Posts

Showing posts with the label මුද්දර

ප්‍රංශ කොටි මුද්දරයට ප්‍රචාරක අනුග්‍රහය ලංකා ආණ්ඩුවෙන්

Image
ප්‍රංශ කොටි මුද්දර ප්‍රශ්නය එහෙම පිටින් ම විහිළුවකි.  මුද්දර මුද්‍රණය කිරීම ලංකාවේ ආණ්ඩුවේ ඇස් රතු කළ විහිළුවක් වූ අතර, නො තකා හළ යුතුව තිබුණු තරම් සුළු මුද්දර සංඛ්‍යාවක් මහා ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් කිරීමටත්, කවුරු හෝ කඩාකප්පල්කාරියකුගේ හුදකලා ක්‍රියාවකට දැවැන්ත ප්‍රසිද්ධියක් ලබා දීමටත් ලංකාවේ ආණ්ඩුව සමත් විය.  ලංකාවේ බලධාරීන් සිදු වූ දෙය පිළිබඳ සොයා බැලුවේ මහා කලබැගෑන්යක් ඇති කිරීමෙන් පසු ය. ‍ප්‍රභාකරන්ගේ රුව හා වෙනත් ඊලාම් සංකේත සහිත මුද්දර මුද්‍රණය කර තිබුණේ ප්‍රංශයේ La Poste තැපැල් සේවාව විසින් සිය පාරිභෝගිකයන්ට මුද්දර තමන්ට අවශ්‍ය පරිදි සකසා ගැනීමට හෙවත් කස්ටමයිස් කර ගැනීමට සලස්වා ඇති ඔන්ලයින් සේවාවක් හරහා ය.  මුද්දර සම්බන්ධයෙන් ලෝකයේ ආකල්ප වෙනස් වී ඇති බව මෙයින් පෙනේ. නවීන තාක්ෂණය සමග අද සිදු වෙමින් ඇත්තේ මෙවැනි ගොළුබෙලි තැපැල් සේවා සෙමින් අභාවයට යාමයි. මෙවැනි උපක්‍රම ඒවා වෙත පිවිසෙන පාරි‍භෝගිකයන්රඳවා ගැනීම සඳහා විය හැකි ය. මුද්දරය යනු තව දුරටත් කලින් තිබුණු පන්නයේ එකක් නො වේ.  ලංකාවේ මිනිස්සු තවමත් මුද්දරය ගැන සිතන්නේ පරණ විදියට ය. ප්‍රංශ මුද...