එස්.බී.ට අවහ්‍ය සරසවිවල අවුලක් ඇති තරන්න ද?

(2011 අප්‍රේල් 22, W3Lankaමැයි මාසයේ සිට සරසවියට අලුකින් ඇතූළත් වන සිසුන්ට හමුදාව ලවා නායකත්ව පුහුණුවක් දීමට උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක සැලසුම් කර තිබේ.


සරසවි සිසුන්ට හමුදාව විසින් සපයන නායකත්ව පුහුණුවක් අවශ්‍ය ද යන්න මතභේදයට තුඩු දී ඇත. නායකත්ව පුහුණුවක් සරසවි සිසුන්ට සපයන්නට විශ්ව විද්‍යාල අාචාර්යවරුන්ට බැරි ඇයි?


තමන්ට වන අවමානය පවා නො තකමින් බත් කෑමට හා තමන්ගේ වැටුප් ප්‍රශ්නය ගැන කතා කිරීමට පමණක් කට අරින විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නම් ඊනියා බුද්ධි මණ්ඩලයක් සිටින රටක මෙවැනි විකාර සිදු වීම පිළිබඳ පුදුම විය යුතු නැත.  


අපට වැටහෙන අන්දමට නම්, මේ වනාහි මෙතෙක් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයන් විසින් කරන ලද නවක වධය ද ආණ්ඩුව සියතට ගැනීම සඳහා යොදන උපායකි. සිසුන්ගේ මොළ සෝදා අන්තරේට සහාය දිනා ගැනීම පිණිස සිසුන් නවක වධය යොදා ගන්නා නිසා එය අනෙක් පැත්තට පාවිච්චි කර තමන්ට සිසු සහයෝගය දිනා ගැනීම සඳහා මෙම නව නවක වධය හෙවත් නායකත්ව පුහුණුව යොදා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව පෙනේ.


අයිතිවාසිකම් දිනා ගන්නට තමන් යටතේ සටන් කළ යුතු බවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නවක වධය යොදා ගනිමින් කරන දේශපාලන ප්‍රචාරණය වෙනුවට රස්සාවක් ගන්න නම් ආණ්ඩුවට ගොට්ට අල්ලාගෙන, කියන දෙයක් අසාගෙන, සාන්ත දාන්ත තීන්ත කූඩු ලෙස සිටිය යුතු ය යන බොරුව සිසුන්ට ඒත්තු ගැන්වීමට මෙමගින් හැකි යයි ආණ්ඩුව සිතනවා ‍වන්නට පුළුවන.


එහෙත්, එස්.බී. මේ සැරසෙන්නේ සරසවිවල නැවතත් මහා වියවුලක් ඇති කිරීමට බව පෙනේ. කෙතරම් උත්සාහ කළත්, සරසවිවල කාලාන්තරයක සිට පවතින උප සංස්කෘතිය ප්‍රින්සිපල්ගෙන් ලොකු හාමුදුරුවන්ගෙන් කණේ පාරවල් කන සිසුන් සිටින පාසල් හෝ දහම් පාසල් සංස්කෘතියක් බවට ‍වෙනස් කරන්නට ලැබෙන්නේ නැත. විශ්ව විද්‍යාල උප සංස්කෘතිය නව යොවුන් වියෙන් වැඩිහිටි වියට සංක්‍රමණය වෙමින් සිටින පුද්ගලයාගේ පෞරුෂ වර්ධනය සඳහා සාධනීය ලෙස බලපාන එකක් මිස නිශේධනීය එකක් නො වේ. එහි ඇති ගැටලු වනාහි 100%ක් ම සිසුන්ගේ නො හික්මුණුකම් ලෙස හුවා දක්වන්නට යාම වැරදි ය. ලංකාවේ ඉහළ ම නායකත්වයේ සිට ම ශික්ෂණයේ හා හැදියාවේ බරපතල ගැටලු තිබියදී සරසවි සිසුවාගෙන් බෝ පැළ වන්නැයි ඉල්ලීම තේරුමක් නැත. කන්ද කඩා වැටුණු කල හුඹහ ඉතිරි වන්නේ නැත.


නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වන්දාරමුල්ල පීඨය භූමියේ පිහිටුවා ඇති පොලිස් මුරපොල වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් පසුගිය මාර්තු 30වැනිදා සිට පංති වර්ජනය කරමින් සිටින විශ්වවිද්‍යා‍ල සිසුන් සමග අදාළ ගැටලුව පිළිබඳව ඊයේ සාකච්ඡා පැවැත්වූ උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක "මතක තියාගන්න මේ ඉන්න ඩී.අයි.ජී. මහත්වරු එස්.එස්.පී. මහත්වරු සේරම විශ්වවිද්‍යාලවලට ගිය අය. ඔය ඔක්කොම වගේම තමුන් වහන්සේලා ඔය කරන පිස්සු වැඩ එයාලත් ඒ කාලේ කරලා ඇති. මාත් හොදට පිස්සු කෙළපු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. පොලීසිය එපා කියලා හුඟක් දඟලන්න ගියොත් හමුදා යුනිට් එකක් ගේනවා. ඒක එපා කිව්වොත් නේවි යුනිට් එකක් ගේනවා. ඒක එපා කිව්වොත් එස්.ටී.එෆ්. එක ගෙනත් දානවා," යි පැවසූ බව සිරස වාර්තා කළේ ය.


සරසවි සිසුන් වනාහි පිස්සු කෙළින්නන් පිරිසකැයි ඇමති එස්.බී. දිසානායක සිතමින් සිටින බව පෙනේ. තමන්ගේ ස්වභාවය හා තමන්ට තේරෙන තරම අනුව සියල්ල විනිශ්චය කරන්නට යාම ඔහුට වැරදී ඇති තැනයි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. එස්බියා මෑතක සිට කියන වාචාල, තර්ජනාත්මක, අමන, කතා දෙස බලනවිට මට හිතෙන්නේ මූව මෙහෙයවන්නේ, මෙි ලෝක අධ්‍යාපනයක් නැති කප්පං ආචාරි මැරවියා කියලයි. බලන්න නැවත වරක් පින්තූරය දෙස, මුන්දෙන්නා කොයිතරමි හොඳට ගැලපෙන තකතීරුවෝ දෙන්නෙක්ද කියලා. පුදුමයට හේතුව වන්නේ, ගමෙි ගොවි ගෙදරකින් ඇවිත්, නිදහස් අධ්‍යාපනය ඔස්සේ උපාධිධාරියෙක් වූ එස්බී, අද, කිසිදු අතීතයක් හෝ අනාගතයක් නැති කුලු හරකෙක් සමග පෑහීමයි.

    ReplyDelete
  2. Pissu kelina sarasavi shishyayoth innava.

    ReplyDelete
  3. විශ්ව විද්‍යාල කොල්ලන් ගැන අමුතු සත්ව කරුනාවක්
    එස්.බී. දිසානායකගේ සරසවි සිසුන්ට හමුදා කඳවුරු තුල දීමට යන පුහුනුව නිසා දැන් අනවශ්‍ය කලබැගෑනියක් ජේවීපී හිතවාදින් විසින් අරඹා ඇත.
    මෙවැනි බොරු ජර මර ඇති කිරීමට කලින් වෙනත් දියුනු රටවල පාසැල් අධ්‍යාපනයෙන් පසුව සිසුන්ට ලබා දෙන අනිවාර්ය යුධ පුහුනුව ගැන ඔබ නොදන්නා බව පෙනී යයි.
    මා දන්නා තරමින් අනිවාර්ය යුධ සේවා පණත දැනටමත් අපේ නීති පොතට ඇතුලත්වී ඇත.යෝජිත නායකත්ව පුහුනුව උක්ත සඳහන් පුහුනුව නොවන බව සැබෑය.එය නායකත්ව පුහුනුවක් පමනි.එහෙත් වඩාත් සුදුසු වන්නේ සියළුම සරසවි සිසුන්ට හා වෙනත් අයට වසර 1 1/2 ක වත් අනිවාර්ය යුධ සේවා පුහුනුවක් හමුදා කඳවුරු තුළදී ලබා දීමය.
    දැනට ජර්මනිය වැනි රටවල මෙය ක්‍රියාත්මකයි.බොහෝ බටහිර යුරෝපීය රටවල මෙය ක්‍රියාත්මකයි.ඊශ්‍රායලය වැනි රටවල අනිවාර්ය පුහුනුවෙන් පසුව ස්වෙච්ඡා සේනාංකවලට ඇතුලත් කර ගැනීම සිදු කෙරේ.එවැනි රටවල විශාල නිත්‍ය හමුදා නොමැත. අවශ්‍ය අවස්ථා වලදී කැඳවනු ලබන්නේ ස්වෙච්ඡා හමුදා සාමාජිකයන්වය.
    ලංකාවේද මෙම ක්‍රමය අනුව සරසවි සිසුන් අවශ්‍ය පුහුනුවෙන් පසුව ස්වෙච්ඡා සෙනාංකවලට ඇතුලත් වන පරිදි මෙම පුහුනුව අදාල වෙනස් කම් ඇති කල යුතුයයි මම යෝජනා කරමි.
    දැනට සමහර සරසවි තුල සිදුවන මානසික රෝගින්ගේ ක්‍රියාකාරකම්ද මේ නිසා සදහටම නැතිවී යනු ඇත.
    තවද පාරවල් වල බෝඩ් අල්ලා ගෙන කැගසන හා දේශපාලන පක්ෂ අරමුදල් සඳහා ටිකට් විකිනීම වැනි දෙකේ පංතියේ වැඩද මේ නිසා නැතිවී යනු ඇත.
    ඇමතිවරයාගේ තීරනය එකහෙලා අනුමත කරමු.

    ReplyDelete
  4. අහෝ ජනතා පුත්‍රයාණෙනි, ඔබවහන්සේ කොතරමි ගොන්වහන්සේ කෙනෙක්ද යන්න සිතාගත නොහැකිව, මම ඔඛෙි අදහස් ගොන්න කියවා මුලින්ම සෑහෙන වෙිලාවක් සිනාසුනෙමි. දෙවනුව හැඩුවෙමි. සිනාසුනේ නුඹවහන්සේගේ අමන මරිමෝඩ ඔලමොටිටල දැණුම හා අනිවාර්ය යුද පුහුණුව යනු කෝකටත් තෛලය වැනිදෙයකැයි සිතා සිටීම පිළිබඳවය. හැඩුවෙි නුඹවැනි වහන්දෑලා තව බාන් කීපයක් බලයට පත්වුවහොත් රටට කුමක්ම වෙිදැයි සිතා ය. උපාධිධාරියකු වන මම අද ද ශ්‍රී ලංකා යුද හමුදාවෙි ඉහළ නිළයක් හොබවමි. අනිවාර්ය යුද පුහුණුව ඉතා හොඳ බව සැබෑය. එහෙත් එය කි්‍රියාත්මක වියයුත්තේ දේශපාලන අභිමථාර්ථ, කාල සටහන්, පුද්ගලාභිවාදන, පමිපෝරි, අධික ප්‍රචාරක වියදමි, පිමිබිලි, ඉස්සිලි, වලින් තොරවය. මෙි රටෙි අද ඒ ලෙස නොකෙරෙන්නේ ලමයකු වැදීම පමණි. ඉන්පසු ඒ පැටියා අමන දේශපාලන නියමයන්ට යටත්වෙයි. යුද පුහුණුවෙිදී විශ්ව විද්‍යාල රැග් එකට වඩා දැඩි දඩුවමි දෙන බව ඔබ දන්නවාද? යුද පුහුණුවෙිදී එය දරාගැනීමට අපහසු වන්නන්, පැනයාම නිසා අත්අඩංගුවට ගැනීමෙි අවදානමට යටත්ව ජීවිත කාලය පුරා සිටින්නට සිදුවීම හෝ අධික වෙහෙස නිසා අර්ධකාලීන/පූර්ණකාලීන ආබාධිත තත්වයට පත්වීම හෝ මරණය හෝ සිදුවියහැකි බව ඔබ දන්නවාද? මෙි පිළිබඳව ජාත්‍යන්තර දත්ත ඔබ සතුව තිඛෙිද? සියලු විශ්ව විද්‍යාලවල මූලික පහසුකමි ප්‍රශස්ත මටිටමකට ගෙන, ඉන්පසු විවි සිසුන්ට කියන්න දැන් තොප ඉල්ලූ අධ්‍යයන අනධ්‍යයන සියලු පහසුකමි විශිෂ්ට නොවුනත් ප්‍රශස්ත මටිටමක ඇත. දැන් කට ද පුක ද වසාගෙන ඉගෙන ගනියවි කියා. මෙය අර හමුදා පුහුණුවට වඩා වියදමි අඩුය. ඊලගට සියලු පාසල් දරුවන්ට (10,11,12,13, ශ්‍රේණි) ශිෂ්‍යභට පුහුණුව අනිවාර්ය කරන්න. අද පාසල් සිසු විනය ගැන කවර කථාද මහතාණෙනි.

    ReplyDelete
  5. ජනතා පුත්‍රයාගේ අම්මා තමයි යවන්න ඕන හමුදා පුහුනුවට.

    ReplyDelete
  6. ඇනෝ 01 ට
    සුපුරුදු සිංහල අඩපාලියට පසුව ඔබ මෙසේ කියයි 'අනිවාර්ය යුධ පුහුනුව ඉතා හොඳ බව සැබෑය ' අනතුරුව මෙසේ කියයි ' යුධ පුහුනුවේදී ......ආබාධිතවීම හෝ මරනය සිදුවිය හැකි බව ඔබ දන්නවාද ? මේ පිළිබඳව ජාත්‍යන්තර දත්ත ඔබ සතුව තිබෙනවාද?
    සත්තකින්ම නැත'. එහෙත් සරසවිවල හා වෙනත් උසස් අධ්‍යාපන ආයාතනවල මානසික රෝගීන් විසින් සිදුකල ක්‍රියාකාරකම් නිසා සදාකාලිකව ආබාධිතවූ හා මෙලොවින් සමුගත් අපේ දූ දරුවන් පිලිබඳව නම් දත්ත මා සතුව ඇත. ඒවායින් එකක් දෙකක් පමනක් පහත දැක්වේ.
    + පේරාදෙනිය සරසවියේ හිල්ඩා නේවාසිකාගාරයේ උඩුමහලින් (වැරදි නම් නිවැරදි කරන්න )බිමට පැනීම නිසා සදාකාලිකවම ආබාධිතවූ ශ්‍රී ලාංකීය දියනිය ගැන ඔබට මතකද? ඇය බිමට පැන්නේ සිය දිවි නසා ගැනීමට නොවේ! ශ්‍රී ලාංකීය ගැමි සමාජයේ සෑම තරුන ලඳක් විසින්ම රැකිය යුතු බවට සම්මතවූ සාරාධර්මයක් රැක ගනු සඳහාය!! ඇයට මෙම අපරාධය සිදු කල මානසික රෝගීන් සදාකාලිකවම අංගොඩ මානසික රෝහලට යැවිය යුතුව තිබින!!!
    + මෙයට අමතරව උසස් අධ්‍යාපන හා වෙනත් ආයාතනවල මානසික රෝගීන්ගේ ක්‍රියාකාරකම් නිසා දැනට අඩු වශයෙන් මරන දෙකක්වත් සිදුවී ඇත.
    + අග නුවරට ආසන්න එක්තරා සරසවියක මානසික රෝගීන් විසින් සිදුකල ක්‍රියාකාරකම් සොයා බැලීම සඳහා එවකට බලයේ සිටි සිරිමා බංඩාරනායක රජය විසින් කොමිෂන් සභාවක් පත් කෙරින. එම වාර්තාව කියැවූ බලධරයෝ භීතියට පත්වූහ. එය ප්‍රසිද්ධ කිරීමට තීරනය කර රජයේ මුද්‍රණාලය වෙත යැවින.එහෙත් එය පිට කෙරුනේ නැත. රහසින් පිට කෙරුන වර්තාවේ එක් පිටුවක් කියවීමට ජනතා පුත්‍රයාට හැකි විය! එහි සඳහන් වූ දේ මෙහි සඳහන් කල නොහැකි තරම් ජුගුප්සාජනකය.
    මෙරටේ දු දරුවන් මානසික රෝගීන්ගේ ග්‍රහනයෙන් මුදා ගැනීම සඳහා අනිවාර්ය යුධ පුහුනුව හොඳ උපාය මාර්ගයකි!
    කෙසේ වතුදු හමුදා කඳවුරු තුලදී දැනට ලබා දීමට නියමිතව ඇත්තේ නායකත්ව පුහුනුවක් පමනි. එහෙත් එය අනිවාර්ය යුධ පුහුනුවක් දක්වා වර්ධනය කල යුතු බව මම නැවතත් කියමි.

    ReplyDelete
  7. mulinma military training denna one SB la wage amathy horunta. etakota unge olu pedila lankawe minissunta wedak ati dewai karawi. mokakkda me gollanta tyena pissuwa pitarata tiyena hema deyakma lankawet hadanna oneda? ai me minissunta beri alutin deyak hitala karanna? parliment inne copy& paste karana pirisak neda?

    ReplyDelete
  8. පැහැදිලිවම මෙය මහින්ද චින්තන පුහුණු වැඩසටහනක්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා