දුස්තොරතුරු පතුරුවන බෝපගේ සහෝදරයා

 

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම්වරයකු වූ, නැවත මාලිමාවට සහයෝගය දක්වමින් සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියකු වූ ලයනල් බෝපගේ මහතා විසින් ෂෙයා කරන ලද මෙම රූපයේ මූලාශ්‍රය ගූගල් මගින් සොයා බැලූ අතර එය 2022 වසරේ පමණ පළමු වරට ෂෙයා කර ඇති බව දක්නට ලැබිණි. එසේ ෂෙයා කර තිබුණු වැඩි පිරිසක් විදේශිකයන් වන අතර එම ස්ථානය කොහේද යන්න සොයාගැනීමට නොහැකි විය. කෙසේ වෙතත්, එම වකවානුවේදී මෙය ලංකාවේ කිසිවකු විසින් ෂෙයා කර ඇති බවක් දක්නට නොලැබුණ අතර, මේ ශ්‍රී ලංකාව යයි ඇඟවිය හැකි කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකි විය.

මෙවැනි ස්ථානයක් ශ්‍රී ලංකාවේ තිබේ නම්, එය වහා ස්ථානයේ විස්තර ද සමග ෂෙයා කරන මට්ටමට ලංකාවේ සමාජ මාධ්‍ය දියුණු වී තිබේ. මෙම ස්ථානය තරමක් දුරට ලංකාවට සමාන බව පෙනුණ ද ලංකාවේ ස්ථානයක් බවට සාක්ෂි ද නැත.

මේ පෝස්ටුවෙහි අරමුණ වන්නේ ලංකාවට අවමන් කිරීමයි. ලංකාවේ ද මෙවැනි දේ සිදුවිය හැකිය. එහෙත්, මෙය ලංකාවේ ඡායාරූපයක් නොවේ. ලංකාවේ රාජ්‍ය කළමනාකරණයේ අකාර්යක්ෂමතාව ගැන ඡායාරූපමය සාක්ෂි ඕනෑ තරම් සොයාගත හැකිය. එහෙත්, මෙය එවැනි එකක් ලෙස සැලකිය නොහැකිය.

මෙය ලයනල් බෝපගේ මහතා ප්‍රචාරය කරන්නේ නොදැන නම්, එවැනි ක්‍රියාවකට වැරදි තොරතුරක් යයි පැවසිය හැකිය. ඉංග්‍රීසියෙන් කියන්නේ misinformation කියාය.

මෙය සිතාමතාම වැරදි තොරතුරක් බෙදා ගැනීමක් නම්, එය දුස්තොරතුරකි. ඉංග්‍රීසියෙන් කියන්නේ disinformation කියාය.

සමස්තයක් ලෙස මේ අන්දමින් තොරතුරු විකෘති කිරීමට කියන්නේ තොරතුරු ව්‍යාධිය කියාය. ඉංග්‍රීසියෙන් කියන්නේ information disorder කියාය.

#misinformation#disinformation#informationdisorder

ASdapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා