අවදානම් ගැනීම, ජීවිතාසාව හා දේශපාලනය

 

අවදානම් ගැනීම, ජීවිතාසාව හා දේශපාලනය

අජිත් පැරකුම් ජයසිංහ

මිනිහෙක් ජනාධිපතිවරණයකදී ඡන්ද ගන්න ප්ලෑන් කරලා කන ළඟින් යන්න වෙඩි තියා ගනියි කියල හිතන මිනිසුන් ලෝකෙ ඉන්නවා. මේ වගේ කුමන්ත්‍රණ න්‍යාය පතුරුවන අය ලංකාවෙ ගොඩක් ඉන්නවා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක 1999දි ඡන්ද කැම්පේන් එක අතරතුර අනුකම්පා ඡන්ද ගන්න තමන්ටම බෝම්බ ප්‍රහාරයක් එල්ල කරගත් බව ජ්‍යේෂ්ට මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ චෞර රැජින පොතේ අඟවනවා.

අපි කවුරුවත් මෙහෙම කරන්නට සූදානම්ද? මං අහල තියෙනවා, කකුලක මාපටැඟිල්ල අහිමි වුණොත් ඒක පූර්ණ අකර්මන්‍යතාවක් ලෙස සලකලා රක්ෂණ වන්දි ගන්නට පුළුවන් කියලා. ඒත්, තමන්ටම එහෙම කරගත් කෙනෙකු ගැන මං අහලා නැහැ.

මිනිස්සු ජීවිතේ බරපතල අවදානම් ගන්නවා. ඒ අවදානම්වලින් තමන් මැරෙන්නට පවා ඉඩ තිබෙන බව ඔවුන් දන්නවා. ඒත්, ඔවුන් ඒවා කරන්නෙ සිය දිවි නසාගැනීමේ මානසිකත්වයකින් නෙමෙයි.

පහුගිය දවසක මං ඉතා අකැමැත්තෙන්, ඒත්, නොබලා ඉන්නට බැරුව බලපු චිත්‍රපටයක් තමයි ෆෝල් කියන චිත්‍රපටය. ඒකෙ තරුණියන් දෙදෙනෙකු පාළු ප්‍රදේශයක තියෙන අතහැර දාපු, අබලන්, අඩි 2000ක් උස රේඩියෝ සංඥා කුලුනක් උඩට නගිනවා. මුදුනට නැගලා බහින්නට උත්සාහ කරනකොට ඉනිමග කඩා වැටෙනවා. මේ දෙන්නා වර්ග අඩි කීපයක තට්ටුවක් උඩ අතරමං වෙනවා. එතනට දුරකථන සංඥා පවා නැහැ.

තරුණ කාලෙ මාත් ඔය වගේ අවදානම් වැඩ කරන්න ආසා කරපු කෙනෙක්. ජීවිතයට ආදරේ කරන්නට පටන් ගත්තෙත් ඒ අවදානම් මැදම තමයි. දැන් වුණත්, දුවන කෝච්චිවල එල්ලෙන අවදානම් එහෙම ඉඳහිට ගන්නවා. තහනම් ජවිපෙ පූර්ණකාලිකයකු විදියට වැඩ ක‍රපු තරුණ කාලෙ නම්, අහුවෙන එකෙන් වළකින්න දුවන කෝච්චියෙන් පැනලත් තියෙනවා. ඒ මෝඩකම් මතක් වෙනකොට මේ ජීවත් වෙන්නෙ තනිකරම අමතර කාලයක් නේද කියල හිතෙනවා.

ස්විට්සර්ලන්තයේ දක්ෂ වෙඩික්කරුවෙකු වූ විලියම් ටෙල්, ඔස්ට්‍රියානු ආණ්ඩුකාර ඇල්බ්‍රෙක්ට් ගෙස්ලර්ගේ කුරිරු පාලනයට එරෙහිව ඔහුගේ තොප්පියට හිස නැමීම ප්‍රතික්ෂේප කළ අතර එය ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතු වුණා. ටෙල්ගේ ප්‍රවීණත්වය ගැන දැන සිටි ගෙස්ලර්, ඔහු අසාර්ථක වුවහොත් මරණයට පත් කරන බවට තර්ජනය කරමින් තනි ඊතලයකින් තම පුතාගේ හිස මත තැබූ ඇපල් ගෙඩියකට විදින ලෙස ඔහුට නියෝග කළා. ටෙල් අතිමහත් නිරවද්‍යතාවයකින්, තම පුතාට හානියක් නොවන පරිදි ඇපල් ගෙඩිය දෙකට වෙන් වෙන්න ඊතලය විද්දා. ටෙල් ගත් දෙවන ඊතලය ගැන ගෙස්ලර් විමසූ විට, ටෙල් හෙළි කළේ තම පුතාට හානියක් වුණා නම්, එය ගෙස්ලර්ට විදින්නට බව ටෙල් හෙළි කළා. කෝපයට පත් ගෙස්ලර් ටෙල්ව සිරගත කළා. පසුව පැන ගිය ටෙල් ගෙස්ලර් මරා දමා කැරැල්ලක් අවුලුවා අවසානයේ ස්විට්සර්ලන්තය ඔස්ට්‍රියානු පාලනයෙන් නිදහස් කළා. ටෙල්ගේ උරුමය ප්‍රතිරෝධයේ සහ නිදහසේ සංකේතයක් ලෙස සැලකෙනවා.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා