Posts

අවතැන් වූ ජනයා වැස්සෙනුත් යළි අවතැන්

Image
(අගෝස්තු 15, 2009 - W3Lanka) අධික වර්ෂාපතනය ‍හේතුවෙන් වවුනියාවේ ඇතැම් අවතැන් කඳවුරුවල වතුර එක් රැස් වීම හේතුවෙන් ජනතාව මහත් දුෂ්කරතාවට පත් වී සිටින බව වාර්තා වේ. ඇතැම් තැන්වල අඩියක් පමණ වතුර පිරී ඇති බව ද, ඒ හේතුවෙන් ඇතැම් කඳවුරු වැසියන්ට කූඩාරම්වල රැඳී සිටීමට හා ආහාර උයා පිහා ගැනීමට නොහැකි වී තිබෙන බව ද වවුනියා දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සිවශක්ති ආනන්දන් බී.බී.සී සංදේශය වැඩසටහනට පැවසීය. නැවත පදිංචි කිරීම් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් පවසන්නේ වැසි නිසා අවතැන් වූ අවතැන් වූවන් වෙනත් තැන්වලට යවා ඇති බව හා ආහාර උයා පිහා ගත නොහැකි වූවන්ට පාන් සපයා ඇති බවයි. (ඡායාරූපය නියං සමයේ කඳවුරු ළිඳක් අසල දර්ශනයකි - Thanks to AP)

වැටත් නියරත් ගොයම් කති; පොලිසියේ සමහරු රිමාන්ඩ්; සමහරු මාරු; තවත් සමහරු........

(අගෝස්තු 15, 2009 - W3Lanka) පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයින් දෙදෙනකු සිරමැදිරියෙන් ඉවතට රැගෙනගොස් වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අඟුලාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුබේදොර ජීට් නිව්ටන් සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් හතර දෙනෙකු අගෝස්තු 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂ සේතුංග මහතා නියෝග කර ඇත.  මෙම කොස්තාපල්වරුන් සිව්දෙනා වම් ඉවුර, යාය 3 මහාවිලච්චිය, කැලේදිවුල්යාය, මහාඉලුප්පල්ලම, හල්පිටිගල ජනපදය, දෙවන පියවර, ගාල්ල, මල්ලිකා මාවත, උදාකළ ගම්මානය , ඇඹිලිපිටිය යන සාමාන්‍යයෙන් නම් පීඩිත ජනයාට හිමි යයි සිතිය හැකි ලිපිනවල පදිංචිකරුවන් බව නිරීක්ෂණය කරන ලදී.  මෙම නිලධාරීන් අතින් මිය ගිය බවට සැක කෙරෙන පල්ලිය පාර අඟුලාන පදිංචි මුතුසේබස්තියන්ගේ දිනේෂ් තරංග ප්‍රනාන්දු ඔහුගේ හිසට සහ පපුවට වෙඩි වැදීම නිසාත්, මහජන මාවත අඟුලාන පදිංචි ගෝනියමාලිමගේ ධනුෂ්ක උදයංග ඔහුගේ පපුවට හා දකුණු කකුලේ කලවට වෙඩි වැදීම නිසාත් මියගොස් ඇති බව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාවේ ...

පොලිසියේ වැරදිවලට දඬුවම් නැතැයි කවුරුද කියන්නේ? මෙන්න මිනීමැරුම් සැකකරුවන්ට ස්ථාන මාරු

Image
(අගෝස්තු 14, 2009 - W3Lanka) තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මරා දැම්වේ යයි චෝදනා ලැබ ගල් මුල් ප්‍රහාරයට ලක් වූ අඟුලාන පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී. එම්. ඩී. නිව්ටන් ඇතුලු නිලධාරීන්ට  ස්ථාන මාරු ලැබී තිබේ. මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක සිසුවාට පහර දීමට සම්බන්ධ වූ නිලධාරීන් පහකට ද පොලිසිය ස්ථාන මාරු ලබා දී ති‍බේ. ඝාතනයට ලක්ව ඇත්තේ අඟුලාන සමූපකාරය අසල පදිංචි ධනුෂ්ක උදයකුමාර (21) හා දිනේෂ් තරංග (27) නමැති තරුණයන් දෙදෙනාය. මේ දෙදෙනා ඊයේ (13) අලුයම 2.30ට පමණ අඟුලාන පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් පැමිණ අත්අඩංගුවට ගත්බව ප්‍රදේශවාසීහු පවසති. පසුව ඔවුන්ගේ මළ සිරුරු ඊයේ උදෑසන අඟුලාන පොලිසිය ආසන්නයේ පිහිටි පාලම අසල හා දුම්රිය මාර්ගයේ තිබී සොයාගෙන තිබිණි. ඔවුන්ගේ පාද වලට හා පපුවට වෙඩි තැබීමෙන් තුවාල සිදුව තිබෙන බව පොලිසිය සඳහන් කරයි. අඟුලාන පොලිසිය මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ මෙම තරුණයන් ප්‍රදේශයේ කාන්තාවකට විහිළු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මුදා හැරි බවයි. මියගිය තරුණයන් පාතාල කණ්ඩායමක සාමාජිකයන් බවත්, සැකකරුවන් දෙදෙනා වෙනත් කණ්ඩායමක් ...

උතුරු දුම්රිය මාර්ගය හදන්න මහජන මුදල් සම්මාදමේ; ප්‍රතිරූප හදන්න ලක්ෂ 100ක දැන්වීමක්

Image
(අගෝස්තු 14, 2009 - W3Lanka) උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන ඉදි කිරීම සඳහා පාසල් සිසුන්, රජයේ සේවකයන් ඇතුළු මහජනයාගෙන් මුදල් සම්මාදම් කරමින් සිටින රජය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විනාඩි 03ක රූපවාහිනී ප‍්‍රචාරක දැන්වීමක් නිර්මාණය කිරීම සඳහා ප‍්‍රවාහන අමාත්‍යවරයාගේ උපදෙස් මත ලක්‍ෂ 100කට වැඩි මහජන මුදලක් වැය කරමින් සිටින බව දුම්රිය සේවක අයිතීන් හා දෙපළ සුරැකීමේ සංවිධානය පවසයි.  මෙම ප‍්‍රචාරක දැන්වීම නිර්මාණය කිරීම කිරීම සඳහා පුද්ගලික ආයතනයකට බාරදී ඇති අතර නවාතැන්, කෑම්බීම් ගමන් වියදම්, අතිකාල ලබාදෙමින් 200කට ආසන්න කාර්ය මණ්ඩලයක් ද ප‍්‍රයෝජනයට ගෙන ඇති බව ද එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ. මෙම ප‍්‍රචාරක දැන්වීම සඳහා එම්. 8 වර්ගයේ දුම්රිය එන්ජින් දෙකක් ද, දුම්රිය මැදිරි 13ක්ද, බඩු දුම්රිය පෙට්ටි කීපයක්ද, වායුසමනය කළ විශේෂ දුම්රියක් ද මෝටර් ට්‍රොලයක්ද යොදා ගෙන ඇති බැවින් මේ වනවිට බඩු ප‍්‍රවාහන දුම්රිය කීපයක් නතර වී ඇති අතර දුම්රිය ප‍්‍රමාදය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩු සිදු වන බව ද දුම්රිය සේවක අයිතීන් හා දෙපළ සුරැකීමේ සංවිධානය පවසයි.  උතුරු දුම්රි...

බලහත්කාර අනුකලනය ද? සැබෑ ලාංකික ජාතියක් ගොඩනැඟීම ද?

(අජිත් පැරකුම් ජයසිංහ) රජය විසින් ‍පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නව මැතිවරණ නීති යටතේ වාර්ගික හා ආගමික ප්‍රජාවන්ගේ අනන්‍යතාව ප්‍රකාශ කරන පක්ෂවලට තම නම සංශෝධනය කිරීමට හෝ නොඑසේ නම් ලියාපදිංචිය අවලංගු වීමට මුහුණ දීමට සිදු වනු ඇත. මෙම අලුත් නීති අනුව කිසිදු දේශපාලන පක්ෂයකට වාර්ගික හෝ ආගමික අනන්‍යතාවක් ප්‍රකාශයට පත් වන නමක් භාවිතා කළ නොහැකි වේ. යම් පක්ෂයක් එවැනි නමක් භාවිතා කරන්නේ නම් වසරක් ඇතුළත නම සංශෝධනය කර ලියාපදිංචිය සඳහා නැවත අයදුම් කළ යුතු ය. වාර්ගික අනන්‍යතාව ප්‍රකාශ කරන නම් ඇති දේශපාලන පක්ෂ අතරින් බොහොමයක් සුළුතර ජාතීන් නියෝජනය කරන පක්ෂ වෙති. 'දෙමළ,' 'මුස්ලිම්' යන වචන දේශපාලන පක්ෂ රැසක නම්වල භාවිතා වන අතර, සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂය, සිහළ උරුමය හා ජාතික හෙළ උරුමය ආදී පක්ෂවල නම්වලින් බහුතර ජාතියේ වාර්ගික අනන්‍යතාව ප්‍රකාශයට පත් වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආදි කර්තෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බංඩාරනායක සිය දේශපාලන ගමන් මග හෙළි පෙහෙළි කර ගත්තේ ද සිංහල මහ සභාව නම් දේශපාලන ව්‍යාපාරයක් හරහා ය. වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ සුළුතර ජාතීන්ගේ දේශපාලනඥයන් එක්සත්...

නිපුනට පහර දුන් අය තවමත් නිදැල්ලේ

Image
(අගෝස්තු 13, 2009 - W3Lanka ) කැම්පස් එකක කොල්ලන් දෙදෙනෙකු ගුටි ඇණ ගැනීම සාමාන්‍ය සිද්ධියක් වුවත්, මාලබේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්‌ෂණ ආයතනයේ ඉගෙනුම ලබන නිපුන රාමනායක ශිෂ්‍යයාට කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වාස්‌ ගුණවර්ධන මහතාගේ පුතා, බිරිඳ හා තවත් අය විසින් පහර දීමේ සිද්ධිය දැන් ජාතික ප්‍රශ්නයක් බවට පත් වී තිබේ.   එයට හේතුව, පොලිස් පුතා සිය සතුරාගෙන් පළිගැනීමට රාජ්‍යයේ නිල මර්දන යන්ත්‍රය වන පොලිසියේ තාත්තා සතු බලය ද උපයෝගී කර ගැනීමයි.  දැන් මේ ප්‍රශ්නය පිළිබඳ රජයේ ප්‍රබල ඇමතිවරයකු වන ඩලස් අලහප්පෙරුම ද, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද කතා කර තිබේ. මේ පිළිබඳව දිවයින පුවත්පතට අදහස්‌ දක්‌වමින් ආරක්‌ෂක ලේකම්වරයා කියා සිටියේ තමාට සහ ජනාධිපතිවරයාට ශිෂ්‍යයකුට පහරදීමක්‌ ගැන සොයා බලනවාට වඩා ත්‍රස්‌ත නායකයකු වන කේ. පී. අත්අඩංගුවට ගැනීමෙන් පසු ජාත්‍යන්තරය සමඟ භාරදූර කාර්යයන් රැසක්‌ කිරීමට තිබෙන බව හා යම් සිද්ධියකට සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් නියෝජ්‍ය පොලිස්‌පතිවරු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි...

තඹලවැන්නා යළි සොයා ගනියි

Image
(අගෝස්තු 13, 2009 - W3Lanka ) තඹලවැන්නා නම් වඳ වී යමින් සිටින දුර්ලභ මිරිදිය මත්ස්‍යයා ජීවත්ව සිටින බව ජාතික ජලජ සම්පත් ආයතනයේ පර්යේෂකයන් පිරිසක් විසින් පසුගිය දෙසැම්බරයේදී සොයාගෙන තිබේ. Red finlabeo or Orange finlabeo,Labeo Lankae යන ජීව විද්‍යාත්මක නම්වලින් හැඳින්වෙන 1952දී ආචාර්ය පෝල් දැරණියගල විසින් හඳුනාගන්නා ලද මෙම මාළුවා 1980න් පසු සොයාගැනීමට අපහසු වී තිබිණි.  1987දී ලෝක සංරක්ෂක සමාජය විසින් වඳ වී යමින් සිටින ජීවීන්ගේ ලේඛනයට එක් කරනු ලැබූ මෙම මාළුවා පසුගියදා යළි හමු වී ඇත්තේ නකල්ස් කඳුවැටියේ අඹන් ගඝේ අතු ගංගාවක සිවිද්දී ය.  හොඳින් ඔක්සිජන් හා සෙවණ සහිත ලොකු ජලාශ ප්‍රිය කරන තඹලවැන්නාගේ පැවැත්ම වන විනාශය, කෘෂි රසායන භාවිතය හා ආක්‍රමණික නව මසුන් හඳුන්වාදීම වැනි හේතු නිසා අනතුරට ලක් වී ඇති බව මාළුවා නැවත සොයා ගත් නාරා පර්යේෂණ කණ්ඩායමේ නායිකා රමනි ශිරන්තා පවසයි. පහළ රූපයේ ඇත්තේ තඹලවැන්නා සිටි තැනයි.

ග්‍රාමසේවක හමු වන්න ගෙවල් ගානේ බඩ ගෑ කාලය ඉවරයි; ඔන්න දැන් එයා කන්තෝරුවේ

(අගෝස්තු 13, 2009 - W3Lanka) ඔබේ ගමේ ග්‍රාමසේවා නිලධාරිවරයා හමු වීම ඔබට බොහෝ විට දුෂ්කර කාර්යයක් වන්නට පුළුවන්. කාර්යාලයක් තිබුණත් ග්‍රාමසේවා නිලධාරිවරයා එහිදී දකින්නට ලැබෙන්නේ හාවා හඳ දකින්නා සේ ය. හදිසියකට ඔහු හමු වීමට ඇතැම් විට ගෙවල් ගානේ පමණක් නොව හොර පොට් ගානේත් යන්නට වන බව බොරුවක් නොවේ. මේ ගැන ලැබුණු මහජන පැමිණිලි නිසා රජය දැන් ග්‍රාමසේවා නිලධාරිවරයා අනිවාර්යයෙන් ම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දිනවල පෙ.ව. 8.30 සිට 11.00 දක්වාත්, සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 දක්වාත් සිය කාර්යාලයේ රැඳී සිටිය යුතු බවට නීතියක් පණවා තිබේ. මෙම වේලාවලට ග්‍රාමසේවා නිලධාරීන් කාර්යාලයට නොකැඳවන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ද උපදෙස් දී තිබේ.  එසේම, කාර්යාලයේ රැඳී නොසිටින්නේ නම් ඒ බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දී සේවාදායකයන්ගේ දැනගැනීම පිණිස කාර්යාලයේ දැන්වීමක් ද තැබිය යුතු බවට උපදෙස් දී තිබේ. මෙම නීති ද අනෙක් නීති මෙන් ම ක්‍රියාත්මක නොවී අක්‍රිය වීමට ඕනෑතරම් ඉඩ තිබේ. ක්‍රියාත්මක කරවා ගැනීමේ වගකීමක් මහජනතාවට ද තිබේ.

පොලිසියට වහාම බූට්ස් දෙනු! පයින් ගැසීමේදී පාවිච්චි නොකරන ලෙස උපදෙසුත් දෙනු!

Image
(අගෝස්තු 12, 2009 - W3Lanka) ලංකාවේ පොලිස් නිලධාරීන්ට වසර පහකින් නිල සපත්තු ලබා දීම නිසා ඔවුන් පරණ සපත්තු ඇඳගෙන කිලෝමීටර් ගණන් පයින් යමින් දුක සේ රාජකාරි කරන බව ද, ඇතැම් විට, අතින් ගෙවා සපත්තු මිළ දි ගන්නට සිදු වන බව ද අද 'දි අයිලන්ඩ්' පුවත්පත වාර්තා කළේ ය. මෙම අසාධාරණයට වහා විසඳුම් දී නිසි පරිදි වාර්ෂිකව පොලිස් නිලධාරීන්‍ට සපත්තු ලබා දෙන ලෙස මහජනතා‍ව වෙනුවෙන් අපි ඉල්ලා සිටිමු. එසේම, රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙසමයේ පයින් ගැසීම වැනි කටයුතුවලදී රජයේ සපත්තු භාවිතා කර ඒවාට හානි කර නොගන්නා ලෙස ද ජනතාව පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

එල්.ටී.ටී.ඊ. ඉතිරිය මර්දනයට කේ.පී. - ගෝඨා සැලැස්මක්

Image
(අගෝස්තු 12, 2009 - W3Lanka) දේශීයව හා විදේශීයව ඉතිරි වී තිබෙන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවි සැපයුම්, ව්‍යාපාර, අරමුදල් රැස්කිරීම් හා සංවිධාන ජාලය මර්දනය කිරීම සඳහා සැලසුම්වලට පසුගියදා අල්ලා ගන්නා ලද කොටි සංවිධානයේ නව නායක කේ.පී. හෙවත් කුමරන් පත්මනාදන් හෙවත් සෙල්වරාසා පත්මනාදන්ගේ සහයෝගය ලැබෙමින් තිබෙන බව නිල නොවන ආරංචි මාර්ග පවසයි. කේ.පී. ලංකාව‍ට රැගෙන ඒමෙන් පසු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඔහු පෞද්ගලිකවම හමු වී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.  කේ.පී. රජයේ අත්අඩංගුවට පත් වීම ද ඔහු හා ලංකාවේ රජය අතර ඇති වූ හෙළිදරව් නොවුණු අවබෝධයක් මත සිදු වූවක් බවට ද කටකතා පැතිර යමින් තිබේ.  කෙසේ වෙතත්, රජය මේ වන විට එල්.ටී.ටී.ඊ. සංවිධානයට මෙන් ම දෙමළ බෙදුම්වාදයට ද යළි මතු වීමට තිබෙන ඉඩ ප්‍රස්ථා සම්පූර්ණයෙන්ම පාහේ යුදමය වශයෙන් මර්දනය කිරීම සදහා සැලසුම් සකස් කර තිබේ.

නව මැතිවරණ නීතිවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තහනම්

Image
(අගෝස්තු 12, 2009 - W3Lanka) රජය විසින් ගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අවලංගු විය හැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් නිසාම් කාරියප්පර් පෙන්වා දෙයි.  හඳුන්වා දීමට යන නව මැතිවරණ නීති අනුව, එක ළග මැතිවරණ දෙකකට තරග නොකළ දේශපාලන පක්ෂවල පිළිගැනීම අවලංගු කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට ලැබේ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1994න් පසු කිසිදු මැතිවරණයකට තරග කර නැත. ඒ වෙනුවට එම පක්ෂය වෙනත් පක්ෂ හවුල් කරගෙන සන්ධාන පිහිටුවාගෙන මැතිවරණවලට තරග කළේය.  උක්ත කාරණයත්, වාර්ගික හා ආගමික අනන්‍යතාව ප්‍රකාශ වන නම් යොදාගැනීම දේශපාලන පක්ෂවලට තහනම් කිරීමත් යන කාරණා පදනම් කරගෙන මෙම නව මැතිවරණ නීති සංශෝධන පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ලංකා සමසමාජ පක්ෂය වැනි පක්ෂ කීපයක් සූදානම් වෙමින් සිටියි.