සමුපකාර ව්‍යාපාරය ජනසතු කරනු!

 

නගරවල හොඳම ස්ථානවල, රජයෙන් හම්බ වුණ ඉඩම්වල, කාලයක් තිස්සෙ ඉඳන් තියෙන බිල්ඩිංවල, කඩ කුලී නොගෙවා, බදුත් හරියට නොගෙවා සිල්ලර කඩ කරන එක මහ ලොකු බිස්නස් එකක් නෙමෙයි. නගරයක ලක්ෂ ගණන් කුලී ගෙවන ගොඩනැගිලිවල, තරුණ තරුණියන් පිරිසකට රැකියා දීලා, බදු ගෙවලා සිල්ලර වෙළඳාම පිළිවෙලට කරන ව්‍යාපාර නගරවල ඕනෑ තරම් තියෙනවා. ඒවා නිසා මේ වෙනකොට ගම්වල පුංචි පුංචි සිල්ලර කඩ වැහිලා යන තත්වයක් ඇති වෙලා තියෙද්දි තමයි, ඒ අයට බඩේ පාර දෙන්න, සිල්ලර කඩ බිස්නස් එකට මාලිමාව නම් ජවිපෙත් බැස්සෙ.

එතන ඉඳන් කනක් ඇහිල ඉන්න නැහැ, සිල්ලර කඩයක්වත් කරන්න නොදැන හිටි ජවිපෙ දැන් සිල්ලර කඩ කරන්න දන්නවාය කියලා. අපි ඒ කාලෙත් කිව්වා සමුපකාර ව්‍යාපාරය කියන්නෙ සිල්ලර කඩ කිරීම නෙමෙයි කියලා. කොටින්ම සමුපකාර ව්‍යාපාරය කියන්නෙ ලංකාවේ තිබෙන රාජ්‍ය ව්‍යවසාය වර්ගයක් වන විවිධ සේවා සමුපකාර සමිති නෙමෙයි.

ජවිපෙ සමුපකාර ගැනවත් හරියට ඉගෙනගෙන සමුපකාර ව්‍යාපාරය වෙනුවෙන් ජනතාව පෙළගස්වනවා නම්, ඒක යම් සේවයක් ලෙස සලකන්නට පුළුවන්. ක්ෂුද්‍ර, කුඩා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සමුපකාර සමිති ඔස්සේ ඔවුන්ගේ ප්‍රාග්ධනය, ‍කුසලතා, වෙළඳපොළ හා ජාලගත වීම ශක්තිමත් කරන්නට සමුපකාර ව්‍යාපාරය යොදාගන්නට පුළුවන්. ඒ සඳහා මුලින්ම කළ යුතු දෙය වන්නේ සමුපකාරය දේශපාලනයෙන් ගලවාගෙන මහජන ව්‍යාපාරයක් බවට පත් කිරීමයි.

ඔය විවිධ සේවා සමුපකාර සමිති කියන රාජ්‍ය ව්‍යවසාය සැබෑ සමුපකාර ව්‍යාපාරයක් වෙනුවෙන් පදනමක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. ඒකට ජවිපෙ මේ සිල්ලර කඩ ජාවාරමට හිරවෙන්නෙ නැතුව සමුපකාර ව්‍යාපාරය අධ්‍යයනය කරන්නට ඕනැ. ඔවුන්ට රාජ්‍ය පාලනය සඳහා ධාරිතාවන් නැහැ. මේ මට්ටමේදී හා පළාත් පාලන මට්ටමේදී ධාරිතාවන් ගොඩනගා ගන්නට හෝ ඔවුන් උත්සාහ කළ යුතුයි. 

Adapted from praja.lk 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා