ෆේස්බුක්හි වයිරල් වුණ විකල්ප මිනිසකුගේ කතාව
අන්තර්ජාලයේ සාමාන්‍යයෙන් වයිරල් වන දේවලට වඩා වෙනස් දෙයක් වයිරල් වී තිබෙනු දුටුවා. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කතා වයිරල් වීම සුලබයි. ඒත්, බොහෝ දෙනෙක් මේ වීඩියෝව ෆේස්බුක්හි බෙදාගෙන තිබුණේ මේ කතා කරන පුද්ගලයා කවුරුදැයි නො දැනයි. එහි පළ වූ අදහස් දැක්වීම් අතරේ මම මෙම පුද්ගලයා රජරට සේවයේ ප්‍රේම රංජිත් විජේවික්‍රම බව කියා පළ කළ අදහසටත් 26දෙනෙක් කැමැත්ත පළ කර තිබුණා. මේ වීඩියෝව බෙදාගෙන තිබෙන සංඛ්‍යාව 4600ටත් වැඩියි. කැමැත්ත පළ කර ඇති සංඛ්‍යාව1200කට ආසන්නයි. අදහස් 260කට වඩා පළ කර තිබුණා. මේ කතා කරන්නේ දැනට කොළඹ ගුවන් විදුලියේ සංගීත පාලක ලෙස සේවය කරන ප්‍රේම් රංජිත් විජේවික්‍රම. මට ඔහු මුලින් ම හමු වුණේ රජරට සේවයේ කෙටි කලක් නිවේදකවරයකු ලෙස සේවය කරද්දීයි. එක් සේවා මුරයක මා නිවේදකව සිටියදී ඔහු ක්‍රියාකාරී සහායක ලෙස වැඩ කළා මට මතකයි. එතකොටත් ඔහු රජරට සේවයේ සංගීත පාලක. ප්‍රේම් රංජිත් විජේවික්‍රම තමයි, දැන් සුනිල් එදිරිසිංහ ගායනා කරන, මහින්ද චන්ද්‍රසේකර ලියූ ප්‍රසිද්ධ ගීයක් වන 'පැන මඩ කඩිති වැව් තාවුල් වැහි කාලේ' ගීය මුලින් ම ගායනා කළේ. තනුව වෙනස්. ඒ පටිය තවමත් රජරට සේව...