුනරුත්ථාපනය වනාහි නිදහස සඳහා සම්මුතියකි. වසරකින් තමිලිනී නිදහස් වනු ඇත.  රජය යුද්ධයේ අවසානයෙන් පසු කොටි නායකත්වයට හා සාමාජිකත්වයට බෙදන්නේ හැඳි දෙකකින් බව පැහැදිලි ය. කේ.පී.ට එක විධියකි. දයා හා ජෝර්ජ් මාස්ටර්ලාට තව විධියකි. තමිලිනීට තවත් විධියකි. ‍රැඳවුම් කඳවුරුවල සිටින ඊට පහළ මට්ටම්වල කොටි සාමාජිකයන්ට තවත් විධියකි.  පසුගිය දිනවල වවුනියාව බන්ධනාගාරයේ ඇති වූ කොටි සැකකරුවන්ගේ විරෝධයේදී රජය හා ජනමාධ්‍ය ඔවුන් සම්බන්ධයෙන් සැලකුවේ අන්තගාමී ලෙසයි. ඇතැම් ජනමාධ්‍ය රැඳවියන් ළඟ තිබූ බිස්කට් ගණන ගණන් කර එය මෙපමණ සංඛ්‍යාවකට මෙපමණ දින ගණනක් සිටින්නට ප්‍රමාණවත් ය

අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි

Image
මේ කවුද? මොනවද  කරන්නෙ? රටට වැට බඳිමු අපි ලෝකයට යමු රටට රොඩු තබා සාරය රැගෙන යමු අපේ පරපුරේ ලෝකය එහි හදමු කියා රට නගමු මේ ලෙස අපි හැදෙමු කුරක්කන් කකා කට හම යවමින්නේ  බහින කලාවට කටමැත දොඩමින්නේ  අපට නොවෙයි සිඟනුනි ඉර පායන්නේ ඔවුන් සැප බලා රිසි ලෙස සැනසෙන්නේ  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ඕතොඩොක්ස් හා ෆන්ඩමෙන්ටලිස්ට් බෞද්ධ නිකාය අතර මාරාන්තික ගැටුම / Clashes between Orthodox and fundamentalist Buddhists of Sri Lanka

Image
පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවන්ට ගුටි දී පන්නා දැමීමට ඕතොඩොක්ස් හෙවත් ගතානුගතික බෞද්ධ පිරිසක් කටයුතු කර තිබේ.  ඕතොඩොක්ස් බෞද්ධයන් හා ෆන්ඩමෙන්ටලිස්ට් හෙවත් මූලධර්මවාදී නිකායන් අතර මේ වන විට මාරාන්තික කුළල් කෑමක් ඇති වී තිබේ.  පෙනුමෙන් නම් මේ වනාහි බුදුන්ගේ දහම වෙනුවෙන් පේටන්ට් අයිතිය ලබා ගන්නට ය.  අපට වැටහෙන පරිදි නම් ඕතොඩොක්ස්, ෆන්ඩමෙන්ටලිස්ට් හා ඕල්කට් වර්ගවල බෞද්ධයෝ එකෙක් හෝ සැබෑ බෞද්ධයෝ නො වෙති. මුල් බුදු දහම හා ලංකාවේ ආධිපත්‍යවාදී සිංහල බුදු දහම අතර ඇත්තේ පුළුල් පරතරයකි.  ප්‍රභාකරන් සිටින තුරා ජාතිවාදය දේශනා කිරීම ජීවිකාව කරගෙන සිටි මේ බෞද්ධ නිකායෝ උන්, උන් මරා ගැනීම ආරම්භ කර තිබෙන්නේ පශ්චාත් නන්දිකාඩල් තත්වයේ තවත් පැතිකඩක් ලෙස ය.  මොවුන් මේ කුළල් කා ගන්නේ බුදුන්ගේ නම රැක ගන්නට නොව අන්ධ, අසරණ, මෝඩ, බැතිමතුන්ගේ තුට්ටු දෙකට තට්ටු කිරීමේ තෘෂ්ණාව වෙනුවෙනි. මේ ෆන්ඩමෙන්ටලිස්ට් ධර්මයෝ යනු ඕතොඩොක්ස් දහම සමග තරගකාරී වෙමින් ආක්‍රමණශීලී ලෙස විඥානවාදී දෘෂ්ටිවාදී වෙළඳපල අල්ලා ගැනීමට බිහි වුණු අලුත් වෙළඳපල උපායමාර්ග වේ.  ෆන්ඩමෙන්ටලිස්ට්කාරයෝ වනාහි ඕතොඩොක්ස්කාරයන්ගෙන් ම බිහි වූ පිරි