Posts

Showing posts from 2025

අර්ධ සුඛෝපභෝගී බස් තහනමට වෙච්ච දේ

Image
  අන්තර් පළාත් බස් රථ සඳහා නිකුත් කර ඇති බලපත්‍ර 430ක් අහෝසි කර, ඒවා වෙනත් සේවාවන් බවට පත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගත් තීරණය වළකාලමින් අභියාචනාධිකරණය 2023 ජූනි 30 අතුරු නියෝගයක් නිකුත් කළේය. බස්වල යන මගීහු අර්ධ සුඛෝපභෝගී යයි කියන බස්වලින් කරන අසාධාරණය හොඳින් දනිති. නොදන්නා අයගේ දැනගැනීම සඳහා කියන්නේ නම්, මෙම ඊනියා අර්ධ සුඛෝපභෝගී බස් හා ලොරි චැසි මත බොඩි ගැසූ වෙනත් බස් අතර ඇත්තේ එකම එක වෙනසකි. එනම්, බෝඩ් ලෑල්ල නිල්පාට වීම පමණි. නැග්ගාම ගමන් ගාස්තුව සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාරගුණයකි. හිටගෙන අධික තදබද වී ගමන් කිරීම සාමාන්‍ය තත්වයකි. මෙමගින් ඉහළ ආදායම් ලැබෙන ජාවාරම්කරුවන් පිරිසට මෙම බලපත්‍ර රැකගැනීමට අවශ්‍යය. එහෙයින් හොඳ නීතීඥයන් අල්ලා නඩු පවරා ඇත. අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. ඉන් පසු කිසිදු මාධ්‍යයක් මෙම නඩුවට සිදු වූයේ කුමක්දැයි සොයා බැලුවේ නැත. මේවා පසුබිමේ තව මොන මොන සෙල්ලං වෙනවාදැයි බුදු අම්මෝ මං නම් දන්නේ නැත. එහෙම වීම ඉතින් මේ රටේ හැටිය. ඕවා හොයන්නට ගියොත් හිරේ විලංගුවේ ලගින්නට හා මැරුං කන්නට වෙනවාය. බස් මාෆිය...

අවාසනාවට රෝස මලත් පරවේ

Image
  අජිත් පැරකුම් ජයසිංහ හරි ටීවී එක්ක පරණ සාකච්ඡාවකදි අනුර කුමාර දිසානායක කියනවා කුරුණෑගලින් එහාට එයා පීනපු නැති වැවක් නැහැ කියලා. කයිවාරු තිබිල තියෙන්නෙ ඒ ලෙවල් එකේ. ඒ වුණාට නායකත්වයට අවශ්‍ය බොහෝ සාධක ඔවුන් ළඟ නොතිබුණු බව දැන් පෙනෙනවා. ඒ සාකච්ඡාවෙදිම ඔහු කියනවා රනිල් ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් දෙන්නෙ නැහැ, ඒක දිනාගන්න අරගල කරන්න වෙන බවක්. බොරු කයිවාරු ගහගෙන යනකොට බලාපොරොත්තු වෙලාම නැහැ වගේ මෙහෙම දෙයක්. අඩුම ගානෙ තව අවුරුදු පහක්වත් අල්ලගෙන ඉන්නයි ජවිපෙට තිබුණෙ. එහෙම වුණා නම් පිනා අමාරුම හරිය ඇදල දෙනවා. නාකි සොම්බියා ළඟ බොරු චාටු නැති නිසා ජනතාවට ද ලෙසටම තම වගකීම ඉටු කිරීමට සිදු වනු ඇත. ජවිපෙට කඩාකප්පල්කාරී වෘත්තීය සමිති ඉස්සරහට දමා නෙළන විට අකුළා ගන්නට හැකියාව තිබුණා. පෙරෙට්ටන්ගේ ලෙවල් එකේ එවුන් දෙතුන් දෙනෙකුට ටික කලක් හිරේ විලංගුවේ ලගින්නට සිදුවන්නට ඉඩ තිබුණා. මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් හඬ නගන්නට අපි ඉන්නවාය. ඒ අතර, දේශපාලනය ලෙසටම සිදු වෙනවාය. පුරුද්දට මෙන් කයිවාරු හා පච ඇදබාගෙන යනකොට සමහර විට අන්‍රයියාට ද මේක තමන්ට කරන්නට බැරි නැතැයි කියා හිතෙන්නට ද ඇත. ඇයි යකෝ සිරි...