2012-01-10

ප්‍රංශ කොටි මුද්දරයට ප්‍රචාරක අනුග්‍රහය ලංකා ආණ්ඩුවෙන්

2012-01-10
ප්‍රංශ කොටි මුද්දර ප්‍රශ්නය එහෙම පිටින් ම විහිළුවකි. 


මුද්දර මුද්‍රණය කිරීම ලංකාවේ ආණ්ඩුවේ ඇස් රතු කළ විහිළුවක් වූ අතර, නො තකා හළ යුතුව තිබුණු තරම් සුළු මුද්දර සංඛ්‍යාවක් මහා ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් කිරීමටත්, කවුරු හෝ කඩාකප්පල්කාරියකුගේ හුදකලා ක්‍රියාවකට දැවැන්ත ප්‍රසිද්ධියක් ලබා දීමටත් ලංකාවේ ආණ්ඩුව සමත් විය. 


ලංකාවේ බලධාරීන් සිදු වූ දෙය පිළිබඳ සොයා බැලුවේ මහා කලබැගෑන්යක් ඇති කිරීමෙන් පසු ය.


‍ප්‍රභාකරන්ගේ රුව හා වෙනත් ඊලාම් සංකේත සහිත මුද්දර මුද්‍රණය කර තිබුණේ ප්‍රංශයේ La Poste තැපැල් සේවාව විසින් සිය පාරිභෝගිකයන්ට මුද්දර තමන්ට අවශ්‍ය පරිදි සකසා ගැනීමට හෙවත් කස්ටමයිස් කර ගැනීමට සලස්වා ඇති ඔන්ලයින් සේවාවක් හරහා ය. 


මුද්දර සම්බන්ධයෙන් ලෝකයේ ආකල්ප වෙනස් වී ඇති බව මෙයින් පෙනේ. නවීන තාක්ෂණය සමග අද සිදු වෙමින් ඇත්තේ මෙවැනි ගොළුබෙලි තැපැල් සේවා සෙමින් අභාවයට යාමයි. මෙවැනි උපක්‍රම ඒවා වෙත පිවිසෙන පාරි‍භෝගිකයන්රඳවා ගැනීම සඳහා විය හැකි ය. මුද්දරය යනු තව දුරටත් කලින් තිබුණු පන්නයේ එකක් නො වේ. 


ලංකාවේ මිනිස්සු තවමත් මුද්දරය ගැන සිතන්නේ පරණ විදියට ය. ප්‍රංශ මුද්දරයක ප්‍රභාකරන්ගේ රූපය තිබුණා ය කියා ජාතියක් කලබලයට පත් වුණේ ඒ නිසා ය. 


ඊලාම් මුද්දර මුද්‍රණය කර ඇත්තේ මෙම වෙබ් පිටුව හරහා ය. 


ප්‍රංශ තානාපතිවරයා සිද්ධිය පිළිබඳ සමාව ඉල්ලුවත්, එම ඔන්ලයින් සේවාව නම් තවමත් ක්‍රියාත්මක ය.


ඉහත පළ වුණේ ලංකාවේ භයානක සුදු වෑන් පිළිබඳ එම සේවාව හරහා නිකුත් කරන ලද බව සිතිය හැකි තවත් එවැනි 'හිනා යන' මුද්දරයකි. එය තිබුනේ මෙන්න මේ වෙබ් පිටුවේ ය

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

3 අදහස්:

Anonymous said...

In 2007, Moratuwa University recommended all these novel features to reengineer the SL Post service, but the political idiots didnot allow to improve the service. You can see how isolated we are from the world, and it's getting worsen!

Abeysinghe said...

ලෝකේ බලවත් රටවලට පවා ලෝකෙන් තනි වෙලා අද කිසි දෙයක් කරන්න බෑ...තමන්ගේ රටේ මිනිස්සුන්ට ඕන සියලු දේවල් ...සාමය සහ යුද්දය ද ඇතුළුව...මේ වර්ග සැතපුම් විසිපන්දහ ඇතුලින් දෙන්න බැරි බව හොඳට දැන දැන...මේ අයියලා උදේ හවහ ලෝකේ අනිත් රටවලට බැනවදිමින් ස්වාධිපත්‍ය බන්දේසියේ තියල වෙන්දේසි කර කර මේ රටේ ජනතාව ලෝකෙන් තනි කරනවා...

Abeysinghe said...

ලෝකේ බලවත් රටවලට පවා ලෝකෙන් තනි වෙලා අද කිසි දෙයක් කරන්න බෑ...තමන්ගේ රටේ මිනිස්සුන්ට ඕන සියලු දේවල් ...සාමය සහ යුද්දය ද ඇතුළුව...මේ වර්ග සැතපුම් විසිපන්දහ ඇතුලින් දෙන්න බැරි බව හොඳට දැන දැන...මේ අයියලා උදේ හවහ ලෝකේ අනිත් රටවලට බැනවදිමින් ස්වාධිපත්‍ය බන්දේසියේ තියල වෙන්දේසි කර කර මේ රටේ ජනතාව ලෝකෙන් තනි කරනවා...

Post a Comment

ඔබගේ අදහස් පළ කිරීම් අදාළ විෂය පිළිබඳ සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි වගකීමෙන් යුතුව කරන්න.