මායාදුන්නේට කළ අපහාසය හා රාජ්‍ය සේවයේ අනාගතය
සුනිල් කන්නන්ගර, හිටපු ජ්‍යේෂ්ට පරිපාලන නිලධාරි ප්‍රියන්ත මායාදුන්නේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට කළේ යැයි කියන ප්‍රකාශය මගින් ඔහුට තවත් බලවත් අගතියක් සිදු කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ 2011ජ්‍යාත්‍යන්තර සමුපකාර දිනය සැමරුම් උත්සවය පැවැත්වීමේදී සමුපකාර අරමුදලින් රුපියලි මිලියන 183ක් වැය කිරීම පිලිබඳ චෝදනාවක් මත ඔහුව අත්අඩංගුවට ගත් බවයි. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව මායාදුන්නේ මහතාව අධිකරණයට ඉදිරිපත් කරමින් මහේස්ත්‍රාත් උසාවියට පෙන්වාදී ඇත්තේ ඉහත උත්සවයේ ප්‍රවාහන පහසුකම් සැපයීමේදී රුපියල් ලක්ෂයක මුදලක් අවභාවිතාවීමක් ගැන මායාදුන්නේ මහතා වගකිවයුතු බවය. ඒ අනුව රුපියල් ලක්ෂ දෙකක ඇප බැඳුම් කරයක් මත මායාදුන්නේ මහතා නිදහස් කිරීමට මහේස්ත්‍රත්තුමා නියෝග කර ඇත. දැනට සැකපිට අත්අඩංගුවට ගෙන එසේ නිදහස් කෙරුනු මායාදුන්නේ මහතාට එරෙහිව චෝදනා ගොනුකර නඩු පවරන්නේද නැතිද යන්න ඉදිරියේදී දැන ගත හැකිවනු ඇත. කෙසේවුවත් පොලිස් මාධය ප්‍රකාශකවරයා මේ සිද්ධිය ගැන මාධ්‍යට කළ ප්‍රකාශය නම් අනිවාර්‍යෙන්ම හෙලා දැකිය...